සැකකරුවන් විසින් කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා ඔහුගේ පෙම්වතිය කෙළෙසූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි නීතිවේදී නලින්ද ඉන්ද්‍රතිස්ස කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගලම මහත්මිය හමුවේ පැවසීය.
2012 නත්තල් දා තංගල්ල නේචර් රිසෝර්ට් හෝටලයේ දී රතුකුරුස සේවකයකු වන කුරාම් මරා ඔහුගේ බිරිය සමූහ කෙළෙසීමට ලක් කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හය දෙනෙක් චෝදනා 17ක් යටතේ මෙම නඩුවට මුහුණ දෙති.
සාක්කි සම්පිණ්ඩන දෙසුම කරමින් ඔහු පැවසුවේ පැමිණිල්ල ඉතා දුරුවල හා අසාර්ථක වූ බවයි.
සිද්ධීන් වටා ගෙතුණු පරිවේශනීය සාක්කි මත පමණක් නඩුවක් ඔප්පු කළ නොහැකි බවත් සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවන් නැති බවත් ඔහු කීවේය.
හිටපු ප්‍රාදේශීය සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ සාධාරණ සැකයෙන් තොරව නඩුවක් ඔප්පු කිරීම අපරාධ නීතියේ අරමුණ වුවත් එසේ කිරීමට මේ නඩුවේ පැමිණිල්ලට නොහැකි වී ඇතැයි කීවේය.
වැරදිකරු යැයි ඔප්පු වන තුරු විත්තිකරුවකු අහිංසක බවට ඇති නීතිමය සිද්ධාන්තය ගෙන හැර දැක්වූ නීතීඥවරයා ඉල්ලා සිටියේ අධිකරණමය ඇසින් නඩුව දෙස බැලිය යුතු බවයි. මාධ්‍යවල පළවූ වාර්තාවලින් අගතියට පත් නොවිය යුතු බවයි.
වැඩිදුර සාක්කි සම්පිණ්ඩන දේශන සිකුරාදා (11) දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ටිකිරි බණ්ඩා 2014-07-11 02:26:15" අදහස බලන්න ..මේකෙන් මෙයා පෙන්නන්න හදන්නේ මොකක්ද..මේ රටේ දේශපාලන බලවතුන් සිය දේශපාලන බලය යොදවා උසාවියට බලපෑම් කොට මේ සභාපතිව බේරා ගන්න හදනවා කියලත් මුළු රටම පාවල දීල එහෙම කරන්න තරම් මේ මනුස්සය මේ රටට මොනවද කලෙත් කියල.මෙතන තියෙන්නේ මේ කුරාම් ගැනවත් ඔහුගේ පෙම්වතිය ගැනවත් අනුකම්පාවක්ද සාධාරණය පැතිමක්ද එහෙම නැත්නම් මම කියපු අසහනය පිට කිරීමක්ද කියල විමසා බලන එක බුද්ධිමත් ඔබට බාරයි...මේ විදියට තම අසහනය පිට කරගන්න අය ගොඩක් මේ තීරුවේ ඉන්නවා..ඔවුනට ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවද කල හැක්කේ..මේ තමයි මම පෙන්නලා දීපු දේශපාලන අසහනය.දුටුවේ නැති කෙනෙක් ඉන්නවනම් බලාගන්න හොඳට...(ස)
මේක තමයි ලෝකයේ ජීවත් වෙන්න හොඳම රට (නදී)
නඩුවක අවසානයේ විත්තියේ මෙවැනි තර්ක කරන එක සාමාන්‍යයි. හැබැයි අපේ කඩේ යන අය විත්තිකරු නිදහස් උනොත් කියන්න දෙයක් දැන්මම හදාගෙන ඉන්නේ "මොවුන් නිදහස් උනොත් නිදහස් වෙන්නේ සුද්දගේ නීතියට පින් සිද්ද වෙන්නම තමයි සුද්දෙක්වම මැරුවත් වගේ දේ". (නදී)
