දින තුනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දිනිඳු යශේන් දරුවා ගැන ලැබුණු බව කියන තොරතුරක් මත මාධ්‍යවේදීහු කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට රැස්ව සිටිති.
මේ අතර වයඹ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා මීගලෑවේ දරුවාගේ ගෙදර බලා ගිය බව පොලිස් ආරංචි කියයි.
දරුවාගේ පියාත් සීයාත් පැය කිහිපයකට පෙර ගෙදරින් බැහැරව ගිය බවත් දැන ගන්නට ඇත.
දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ලැබී ඔවුන් යන්නට ඇතැයි අනුමාන කෙරේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා පැවසුවේ දරුවා තවම සොයා නොගත් බවයි.
නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා පැවසුවේ දරුවා සොයා ගත් බවට පැතිර යන ආරංචිය සනාථ කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගහන්න පුරුදු වුන අය අම්ම අප්පව, දියණියව, බිරිදව වුනත් විකුනයි දවසේ කුඩු වියදම සොයා ගන්න. සිමෙන්ති කොට්ට ගණනින් ලංකාවට එන කුඩු හැටියට අපේ අනාගත දරුවන්ට නම් සුබ අනාගතයක් ස්තිරයි. දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)
සීවලි මහ රහතන් වහන්සේගේ මහා බලයෙන් දිනිදු දරුවාට කරදරයක් නොවේවා! (නි)
තෙරුවන් සරණයි පුතේ! (නි)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමේ අනිසි ප්‍රතිවිපාක (නි)
අනේ! දරුවාට කරදරයක් නොවේවා! (නි)
මේ දරු පැටියට අනතුරක් නොවේවා! මේ වැඩේ කරපු අයට යහපතක් නොවේවා! මේ අයට ජනතා දඬුවම් ලබාදිය යුතයි. (දී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවට විරුද්ද වෙන කට්ටියටයි, අපරාධ කරුවන් ආයුධ පෙන්නන්න එක්ක යනවට විරුද්ධ වෙන අයටයි සාප වේවා. (දී)
"අපි දරුවා හොයන අතරේ "ලංකාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 10 දක්වා ඉහළ යයි. තැපැල් පතක මිල ද රුපියල් 5 සිට 8 දක්වා ඉහළ නංවා තිබෙන අතර නව ගාස්තු සංශෝධනයට අදාළව, ව්‍යාපාරික ලිපියක් සඳහා රුපියල් 15ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. ග‍්‍රෑම් 250ක බරින් යුත් පාර්සලයක් සඳහා රුපියල් 90ක තැපැල් ගාස්තුවක් අය කෙරෙන අතර වැඩිවන සෑම ග‍්‍රෑම් 250කටම රුපියල් 20 බැගින් අය කෙරේ ". (නදී)
පොලිස්පති තුමනි, නීතිය අතටම ගන්න.(නදී)
අපේ ආරක්ෂක ලේකම්තුමනි, කරුණාකර මේ දරුවා සොයාගන්න මැදිහත්වෙන්න (නි)
