’ මාස දෙක හමාරක් තිස්සේ අපි වැසිකිලි වතුර බිබී බඩගින්නේ හිටියේ. ඒජන්සියේ ඉහළ මාලයේ කුඩා කාමරයක අපව සිර කර අතින් පයින් පමණක් නොව පුටු, මේස කකුල් වලින් පවා අපට ගැහුවා. කෑ ගැසූ විට කටට ස්ටෙප්ලර් කටු පවා ගැහුවා. ඉවසන්න බැරිම තැන අපි එතනින් පැනලා යන්න තීරණය කළා. මම කතුරක් හොයාගෙන දවස් තුනක් තිස්සේ අපි හිටපු කාමරයේ ජනෙල් රාමුවේ ඇන ගැලෙව්වා. මා ලග යාර පහ මාරක් දිග ගවුම් රෙද්දක් තිබුනා. ඒකට තව සල්වාරි වලට අදින ෂෝල් තුන හතරක් ගැට ගැහැව්වා. ඊට පස්සේ පුටුවක ගැටගහලා ජනේලය උඩින් දාලා ඒකේ ආදාරයෙන් ඒජන්සියේ හිරකරගෙන සිටි තවත් තුන් තිදෙනෙක්ව බිමට බැස්සෙව්වා. එයාලගේ බඩු සේරම ඒ විදියට බිමට බස්සලා තානාපති කාර්‍යාලයට පැනලා යන්න සැලැස්වුවා. ඒත් අන්තිමට මම මහත වැඩි නිසා මට බිමට පනින්න බැරි වුනා‘ යැයි අබුඩාබි ඒජන්සියක මාස දෙක හමාරක් තිස්සේ දස වද විදිමින් සිට යලි දිවයිනට පැමිණි එස්. රාජේෂ්වරී මහත්මිය කීවාය.
ඇය සමග එම රැකියා නියෝජිත ආයතනයේම සිරවී සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු වන මහනුවර පිලිමතලාවේ අනුලාවතී මැණිකේ සහ ඉංගිරියේ ජේ.ඒ අමරාවතී යන අයද දිවයිනට පැමිණියහ.
රාජේස්වරීගේ සහය මත අබුඩාබි තානාපති කාර්‍යාලයට පැන ගත් කතුන් විසින් අදාල ඒජන්සියේ සිරකරගෙන සිටින ශ‍්‍රී ලාංකික කතුන් පිළිබඳ තොරතුරු එහි නිලධරයන්ට කීහ.
පසුව අබුඩාබි තානාපති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ මැදිහත් වීම මත කම්කරු අංශයේ පළමු ලේකම්වරුන් වන විශ්ව දිසානායක, එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ, පුබුදු ජයතිලක සහ අහලර් සුබායිර් යන මහත්වරුන් මෙම පිරිස සිර කරගෙන සිටි ඒජන්සිය සොයා ගොස් ඇත. එහිදී ඒජන්සිකරුවෝ පවසා ඇත්තේ කිසිදු ශ‍්‍රී ලාංකික කාන්තාවක් තමන් සිර කරගෙන නැති බවය.
පසුව පැය ගනනාවක් එම ස්ථානයේ රැදී සිටි තානාපති නිලධරයෝ මහත් පරිශ‍්‍රමයක් දරා රාජේස්වරී ඇතුළු කතුන් මුදවාගෙන තානාපති කාර්්‍යාලය වෙත රැගෙන ගොස් ඔවුන්ට වෛද්‍ය ප‍්‍රථිකාර සහ අනෙකුත් පහසු කම් ලබා දී මෙරටට පැමිණීමට පහසුකම් සලසා දුන් බව දිවයිනට පැමිණි මොවුහු කීහ.
එම නිලධාරීන් නොවන්නට තමන් සියල්ලන්ම එහිදී මිය යන්නට පවා ඉඩ තිබුනා යැයිද ඔවුහු කීහ.
මොවුන් සියළු දෙනාම අබුඩාබි ගෘහ සේවය සඳහා ගොස් තිබුනේ කොළඹට තදාසන්න රැකියා නියෝජිත ආයතනයක් හරහාය.
තම අත් දැකීම් විස්තර කරමින් රාජේස්වරී පවසන්නේ
මගේ දුවයි පුතයි ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයාලා මීගමුවේ හොද පාසැලක අධ්‍යාපනය ලබනවා. ඔවුන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන බලාපොරොත්තුවෙන් තමයි මම මැද පෙරදිග ගියේ.
අබුඩාබි වල වැඩ කරපු මුල්ම ම ගෙදර මම මාස තුනයි දවස් අටක් වැඩ කළා. එතන තිබුන වැඩ කන්දරාව උහුලගන්න බැරිව ටික දවසක් යනකොට මගේ ඔළුව කැරකිල්ල ආවා. කකුල් අත පය ඉදිමිලා මාව අසනීප වුනා.
හාම් පුතාලා මුලින්ම මට එක සැරයක් බෙහෙත් අරන් දීලා කිව්වා කිව්වා මේ පාර විතරයි අපි අරන් දෙන්නේ ඊ ලග පාර උඹ බෙහෙත් වලට සල්ලි ගෙවන්න ඕනා කියලා.
මෙහෙම ඉන්නකොට දවසක් මට කලන්තෙ දාලා වැටුනා. ඉන්පස්සේ හාම්පුතාලා මාව ඒ රටේ ඒජන්සියට ගිනිහින් දැම්මා. ඒජන්සියේ අය මගේ අසනීප තත්වය තුට්ටුවකට මායිම් කළේ නැහැ.
ඔවුන් කළ එකම දෙය මාව තව ගෙවල් කිහිපයකට දීලා මුදල් ලබා ගත් එක පමණයි. එහෙම ලබා ගන්නා මුදල් මට දුන්නේ නැහැ ඔවුන් තියාගත්තා. ඔවුන් මාව ගෙවල් තුනකට දැම්මා.
දවසක් මහ රෑ දොලහට විතර ඒජන්සියේ අය කිව්වා උඹව ඕමාන් යවනවා ලෑස්තිවෙයන් කියලා. ඒ වෙලාවේ ඕමාන් ඉදලා හාම්පුතෙක් ඇවිත් හිටියා මාව අරගෙන යන්න.
