IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඩීඅයිජී දරුවාගේ ගෙදරට යයි

දින තුනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දිනිඳු යශේන් දරුවා ගැන ලැබුණු බව කියන තොරතුරක් මත මාධ්‍යවේදීහු   කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට රැස්ව සිටිති.  

මේ අතර වයඹ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා මීගලෑවේ දරුවාගේ ගෙදර බලා ගිය බව පොලිස් ආරංචි කියයි.

දරුවාගේ පියාත් සීයාත් පැය කිහිපයකට පෙර ගෙදරින් බැහැරව ගිය බවත් දැන ගන්නට ඇත.

දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ලැබී ඔවුන් යන්නට ඇතැයි අනුමාන කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා පැවසුවේ දරුවා තවම සොයා නොගත් බවයි.

නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා පැවසුවේ දරුවා සොයා ගත් බවට පැතිර යන ආරංචිය සනාථ කළ නොහැකි බවයි.

 

 

 



අදහස් (0)

ඩීඅයිජී දරුවාගේ ගෙදරට යයි

තිලක් Thursday, 31 July 2014 02:17 PM

අපි ඉන්නේ ඇමරිකාවේ. මේ ළමය ගැන හරිම සංවේගයෙන් කරදරයක් වෙන්න එපා. (අ)

:       0       0

කලන Thursday, 31 July 2014 02:32 PM

කොහොමත් තව වැඩි කල නොගොස් ලංකාවේ සිංහලයන් නැති වෙනවා.(අ)

:       0       0

ප්‍රේමලාල් Thursday, 31 July 2014 02:39 PM

ලංකාවට දැන්නම් එල්ලුම් ගහ ඕන කාලය ඇවිල්ල.අහිංසක පොඩි දරවන්ගෙන් පලි ගන්නේ නැතිව මුන්ට බැරිද වෙන විදියකින් තමන්ගේ ඉල්ල්ලීම් ඉල්ලන්න?පොඩි එකා බඩගින්නේද? කව්ද දන්නේ?අම්ම කෙනෙක් මේ වේදනාව විඳින්නේ කොහොමද? (අ)

:       0       0

ශ්‍රීම niroshini Thursday, 31 July 2014 02:41 PM

මේ හය හතරක් නොතේරෙන අහිංසක දරු පැටියව සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඇතිව දරුවාගේ මව්පියෝ ලගට එන්න ලැබේවා. පොලිස්පති තුමනි මෙවැනි තිරිසනුන්ට නිසි දඩුවම් ලබාදෙනමෙන් කාරුණිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 31 July 2014 02:42 PM

මේක අස්වාභාවික සිදුවීමක්..කප්පන්ගන්න පැහැර ගැනීමක් කවදාවත් මේ ආකාරයෙන් වෙන්නේ නැහැ.එහෙම දෙයක් කරනවානම් කරන්නේ පොලිසිය ගාව නොගෙන වැඩේ කරගන්න හැකිතාක් හොර රහසින්.මේක කප්පන් ගැනීමකට සිදුකල දෙයක් වෙන්න බැහැ..ළමය පැහැර ගැනීමත් එක්ක මේක පොලිසිය ඍජුවම සම්බන්ද වන ඒවගේම මාධ්‍ය වලින් ප්‍රචාරය ලැබෙන සිදුවීමක් වෙන බව මේ පැහැරගෙන ගිය අය නොදැන ඉන්න විදියක් නැහැ..එහෙම සිය දිවි නසා ගන්න පැහැර ගැනීමක් කරන්න තරම් මොලේ අමාරු තියෙන එව්වෝ ඉදීවිද කියන ප්‍රශ්නේ හිතේ තියෙනවා..දරුවා අනතුරකින් තොරව නැවත දෙමව්පියන් වෙත පැමිණෙන්නැයි කියල ප්‍රර්ථනා කරනවා..කොහොම උනත් මේ සිදුවීමේ අවසානය සහ සිදුවීමට හේතුව කව්රුවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙන බවනම් මට ස්ථිරයි.(අ)

:       0       0

ජගත් චන්දන Thursday, 31 July 2014 02:55 PM

මේ හයහතර නොදන්න දරුවාව රැකදෙන්න සමිදේ.(අ)

:       0       0

දිසානායක Thursday, 31 July 2014 02:57 PM

අනේ අපේ පොලිසියේ ඉන්න මහත්වරු මේ ගැන මහන්සියෙන් හොයන්න. ඔබ කරන ජාතික මෙහෙය මේ වෙලාවට ගොඩක් වටිනවා (අ)