සුදර්ශි ගේ කතාවනම් 100% කම සත්‍යයි. මොකද කියනවා නම් කොටි ගණනින්, කුඩු සිමෙන්ති කොට්ට ගණනින්, ලංකාවට ගෙන්වනවා. ගෙන්වන කෙනෙක් නැහැ. අල්ල ගත්තු කුඩු වලටත් වෙන දෙයක් නැහැ. ඉදිරියේදී ලංකාවේ කුඩු නොගහන දරුවෙක් සොයා ගන්නවා කියන්නේ නොමල ගෙයකින් අබ මිටක් සොයා ගන්නවා වගේ වෙන්න පුළුවන්. කොහොම වුනත් අපිට අපේ දරුවන් පසු පසම යන්න සිද්ද වෙලයි තියෙන්නේ. හරියට මිනීමරු ප්‍රබාකරන්ගෙන් අපේ දරුවන් බේර ගන්න පාසල් වල ගේට්ටු මුර කරපු කාල පරිච්ඡේදය වගේ. (නදී)
නොබියව අපරාධ කරන්ට කොටසක් සැදී පැහැදී සිටිනවා. එයට හේතුව බලවත් පුද්ගලයින්ගේ සහ නිතිය ක්‍රියාත්මක කරන සමහර දුෂිත නිලධාරීන්ගේ නොමසුරු සහය ඔවුනට ලැබෙන නිසා. අනෙක උසාවියට ඉදිරිපත් කල පසු ලොකු මුදලකට ඔවුන්ව සුදනන් කිරීමට ඉදිරිපත්වන නීතිඥයින් නිසා. තම ගාස්තුව අය කලාට කමක් නැහැ. විත්ති පාර්ශවය වරදක් කර තිබෙනවා නම් ඔවුන්ට පැහැදිලිවම තේරුම් කර දිය යුතුයි, ඔබ වරදක් කර තිබෙනවා ඔබ එයට නිසි දඬුවම් ලැබිය යුතුයි කියල. එහෙම නැතුව එයාව බේරලා, ආයෙත් ඔබ ඕනෑම අපරාධයක් කරලා එන්න මම ඔබ බෙරගන්නම් කියල එවැනි ක්‍රියාවන්ට අනුබල දෙන විදියේ ක්‍රියාවන් නොවෙයි සාමයට කැමති යුක්තිය සහ සාධාරණත්වය අගයන සාමාන්‍ය ජනතාව උසාවිය වැනි ආයතනයකින්, එහි නඩු මෙහෙයවන, යුක්තිගරුකයයි. උගත්යැයි වැදගත්යයි කියාගන්න නීතිඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිනම් සාක්ෂි දුර්වලයි කියල චූදිතයන් නිදොස් කොට , නිදහස්වන ස්වභාවයේ අපරාධ නිතින්ඥයින්ගේ පවුල්වල අයට සිදුවෙන්ට ඕනේ. අන්න එතකොට තේරෙයි අනිත් අයගේ දුක. තවත් කෙනෙකුට පීඩාවන් සහ දුක ගෙනදෙන අපරාධ කවදා නැතිවෙලා යයිද ? (ස)
දරුවා යහතින් ගෙදර අාවොත් මුන්ට සමාව දුන්නත් කමක් නැ. හැබැයි මොනම හරි අනතුරක් වුනොත් එවෙලේම මුන්ව මරන්න ඕනා (නදී)
ඔයාට බුදුසරනින් කරදරයක් වෙන්නේ නැහැ (නදී)
අනේ මේ දරුවට තෙරුවන් සරණින් නිවසට එන්න ලැබේවා! (නදී)
දරුවා සොයා ගත්තොත් මේ කරපු අයව අල්ලලා එල්ලුම් ගස් යවන්න.මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ජීවත් වීමේ නිදහස රට තුල හදන්න.. නැත්නම් මේ රටට අනාගතේදී මොනවා වෙයිද දන්නේ නැහැ.. සරණාගතයෝ විදියට ඔස්ට්‍රේලියාවට යන කට්ටිය තවත් වැඩි වේවි.(අ)
කප්පම් සිද්ධියක් නම් තාම එලියට නාවේ ඇයි? පවුලේ අය තර්ජන නිසා දරුවාගේ ජීවිතේ වෙනුවෙන් පොලිසියට තවම දැනුම් දුන්නේ නැතිද.? නැතිනම් පවුල සමග ආරවුල් ඇති පුද්ගලයින් කවුරුන්ද? පියාගේ වී මෝලේ සේවකයින් හාම්පුතා ගැන දරන ආකල්ප මොනවාද.? නොසන්සුන් පුද්ගලයින් ඒ අතරේ සිටීද ? අපරාධකරුවන් සිද්ධියේ උණුසුම පහව යනතෙක් කප්පම් ගැන කතා