මම බැහැ කිව්වා. එද මට හොදටම ගැහැව්වා. එදා ඉදලා මට කන්ඩ දුන්නේ නැහැ. මම බිව්වේ වැසිකිලියේ වතුර. මට මාස දෙකක් තිස්සේ දස වද දුන්නා. පොත් වලින් ගහනවා, වැඩිය කතා කලොත් ස්ටෙප්ලර් මැසිම අරගෙන කටට ස්ටෙප්ලර් කටු ගහනවා. පයින් ගහනවා. පුටු මේස වලින් දමලා ගහනවා. පුදුම දස වද දුන්නේ. කන්ඩ කියලා දුන්නේ අමු හාල් පැකට් එකක් විතරයි. මම ඒක වැසිකිලි වතුරෙන් තම්බලා තේ කහට එක්ක කෑවා.
ඒ අතරේ මට වගේම දස වද දුන් තව ලංකාවේ කාන්තාවන් හතර දෙනෙක් හිටියා. අන්තිමට අපි හිතුවා මෙතනින් පැනලා යමු කියලා. අපිව හිර කරලා තිබුන කාමරයේ ජනේලයක් තිබුනා. මම කතුරක් හොයාගෙන දවස් තුනක් තිස්සේ ඒ ජනේලයේ රාමුවේ ඇන ගැලෙව්වා.
මේ වැඬේට පිලිපීන කාන්තාවන් දෙදෙනෙකුත් උදව් කළා. මා ලග යාර පහමාරක් දිග ගවුම් රෙද්දක් තිබුනා. තව අපි අදින සල්වාර් වලට දාන් ෂෝල් වගයකුත් තිබුනා. ඒවා හොද හයියට ගැට ගැහැව්වා. පස්සේ කාමරේ තියන පුටුවක ඒවා ගැටගහලා ජනේලය හරහා බිමට දැම්මා. පිලිපීන කාන්තාවෝ දෙන්නා පුුටුව හයියෙන් අල්ලා ගත්තා.
ඉන්පස්සේ ඒ ඔස්සේ තුන්දෙනෙක්ව පරිස්සමට අපි හිටපු උඩ තට්ටුවේ ඉදලා බිමට බැස්සෙව්වා. එක්කෙනෙක් අනුරාධපුරය පැත්තේ අමරාවතී කියලා කාන්තාවක්. එයා අද අපිත් එක්ක ආවා. අනිත් දෙන්නා කල්පිටියේ මේකලා සහ අක්කරපත්තුවේ පුෂ්පරාණි.
පස්සේ ඔවුන්ගේ තිබුන ඇදුම් බෑග් ටිකත් බිමට බස්සලා ඔවුන්ට කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා යන්න කියලා.
ඒත් එදා මට පැනලා යන්න බැරි වුනා. මොකද මම ගොඩක් මහතයි. මම බහින්න ගිහින් අනතුරක් වුනා නම් අර බැහැපු කට්ටියවත් ඒජන්සිකාරයන්ට අහුවෙනවා. මම ඔවුන්ට කිව්වා මේ ගැන තානාපති කාර්‍යාලයට ගිහින් කියන්න කියලා. එදා ඒජන්සිකාරයෝ මෙයාලට පැනලා යන්න මම උදව් කළ බව දැනගත්තා නම් මාව මරා දමන්න පවා ඉඩ තිබුනා.
පහුවදා ඒජන්සියේ කට්ටිය පැනලා ගිය බව දැනගෙන මගෙන් ඇහුවා ඇයි උඹ පැනලා ගියේ නැත්තේ කියලා. මම කිව්වා මම පැනලා යන්න නෙමෙයි ආවේ කීයක් හරි හම්බ කරගන්න කියලා. ඇයි පැනලා ගිය අය උඹට කතා කළේ නැද්ද කියලා ඇහුවා. මම කිව්වා මගේ ලග දරකතනයක් නැහැනේ කියලා.
ඔය අතරේ ඒජන්සියට සහිරා කියලා ගැහැණු ළමයෙක් ආවා. එයා මම තේ කහට එක්ක බත් කන හැටි දැක්කා. එයා මට අබුඩාබි තානාපති කාර්‍යාලයේ කම්කරු අංශයේ තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්තයාගේ දුරකතන අංකය දුන්නා.
ඒත් ඇයට එදා ඒජන්සියේ අය හොදටම ගැහැව්වා. ගහලා ඕමාන් ඇරියා. එයා අපිට කළ උදව්වට එයා වෙනුවෙන් කරන්න දෙයක් මට තිබුනේ නැහැ. මොකද අසනීප තත්වයයි, හාමතේ හිටපු නිසයි මම කායිකව මෙන්ම මානසිකව වැටිලා හිටියේ.
අපිට දුරකතනයක් වත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. හොයලා ගන්නවා. මට දුරකතන දෙකක් තිබුනා. එකක් ඔවුන් අරගත්තා. ඒ නිසා අනිත් එක්ක මම හංගලා තිබුනේ.
දවසක් රෑ දොලහට විතර කාටත් හොරෙන් මම ඒ දුරකතනය අරගෙන රුවන් මහත්තයට එස්.එම්.එස් පනිවඩයක් යැව්වා මම ඉන්න තත්වය කියලා කොහොම හරි මාව බේරා ගන්න කියලා. කොහොම හරි රුවන් මහත්තයා පාන්දර දෙකට විතර මට දුරකතනයෙන් කතා කළා. බය වෙන්න එපා, කලබල වෙන්න එපා අපි ඔයාව බේරාගන්නවා කියලා කිව්වා.
ඉන් පස්සේ මම අපි ඉන්න තැන කියලා නැවත එස්.එම්.එස් එකක් යැව්වා. පස්සේ රුවන් මහත්තයා කිව්වා අපි එනවා ඔයාව බේරගන්න කියලා. එදා හවස පහට විතර සර්ලා ආවා. එතකොට අපිව හංගලා තිබුනේ. ඇවිත් අහලා තිබෙනවා ශ‍්‍රී ලංකාවේ අය ඉන්නවද කියලා. එජන්සියේ අය මුලින්ම අපි එතන නැහැ කියලා තියෙනවා.
පස්සේ සර්ලා මගේ නම කියලා හයියෙන් කෑ ගැහුවා. මගේ දුරකතනයට කතා කළා. එතකොට මම එළියට ආවා. ඒ වුනාට අපිව බාර දෙන්න බැහැ කිව්වා. කොහොම හරි සර්ලා පැය දෙකක් විතර ලොකු සටනක් කරලා අපිව එළියට ගත්තා. පස්සේ මම සර්ලට කිව්වා මම වගේම තවත් නුවර පැත්තේ එකකෙනෙකුත් ඉන්නවා එයාවත් එලියට ගන්න ඕනේ කියලා. පස්සේ සර්ලා එයාවත් එළියට ගත්තා.