:       0       0

පුන්‍යසෝම Thursday, 31 July 2014 03:04 PM

අල්ල ගත්ත ගමන් ආයුද පෙන්නන්ඩ එක්කන් යමු (අ)

:       0       0

උදය ජයරත්න Friday, 01 August 2014 09:23 AM

මෙම පුතාට කිසිම කරදරයක් වෙන්න එපා. දරු දුක දන්නා මට මෙය හරිම දුකක් (නදී)

:       0       0

චතුර Saturday, 02 August 2014 01:30 AM

රටේ සම්පත දරුවන්. ඒ නිසා මේ වගේ වැඩ කරන අයට මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ අනෙක් අයත් බයවෙන විදියට. (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 31 July 2014 03:17 PM

අනේ පුතේ ඔයාට ඉක්මනින් ඔයාගේ අම්මා තාත්තා ලඟට එන්න ලැබෙන්න ඕනේ ... ඔයාට බුදුසරනයි (අ)

:       0       0

නුවන් Thursday, 31 July 2014 03:17 PM

බුදු දහමේ සත්‍ය බලෙන් දරුවට කරදරක් නොම වේවා .33 කොට්ටියක් දෙවි දේවතාවෝ මේ දරුවට ආරක්ෂාව සලස්වත්වා .(අ)

:       0       0

සුදර්ශි Thursday, 31 July 2014 03:53 PM

අහිංසක දරුවෝ. මේ නොදරුවන්ට කරන දේවල් වලට මුන්ට හෙන හතම ගහලත් මදි. කිසි සමාවක් නැතුව මුන්ට මරණ දඬුවම දෙන්න ඕන. අපේ අනාගතේ හොද වන්න නම්. ජනාදිපති තුමා දරුවන්ට කොට්චර ආදරේද කියල අපිට පේනවා. ඔප්පු කරන්න මේ වගේ සමාජයට පිළිකාවක් වෙලා තියෙන උන් ව රටින් අතු ගාල දාල.. ඒ දරුවට සියලු දෙවියන්ගේම පිහිට ලැබෙන්න ඕන.. හොදින් අම්ම තාත්ත ලඟට එන්න ඕන...(අ)

:       0       0

දිල්ෂානි මුතුමාලා Friday, 01 August 2014 10:28 AM

මේ පුතාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් කිසිම කරදරයක් නොවේවා (නදී)

:       0       0

නෙතුක මදුමාල් Friday, 01 August 2014 11:10 AM

නිරුප්‍රදිතව දරුවා දෙමව්පියන්ට ලැබේවා (නදී)

:       0       0

පද්මිනී Thursday, 31 July 2014 06:55 PM

පුංචි රත්තරන් පුතා ලෝක පාලක දෙවි වරුන්ගේ පිහිටෙන් නැවත දෙමව්පිය තුරුලට පත් වේවා! සියලු මව් වරුන්ගේ සත්‍යග්‍රහ බලයෙන් පුතාට කිසිදු උවදුරක් නොවේවා! (නදී)

:       0       0

ක්‍රිෂ්ණ කුමාර් Thursday, 31 July 2014 08:05 PM

පොලිස් ව්ශේෂ කාර්යය බලකායට බර දෙන්න (නදී)

:       0       0

චන්දි - කුවෙට් Thursday, 31 July 2014 08:08 PM

මේ දරුවා ගැන ඉක්මනින්ම ආරංචියක් ලැබෙන්න ඕනා. සියලුම දෙවියෝ රැකදෙන්න ඕනේ (නදී)

:       0       0

මිනිපෙ Thursday, 31 July 2014 08:10 PM

මේ ළමයගේ දෙමව්පියෝ තවම විවාහ වෙළාද ඉන්නේ. මේක දරුවා බෙදා ගැනීමට බැරිව කල දෙයක්ද. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Friday, 01 August 2014 12:52 PM

කොටි රජකරන කාළේවත් මෙහෙම දේවල් සිද්ද උනේ නැහැ. අපි හිතුවේ කොටි යුද්දේ ඉවර උනාම ලංකාවේ නිදහසේ ජිවත් වියහැකි වාතාවරණයක් ඇති වෙයි කියලා. දැන් බැලුවම ඒ කලටත් වඩා බයානක කාලයක් ඇවිත් තියෙන්නේ (නදී)

