සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර යළි ගොඩගැනීමේ අවස්ථාවට මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන්ට යාමට නොදෙන ලෙස පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි නිසා ඔවුනට ඉඩ නොදුන් බව රහස් පොලිස් ආරංචි කියයි.
ඔහුගේ සිරුරේ ඉතිරි කොටස් අතර ඔහු ඇඳ සිටි කබායෙන් සිරුර හඳුනාගත් බව වාර්තාවේ.
සිරුර ගොඩගැනීමට දෙපැයක් පමණ ගතවිය.
කොළඹ කනත්තේ පිටුපස දොරටුවෙන් සිරුරේ කොටස් රැගත් වාහනය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය බලා ගිය බවද දැනගන්නට ඇත.
පෙරවරු 10. 25
කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි විය.
කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය..






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නාටකය! පුංචි ඡන්දෙ ළඟ එනවා ඇති (නි)
මළාට අපේ රටේ දේශපාලනේ හැදෙන්නෙත් නෑ.(බ)
වසන්ත කුමාර, මිනීමැරීම කලාවක් නම් මේවා කරපු අය එහි පිකාසෝ නොවෙත්ද ? (අ)
විජේවීර සහෝදරයා ගැනත් හෙව්වානම් හොදයි (බ)
කොහොම නමුත් හොඳ බල පුළුවන්කාරයෙකුගේ වැඩක් වෙන්න ඕන. (අ)
වැඩේ ආපු දා පටන් මිනි ගොඩ ගැනීමේ ව්‍යාපාරය (අ)
ලසන්ත මාධ්යවේදියෙක්ලු නේද? අනිත් අයගේ මිනී ගොඩගන්නකොට නම් එයාගේ පත්තරවල ඒවා දාන්න ඇති. එහෙත් එයාගේ මිනිය ගොඩ ගන්න කොට එ්ක මාධ්‍යවල දාන්න හොඳ නැහැ. (බ)
මට නම් පෙන්නේ ළඟදීම පුංචි මැතිවරණය තියන්න යන විදිය පේනවා (අ)
පවුලේ අය අකමැති නිසානේ එපා කිව්වේ. කැමරාවට වෙඩි තිබ්බනං හරි. ඇමරිකාවේ මහ දවල් පොලිසිය මිනිස්සුන්ටත් වෙඩි තියන්නේ. (අ)
මොන මාධ්‍ය වලද මේවා පෙන්වන්නේ කියලා බැලුවොත් එතකොට නිකම්ම කැමරාවේ අයිතිකාරයා හොයාගන්න පුළුවන් වේවි. (නි)
දෙයියනේ! මළමිනියක් ගොඩගන්න එක බලන්න මෙච්චර මිනිස්සු උනන්දු ඇයි? (නි)
දැන් දැන් මියගිය අයටත් නිදහසේ ඉන්න නැහැ වගේ. රටකට ගිය කලක්.
රටේ කිසිම ප්‍රශ්නයකට විසදුම් මේ ආණ්ඩුවට නැහැ. නොහැකියාව.
මැදමුලන වලව්වේ සෙව්වනම් ඕක හොයාගන්න පුළුවන් (බ)
දිනේෂා, ඔය කියන මැදමුලන නොතිබෙන්න අපි අද කොහෙද දන්නෙත් නැහැ. ඇයි අර සපුගස්කන්දේ ඒවා ගැන මොනවත් දන්නේ නැතුව ඇති නේද. මගේ හිතේ ඒ කාලේ ඉපදිලා ඉඳලා නැතුව ඇති (නි)
අයියෝ යහපාලනය! ඕකවත් අල්ලගන්න බැරිවුණානේ (නි)
මාධ්‍යකරුවන්ට ජයවේවා! ඔවුන් දක්ෂයි (නි)
හංගගෙන කරන්නේ මොකක්හරි හොරයක් ඇති, ප්‍රසිද්ධියේ පෙන්නන්න බැරි (නි)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)
මේවා පුවත් පත්වලින් ඇත් වියයුතුයි කියල මම හිතන්නෙම. උදේට පත්තරේ ගත්තම දකින්න වෙන්නේ ඔය වගේ දේවල් නම් මහ ජනතාව පුවත් පත් අතට ගන්න එකක් නැහැ. කුඩා දරුවෝ ඉන්න ගෙදරකට මේ දේවල් තියන පත්‍රයක් අරන් ගියාම දරුවෝ අහන ප්‍රශ්න වලට කොහොමද තාත්ත උත්තර දෙන්නේ. (බ)
විජේවීර ගැනත් හොයන්න මේ වෙලාවෙ ඒ යොජනාව ගේන්න ඕන ජේවීපීය ඹය කනත්තෙමනෙ වැඩේ කළා කියන්නෙ. (බ)
කළ සහ කරවපු අය පසුපස කර්මය එනු ඇත. (බ)