කිරීම පමා කරන්නේද..? කරුණු කෙසේ වෙතත් මේ අපරාධකරුවන් පෙර සිදුවූ සිද්ධි මුල සිට අග දක්වා විශ්ලේෂණය කර, පොලිසිය අපරාධ මැඩ පැවැත්වූ හැටිද අධ්‍යයනය කර ක්‍රියාත්මක වූ සැටියක් මට සිතේ.. පොලිස්/හමුදා සාමාජිකයෙකු ද මේ අතරේ සිටින්නට පුළුවන. ගෙදරට නිතර තාමත් යන එන අය ගැනද පරීක්ෂණ පැවැත්විය යුතුය.. ඉස්සර පැමිණ දැන් එන්නේ නැති අයද ඇතුළුව. තවද ප්‍රදේශයේ අවුල් පොරවල් සහ ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව පරීක්ෂාවෙන් සිටිය යුතුය. පියා සහ මව තමන්ගේ ජීවිත හා සම්බන්ධ වූ (සුළුවෙන් හෝ) පුද්ගලයින් ගැන ප්‍රවේශමෙන් කල්පනා කල යුතුය. (නදී)
දරුවට දෙවියන්ගේ පිහිටෙන් කරදරයක් නම් වෙන්න එපා (නදී)
පුතාට තුනුරුවන් සරණින් ගෙදර එන්න ලැබේව !! (දී)
බුදු දහමේ සත්‍ය බලෙන් දරුවට කරදරක් නොම වේවා ! (නදී)
ජනපතිඳුනි, රටේ නීති වැඩිකරනන එල්ලුම්ගහ රටට අවශ්‍ය බව දැන් තේරුම් ගන්න බෞද්ධ රටක සිදු වන අපරාද වැඩියි (නදී)
මේ වැඩ කරන අය අහු උනාම උල තියල මරන්න ඕනා. නීතියට බැරිනම් දඩුවම් කරන්න මහා ජනතාවට බාර දෙන්න මේ අයට දඩුවම් දෙන්න (නදී)
ජනාදිපති තුමනි දැන් වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. ඔබතුමාට ඒක පවක් නෙමේ පිනක් . ඔබ තුමා මෙහම නිහඩව හිටියොත් අපේ රටත් නුගත් ගෝත්‍රිකයන් ගෙන් පිරුණු රටක් වෙන්න වැඩි ඈතක් නැහැ. ඒක ඔබ කරගන්න ලොකුම පවක්. (නදී)
මුන්ව අල්ලගත්තොත් නඩු දන්නා එපා වෙඩි තියල මරල දාන්න ඕනේ. නැත්නම් නැවතත් මේ වගේ වැඩකරයි (නදී)
තෙරුවන් සරනින් දරුවට කිසිම කරදරයක් නොවේවා (නදී)
අනේ අසරණ දරුවාගේ ජීවිතය ආරක්ෂා වේවා (නදී)
මෙම පුතාට කිසිම කරදරයක් වෙන්න එපා. දරු දුක දන්නා මට මෙය හරිම දුකක් (නදී)
මේ පුතාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් කිසිම කරදරයක් නොවේවා (නදී)
නිරුප්‍රදිතව දරුවා දෙමව්පියන්ට ලැබේවා (නදී)
කොටි රජකරන කාළේවත් මෙහෙම දේවල් සිද්ද උනේ නැහැ. අපි හිතුවේ කොටි යුද්දේ ඉවර උනාම ලංකාවේ නිදහසේ ජිවත් වියහැකි වාතාවරණයක් ඇති වෙයි කියලා. දැන් බැලුවම ඒ කලටත් වඩා බයානක කාලයක් ඇවිත් තියෙන්නේ (නදී)
අපි හලන කදුලු කැට වලට සාධාරණයක් කරන්න (නදී)
මේවගේ වැඩ කරන අපරාද කාරයන්ව පණපිටින් තියන්න හොද නැහැ. අම්මා, තාත්තා, දරුවෝ අදුරන්නැති මිනිස්සු තමයි මේ වගේ බලු වැඩ කරන්නේ මේ අහිංසක දරුවාට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. (නදී)
රටේ සම්පත දරුවන්. ඒ නිසා මේ වගේ වැඩ කරන අයට මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ අනෙක් අයත් බයවෙන විදියට. (නි)