මම රට ආවේ ගේ උකසට තියලා. දැන් ඒක සින්න වෙලා. ඒජන්සිවලින් අපිට බොරු කියලා, මවලා පෙන්නලා රට අරිනවා. අපි අසරණ වුනහම ලංකාවට යවන්නනම් ලක්ෂ තුන හමාරක් ඒජන්සියට ගෙවන්න කියලා කියනවා. ලංකාවෙන් අපිව ඇරපු ඒජන්සියට ගෙවල් වල අය දැන්වුහාම කරන්නෙත් අපිට බැනලා බැනලා සල්ලි ඉල්ලනවා ලක්ෂ ගනන්.
ඒජන්සිකාරයෝ කරන්නේ අපිව ලබා දෙන්න හාම්පුතාලගෙන් ලක්ෂ ගනන් ගන්නවා. අපිට ශත පහක්වත් ලබා දෙන්නේ නැහැ. ඒත් අන්තිමට අසරණ වුනහම හාම්පුතාට ගෙවන්න ඕනා කියලා අපෙන් ලක්ෂ ගනන් ඉල්ලනවා.
මම අවසාන වශයෙනුත් ඉල්ලා සිටින්නේ මෙවැනි ඒජන්සි සමග ලංකාවේ කිසිම ඒජන්සියකට සම්බන්ධකම් පවත්වන්න මින් ඉදිරිටත් ඉඩ දෙන්න එපා. මොවුන්ගේ කටයුතු සොයා බලා බලපත්ර අවලංගු කර දමන්න.
රාජේස්වරීගේ ආදාරයෙන් ජනේලයෙන් බිමට පැන තානාපති කාර්‍යාලයට පලා ගිය ඉංගිරියේ ජේ.ඒ අමරාවතී මහත්මිය ඇය මුහුණ දුන් අත් දැකීම් මෙසේ කීවාය.
මම අබුඩාබි ආවේ බාගෙට හදන නිවසේ වැඩකටයුතු සම්පුර්ණ කරගන්න. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා බිබී ඇවිදිනවා.
මාව වැඩට වැටුන ගෙදරින් මම ගිය දවසේ ඉදලා දවස් දොලහක් මට කන්න දුන්නේ නැහැ. වැඩ ගන්නවා විතරයි.
ඒ ගෙදර පහලොස් දෙනෙකුගේ වැඩ මම කළා. ඒ අය කුස්සියේ දොර ලොක්කරනවා. මට වුනේ බඩ ගින්නේ ඉන්නයි. කෑමක් හොයාගෙන කෑවෙත් හොරෙන්. දවසක් මම කිව්වා මට බඩගින්නේ වැඩ කරන්න බැහැ. මාව ඒජන්සියට ගිහින් දාන්න කියලා. පස්සේ ඒ අගදර අය මාව ඒජන්සියට ගෙනත් දැම්මා.
ඒජන්සියේ පුංචි කාමරයක අපිව හිර කරලා තිබුනා. එතන පිලිපීන කාන්තාවෝ 04 යි, ඉන්දුනීසියාවේ 03 යි, ලංකාවේ 05 කුයි හිටියේ. අපිට නිදාගන්නවත් ඒ කාමරය මදි.
කන්නත් නැහැ. අපිට දස වද දෙනවා. බැරිම තැන අපි පැනලා යන්න තීරණය කලා. දවසක් රෑ තිස්සේ සැලසුම් කරලා එළිවෙන පාන්දර රෙදි ගැට ගහලා අපි බිමට පැන්නා. ජීවත් වුනත් මැරුනත් කමක් නැහැ කියලා හිතාගෙන තමයි අපි බිමට පැන්නේ. එහෙම පනින්න ගිහින් මගේ කකුලක් පැලූනා. මම බිමට පැන්න ගමන්ම කාරකෙක් යටට රිංගලා හැංගිලා හිටියා අනිත් අයත් පනින කම්. රාජේස්වරී අපිට උදව් කළා නමුත් එයාට පනින්න බැරි වුනා එයා මහත නිසා. අපි හතර දෙනෙක් ටැක්ෂියක් කතාකරගෙන අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා ගියා.
තානාපති කාර්‍යාලයේ මහත්වරුන්ට අපි විස්තරය කිව්වා. ඔවුන් අපිට කාරුණිකව සලකා ලංකාවට එන්න අවස්ථාව සලස දුන්නා.
රාජේස්වරී සමග දිවයිනට පැමිණි මහනුවර පිළිම තලාවේ අනුලාවතී මැණිකේ ඇය විදි දුක් මෙසේ කීවාය.
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මීට ගොඩක් කාලෙකට කලින් බීලා බීලා මිය ගියා.
මම අබුඩාබි ගියේ පහු ගිය ජූලි 31 වෙනිදා. මම වැඩ කළේ දෙමහල් නිවසක. එහි කාමර අටක් තියෙනවා. වැසිකිලි 6 ක් තියෙනවා. පවුල් තුනක් 18 දෙනෙක් ඉන්නවා. ලොකු අය 10 යයි ළමයි 08 යි. මේ දහ අට දෙනාගෙම වැඩ මම කරන්න ඕනේ. උයනවා පිහිනවා මදිවට ගෙවල් සුද්ද කරන්න, ටොයිලට් හෝදන්න, ඒ මදිවට එළියේ අක්කරක විතර ප‍්‍රමාණයක් හැමදාම සෝදන්න වුනා.
පාන්දර තුනට වැඩ පටන් ගන්නවා. රෑ එක දෙක වෙනකම් එක දිගට වැඩ කරනවා. කන්ඩ දෙන්නේ නැහැ. දවස් 26 ක් වැඩ කරන කොට මට වැඩ වැඩි කමට මාව අසනීප වුනා. වරින් වර මාව කලන්තේ හැදිලා කැරකෙන්න ගත්තා. මම වැඩ කරන්න අමාරුයි කිව්වම ඒ අය මට ගැහැව්වා. මම කිව්වා මම ආවේ ගුටිකන්න නෙමෙයි මාව ඒජන්සියට ගිනිහින් දාන්න කියලා.
ඉන්පස්සේ මට හොදටම ගහලා මාව ඒජන්සියට ගිහින් දැම්මා. මට හිටගෙන ඉන්න පන තිබුනේ නැහැ. ඒජන්සියෙන් කළේ මට පොලිසියේ, හමුදාවේ වගේ සීරුවෙන් ඉන්න කිව්වා.
