(යොහාන් භාසුර)
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු මෙන්ම කළ ක්‍රියාවක් ලෙස දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඩිජිටල් අපනයන මත සියයට 15 ක බදු පැනවීම රට ඩිජිටල්කරණයට ගෙනයෑමට අවශ්‍ය මෙවැනි අවස්ථාවක කළ මෝඩ ක්‍රියාවක් බව කී කාරියවසම් මහතා රටට ඩොලර් ලැබෙන ආර්ථික ක්‍රමවේදයන් මාරා දැමීමට කළ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ බොරුවෙන් බලය ලබාගත්ත ද බොරුවෙන් රට පාලනය කළ නොහැකි යැයි මෙවැනි ක්‍රියාවලින් පැහැදිළි වන බවත් මෙරට ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වී සිටින කීපදෙනාත් ඉන් ඉවත්වීමෙන් රටට විදේශ විනියම එන ක්‍රමයන් අවහිරවීමේ අවදානමක් ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
වර්තමාන රජය බලයට ගෙනඒමට වැඩියෙන්ම වැඩ කළ තරුණ පරපුරට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට පහරදීම ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් ජනාධිපති අනුර ක-ුමාර මහතා ඇතුළු ආණ්ඩුවේ පුද්ගලයන් පැතිරවූ බොරු වැඩි ප්‍රමාණයක් ටික්ටොක් සහ යූටියුබ් ආදි මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත් ඒ මහතා කීය.
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්
හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානාය
පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගින
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු
ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ඩිජිටල් අපනයන මත පැනවූ බද්ද වාහාම අවලංගු කරන්න