අපි ඉන්නේ ඇමරිකාවේ. මේ ළමය ගැන හරිම සංවේගයෙන් කරදරයක් වෙන්න එපා. (අ)
දරුවාගේ ජීවිතය බේරුනොත් නම් හොදටම ඇති, අද කුඩු කාරයෝ තමයි ගම්වල කප්පම් ඉල්ලන්නේ, මේ පිරිස හදුනාගෙන නීති ක්‍රියාත්මක කලයුතුයි, ඒ වගේම රටට කුණු කන්ටේනර් ගණන් ගෙන එන තාක් මෙවැනි සිද්දීන් ඇති වීම වැළක්විය නොහැකියි,(අ)
මෙවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත්කිරීම පාපයක් නොවේ .(අ)
මෙහෙම අපරාධකාරයන්ට රජ කාලේ දඬුවම් තමයි දෙන්න ඕන. (අ)
අනේ මේ දරුවට තෙරුවන් සරණින් නිවසට එන්න ලැබේවා!!!!!(අ)
අනේ දරුවාට කිසිම කරදරයක් නැතිව ගෙදර එන්න ලැබෙන්න ඕන. අපිත් අම්ම ලා. මගේ පොඩි දුවත් මේ වයසේ. අද බුදුන් වඳින කොටත් මම මේ දරුවා ගැන මතක් කළා. (අ)
මේ දරුවාට ජීවත් වීමේ වාසනාව ලැබේවා. මෙයාලව අල්ලා ජනතාවට බාර දෙන්න. ජනතාව ඒ අයට යස පාඩමක් කියා දේවි..(අ)
මේ දරුවට කිසිදු කරදරයකින් තොරව දෙමව්පියන් ලගට එන්න ලැබේවා
ජනපති තුමනි එල්ලුම්ගහ අප රටට අවශ්‍යම කාලයක් උදා වී ඇති බව තේරුම් ගන්න. (අ)
පිටරට ඉන්න අපිටත් හරිම කනගාටුයි. දරුවාට තෙරුවන් සරණ ලැබී කිසිම කරදරයක් නැතිව ගෙදර එන්න ලැබේවා. (අ)
පුතේ නුඹට තෙරුවන් සරණයි. (අ) .
මෙයාලව ප්‍රසිද්ධියේ ගල් ගස මරා දාන්න ඕන. (අ)
දරුවට ගෙදර එන්න ලැබේවි කරදරයක් නැතිව ජනපති තුමනි, අරාබි නීතිය ලංකාවට යොදාගන්න. (අ)
අම්ම කෙනෙක් හැටියට මටත් මේ පුවත හරිම වේදනාවක්. දරුවාට තුන් සරණයි. කිසිම කරදරයක් වෙන්න එපා. .(අ)
කිසිම කෙනෙක් සැක කටයුතු නැහැ කියලා හිතන්න නරකයි . පසුගිය කාලයේ වාර්තා වුන පැහැර ගැනීම් කිහිපයක්ම පවුලේ දන්නා කියන කට්ටිය ගේ වැඩ (අ).
විමසිලිමත් වෙන එක හරි වැදගත්. සමහරවිට මේක කළ උදවියගේ ඔත්තු කාරයෝ ගෙදර අවටම ගැවසෙන්න පුළුවන්. දරුවා සොයන්න උදව් කරන්න වගේ ඇවිත් පරීක්ෂණ වෙනත් පැති වලට යොමු කරන්නත් ඉඩ තිබෙනවා. (අ)
පොලිස්පති තුමනි මෙවැනි පාදඩයින් අල්ලාගත් පසු නියම දඩුවම දෙන්න ඔබට පිං.(අ)
කොහොමත් තව වැඩි කල නොගොස් ලංකාවේ සිංහලයන් නැති වෙනවා.(අ)
ලංකාවට දැන්නම් එල්ලුම් ගහ ඕන කාලය ඇවිල්ල.අහිංසක පොඩි දරවන්ගෙන් පලි ගන්නේ නැතිව මුන්ට බැරිද වෙන විදියකින් තමන්ගේ ඉල්ල්ලීම් ඉල්ලන්න?පොඩි එකා බඩගින්නේද? කව්ද දන්නේ?අම්ම කෙනෙක් මේ වේදනාව විඳින්නේ කොහොමද? (අ)
මේ හය හතරක් නොතේරෙන අහිංසක දරු පැටියව සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඇතිව දරුවාගේ මව්පියෝ ලගට එන්න ලැබේවා. පොලිස්පති තුමනි මෙවැනි තිරිසනුන්ට නිසි දඩුවම් ලබාදෙනමෙන් කාරුණිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. (අ)