ඔය අතරෙදි තමයි මට රාජේස්වරීව හම්බ වුනේ. රාජෙස්වරී මා ගැනත් කියල අබුඩාබි තානාපති කාර්යාලයට කතා කරලා තිබුනා.
ඔය අතරෙදි තමයි අබුඩාබි තානාපති කාර්‍යාලයේ පළමු ලේකම් විශ්ව දිසානායක, කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ, පුබුදු ජයතිලක සහ අහලර් සුබායිර් යන මහත්තුරු අපිව හොයාගෙන ආවේ. ඔවුන් ඇවිත් අපිව ඉල්ලූවා. ඒජන්සියේ අය නැහැ කිව්වා.
ඉන් පස්සේ තානාපති මහත්තුරු අපේ නම් කියලා කෑගැහැව්වා. එතකොට රාජේස්වරී එළියට ආවා. ඉන්පස්සේ රාජේස්වරී කියලා තමයි මාව එළියට ගත්තේ.
ඹගේ සැමියා මිය ගිය දා ඉදලා අද වෙනතුරු මම මැද පෙරදිග රටවල සේවය කරලා තමයි ජීවත් වුනේ. මම රට ගිය පස්වෙනි පාර මේක. මම සෞදි, කුවෙට්, බහරේන් සහ ඩුබායි වල සේවය කර තියෙනවා. මෙවැනි කරදරයකට මුහුණ පෑ පලමුවෙනි වතාව මෙයයි.
ඇත්තටම මෙහෙම දේවල් වෙන්නේ අපිව ලංකාවෙන් යවන රැකියා නියෝජිත ආයතනය කිසි වගකීමකින් කටයුතු නොකරන නිසයි. ඔවුන්ට ඕනේ සල්ලි විතරයි.
අපි අසරණ වුනහම අපිව තව තවත් අසරණ තත්වයට පත්කරනවා. ඔවුන් කියන්නේ ලංකාවට ආපසු යන්න නම් ලක්ෂ ගනන් ගෙවන්න කියනවා. මම රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසාධාරණකම් කරන රැකියා නියෝජිත ආයතනවල බලපත‍්‍ර අවලංගු කරන්න. නැත්නම් වෙන්නේ අපි වගේ අසරණයෝ තව තවත් කබලෙන් ලිපට වැටෙන එකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කා නේද? මේ කාන්තාවන්ගේ මිනිස්සු සේරම බේබදුකමට පුරුදු වෙලා නිසයි මේ විදියට වහලියෝ වෙන්ට වුනේ.ලජ්ජා නැතිව අපේ රටේ මිනිස්සු ගැහැණුන්ගෙන් හම්බ කරගෙන කන හැටි. (නි)
මොකක්ද මේකෙන් සමාජයට දෙන ආදර්ශය, පණිවිඩය? (නි)
මේ අයට අපේ රටේම සිට මුදල් සෙවීමට මගක් සළසා දිය යුතුය.රොහාන්ගේ අදහස සමග සපුරා එකග වෙමි. (නි)
මෙයාලගේ සැමියන් කොන්ද පන නැති ය වෙන්න ඇති. (අ)
මිනිසුන් රවටා මේ වගේ තැන වලට මිනිසුන් යවන රැකියා නියෝජිතයන් ලවාම මේ මිනිසුන් ගෙන්වා විපතට පත් ඔවුන්ට ,වන්දි ගෙවීමට රැකියා නියෝජිතයාට සිදුවන සේ නීති පැනවිය යුතුයි . එදාට මේ අමන කම් නවතීවි. ම මෙහෙම කියන්නේ සවුදියේදී මාර්ග සුපෙර්විසොර්කෙනෙකු වශයෙනුත් ,කුවිටයේදී පිරිසිදු කිරීමේ ආයතනයක බස් රථ රියදුරෙකු වශයෙනුත් ලංකාවේ මිනිසුන් විදි දුක් දැකපු නිසා. (අ)
මේ හැම දෙයකටම මුල සමහර සැමියන් තිරිසන්නු වගේ හැසිරෙන නිසි. ඔවුන් පියෙකු ලෙස සැබවින් සැමියෙකු පවුලකට කල යුතු යුතුකම් නොකර මත්පැන් වලට ලොල් වෙලා තිරිසන්නු විදියට හැසිරෙනවා. මුලින්ම කල යුත්තේ මෙවෙනි දේවලට තුඩුදෙන මත්පැන් නිෂ්පාදනය කරන තැන සම්පූර්ණයෙන්ම වස දැමිය යුථුයි. නැත්නම් අපේ රටේ ඉදිරියට මීට වැඩ භයානක නරක අධර්මිස්ට දේවල් අසන්නට ලැබේවි. ඒවා සමා දෙවලින්ම දුක් විදින්නේ ජීවිත කල කන්නි කරගන්නේ අපේ අහිංසක දරු පරම්පරාවයි (අ)
මෙතන ප්‍රතිචාර දාලා තියෙන හුගක් අය හදන්නේ රටට විදේශ විනිමය එන එක නවත්වා කුමන්ත්‍රණ කිරීමට,දේශප්‍රෙමී ලාංකිකයන් හැටියට මීට වඩා දේවල් වලට වුනත් කාන්තාවන් පිටරට යැවීමට අපේ අය සූදානම් (නි)
රට එන අයගෙන් ගසාකන මුදලින් ඔය වගේ අසරණ වුණ අයට වන්දියක් ගෙවන්න බැරිද? මොන ඒජන්සියෙන්ද මේ අයව ඔය තත්වෙට පත් කළේ ? (නි)
බටහිරයන්ට තෙල් රටවල් වල මානව හිමිකම් ගැන නොපෙනෙන්නේ තෙල් සල්ලි හින්දා වෙන්න ඇති, (නි)
රාජ්‍ය සේවයට ජාතියේ ප්‍රණාමය! (නි)
ඇය වීරෝධාර කාන්තාවක් ලෙස නම්කර නිවසක් සාදා දිය යුතුයි (නි)
හරි ලස්සනයි කියන ලස්සන විතරක්. කෝ දැන් ලංකාවේ ඒජන්සි කරපු අය රට පටවපු අය. ඒගොල්ලෝ මොකද කියන්නේ ?? (නි)
මෙහෙ මහන්සි වෙලා වැඩ කරනවා නම් රටත් දියුණු වෙලා තමනුත් දියුණු විය හැකියි. (නි)