:       0       0

නිහාල් විතානගේ Thursday, 31 July 2014 08:19 PM

මාර කම්පනයක්. බිල්ලකට වත් අරන් ගියාද?ඔත්තුවට ලක්ෂ 50 විතර ප්‍රසිද්ද කරන්න. මුදල් ප්‍රස්නයක් වෙන්නේ නැහැ අපි හැමෝම පරිත්යාග කරනවා. මුදල දින දෙකකින් එකතු කරගන්න පුළුවන් (නදී)

:       0       0

සරත් (නවගත්තේගම) Friday, 01 August 2014 01:19 PM

අපි හලන කදුලු කැට වලට සාධාරණයක් කරන්න (නදී)

:       0       0

රමනී ජයසිංහ- කුවෙට් Thursday, 31 July 2014 10:15 PM

දරුවට දෙවියන්ගේ පිහිටෙන් කරදරයක් නම් වෙන්න එපා (නදී)

:       0       0

මාට් Thursday, 31 July 2014 11:27 PM

කප්පම් සිද්ධියක් නම් තාම එලියට නාවේ ඇයි? පවුලේ අය තර්ජන නිසා දරුවාගේ ජීවිතේ වෙනුවෙන් පොලිසියට තවම දැනුම් දුන්නේ නැතිද.? නැතිනම් පවුල සමග ආරවුල් ඇති පුද්ගලයින් කවුරුන්ද? පියාගේ වී මෝලේ සේවකයින් හාම්පුතා ගැන දරන ආකල්ප මොනවාද.? නොසන්සුන් පුද්ගලයින් ඒ අතරේ සිටීද ? අපරාධකරුවන් සිද්ධියේ උණුසුම පහව යනතෙක් කප්පම් ගැන කතා කිරීම පමා කරන්නේද..? කරුණු කෙසේ වෙතත් මේ අපරාධකරුවන් පෙර සිදුවූ සිද්ධි මුල සිට අග දක්වා විශ්ලේෂණය කර, පොලිසිය අපරාධ මැඩ පැවැත්වූ හැටිද අධ්‍යයනය කර ක්‍රියාත්මක වූ සැටියක් මට සිතේ.. පොලිස්/හමුදා සාමාජිකයෙකු ද මේ අතරේ සිටින්නට පුළුවන. ගෙදරට නිතර තාමත් යන එන අය ගැනද පරීක්ෂණ පැවැත්විය යුතුය.. ඉස්සර පැමිණ දැන් එන්නේ නැති අයද ඇතුළුව. තවද ප්‍රදේශයේ අවුල් පොරවල් සහ ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව පරීක්ෂාවෙන් සිටිය යුතුය. පියා සහ මව තමන්ගේ ජීවිත හා සම්බන්ධ වූ (සුළුවෙන් හෝ) පුද්ගලයින් ගැන ප්‍රවේශමෙන් කල්පනා කල යුතුය. (නදී)

:       0       0

රංග Friday, 01 August 2014 01:19 AM

දරුවා සොයා ගත්තොත් මේ කරපු අයව අල්ලලා එල්ලුම් ගස් යවන්න.මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ජීවත් වීමේ නිදහස රට තුල හදන්න.. නැත්නම් මේ රටට අනාගතේදී මොනවා වෙයිද දන්නේ නැහැ.. සරණාගතයෝ විදියට ඔස්ට්‍රේලියාවට යන කට්ටිය තවත් වැඩි වේවි.(අ)

:       0       0

ජයන්ත Friday, 01 August 2014 02:42 AM

අනේ මේ දරුවට තෙරුවන් සරණින් නිවසට එන්න ලැබේවා! (නදී)

:       0       0

ධම්මිකා Friday, 01 August 2014 02:49 AM

ඔයාට බුදුසරනින් කරදරයක් වෙන්නේ නැහැ (නදී)

:       0       0

තුෂාර Friday, 01 August 2014 04:58 PM

මේවගේ වැඩ කරන අපරාද කාරයන්ව පණපිටින් තියන්න හොද නැහැ. අම්මා, තාත්තා, දරුවෝ අදුරන්නැති මිනිස්සු තමයි මේ වගේ බලු වැඩ කරන්නේ මේ අහිංසක දරුවාට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. (නදී)

:       0       0

සංජීව ගුරුගේ Friday, 01 August 2014 03:25 AM

දරුවා යහතින් ගෙදර අාවොත් මුන්ට සමාව දුන්නත් කමක් නැ. හැබැයි මොනම හරි අනතුරක් වුනොත් එවෙලේම මුන්ව මරන්න ඕනා (නදී)

