IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩීසීඩී ඇත්දැයි සොයයි

‘සී.සී.ඩී විස රසායනය අඩංගු කිරි පිටි නිෂ්පාදන සහ ශරීරයට අහිතකර ‘වේ ප්‍රෝටීන්‘ අධි සාන්ද්‍ර කිරි පිටි වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය තවමත් වෙළෙඳපොළේ විකිණීමට ඇද්දැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධාන කොළඹ මහ නගර සහ මහජන සෞඛ්‍ය නිලධරයෝ අද කොළඹ සුපිරි වෙළඳහල්වල හදිසි නිරීක්ෂණයක නිරත වූහ.

බොහොමයක් සුපිරි වෙළඳසල්වල මේ වන විටත් වේ ප්‍රේටීන අඩංගු ආහාර ද්‍රව්‍ය විකිණීමට තිබී සොයා ගත් අතර වෙළඳසල් හිමියන්ට වහාම ඒවා ඉන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.

සත්ත්ව කිරි අඩංගු ඕනෑම ආහාර ද්‍රව්‍යයන් මිලට ගැනීමේදී එහි ‘වේ ප්‍රෝටීන කිරි‘ හෝ ‘වේ ප්‍රෝටීන කුඩු‘ ඇත්නම් ඒවා මිලට ගැනීමෙන් වළකින ලෙස මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක්ද කළේය.

 

 



අදහස් (0)

ඩීසීඩී ඇත්දැයි සොයයි

තිසල් Tuesday, 13 August 2013 12:05 PM

නවසිලන්ත විදේශ ඇමති මග එනවා ලොකු ලොකු අය හමු වෙනවා බලපෑමට යට වෙනවා වස කිරි ටික හොද වෙනවා සෞඛ්‍ය ලොක්කෝ පච වෙනවා කල කිරිල රට යනවා අපි වස කිරි ටික බොනවා මතු පරපුර වැඩ වෙනවා කොහොමද ටිකිරි මොලේ (දී)

:       0       0

සුපුන් Monday, 12 August 2013 07:55 PM

අපේ ලංකාවේ තමයි මේ හැම ප්‍රශ්නයම... (නි)

:       0       0

සුනෙත් Monday, 12 August 2013 08:11 PM

සමහර අයගේ අදහස් බැලුවම ඕන ජරාවක් උනත් බොන්න කැමති වගේ.(අ)

:       0       0

සේනාදීර Monday, 12 August 2013 08:12 PM

මෙතන දේශපාලනයක් නේ..ලෝකේ අනිත් රටවලත් මේ දේම තම කරනේ..(අ)

:       0       0

දසුන් Monday, 12 August 2013 01:25 PM

මේවා සෝබන වැඩ (අ)

:       0       0

රවීන්ද්‍ර Monday, 12 August 2013 01:28 PM

කොළඹ කෙසේ වෙතත් ගමේ කඩේ නම් තාම ඔය කිරි ජාති එළිපිටම විකුණන්න දාලා තියනවා (නි)

:       0       0

කපිල Monday, 12 August 2013 02:13 PM

නවසීලන්තය සහ අදාල සමාගම මේ රසායන ද්‍රව්‍ය ඔවුන් පරික්ෂා කිරීමේදී අඩංගු නැහැ කියලා තිබෙනවා.මීට හේතුව විදියට මම දකින්නේ ඔවුන් විසින් එම තත්ත්ව පරීක්ෂණයට අහඹු ලෙස සාම්පල් නොදී ඔවුන්ට වාසි වන විදියට සාම්පල් ලබා දීම බවයි.කොහොමත් බහු ජාතික සමාගම් අපිට ආදරයට කිරි පොවන්නේ නැහැ.ඔවුන් මොන විදියේ වස අඩංගු වුනත් සගවනවා.කොහොම වුනත් කිරි පිටි සහ බෙහෙත් මාෆියාව මේ රටෙන් තුරන් කරන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Monday, 12 August 2013 02:16 PM

කොහොම වුණත් අපි නම් කිරි බොන එක නතර කළා. කිරිනම් ඕනෑම නැහැ (නි)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 13 August 2013 01:33 AM

අද අපි හොඳයි කියලා හිතන රසායනික ද්‍රව්‍ය පසුකාලීනව ආහාරයට නුසුදුසු බව සනාථ වෙන්න පුළුවන්. එය විද්‍යාවේ දියුණුවත්, පරීක්ෂණ කිරීමත් නිසා සිදුවන දෙයක්. ඉස්සර අපි ඒ කිරිපිටි බිව්වා කියල කාටවත් බැනලා වැඩක් නැහැ. දැන් බොන එක නැවැත්තුවා කියලා බැනලා වැඩකුත් නැහැ. (නි)

:       0       0

ධනුෂ්කා Monday, 12 August 2013 02:53 PM

අනේ දැන්ද මේ ගොල්ලන්ට මතක් වුනේ...මෙච්චර දවසක් මේ ගැන අමතක වුණේ ඇයි (අ)

:       0       0

යසස් අබේවර්දන Monday, 12 August 2013 03:13 PM

මෙච්චර දවස් දීලත් ඉවත් කරගන්නේ නැත්තන් ඔය බ්‍රෑන්ඩ් එකම ගෙන්නන එක නවත්තන්න. ඕවා නොදැන කරන වැඩ නොවේ. නැත්තන් අපිට හැමදාම වහ තමා කන්න වෙන්නේ. (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 12 August 2013 03:35 PM

