ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂයක් වංචා කළැයි චෝදනා 26කට වරද පිළිගත් යුක්රේන ජාතිකයන් දෙදෙනකුට බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂය බැගින් අතිරේක දඩයක් ගෙවන ලෙස ද, එම දඩය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට දෙමාසය බැගින් බරලතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කැරිණි.
වෙන්නප්පුව, මීගමුව, සීදුව, නිට්ටඹුව, ජා-ඇල, යක්කල, කටුනායක හා හලාවත බැංකුවලින් 2012 මාර්තු 10 සිට 21 වැනිදා දක්වා මෙම මුදල් හොරෙන් ගෙන ඇත.
ඔවුන් ළඟ තිබූ හොර ක්‍රෙඩිට් කාඩ් 99ක් ද රාජ සන්තක කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදි හොඳටම මදි දඬුවම. හොරාගත්ත සල්ලි වලට මොකද වුණේ? (නි)
දඩුවම නම් හොදටම මදි.මටත් කෝටි එකහමාරක් වංචා කරලා හිරේ යන්න හිතෙනවා (නි)
මේ පැත්තේ ගොඩක් විදේශික හොරු ඉන්නවා. කැමරා හින්දා අහු වෙලත් තියෙනවා.(නදී)
එතකොට අගතියට පත් අයගේ සල්ලිවලට මොකක්ද වෙන්නේ? අවුරුදු දෙකක් හිරේ ඉදලා ආවොත් ඔවුන් නිදහස්ද? අගතියට පත් අයගේ සල්ලි ලබා ගන්න ඔවුන්ට කරන බලකිරීම කුමක්ද? (නි)
දඬුවම නම් මදි වගේ මගෙ හිතට. අඩුම ගානේ අවුරුදු 5-7 ක් වත් දුන්නා නම් තමා හොඳ (නි)
තවත් දැඩි දඬුවම් දිය යුතුයි (අ)
අවරුදු 2ක්? ලංකාවේ මිනිහෙකුට දෙන්නෙත් ඔය කාලයද? (අ)
මටත් බැංකුවට වංචා කරන්න හිතෙනවා.(නදී)
ඉතාම නරක පූර්වාදර්සයක්, හොරකන් කරන්න දෙගිඩියාවේ ඉන්න මිනිහා හිතේ සැක ඇරලා වැඩේට බහිනවා. පූසා වගේ හිටපුවම යහපත් කල්කිරියව කියල ලබන වෙසක් හෝ පොසොන් පෝයට එළියේ. ඇවිත් ඉන්නවනේ රජා වගේ.(නදී)
ඔය තරම් ලොකු වරදකට ලැබිලා තියෙන දඩුවම බලන්නකෝ (නි)