මේවා ගැන කොපමණ පුවත්පත් වල පළවුණත් අපේ අය ගෙවල් දොරවලුත් උගස් කරලා යන හැටි? (නි)
මීට වැඩිය මෙයට තැන දිය යුතුයි (නි)
රටට මොන තරම් නින්දාවක්ද? දේශප්‍රේමීන්ගේ කොඳු කුදුවෙලාද? වහාම මෙරටින් ගැහැනුන් වහල් සේවයට යවන එක නැවැත්විය යුතුයි (නි)
කරුණාකරලා එයාගේ නම එවන්න අපි ඉතිරි ටික බලාගන්නම් (අ)
මෙවැනි අයට දැන් නිසි දඩුවම් ලැබේවිද? (නි)
බැහැ බැහැ බලපත්‍ර අවලංගු කරන්න බැහැ (නි)
ඇත්තටම ස්තුති කරන්න ඕනෑ රාජේස්වරීට, ඇයගේ දක්ෂකමට තමා අනිත් අයව නිදහස් කරගෙන තියෙන්නේ (නි)
ඕවට ෂරියා නීතිය වලංගු නැද්ද? (නි)
අපිට රිසානලගෙන් වැඩක් නැත රටේ වියදම් ආණ්ඩුවේ වියදම් පියවා ගන්නේ කොහොමද අදාල ඇමතිවරාය රිසානවා බේර ගන්න ගිහින්සිරි චෙන්ටෙර් ද කොහද ගිහින් කොච්ච්ර විදම් කොලාද එයාගේ ළමයි බිරිඳ කොච්චර මහන්සි උනාද (අ)
අනේ විෂය භාර ඇමතිතුමනි, දැන්වත් මැද පෙරදිගට අපේ ගෘහ සේවිකාවන් යවන එක නවත්වන්න.ගරු ජනාධිපටිතුමනි, ඔබතුමා මේකට මැදිහත්වෙලා ඒ පවුල් වලට සාධාරණයක් කරන මෙන් ඉල්ලා සිටිනවා (නි)
දැන් කොහොම කවුරු කතා කරත් ඕවට මුකුත් වෙයිද ? මැද පෙරදිග ගොඩක් රටවල ඕවා වෙනවා කවුද ඕවා බලන්නේ ? රටේ ඇමතිතුමෙක් ඉන්නවා. තව නොයෙකුත් ආයතන තියෙනවා නිකන් ප්‍රකාශ විතරයි. කෙරෙන දෙයක් නම් නෙවෙයි. ඒක නිසා දැන්වත් හොර ඒජන්සි වල නියම තත්වය අපේ රටේ ඉන්න අහිංසක අම්මල, අක්කල , නංගිලා ට කියල දැනුවත් කරන්න , අපිට කියන්න බැහැ යන්න එපා කියල .. නමුත් නියම විදියට යන්න ගිහින් රස්සාවක් කරන්න විස්වාසයෙන් වැඩකරන්න ඉන්න තෙනක් හොයාගන්න යම් වැඩ පිලිවෙලක් දැන්වත් හදන්න ඕනා. නැත්නම් හෙටත් වෙන්නේ ඕකම තමයි.(නදී)
මේ ඒජන්සිය ලංකාවේ ලියාපදිංචි වුන ආයතනනේ. මේ වගේ අයට දඬුවම් කරන්න කවුරුත් බය මොකද? අරාබිය තමයි අද ලෝකයම පාලනය කරන්නේ. ලංකාවෙන් සේවයට ගිය අය හිස ගසලා දානවා. එල්ලුම් ගස් යවනවා. කතාකරන්න පිල්ලෙත් නැහැ. බැන්කි මූන් නුත් නැහැ. අපේ අයත් කරගන්න දෙයක් නැති නිසා ගුටි කකා එහෙ යනවා. බලන අපට වඩා බලධාරීන්ට මේවා පෙනෙන්න ඕනේ නේද? අරාබි වැසියෙක්ගේ හිසගසා දැම්ම නම් ලංකාවේ? අරාබි කාන්තාවක් දුෂණය කලානම් ලංකාවේ? (නදී)
මමත් ලංකාදීප පාඨකයෙක්. ලංකාදීප විතරයි මෙවැනි ලිපි වලින් මහජනයා දැනුවත් කරන්නේ. ඒජන්සි එකේ ලිපිනයත් පළ කළා නම් තමයි හුඟක් වැදගත් වන්නේ. (නි)
මේ ඒජන්සියේ නම පළකරන්න (නි)
මේවගේ කතා අපි කොච්චර ඇහුවත් දඩුවම්දීමක් ගැන නම් දැනගන්න නැහැ (නි)
ලංකාදිපයෙන් මෙවැනි දේ ගැන ජනතාවට දැනුවත් කිරිම ගොඩක් හොදයි. ඒත මේක තියෙන්නෙ කොහෙද? මොකක්ද මේකේ නම? ඒවාත් පළකරන්න. අපේ සහෝදර සහෝදරියෝ නැවතත් නොදැන මේ තැනට යන්න පුලුවන්. එයාලත් මේ වගේ දුක් විදිවි (නි)
හා ....හා...මොනවද මේ කරන්න හදන්නේ? (නි)
මෙවන් ඒජන්සි වල නියම නම සහ ලිපිනය පළකිරීමට හැකිනම් ඉතා වටී (නි)
අබුඩාබි තානාපති කාර්යාලයේ මහින්ද බාලසුරිය ,සමරවීර,වගේ මහත්වරුන්ට මගේ ප්‍රණාමය.(නදී)
මෙවැනි හිංසාපීඩා වලට ලක්වන අපේ වැසියන් ගැන අහන විට සිතට නැගෙන්නේ කණගාටුවක් වගේම කෝපයක්. කොහොම හරි මේ ඒජන්සිකාරයන්ගේ නම් ගම් සඳහන් කරන්න (නි)
අබුඩාබි රට වැසියන් නරක මිනිසුන් නොවෙයි. මෙය ඒජන්සිකරුවන් නියම තත්ත්වය සඟවා රැකියා කළයුතු වැටුප් අඩිය නොසළකා කළ වැඩක් (නි)