මේ නඩුව අපේ රටේ නීතියේ ආදිපත්‍ය පෙන්වන කැඩපතක් වගේ. මුළු ලෝකෙම මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ. මේක තවත් එක නඩුවක් නෙවෙයි (නදී)
මට පුදුම මේ නඩුව විසදලා මේ තරම් ඉක්මනට තීන්දුවක් දෙන්න යන එකට. වෙන නඩුවක් නම් අඩුගානේ අවුරුදු 10 ක් වත් ඇදගෙන යනවා. කළු කෝට් කාරයන්ගේ මඩිය තර වෙනකන්. කොහොම උනත් අපේ රටේ නිතිය අද කාලයට ගැලපෙන්නේ නැහැ කියල 99% නෙමෙයි 100% ක් දෙනෙක්ම පිළිගන්න එක සත්‍යක්. (නදී)
මට තේරෙන්නේ නැහැ මගේ ඇඟේ ලේ රත් වෙන්නේ මොකද මේ කතාව අහලා. මේක ලංකාවේ සාමාන්‍ය නිතිය නේ. (නදී)
දැන් රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන සැක සංකා මතු වන්නේ මේව අහනකොටයි. (නදී)
නීතිවේදින්ට ඕන තර්කයක් ගේන්න පුළුවන්. ඒක එයාලගේ රක්ෂාව . වඩා වැදගත් වෙන්නේ සාදාරන විනිශ්චයයි. අපරාද කරුවන්ට වගේම ඔවුන් ආරක්ෂා කරන අයටත් දඬුවම් ලැබිය යුතුමය. (නදී)
නීතිඥ මහත්වරු වැරදි කරන අය නිදහස් කරන්න වැඩ කරනවා. (නි)
කොහොමත් මේ අය අන්තිමට නිදොස්කොට නිදහස් වෙයි (නි)
මේවා බලන්නද අපි මේ රටේ ඉපදුනේ. නියම ආශ්චර්යය! (නි)
අද සමාජයේ කවුද බලවත් කෙනෙකුට විරුද්ධව සාක්කි දෙන්නේ. කවුද සාක්කිකරුට ආරක්ෂාව දෙන්නේ පැය විසි හතරම. මේ නිසා තමා බලවත් කට්ටිය නීතියෙන් බේරෙන්නේ සාක්කි නැතුව. තව සමහර අවස්ථාවල විත්තිකරුවෝ සල්ලි විසි කරලා සාක්කි නැති කරනවා. රටට වුන දෙයක්. (ස)
"කුරාම් ෂයික් පෙම්වතිය දුෂණය කර සියදිවි හානි කර ගත්තා" මිනිසුනේ මේ කෙලෙසෙන්නේ රටේ ගෞරවයයිග (ස)
ලංකාවේ දැන් දැන් බහුතරයක් දේශපාලකයෝ බලයට එන්නේ සමාජ දුසිත වැඩ කරලා. බලය ලබා ගත්තම කරන්නෙත් ඒ දේවල්මයි. (නදී)
ලංකාවේ මෙහෙමත් අව නීතියක් , නිතිය හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ පොල් ගෙඩියක් අහුලගත්ත ළමයෙකුට මිසක් දේශපාලන සබාපති වරුන්ට නොවේ. වැරදි කල කෙනාට දඩුවම් නියම විය යුතුයි. (ස)
පුද්ගලයින්ගේ හෝ සංවිධානයක හෝ ආයතනයක හෝ ගෞරවය රැකෙන්නේ ඒවායේ ක්‍රියා කලාපය හෝ ගන්නා තීන්දු තීරණ වල ස්වභාවය අනුවයි. මිනිසුන්ගේ වි්ශ්වාසයන් ඇදහිල්ලක් බවට පත්වන්නේ ඒ ගෞරවනීයත්වය නිසයි. සත්‍යගරුක නොවන කිසිදු බලවේගයකට පැවැත්මක් නැහැ.එකම කණගාටුව මේ විනාශය සිදුවන්නේ සියලුම අහිංසක ප්‍රජාවද නැතිකරගෙන නිසයි. සත්‍ය කෙදිනක හෝ ජයගන්නවා. නමුත් යුක්තිය ප්‍රමාද කරන්න බලවේග ක්‍රියාත්මකවෙමින් පවතිනවා. (නි)