:       0       0

නිශාර්ඩ් Friday, 01 August 2014 03:40 AM

නොබියව අපරාධ කරන්ට කොටසක් සැදී පැහැදී සිටිනවා. එයට හේතුව බලවත් පුද්ගලයින්ගේ සහ නිතිය ක්‍රියාත්මක කරන සමහර දුෂිත නිලධාරීන්ගේ නොමසුරු සහය ඔවුනට ලැබෙන නිසා. අනෙක උසාවියට ඉදිරිපත් කල පසු ලොකු මුදලකට ඔවුන්ව සුදනන් කිරීමට ඉදිරිපත්වන නීතිඥයින් නිසා. තම ගාස්තුව අය කලාට කමක් නැහැ. විත්ති පාර්ශවය වරදක් කර තිබෙනවා නම් ඔවුන්ට පැහැදිලිවම තේරුම් කර දිය යුතුයි, ඔබ වරදක් කර තිබෙනවා ඔබ එයට නිසි දඬුවම් ලැබිය යුතුයි කියල. එහෙම නැතුව එයාව බේරලා, ආයෙත් ඔබ ඕනෑම අපරාධයක් කරලා එන්න මම ඔබ බෙරගන්නම් කියල එවැනි ක්‍රියාවන්ට අනුබල දෙන විදියේ ක්‍රියාවන් නොවෙයි සාමයට කැමති යුක්තිය සහ සාධාරණත්වය අගයන සාමාන්‍ය ජනතාව උසාවිය වැනි ආයතනයකින්, එහි නඩු මෙහෙයවන, යුක්තිගරුකයයි. උගත්යැයි වැදගත්යයි කියාගන්න නීතිඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිනම් සාක්ෂි දුර්වලයි කියල චූදිතයන් නිදොස් කොට , නිදහස්වන ස්වභාවයේ අපරාධ නිතින්ඥයින්ගේ පවුල්වල අයට සිදුවෙන්ට ඕනේ. අන්න එතකොට තේරෙයි අනිත් අයගේ දුක. තවත් කෙනෙකුට පීඩාවන් සහ දුක ගෙනදෙන අපරාධ කවදා නැතිවෙලා යයිද ? (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 01 August 2014 03:55 AM

සුදර්ශි ගේ කතාවනම් 100% කම සත්‍යයි. මොකද කියනවා නම් කොටි ගණනින්, කුඩු සිමෙන්ති කොට්ට ගණනින්, ලංකාවට ගෙන්වනවා. ගෙන්වන කෙනෙක් නැහැ. අල්ල ගත්තු කුඩු වලටත් වෙන දෙයක් නැහැ. ඉදිරියේදී ලංකාවේ කුඩු නොගහන දරුවෙක් සොයා ගන්නවා කියන්නේ නොමල ගෙයකින් අබ මිටක් සොයා ගන්නවා වගේ වෙන්න පුළුවන්. කොහොම වුනත් අපිට අපේ දරුවන් පසු පසම යන්න සිද්ද වෙලයි තියෙන්නේ. හරියට මිනීමරු ප්‍රබාකරන්ගෙන් අපේ දරුවන් බේර ගන්න පාසල් වල ගේට්ටු මුර කරපු කාල පරිච්ඡේදය වගේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 01 August 2014 03:58 AM

කුඩු ගහන්න පුරුදු වුන අය අම්ම අප්පව, දියණියව, බිරිදව වුනත් විකුනයි දවසේ කුඩු වියදම සොයා ගන්න. සිමෙන්ති කොට්ට ගණනින් ලංකාවට එන කුඩු හැටියට අපේ අනාගත දරුවන්ට නම් සුබ අනාගතයක් ස්තිරයි. දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)

:       0       0

දසනායක දිල්සි Friday, 01 August 2014 04:03 AM

පොලිස්පති තුමනි, නීතිය අතටම ගන්න.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 01 August 2014 04:03 AM

"අපි දරුවා හොයන අතරේ "ලංකාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 10 දක්වා ඉහළ යයි. තැපැල් පතක මිල ද රුපියල් 5 සිට 8 දක්වා ඉහළ නංවා තිබෙන අතර නව ගාස්තු සංශෝධනයට අදාළව, ව්‍යාපාරික ලිපියක් සඳහා රුපියල් 15ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. ග‍්‍රෑම් 250ක බරින් යුත් පාර්සලයක් සඳහා රුපියල් 90ක තැපැල් ගාස්තුවක් අය කෙරෙන අතර වැඩිවන සෑම ග‍්‍රෑම් 250කටම රුපියල් 20 බැගින් අය කෙරේ ". (නදී)