ඇත්තෙන්ම මේ ප්‍රශ්නයට මුලිකම හේතුව තමයි මෙම කාන්තාවන්ගේ සැමියන්ගේ දුර්වල කම. කාන්තාවකට තම මව් රටේදී පවා පිරිමියෙකුගේ රැකවරණයක් නොමැතිව ජීවත්වීමට අසීරු යුගයක තම බිරිදව තනිව පිට රට ගෘහ සේවයට යැවීම ගැන ඔවුන් ලජ්ජා විය යුතුයි. ලංකාවේ කාන්තාවන්ද සිතා සිටින්නේ ලංකාවේ ඉතා සැහැල්ලුවෙන් රැකියාවන් කල හැකිසේ මැදපෙරදිගත් එසේ කල හැකිය යන්නයි. පිලිපීනය වැනි රට වල නම් ගෘහ සේවයට උනත් නිසි පුහුණුවකින් පසුව තමයි විදේශ රැකියා වලට යොමුකරන්නේ. ඒ වගේම භාෂාවත් විශේෂයෙන් වැදගත් වෙනවා. ලංකාවේ එසේ ප්‍රමිතියකට සැකසුන නිසි වැඩපිළිවෙලක් නැහැනේ. ඇත්තෙන්ම පිටරටකට තබා මැදපෙරදිග යන කාන්තාවන්ට ලංකාවේ වෙනත් නගරයකටවත් වත් යාමට තරම් දැනුවත් කමක් නොමැති බවත් පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණයක්. රැකියා ඒජන්සි කරුවන් ගැන කියන්න නම් වචන නැහැ. ඒ තරම්ම පිළිකුල් සහගතයි. (අ)
මොහොමඩ් වරදිකරයන්ට අනිවාර්යෙන් දඩුවම් දෙන්නඕන.එත් ඔයාලගේ ශාරිය නිතිය වලංගු කිරීමට ගන්නා වෑයම. නවත්තගන්න (අ)
මම අබු ඩාබියේ අවුරුදු දහයකට වැඩිකලක් සේවය කරනව. ඇත්තෙන්ම අපේ තානපති දැන් ගොඩක් හොදයි තනාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය. මම විශේෂයෙන්ම ශදහන් කරනවා සමරවීර මහතා දක්ෂ අවංක නිලධාරියෙක් (අ)
අබුඩාබි තානාපති කාර්යාලයයේ තානාපති මහින්දබාලසුරිය ,සමරවීර මහතා ඇතුළු අනෙකුත් සියලු මහත්මයන්ට ගොඩක් පිං.අනෙකුත් තානාපති කාර්යාලත් සමග සසදනවිට.මෙහි සේවය ඉතා අනර්ගය (අ)
මෙහෙ වෙන දේවල් නම් මේ කියලා වැඩක් නැහැ. මෙහෙ සමහරු හොද රැකියා කරනවා. එහෙම කරන්න පුලුවන් වෙන්නේ කලින් ලැබූ අත්දැකීම් හා පලපුරුද්ද මතයි. සමහර අය රස්සාවේ නම්බුව වත් නොතියා විසිට් වලට ලංකාවේ කාන්තාවන්ව ගෙන්වාගෙන අරාබි මිනිසුන්ට විකුනනවා.(නදී)
මහින්ද බාලසුරිය මහතා හිටපු පොලිස්පති තුමෙක් සමරවීර මහත්තය කම්කරු නිලදාරියෙක්. මේ දෙන්නම රජයේ උසස් නිලදාරීන්. එතුමාලට මේවගේ වැඩ හොදට පුරුදුයි. මිට කලිනුත් මම කියවල තියනවා එතුමාලා අහිංසක ශ්‍රමිකයන් වෙනුවෙන් කරපු උසස් සේවාවන්. ඔබ තුමන්ලට අපෙන් සැලියුට්.(නදී)
අබුඩාබි තානාපති නායකත්වයට ආචාර කිරීමක් වශයෙනි, මම මැදපෙරදිග යුරෝපයේ අවුරුදු 25 වනවා. මෙතෙක් කාලෙකට දුටු හොදම තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මැතිතුමාය. එතුමා අපේ රටට ආඩම්බරයක්. (නි)
රොහාන් කියන දේ හරි. ලංකාවේ බේබදු තාත්තලා නිසා කී දෙනෙක් අසරණ වෙනවද? හැම දේකටම මුල එතනයි. (නි)
තියන්න වටින්නෙ නැහැනේ (නි)
ගැණු රට යන එක නතර කරන්නේ නැහැනේ. ගැණු රට යවන්න එපා. අරාබින්ගේ ඕන එපා කම් ඉටු කරන්න වෙනවා රට ආවොත්. මේවා දැනගෙන ගෑනුන් රට එන්නේ ඇයි? ජනාධිපති තුමනි, කවදද මේ ප්‍රශ්නයට විසදුම් දෙන්නේ, ශ්‍රී ලාංකීය කත අභිමානයෙන් ජීවත් වෙන්නේ කවදාද? අනුන්ගේ කක්කුස්සි, ඉදුල් සෝදන එක නතර කරන්න. ලංකාවේ ආස්චර්‍ය.(නදී)
මම දාපු අදහස් කෝ අපිට අහිංසකයන් වෙනුවෙන් කතා කරන්න බැරිද ..විදෙස් රැකියා නියෝජිත ආයතනයේ මහත්හොරුනි නුබල අහිංසකයන් ගෙන් ගන්න මුදල් වලට ලේ බඩ ගිහින් මැරෙන්නේ අහිසකයන්ගේ ලේ කදුළු වලින් සැප විදිනවා බය නැතුව මේ අදහස් දාන්න මම බලාගන්නම් (අ)
ඇන්ටන්.නැත්නම් ඇයි වහාම ඔය ඒජන්සි කැන්සල් කරන්න බැරි ?පිට රටවලට යවන වහල්ලු නැතිනම් අද වෙනකොටත් රටම හිගා කාල එවරි.එතින් කොහොමද වහල්ලු යවන්නේ නැතිව එන්නේ.(අ)
රටවි රු ස්ටාර් කියලා බොරු දේවල් කරනවා. ඩිලාන් ඇමති තුමිණි, ඔබට මේ දේවල් පේන්නේ නැද්ද ? නැත්නම් ඇයි වහාම ඔය ඒජන්සි කැන්සල් කරන්න බැරි ?(නදී)
ද සිල්වා බෙර්ලින්. ලංකාවේ අදාල තානාපති කාර්යාලය සහ මෙරට රැකියා ඒජන්සිය වග උත්තරකරුවන් කරමින් නඩුවක් ලංකාවේ අධිකරණයක පවරන්න. බැරි වෙලාවත් ඔය ඒජන්සිය අහවලුන්ගේ හත්මුතු පරම්පරාවට සම්බන්ද එකක් නම් නඩු දාපු කෙනාට සිද්ද වෙන්නේ මුහුදු වතුර බොන්නයි.(නදී)
ප්‍රියා, ඔයා මොනවා කියවනවද? අනුන්ගේ කක්කුස්සි, ඉදුල් සෝදන එක නතර කරන්න කියලා කොහොමද මේ තියෙන වියදම් පිරිමහගන්නේ? (නදී)
