සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක වන සීතා කුමාරි ඇහැලේපොළ මහත්මිය (75) අභාවප්‍රාප්ත වුවාය.
1965 දී ‘ ආදරයයි කරුණාවයි‘ චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසියාය.
වත්සලා අක්කා,සැඟවුණු මැණික,ලසඳා,පෙම් කුරුල්ලෝ,තරංගා ,භාරත හතර,ජීවන ගිතය, දෑස නිසා ඇතුළු චිත්‍රපට රැසක දැක්වු රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානද ලැබීය.
ටෙලි නාට්‍යට පිවිසියේ ශ්‍රියාණි අමරසේනගේ ‘දත් කැකුළු පාලා ,ටෙලි නාටයයෙනි.පසුව ‘මායා ,ගිජු ,නාදුනන්නී,රොඩ්නි විදාන පතිරණගේ ‘සාප නොකරමි දරුවනේ, උඩවැඩියා,මල් අනන්.ය,මව් සෙනෙහස, ඇතුළු ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වුවාය.
ඇය එක් දරු මවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දකෂ නිළියක්. මම ආදරය කරපු චරිතය. ආත්තම්මේ නැවතත් අප අතරට එනු මැනවි. (ස)
ආදරණිය අත්තම්මේ, ඔබ අපි වෙනුවෙන් කළ සේවය කියා නිම කළ නොහැකි.මගේ ආදරණිය අත්තම්මා ද මෙලොවින් සමුගෙන මාස 3 ක් ඉක්ම ගිය දවසක ඇයගේ හදවතින් නැගුනු සිනහ පිරි මුහුණ ට සමාන ඔබත් අපගෙන් වෙන් වීම දරා ගත නොහැකි වේදනාවකි.ඔබට නිවන් සුව. (නි)
ඔබගේ කලාව අගය කරනවා. ඔබට නිවන් සුව (අ)
නිවන් සුව අත්තම්මේ.(නදී)
ආදර අම්මේ ඔබට නිවන් සුව (දී)
ඔබ වගේ නිහතමානී චරිතයක් මම දැකලා නැහැ. ටෙලි තිරයේ නිහතමානී අම්මා.(නදී)
ඔබට නිවන් සුව මෑණියනි (දී)
ඔබ නිහතමානී කලාකාරියක් .ඔබට නිවන් සුව ලැබේවා.(දිල්)
දයාබර අත්තම්මේ ඔබට නිවන් සුව ... (දී)
ඔබට නිවන් සුව පතමි.(දිල්)
පුංචි තිරයේ ඉතා තාත්වික ලෙස චරිත නිරූපනය කල තවත් එක කලාකාරියකි ඔබතුමිය.අපෙන් සමු ගෙන ගියාට ඔබේ රුව අපේ හදවතේ නොමැකී තියේවි.නිවන් සුව පතමි!(ස)
සදාදර මෑණියණි, ඔබට නිවන් සුව අත්වේවා! (නදී)
මම වගේම මගේ පවුලේ හැමෝම ගොඩාක් ආදරේ කරන අත්තම්මා කෙනෙක් අපිට නැති වුණා.ඒක ලොකු දුකක්. (නි)
ඔබට නිවන් සුව ආත්තම්මේ! (නි)
මම ගොඩක් කැමති චරිතයක් . ඹබට නිවන් සුව අත්තම්මේ. (ස)
දයාබර මෑණියනි ඔබට නිවන්සුව !! ඔබ යලි අප අතරම ඉපදේවා ! (නදී)
ආදරණීය අම්මේ, ඔබට නිවන් සුව! (නි)
සැබවින්ම මව් සෙනෙහස අපිටත් දැනුනා රඟපාද්දී.... දැන් හරිම දුකයි දාලා ගිය නිසා.... ඔබතුමියට නිවන් සුව පතනවා! (නි)
නිවන් සුව! (නි)
නිවන් සුව අම්මේ ! (ස)
සිනමාවේ, ටෙලි නාට්‍යයේදී පමණක් නොව සැබෑ ජීවිතයේදී ද උදාර අම්මා කෙනෙකී ඔබ. එවන් මවක් නැතිවීම අපට ලොකු පාඩුවකි.සීත අම්මේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (ස)
මම කැමතිම චරිතයක් ඔබ තුමිය. රන් දිය දහර සිනමා පටයේ ඔබ තුමියගේ නැටුම තවම මතකයේ තියෙනවා. ඔබ තුමියට නිවන් සුව..!! (දී)
සිනමාවේ ආදරණීය ආච්චි අම්මා වූ ඔබ සදා අපේ සිත් තුල රැදෙනු ඇති.ඔබට නිවන් සුව ආදර අම්මේ.(ස)
නිවන් සුව ආදර අම්මේ.(ස)
මම ගොඩක් ආදරේ කරන අම්මා කෙනෙක් ලොකු දුකක් දැනෙනවා. (ස)
සදාදර මෑණියණි, ඔබට නිවන් සුව ! (ස)
ඔබට නිවන් සුව පතමි. (ස)
සිනමාවේ අහිංසක අම්මට නිවන් සුව ! (ස)
ඔබ තුලින් සමහරවිට මම මගේ අම්මව දුටුවා . දක්ෂම නිලියක්. ඔබට නිවන් සුව ලැබේව,,, (දී)
දක්ෂ නිලියක් ඔබ...මම ගොඩක් කැමති කෙනෙක් .. :( (ස)
සිනමාවේ ස්වර්ණමය යුගය ,70 දශකයේදී සිනමාවට එක්වූ සදාදර අම්මේ ඔබට නිවන්සුව පතමු. (ස)
එතුමියට සුව බර නින්දක් පතමු (දී)
අහිංසක අම්මට නිවන් සුව ! (ස)
ඔබ පුංචි තිරයෙන් දකිනවිට මට සිතුනේ මගේම අම්මා ලෙසයි . ටෙලි නාට්‍යක් නරඹන සෑම විටම රූපවාහිනිය තුලින් ඔබගේ රුව පෙනෙනු ඇත . ඔබ නිවන් දක්නා තුරු අප අතර ඉපදේවා ! (අ)
සීතා මෑණියනි ඔබට අමා මහා නිවන් සුව අත් වේවා. (ස)
ඔබතුමිය මාතෘත්වය නිරුපනය කල සෑම චරිතයකම සැබෑම අවංක මාතෘත්වයක් අප දුටිමු. අපද ඒ අවංක කමට නිර්ලෝභීව පෙම්කලෝ වීමු. ඒ පෙම්බර අම්මා දැන් සමුගෙනය. ඔබතුමියට වාසනාවන්ත සැපවත් අත්මභාවයක් ලබන්නට හැකිවේවායි ප්‍රර්ථනා කරමු...!!! (ස)
සුවහසක් සිත් සතුටු කල ආදරණීය අම්මේ , ඔබට නිවන්සුව ! (ස)