:       0       0

අමාලි Friday, 01 August 2014 04:14 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවට විරුද්ද වෙන කට්ටියටයි, අපරාධ කරුවන් ආයුධ පෙන්නන්න එක්ක යනවට විරුද්ධ වෙන අයටයි සාප වේවා. (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 August 2014 04:38 AM

මේ දරු පැටියට අනතුරක් නොවේවා! මේ වැඩේ කරපු අයට යහපතක් නොවේවා! මේ අයට ජනතා දඬුවම් ලබාදිය යුතයි. (දී)

:       0       0

මංජුල Friday, 01 August 2014 04:42 AM

අනේ! දරුවාට කරදරයක් නොවේවා! (නි)

:       0       0

සමන් Friday, 01 August 2014 05:15 AM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීමේ අනිසි ප්‍රතිවිපාක (නි)

:       0       0

නදීරා Friday, 01 August 2014 05:20 AM

තෙරුවන් සරණයි පුතේ! (නි)

:       0       0

ධම්මික Friday, 01 August 2014 05:22 AM

සීවලි මහ රහතන් වහන්සේගේ මහා බලයෙන් දිනිදු දරුවාට කරදරයක් නොවේවා! (නි)

:       0       0

චන්දන Friday, 01 August 2014 05:23 AM

අපේ ආරක්ෂක ලේකම්තුමනි, කරුණාකර මේ දරුවා සොයාගන්න මැදිහත්වෙන්න (නි)

:       0       0

සජිනි Friday, 01 August 2014 06:18 AM

පුතාට තුනුරුවන් සරණින් ගෙදර එන්න ලැබේව !! (දී)

:       0       0

රත්නායක දෝහා Friday, 01 August 2014 06:44 AM

බුදු දහමේ සත්‍ය බලෙන් දරුවට කරදරක් නොම වේවා ! (නදී)

:       0       0

ගාමිණී Thursday, 31 July 2014 12:57 PM

පොලිස්පති තුමනි මෙවැනි පාදඩයින් අල්ලාගත් පසු නියම දඩුවම දෙන්න ඔබට පිං.(අ)

:       0       0

පුජා Friday, 01 August 2014 07:11 AM

ජනපතිඳුනි, රටේ නීති වැඩිකරනන එල්ලුම්ගහ රටට අවශ්‍ය බව දැන් තේරුම් ගන්න බෞද්ධ රටක සිදු වන අපරාද වැඩියි (නදී)

:       0       0

විරාජ් Thursday, 31 July 2014 01:08 PM

දරුවාගේ ජීවිතය බේරුනොත් නම් හොදටම ඇති, අද කුඩු කාරයෝ තමයි ගම්වල කප්පම් ඉල්ලන්නේ, මේ පිරිස හදුනාගෙන නීති ක්‍රියාත්මක කලයුතුයි, ඒ වගේම රටට කුණු කන්ටේනර් ගණන් ගෙන එන තාක් මෙවැනි සිද්දීන් ඇති වීම වැළක්විය නොහැකියි,(අ)

:       0       0

රන්ජිත් Thursday, 31 July 2014 01:20 PM

මෙවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත්කිරීම පාපයක් නොවේ .(අ)

:       0       0

මධු Friday, 01 August 2014 07:31 AM

මේ වැඩ කරන අය අහු උනාම උල තියල මරන්න ඕනා. නීතියට බැරිනම් දඩුවම් කරන්න මහා ජනතාවට බාර දෙන්න මේ අයට දඩුවම් දෙන්න (නදී)

:       0       0

ලසිත් Thursday, 31 July 2014 01:23 PM

මෙහෙම අපරාධකාරයන්ට රජ කාලේ දඬුවම් තමයි දෙන්න ඕන. (අ)

:       0       0

නිමල් කරුණාරත්න Thursday, 31 July 2014 01:26 PM

අනේ මේ දරුවට තෙරුවන් සරණින් නිවසට එන්න ලැබේවා!!!!!(අ)