මම නිවාඩුවට ඇවිත් නැවත එනකොට රුපියල් 8000 ක් අරගෙන ආවේ. මොකද රටේ ගසා කන විදිහට ඉස්සර අපි ගෙවපු රුපියල් 3600 යත් වැඩි කරලා ඇති කියන සැකයට. වැඩිය මුදල් අරන් එන්නත් බැහැනේ සල්ලි පිට කරන්න ගියා කියලා දඩයකුත් ගහලා සල්ලි රාජ සන්තක කරනවනේ. මට කියනවා ගිය අවුරුද්දේ සංසෝදනය කලා. දැන් රුපියල් 11850 ගෙවන්න කියලා. මිනිසුන් මොන තරම් අසරණ වෙනවද කියල බලන්න. මම ගුවන්තොටුපොළ ලග නිසා ගෙදරින් ගෙනත් ගෙවලා ආවා. දුෂ්කර පළාත් වලින් ආපු අය මොන තරම් දෙස් දෙවොල් දෙනවද සල්ලි ගෙවා ගන්න විදිහක් නැතිව. එහෙම ගෙවලා ආවත් නැවත අසරණ වෙලා යන්න සිද්ද වුනොත් රුපිඅල් 200 ක් දෙනවා. බස් එකේ නැගලා ගෙදරට යන්න. ඔය රුපියල් 200 ගන්නද අපි රුපියල් 11850 ක් කප්පම් ගෙවන්නේ. මේවා අහස පොලව නුහුලන අපරාද නෙමෙයිද?(නදී)
පහරදීම, හිරිකරගෙන තියා ගැනීම නිසා මානුෂික අයිති වාසිකම් කඩවීම ගැන හොයා බලා වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ලංකාවේ අදාල තානාපති කාර්යාලය සහ මෙරට රැකියා ඒජන්සිය වග උත්තරකරුවන් කරමින් නඩුවක් ලංකාවේ අධිකරණයක පවරන්න මේ කාන්තාවන්ට පුලුවන්ද?(නදී)
ලංකාවේ හොර ඒජන්සිකාරයොන්ට මේ කරන දේවල් වලට පව් පඩිසන් දේවි.(නදී)
එදා ඉදලා මට කන්ඩ දුන්නේ නැහැ. මම බිව්වේ වැසිකිලියේ වතුර. මට මාස දෙකක් තිස්සේ දස වද දුන්නා. පොත් වලින් ගහනවා, වැඩිය කතා කලොත් ස්ටෙප්ලර් මැසිම අරගෙන කටට ස්ටෙප්ලර් කටු ගහනවා. පයින් ගහනවා. පුටු මේස වලින් දමලා ගහනවා. පුදුම දස වද දුන්නේ. කන්ඩ කියලා දුන්නේ අමු හාල් පැකට් එකක් විතරයි. මම ඒක වැසිකිලි වතුරෙන් තම්බලා තේ කහට එක්ක කෑවා. මේ තරම් අසරණ මිනිසුන්ගෙන් විදේශ සේවා එකෙන් රුපියල් 11850 ක් ගසා කනවා කියන්නේ හෙන ගහන අපරාදයක් නෙමෙයිද?(නදී)
ඒජන්සියෙන් විතරක් නෙමෙයි විදේශ සේවා එකටත් රුපියල් 11850 ක් කප්පන් ගෙවලා මේ අසරණ මිනිස්සු රට එන්නේ. ඉස්සර අපි ගෙව්වේ අවරුදු දෙකටම රුපියල් 3600 ක් පමණයි. ප්‍රභාකරන් මැරුණට පස්සේ ඒකත් 11850 දක්වා වැඩි කරලා. ගුවන්තොටුපොළට ඇතුළු වුන තැන ඉදලා ගුවන් යානයට නගින තැන දක්වා කප්පම ගෙවලද කියලා බලන්න එකසිය ගානක් නෝනලා, මහත්තුරු දාලයි තියෙන්නේ. ගුවන් තොටුපොළේ මොන තරම් අසරණ වුන මිනිස්සු ඉන්නවද මේ රුපියල් 11850 ගෙවා ගන්න සල්ලි නැතිව. ඉන්දියාවෙ නම් ගුල්ෆ් එන අසරනයන්ගෙන් මුදල් ගසා කන්නේ නැහැ. ඔවුන් පුදුම වෙනවා අපේ රටේ විදේශ සේවා එකෙන් ගසා කන ගසා කෑමට. කරුණා කරලා පලකරන්න.(නදී)
මොකාක්ද මේ වැඩේ , මේ ලිපියෙන් කිසිම වැඩක් නැහැ නේද ඔය ඒජන්සි කාරයාගේ නම දන්නේ නැතුව , (අ)
ලංකාදිපෙට බොහොම ස්තුතියි. මම පළමුවෙනි වතාවට මේ වගේ කතාවක් දැක්කේ. මින් ඉදිරියට කුවෛට් එකේ සිදුවෙන හැමදේම පින්තූර සමග මම ඔබලාට එවනවා. එය ඒ ආකාරයෙන්ම ලංකාදීපයේ පල වෙන්න ඕනේ. ඔබලාට බුදු සරණයි.(නදී)
ඉතින් ඔය බයිලා කියන ඇමතිවරු මේ ඒජන්සි වලට විරුද්ධව වැඩ කරන්නේ නැත්තේ ඒ ගොල්ල ඒජන්සි වලින් ජරාව කනවද?(නදී)
අපි මීට කලිනුත් අසා තියෙනවා අබුඩාබි තානාපති නිලධරයන් මෙවැනි දේවල් සොයා බලා වන්දි පවා ලබා දුන් අවස්ථා. මෙහි සදහන් ඒජන්සියට සම්බන්ධ ලංකාවේ ඒජන්සියේ ක්‍රියා කලාපය සොයා බලා බලපත්ර අවලංගු කරන්න. සෞදි සහ ඩුබායි තානාපති කාර්‍යාල වල නිලධාරීනුත් මේවා ආදර්ශයට ගෙන කටයුතු කරනවා තමයි හොද.(නදී)
මේ රටවල ඉන්නේ මිනිස්සුද, තිරිසන්නුද? ශ්‍රී ලංකා රජය මැදිහත් වී මේ වගේ අසාදාරන කරන හාම්පුතාලට එරෙහිව නඩු පවරන්න ඕනේ වන්දි ඉල්ලලා.(නදී)