මියගිය ලසන්ත මහතාගේ පවුලේ අය මෙම අවස්ථාව මාධ්‍යවලට ආවරණය කරන්ට එපා කියල ඉල්ලීමක් කළානම් ශිලාචාර වැදගත් මාධ්‍ය මහත්තුරුන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉල්ලීමට ගරුකරලා බොහොම ශිලාචාර විදියට හැසිරෙන එකයි. නැතුව මැරවරයෝ වගේ බලහත්කාරකම් කරලා එම අවස්ථාව රූගත කරන්ට උත්සාහ කරන එක නෙමෙයි. (බ)
ඇමෙරිකාවෙ පොලීසිය උකුස්සන් පුරුදු කරල තියෙනවා මේවාගෙ ඩ්රෝනර්වලට පහර දෙන්න, ලංකාවෙ පොලිසියත් ඒක පටන් ගන්නයි තියෙන්නෙ. (බ)
කාලකන්නි මිනිස්සු ... පවුලේ ඉල්ලීමක්වත් ගරු කරන්නේ නැති අය....(බ)
කතාවෙ එලියෙන් ඉදන් කතා කළොත් කියන්න තියෙන්නෙ, හොරා පොලිසියට අඩියක් ඉදිරියෙන් කියලා. (බ)
ලෝකයේ ඕනෑම රටක ජනමාධ්‍ය කලාවේදීන්ට පුවත් දැනගැනීමේ අතිවිශාල ආශාවක් තිබෙනවා. දියුණුවෙමින් තිබෙන ශ්‍රී ලංකාවත් මෙවැනි අතිනවීන ක්‍රමවේදයන් පරිහරණය කිරීමේ වැරැද්ද කුමක්ද? (නි)
තාක්ෂණයේ දියුණුවත් සමඟ මාධ්‍යයෙන් හා ජනතාවගෙන් වසන් කළ හැකි දේ සීමිතයි. (නි)
මාධ්‍යට ඉඩ අහුරවන්නේ ඇයි? (නි)
කැමරාවට වෙඩි තිබ්බා නම් ඉවරනේ. (නි)
මේ වගේ වැඩ නම් අඩුවක් නැහැ දැන් ලංකාවේ. (නි)
මළ මිනී ගොඩගැනිම කලාවක් නම් මේ අය එහි පිකාසො වේ (බ)
මිනිස්සුන්ට වගේ වෙඩි තියන්න තිබුණානේ? (බ)
විදේශයකින් එවපු අධිරජ්‍යවාදී ද්රෝනයක්ද ? එ්කයි අවටින් හොයාගන්න බැරි (බ)
අද හවස නිව්ස් බලන්න ,කැමරාව අයිති නාලිකාව සොයාගන්න පුළුවන් .(බ)
අනේ අපේ පොලිසිය! ඕක තහනම් කලාපයක් නම් ඇයි වෙඩි නොතිබ්බේ? (නි)
පොලිසියට ඇයි මේක ප්‍රසිද්ධියේ කරන්න බැරි? (නි)
ඇයි මේවා හංගගෙන කරන්නෙ? (නි)
ආරක්ෂාවේ හිඩැසක් ඇති බව මේකෙන් පැහැදිලියි. (නි)
ඔන්න නියම වැඩකාරයෝ (නි)
ඕක කාගේ වැඩක්ද කියලා හිතාගන්න පුලුවන් (නි)
මේ කාලේ තමයි කුරුම්බැට්ටි මැෂින් එන්න තිබුනේ (නි)
මේකෙන් ගත් ෆොටෝ ප්‍රසිද්ධ කළගමන් අල්ලගන්න පුලුවන් (නි)
අද කාලේ තාක්ෂණය මොනතරම් දියුණුද? (නි)
මහෞෂධ පඬිතුමා කුඩා කාලේ උකුස්සා පස්සෙන් එළෙව්වා වාගේ මේකේ හෙවණැල්ල පස්සෙන් අපේ පොලිසියට දුවන්න ලැබුනා නම් මරු. මේකෙන් ගත්ත පින්තූර හෝ වීඩියෝ ප්‍රසිද්ධ කරන පත්තරය හෝ ටී වී චැනල් එක මොකක්ද කියලා සොයාගත්තාම කාගේද මේක කියලා සොයාගන්න පුලුවන් (නි)
මිනීවළක් ගොඩ දාන එකේ මොකද්ද ඔච්චර බලන්න තියෙන්නේ? (නි)
මේවා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ (නි)
දැන් ඉතින් වැට කඩුලු සීමා නැති ‘වල්බූරු‘ නිදහස අයුතු ලෙස පාවිච්චි කරන්න ගිහින් තියෙන නිදහස නැති කරගන්නකෝ (නි)
ලසන්තව ඝාතනය කිරීම අනුමත කරන්න බැහැ. මෙය පළිගැනිමක් බව රටම දන්නවා. (නි)
මේවා ලංකාවට එන්න කලින් ත්රස්තවාදීන් පරාජය කළ රණවිරුවන්ට ජාතිය සදා ණයගැතියි (නි)
ජනමාධ්‍යවේදියෙක් වුණ ලසන්ත මහතාට සාධාරණය ඉෂ්ට කරන්න ජනමාධ්‍ය වලින් කළ බලපෑම අතිවිශාලයි. එහෙව් එකේ අද දවසේ සිද්ධිය මාද්‍ය වලින් වසන් කරන්න තැත් කිරීම විහිළුවක්. (නි)
අනේ මෙහෙම යහපාලනයක්? මිනි ගොඩ දාන එකයි රණවිරුවෝ හිරේ දාන එකයි ඇරුනම මේ නඩේට මොකුත්ම බැහැනේ. රටේ අවාසනාව (බ)