තුන් වෙනි පන්තියේ වැඩ මෙයාල කරන්නේ. මේ දවස් වල කවුරු හරි පස්සෙන් එලවනවා ඇති නැත්නම් ලොකු තනතුරක් බලාගෙන වෙන්න ඇති මෙහෙම කරන්නේ. (අ)

:       0       0

කමල් Tuesday, 13 August 2013 08:41 AM

කාලෙන් කාලෙට විවිධ ආහාර වර්ග බීම වර්ග හඳුන්වා දෙනවා. ඒවා අපේ ශරිරයට හොඳද නරකද කියලා හොයලා බලලා නිර්දේශ කරන එක අයිති කාටද ? නමුත් මම හිතන්නේ රජයේ සේවකයන් වන ජනතා මුදලින් වැටුප් ලබන අපි මේවා ගැන හොයලා බලනවා මදි. ලංකාවේ බොහෝ ආයතනවල තියෙනවා සෑහෙන පහසුකම් පර්යේෂණ සඳහා. රතුපස්වල සිද්ධිය වුණත් ඔච්චර දුර යන්නේ නැහැ ඒ වගේ දේවල් විශ්ව විද්‍යාල මට්ටමින්වත් වුණා නම්. (නි)

:       0       0

ධම්ම Monday, 12 August 2013 03:58 PM

කවුරු ගැනවත් දැන් විශ්වාස කරන්න අමාරුයි. මේවා සේරම අයින්කරලා කාට හරි ලොකු කුට්ටියක් යන නිෂ්පාදනයක් හඳුන්වල දෙයිද දන්නේ නැහැ. සද්භාවයෙන් කරනවානම් මේ වැඩේ හොඳ දෙයක්. (ත)

:       0       0

අමල් Monday, 12 August 2013 04:00 PM

ඇහෙන් බලලා රසායන විශ්ලේෂණ කරන්න පුළුවන් කාටද? මේවට රැවටෙන මිනිස්සුත් ඉන්නවද? (ත)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 13 August 2013 09:48 AM

ඩී.සී.ඩී. කියන්නේ ශාක වල නයිට්‍රජන් අවශෝෂණය වැඩි කිරීමට යොදන පොහොර වල ඇති සංඝටකයක්. නවසීලන්තයේ තණකොල වලින් එළදෙනුන්ටත් ඉන් එලකිරිවලට මෙය පැමිණිලා. මෙයින් ක්ෂණික ජීවිත තර්ජනයක් නොවුනත්, අනුමත අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබීමෙන් සෞඛ්‍යට අහිතකර වෙන්නට පුළුවන්. අනිත් කාරණය, වේ ප්‍රෝටීන් යනු කිරිවල තියෙන අධිපෝෂණයෙන් යුක්ත සංඝඨකයක්. මේ නිසා විදේශීය කිරි නිෂ්පාදකයෝ, වේ ප්‍රොටීන් අයින් කරලා තමයි අපට කිරිපිටි එවන්නේ. ඉවත් කරගන්න වේ ප්‍රෝටීන් ඔවුන් වැඩි මුදලකට ළදරු ආහාර සහ කාය ශක්තිය වර්ධනය වන ආහාර නිපදවන්නන්ට විකුණනවා. නවසීලන්තයේ මෙම වේ ප්‍රෝටීන් වල ඉතා භයානක බැක්ටීරියාවක් වර්ධනය වෙලා. මේක තමයි ප්‍රශ්ණය. කවුරු රණ්ඩු උනත් හොඳම දේ සෞඛ්‍ය නිලධාරීන් අනුමත කරන තුරු මෙම කිරි නිෂ්පාදන භාවිතයට නොගැනීමයි. (ස)

:       0       0

ධනුෂ්ක Monday, 12 August 2013 04:52 PM

ඔය කියන කිරිපිටි අපිත් බිව්වා,මේ රශ්නය එන්න කලින්. කාටහරි කියන්න පුලුවන්ද මේ කිරි පිටි බිව්ව්වම වෙන අහිතකර දේවල් මොනවද කියලා (නි)

:       0       0

සත්‍යා Monday, 12 August 2013 04:53 PM

අපි අවුරුදු ගානක් මේවා බිව්වා, කෑවා. එක් කෙනෙක්වත් ඕවා කිව්වේ නැහැ. අපි නොදන්නාවායැ? (නි)

:       0       0

රජිකාන් Monday, 12 August 2013 05:48 PM

මේ ප්‍රෝටීන් කොහොමද අහිතකර වෙන්නේ කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

කමල් Monday, 12 August 2013 06:24 PM

ධනුෂ්ක, රජිකාන්. මේ කිරිපිට් බිව්වම ගොන්නු වගේ වෙනවා. ලංකාදීපේ දාන පුවත් ටික කියවන්නකෝ. තියෙන්නෙම මිනිස්සු කරන ගොන් වැඩ.(අ)

:       0       0

සංජීව Monday, 12 August 2013 06:48 PM

මේ කිරි බොන්න එපා කියලා ඒ දවස් වල කවුරුත් ඕක ගැන කතා කළේ නැහැ.දැන් අර රතුපස්වල අහිංසක මිනිස්සු ටික මැරුණම තමා හදිසියේ ඕක මතක් වෙලා තියෙන්නේ මට පෙනෙන හැටියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5001 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3415 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4188 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3567 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 819 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1541 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36218 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24146 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site