සත්‍යය කවදා හෝ ජයගන්නවා (නි)
එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයා සිය දිවි නසාගෙනද? (නි)
පරිවේශනීය සාක්කි මත ඔප්පු වුණ ගොඩක් අපරාධ නඩු තියෙනවා ලෝකයේ. පරිවේශනීය සාක්කි මත පමණක්ම නඩුවක් ඔප්පු කරන්න බැහැ කියලා ඔප්පුකර ගත්තොත් ඒක බලය තියෙන දේශපාලන පාතාලයින් ලබන ලොකු ජයග්‍රහණයක්. (නි)
මුදල් වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන නීතිඥ මහත්තුරු ගැන චී කියල හිතෙනවා. වැරදි කරුවන්ව බේරුවා වගේ නෙවෙයි ස්වභාව ධර්මයෙන් පාඩම් ලැබෙයි (නදී)
කුරාම් ෂේක් හිටියා නම් කියයි ස්වාමිනි මම මාවම මරාගත්තා කියලා. අපේ රටට තවත් කැලලක්. ජනාධිපති තුමා වැරදිකාරයන්ට දඩුවම් කරන්න. (නදී)
ඇසින් දුටු සාක්ෂි අවශ්‍යයි කියන්නේ ප්‍රථමික නිගමනවලට විතරයි. රෝයල් පාර්ක් නඩුව කියවල උත්තර දෙන්න. හැබැයි අනිවාර්යන්ම නඩුව අහක යන්න ඕන චිත්‍ර පටියේ විදිහට මොකද කතා පිටපත වෙනස් වෙන්න බැහැ. (නදී)
"යකා විදිහටලු විමානේ කිව්වලු" (නදී)
කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ලේ විලක් මද වැතිරිලා ඉන්න ෆොටෝස් අන්තර්ජාලය විසින් මුළු ලෝකෙටම පෙන්වල දීල ඉවරයි. පෙම්වතිය 7-8 දෙනෙකු කෙළෙසූ බව සහ ඇපලෝ හොස්පිටල් එකෙන් දැඩි සත්කාර ඒකකයේ තියන් සති ගණනක් බෙහෙත් කලා කියලත් මුළු ලෝකෙම දනී. එහෙව් නඩුවක් එක මිනිමරුවෙක් වෙනුවෙන් රටම පාවල දෙයිද ? මේ පුද්ගලයා රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? (නදී)
මම අර කලින් කිවව අසහනය කට්ටිය නඩු තීන්දුව එන්නත් කලින් පිට කරන්න අරගෙන. දේශපාලනිකව මේ සිදුවීම වැඩි වශයෙන් අලෙවි කරන්න පුළුවන් මොවුන් නිතිය ඉදිරියේ නිදොස් උනොත් පමණයි. කට්ටියට අවශ්‍ය ඒක වෙනවා දකින්න මිසක් මේ අපරාධ කරුවන් පෝරකයට යනවා දකින්න නෙමෙයි. මේ අපරාධය දේශපාලන දැක්මෙන් තොරව දකින හැමෝම මේ අපරාධකරුවන් පෝරකයට යනකම් බලන් හිටියත් සමහර විට මොවුන් අපේ කළු කෝට් මහත්තුරුන්ගේ කෙස් පැලෙන තර්ක මගින් නිදොස් කර නිදහස් කර ගන්නත් පුළුවන්. නිතිය කියන්නේ හිල් දැලක්. ඕකෙන් රිංගන්න අපේ කළු කෝට් මහත්තුරු දක්ෂයි. නීතියට අනුව සාධාරණ සැකයකින් තොරව මෙය ඔප්පු කර ගන්න බැරි උනොත් මේ අය අපරාධ කරුවන් බව විනිසුරු තුමිය දැන හිටියත් එතුමියට මොවුන් නිදහස් කරන්න වෙනවා. ඒකට මේ සුද්දගේ නීතියට දොස් කියනවා මිසක් රජයට දොස් කියල මොනවා කරන්නද? මේ නඩුවට කිසිම දේශපාලන බලපෑමක් එල්ල උනේ නැහැ. මේ ප්‍රාදේශීය වැද