මේ හැම විස්තරයක්ම ඔයාලට දාන්න පුළුවන්, පින්තූර දාන්නත් පුළුවන්. ඒත් ඒජන්සිකුරුගේ නම සහ ලිපිනය ඔබලාට දාන් බැරි හේතුව මොකද්ද? එහෙම දැම්මා නම් අපේම සහෝදරයෙක් සහෝදරියක් මේ වගේම කරදරයකින් බේරාගන්න පුළුවන් නේද? එහෙම දැම්මා නම් ඒක ලංකාදීප පත්තරයෙන් රටට කරන මෙහෙවරක් නේද?(නදී)
වහාම මේකට සම්බන්ධ විදේශ රැකියා ආයතනයට විරුද්දව කටයුතු කරන්න.අබුඩාබි තානාපතිතුමා අනිවාර්යයෙන් මේ පිළිබද එරට පොලිසිය සමග පැමිණිලිකර වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න කටයුතු කළ යුතුයි. හැකි තරම් පුළුවන් විදිහට ගෘහ සේවිකාවන් වහල් සේවයට යැවීම නතර කිරීමට අමාත්‍යංශ පිරිමින් සේ වග බලාගත යුතුයි. රටට විනිමය ගේනවා කියලා මේ කරන විනාශය පේන්නේ නැද්ද?(නදී)
ඔන්න ඕකනේ කියන්නේ වහල් සේවයට යන්න එපා කියලා.(නදී)
ලංකාවේ ඒජන්සිකාරයන්ගේ නම ගම එක්ක දාන්න ඕනේ. මේ වගේ ඒජ්න්සිකාරයන්ගේ අත පය කපලා දැම්මා නම් ඔක්කොම හරි. අනිත් අය නිකම්ම හැදෙනවා.(නදී)
ඇත්තටම අපි ලජ්ජා වෙන්න ඕනේ. අපේ කාන්තාවන් විකුණගෙන කන එකට. කාන්තාවන් ගෘහ සේවයට රට යවන එක වහාම නවහ්විය යුතුයි. (ත)
රුවන් ගුණතිලක කියන්නේ කව්ද? අර කළු මහතා එක්කෙනාද? (නදී)
හැකිනම් මෙම ඒජන්සිය බාරකරුවා ගැන සහ තිබෙන ස්ථානය පිළිබද ඉගියක් ලබාදෙන්න. නීතියට බැරිදේ අපි කරන්නම් (නි)
මටනම් "පුජාත පුජනීයානං " නියමෙටම කෙරෙනවා වගෙයි. (නි)
බන්දුල, කාටහරි ආවඩනවා කියලා ඔය තරම් දීන විදිහට කරන්න ගියොත් තමනුත් කාශය හදාගෙන අනික් යටත් ඒක බෝ කරනවා. (නි)
යු.එන් එකට කියන්නෙ නැද්ද? (නි)
කුරුණෑගල තිබෙන ඒජන්සියක්ද? (නදී)
ඔතනත් ඉන්නවද ඒජන්සිකාරයන්ගෙන් ජරාව කන කෙනෙක්. හා, හා, ඒකනේ නම දාන්න බැරි.(නදී)
මේවා අලුතින් කියන්න ඕනෑ නැහැ. අපි නම් මේවා වෙනවා කියලා දන්නවා.. (නි)
තානාපති කාර්යාලයේ අයගේ සේවය උදාරයි
අපේ ගැහැනුන් වහල් සේවයට ගියත් අපි ලෝකෙන් උතුම් රටළු. (නදී)
ලංකාවේ ඒජන්සිකාරයන්ගේ නම ගම එක්ක දාන්න කරුණාකරලා මොකද නැත්නම් තම අහිංසකයින් අහුවෙයි.(නදී)
අබුඩාබි වල ඉන්න ලංකික මිනිසුනේ,
ඇති ගරු ජනාදිපති තුමෙනි, ඔබ මේවා බලනවද මම නොදනිමි. රටේ මහා ජනතාවගේ කතිරයෙන් බලයට පත් උන ඔබ ඒකීය රටක ආරක්ෂාව ගැන කතාකරාට රටට වැඩිපුර විදේශ විනිමයක් ගෙන දෙන පෙර දිග ගෘහසේවයේ යෙදන අපේ රටේ දුප්පත් අහිංසක ගැහැනුන් විදින දුක බලලා ඔහුන්ව ඒ දුකින් බේරන නීතියක් හදන්නේ නැත්තේ ඇයි? ඔවුන් උපයන මුදලින් රුපියල් කෝටි ගණන් වියදන් කරන අනාවෂ්‍ය දේ කිරීමට ඉඩ නොදෙන්න. ර ඒ මහජනතාවගේ මුදල් දුප්පත් ජනතාව වෙනුවෙන් වියදම් කරන්නේ නැත්තේ ඇයි?
අර රිසානව බෙදා ගන්න බැරුව කැගහපු අයට මෙන්න හොඳ අවස්තාවක්. මෙම මුර්ගයින්ව ලංකාවට ගෙන්නලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න.(නදී)
මෙතනදී ඒජන්සි කරුගේ නම හෙළි කරන්න බැහැ.මොකද මේ අය කාන්තාවෝ රට යවල අපේ රටට මුදල් හොයල දෙනවා. මෙහිදී අප ගත යුතු වන්නේ ඒජන්සි කරුගේ පැත්තයි. මේ කාන්තාවෝ මේ වගේ දුක් විදින්නේ නැතුව අපේ රටට විදේශ විනිමය ගෙනෙන්න බැහැ.(නදී)
අපගේ උපහාරය ඔබගේ මේ උතුම් ක්‍රියාවට (නි)
අපි ඔක්කොම එකතුවෙමු. ඉන්පස්සේ ඔය තියෙන අපේ එක එක රට ජාතියේ පිනට පහල වුණ බලවේග වගේ සටන් කරමු.නමුත් අපේ මුල ශක්තිමත් වෙන්ට ඕනෑ.කවුරු හරි ලොක්කෙක්ගේ සහය ගන්න ඕනෑ.මමත් රට ඉන්න කෙනෙක්. (නි)
ප්‍රියා, ඔයාද එයාලගේ පවුල නඩත්තු කරන්නේ?නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
තව ටික දවසකින් ගැහැනුන්ට විතරක් නෙමෙයි පොඩි දරුවන්ටත් රට හැරලා යන්න වේවි. (නි)
මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ මෙහෙ ඉන්න බාබුලට තමයි. (නි)
තිලක් මහතා කියන කතාව හරි.(නදී)