:       0       0

ජයනි Thursday, 31 July 2014 01:35 PM

අනේ දරුවාට කිසිම කරදරයක් නැතිව ගෙදර එන්න ලැබෙන්න ඕන. අපිත් අම්ම ලා. මගේ පොඩි දුවත් මේ වයසේ. අද බුදුන් වඳින කොටත් මම මේ දරුවා ගැන මතක් කළා. (අ)

:       0       0

ගාමිණී Thursday, 31 July 2014 01:38 PM

මේ දරුවාට ජීවත් වීමේ වාසනාව ලැබේවා. මෙයාලව අල්ලා ජනතාවට බාර දෙන්න. ජනතාව ඒ අයට යස පාඩමක් කියා දේවි..(අ)

:       0       0

deepika Thursday, 31 July 2014 01:38 PM

මේ දරුවට කිසිදු කරදරයකින් තොරව දෙමව්පියන් ලගට එන්න ලැබේවා

:       0       0

පෙරන්ස් Thursday, 31 July 2014 01:40 PM

ජනපති තුමනි එල්ලුම්ගහ අප රටට අවශ්‍යම කාලයක් උදා වී ඇති බව තේරුම් ගන්න. (අ)

:       0       0

චමිල Friday, 01 August 2014 08:28 AM

ජනාදිපති තුමනි දැන් වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. ඔබතුමාට ඒක පවක් නෙමේ පිනක් . ඔබ තුමා මෙහම නිහඩව හිටියොත් අපේ රටත් නුගත් ගෝත්‍රිකයන් ගෙන් පිරුණු රටක් වෙන්න වැඩි ඈතක් නැහැ. ඒක ඔබ කරගන්න ලොකුම පවක්. (නදී)

:       0       0

නෙළුම් Thursday, 31 July 2014 01:55 PM

පිටරට ඉන්න අපිටත් හරිම කනගාටුයි. දරුවාට තෙරුවන් සරණ ලැබී කිසිම කරදරයක් නැතිව ගෙදර එන්න ලැබේවා. (අ)

:       0       0

මංජුල Friday, 01 August 2014 08:30 AM

මුන්ව අල්ලගත්තොත් නඩු දන්නා එපා වෙඩි තියල මරල දාන්න ඕනේ. නැත්නම් නැවතත් මේ වගේ වැඩකරයි (නදී)

:       0       0

කේ . හේමසාර හිමි Thursday, 31 July 2014 01:56 PM

පුතේ නුඹට තෙරුවන් සරණයි. (අ) .

:       0       0

පෙරේරා Thursday, 31 July 2014 01:57 PM

මෙයාලව ප්‍රසිද්ධියේ ගල් ගස මරා දාන්න ඕන. (අ)

:       0       0

සුනෙත් Friday, 01 August 2014 08:37 AM

තෙරුවන් සරනින් දරුවට කිසිම කරදරයක් නොවේවා (නදී)

:       0       0

ආනන්ද Thursday, 31 July 2014 02:02 PM

දරුවට ගෙදර එන්න ලැබේවි කරදරයක් නැතිව ජනපති තුමනි, අරාබි නීතිය ලංකාවට යොදාගන්න. (අ)

:       0       0

කාන්ති Thursday, 31 July 2014 02:02 PM

අම්ම කෙනෙක් හැටියට මටත් මේ පුවත හරිම වේදනාවක්. දරුවාට තුන් සරණයි. කිසිම කරදරයක් වෙන්න එපා. .(අ)

:       0       0

පාලිත Thursday, 31 July 2014 02:05 PM

කිසිම කෙනෙක් සැක කටයුතු නැහැ කියලා හිතන්න නරකයි . පසුගිය කාලයේ වාර්තා වුන පැහැර ගැනීම් කිහිපයක්ම පවුලේ දන්නා කියන කට්ටිය ගේ වැඩ (අ).

:       0       0

චානුක තිලකරත්න Friday, 01 August 2014 08:53 AM

අනේ අසරණ දරුවාගේ ජීවිතය ආරක්ෂා වේවා (නදී)

:       0       0

දුමිතු Thursday, 31 July 2014 02:10 PM

විමසිලිමත් වෙන එක හරි වැදගත්. සමහරවිට මේක කළ උදවියගේ ඔත්තු කාරයෝ ගෙදර අවටම ගැවසෙන්න පුළුවන්. දරුවා සොයන්න උදව් කරන්න වගේ ඇවිත් පරීක්ෂණ වෙනත් පැති වලට යොමු කරන්නත් ඉඩ තිබෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 908 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4057 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2457 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site