මේක අස්වාභාවික සිදුවීමක්..කප්පන්ගන්න පැහැර ගැනීමක් කවදාවත් මේ ආකාරයෙන් වෙන්නේ නැහැ.එහෙම දෙයක් කරනවානම් කරන්නේ පොලිසිය ගාව නොගෙන වැඩේ කරගන්න හැකිතාක් හොර රහසින්.මේක කප්පන් ගැනීමකට සිදුකල දෙයක් වෙන්න බැහැ..ළමය පැහැර ගැනීමත් එක්ක මේක පොලිසිය ඍජුවම සම්බන්ද වන ඒවගේම මාධ්‍ය වලින් ප්‍රචාරය ලැබෙන සිදුවීමක් වෙන බව මේ පැහැරගෙන ගිය අය නොදැන ඉන්න විදියක් නැහැ..එහෙම සිය දිවි නසා ගන්න පැහැර ගැනීමක් කරන්න තරම් මොලේ අමාරු තියෙන එව්වෝ ඉදීවිද කියන ප්‍රශ්නේ හිතේ තියෙනවා..දරුවා අනතුරකින් තොරව නැවත දෙමව්පියන් වෙත පැමිණෙන්නැයි කියල ප්‍රර්ථනා කරනවා..කොහොම උනත් මේ සිදුවීමේ අවසානය සහ සිදුවීමට හේතුව කව්රුවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙන බවනම් මට ස්ථිරයි.(අ)
මේ හයහතර නොදන්න දරුවාව රැකදෙන්න සමිදේ.(අ)
අනේ අපේ පොලිසියේ ඉන්න මහත්වරු මේ ගැන මහන්සියෙන් හොයන්න. ඔබ කරන ජාතික මෙහෙය මේ වෙලාවට ගොඩක් වටිනවා (අ)
අල්ල ගත්ත ගමන් ආයුද පෙන්නන්ඩ එක්කන් යමු (අ)
අනේ පුතේ ඔයාට ඉක්මනින් ඔයාගේ අම්මා තාත්තා ලඟට එන්න ලැබෙන්න ඕනේ ... ඔයාට බුදුසරනයි (අ)
බුදු දහමේ සත්‍ය බලෙන් දරුවට කරදරක් නොම වේවා .33 කොට්ටියක් දෙවි දේවතාවෝ මේ දරුවට ආරක්ෂාව සලස්වත්වා .(අ)
අහිංසක දරුවෝ. මේ නොදරුවන්ට කරන දේවල් වලට මුන්ට හෙන හතම ගහලත් මදි. කිසි සමාවක් නැතුව මුන්ට මරණ දඬුවම දෙන්න ඕන. අපේ අනාගතේ හොද වන්න නම්. ජනාදිපති තුමා දරුවන්ට කොට්චර ආදරේද කියල අපිට පේනවා. ඔප්පු කරන්න මේ වගේ සමාජයට පිළිකාවක් වෙලා තියෙන උන් ව රටින් අතු ගාල දාල.. ඒ දරුවට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.. හොදින් අම්ම තාත්ත ලඟට එන්න ඕන...(අ)
පුංචි රත්තරන් පුතා ලෝක පාලක දෙවි වරුන්ගේ පිහිටෙන් නැවත දෙමව්පිය තුරුලට පත් වේවා! සියලු මව් වරුන්ගේ සත්‍යග්‍රහ බලයෙන් පුතාට කිසිදු උවදුරක් නොවේවා! (නදී)
පොලිස් ව්ශේෂ කාර්යය බලකායට බර දෙන්න (නදී)
මේ දරුවා ගැන ඉක්මනින්ම ආරංචියක් ලැබෙන්න ඕනා. සියලුම දෙවියෝ රැකදෙන්න ඕනේ (නදී)
මේ ළමයගේ දෙමව්පියෝ තවම විවාහ වෙළාද ඉන්නේ. මේක දරුවා බෙදා ගැනීමට බැරිව කල දෙයක්ද. (නදී)
මාර කම්පනයක්. බිල්ලකට වත් අරන් ගියාද?ඔත්තුවට ලක්ෂ 50 විතර ප්‍රසිද්ද කරන්න. මුදල් ප්‍රස්නයක් වෙන්නේ නැහැ අපි හැමෝම පරිත්යාග කරනවා. මුදල දින දෙකකින් එකතු කරගන්න පුළුවන් (නදී)