ගැම්මකට නැති දේශපාලුවෙක් වෙනුවෙන් රජයක ගෞරවය හා ජාතික දේශපාලනය බිලිදෙන්න මේ රජයේ වගකිවයුත්තන් කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කවුද කැමති දැන දැන ටොයිලට් වලකට පනින්න. මොවුන් නිදහස් උනොත් නිදහස් වෙන්නේ සුද්දගේ නීතියට පින් සිද්ද වෙන්නම තමයි සුද්දෙක්වම මැරුවත්. කොහොම උනත් අනාවැකි කියන්න බැහැ. මේ නඩුව මම දකින විදියට පැමිණිල්ල ශක්තිමත්. මේ බයිලාව කොහොමත් විත්තියේ කළු කෝට් මහත්තුරු නඩුවක් අවසානයේ කියන සුපුරුදු දෙයක්. මට හිතෙන්නේ මොවුන්ට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මොවුන් පෝරකයට යනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේදී පිහි ඇනුම් කා මියැදුණු ශ්‍රී ලාංකික තරුණයාගේ ඝාතකයාත් පෝරකයට යැවීමට මේ තියෙන උනන්දුවෙන්ම බ්‍රිතාන්‍යය කටයුතු කල බවක් නම් අපි දැක්කේ නැහැ. සුදු හමට වගේම අපේ හමටත් සාධාරණය ඒක සේ ඉෂ්ට විය යුතුයි. (නදී)
ලංකාවේ නීතිවේදීන් මුදල් උදෙසා, තම සේවාදායකයන් වෙනුවෙන් ඕනෑම කතාවක් නිර්මාණය කරන්නට, බොරුවක් ගොතන්නට, සැබෑව බොරුව කර, බොරුව සැබෑ කරන්නට දක්ෂයන්. ඒවා කෙරෙන්නේ ලැබෙන මුදල් ප්‍රමාණයට සහ ඔවුන්ගේ තරාතිරමට. (නි)
මේ රටේ නීතිය ඇති හැකි අයට පමණද ? (නදී)
ගමගේ,ඉස්සර ඉදන් කඩේ ගිය එක්කෙනාම තමයි ඔය........දැන් නම පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ.....එයා දැනගත යුතුයි, මෙතන අදහස් පලකරන අය මෝඩයන් නොවන බවත්......(නදී)
රටට දෙවි පිහිටයි! (නි)
මේ නීතිවේදීන් ගැන පුදුමයි (නි)
අවංකව කිවුවොත් මේ සිද්ධවෙන දේවල් මට නම් අප්‍රසන්නයි (නි)
ලංකා තිලක්.අවසන් තීන්දුව මොකක්ද කියල අපිනම් දැන්මම දන්නවා.(දී)
පැමිණිල්ලේ සාක්කි නෙවෙයි. මේ අපරාධයට හෝයියා කියපු උදවියට මැරෙන මොහොතේ තමන්ගේ හර්දය සාක්ෂියෙන් නම් ගැලවීමක් නැහැ. (අ)
ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි (අ)
නීතිය සාධාරණ නොවුණ විට තමයි මිනිසුන් නීතිය අතට ගන්නේ (නි)
හෝටලයේ සිටිය කුඩා ළමයෙක්ගේ සෙල්ලන් තුවක්කුව පත්තුවීමෙන් කුරාම්ගේ ගාතනය සිදුවී ඇත. ඔහුගේ පෙම්වතිය කුඩා ළමුන් කිචි කැවීමෙන් සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් හැර වෙන යම් කිසි අයෙක් සෙල්ලන් පිස්තෝල පාවිච්චි කරන්නේද? (දී)
ලංකා තිලකත් මොකද එක පැත්තකට කඩේ යන්නේ? (නි)
පැමිණිල්ල දුර්වල වුණත් ඇසින් දුටු සාක්ෂි නැතත්, ඊටවඩා ප්‍රභල කරුණු ඔප්පුවෙලා තිබෙනවා නේද? (නි)
