අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටවලට රංගන දායකත්වය ස්ටෝර්මි ඩැනියෙල්ස්ට සහ තවත් දෙදෙනෙකුට 2016 මැතිවරණ සමයේදී කළ නීති විරෝධී මුදල් ගෙවීම් වසන් කිරීම සඳහා නිව් යෝර්ක් ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මැන්හැට්න් නීතිපති කාර්යාලය ගොනු කර තිබූ අධි චෝදනා 34ට තමන් නිවැරදිකරු යැයි මැන්හැට්න් අධිකරණයේ ඊයේ(04) පෙනී සිටි අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැට්න් අධිකරණයට භාර වූ අවස්ථාවේ පැයකට ආසන්න කාලයක් අත් අඩංගුවට පත් වූ අතර චෝදනා ප්‍රකාශයට පත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලදි.
ස්ටෝර්මි ඩැනියෙල්ස් සමඟ තිබූ අනියම් ලිංගික සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවා ඇති බවත් කැරන් මැක්ඩූගල් නැමැති කාන්තාව සමඟ තිබූ අනියම් සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150000 ක මුදලක් ගෙවා ඇති බවත් ට්‍රම්ප් ටවර් හි මුරකරුවකුට ඔහු දන්නා බව පවසන අනියම් සබඳතාවයකින් ට්‍රම්ප්ට දාව උපන් දරුවකු පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 30000 ක මුදලක් ගෙවා ඇති බවත් එම සිද්ධීන් වසන් කිරීම සඳහා ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත.
නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වන හෝ ජනතාව නොසන්සුන්කාරී වන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු ජුවාන් මර්චෑන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇතත් ඔහු එය කඩ කළ බවද පැවැසෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ නැවත කැඳවීමට නියමිතය.
034
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන නිදහස් කරයි
Ratavasiya Wednesday, 05 April 2023 12:28 PM
නිදොස් කොට නිදහස් කරන්න තිබුනෙ.
ජගත් ලියනගේ Wednesday, 05 April 2023 12:30 PM
අමෙරිකාවෙ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ .
de silva Wednesday, 05 April 2023 07:14 PM
මොහු අනිවාර්යයෙන්ම පසුගිය ආත්මේ ලංකාවේ දේශපාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් වෙන්න ඇති