නීතිය බල්ලට ගිහිල්ල කියල මම කියන කොට ළඟ හිටිය බල්ලා මාව හපන් කෑවා. කැවට පස්සේ උ කිව්වා නීතිය බල්ලට ගිල්ල නෑ ඕයි බල්ලොත් නඩුවලට් ඕන තරම් සාක්කි හොයල දීල ඒවා ඔප්පු කරලා තියෙනවා තමුසේ එක එක මඩ කතා නොකිය ගිහිල්ල අර කොසොල් රජතුමා දැකපු හීන ටික මතක් කරගන්නවා කියල. (නදී)
ඩී.එන්.ඒ. ගැළපිලාත් තියෙද්දී මොනවාද මේ කියන්නේ? දේශපාලන බලවතෙකුට එරෙහිව කවුද සාක්කි දෙන්නේ? ලක්ෂ ගණන් වියදම් කරලා ඩී.එන්.ඒ සාක්කි ගන්නේ මේ නිසා නේද? (නි)
අහෝ ලංකාව නඩු වලට යන කල ? මේකත් සුබ අනාගතයක්? (ස)
අවුරුදු 24 න් සභාපතිකම ලබන්න තරම් මෙයා වැඩකාරයෙක් වුනේ කඩේ ගිය නිසා වෙන්න ඇති. (ස)
ඇත්තටම මානව හිමිකම් කොමිසන් වලින් ඇගිලි ගහනවා තමයි මෙවැනි අපරාද කාර මිනිසුන් රටවල් පාලනය කරන විට. අපේ රටටත් අර ලිබියාවට උන දේ ලගදීම සිදුවෙනවා නියතයි..? ඒ ටික වෙනකම් ඔහොම ගියාවේ ..? (නදී)
මේ නඩුවෙන් විත්තිය දිනුවොත් අපි ජීවත්වෙන එකෙනුත් වැඩක් නැතිබවයි මට හිතෙන්නේ (නි)
ලංකා තිලක් ඔබ ඔබේ දේශපාලන අසහනය කැමති විදියකට මෙතන පිට කරගන්න. ඒවගේම අනෙත් යටත් අවශ්‍ය නම් ඔවුන්ගේ අසහනය පිට කරගනීවි. ඔබ ඒ ගැන කලබල වෙන්න එපා. (ස)
ප්‍රශින්,ලංකා තිලක් ගෙයි,බන්දුල පෙරේරාගෙයි ලියන විලාසේ එක විදියමයි. අදහසුත් හරිම සමානයි. දෙන්නා නිඹුල්ලු වත්ද කියලා මට එක වෙලාවකට හිතෙනවා......අපි නම් අහු වෙයි ඕවට.....(ස)
සභාපතිගේ මුණ දැක්කම කියන්න පුළුවන් එයාගේ තරම. වැරදි කර ඇත්නම් දඬුවම් ලබෙන්නම ඕනේ. මෙයාල වෙනුවෙනුත් කතා කරන අය ඉන්නවනේ වැරැද්ද දැක දැකත්. (නදී)
ආසියාවේ ආස්චර්ය (නදී)
රටේ නම කැත කළවුන්ට රජ කාලේ දඬුවම් ලබාදිය යුතුය. (නදී)
ලංකා-තිලක් මහත්තයෝ මේ නඩුවට කිසිම දේශපාලනික බලපෑමක් එල්ල උනේ නැහැ කියා ඔබ කියනවා. එය හරිද වැරදිද ? (නදී)
දුක හිතෙනවා මේවා දැක්කම. මොනවා වුණත් අපේ රට (රටේ මිනිස්සු) නේද මේ පිරිහිලා තියෙන්නේ කියලා හිතුණා. (නි)
ලෝකයක් බලා ඉන්න නඩුවක ගමන් මග මේක නම් ගමේ සිරියාවතිගේ කෙල්ලව සමුහ දුෂනේකට ලක් උනාම වෙන්නේ සරලම දෙයක්. (නදී)
විපතට හා අගාතියට පත්වන අප්‍රමාන අහිංසකයන් දරු දැරියන් ඉන්නවා.එයාලා ගැන මේ ගොල්ලන්ගේ කරුණාවක් තියෙයිද? (අ)
මම නම් අපේ රටේ දාමරික දෙසපලුවන්ට සාප කරනවා.(අ)
සාධාරණ විනිශ්චයක් නොලැබුනොත් වෙන්නේ අපේ රටේ කිර්ති නමයි සංචාරක ව්‍යාපාරයි විනාස වෙන එක පමණි (අ)
අපේ රටට මොකද මේ වෙන්නේ? මම හිතනවා පැමිණිල්ල ජාත්‍යන්තර අදිකරණයක පිහිට පතුවොත් හොදයි කියලා. එක්කෙනෙක් කරපු වරදකින් සකල ලාංකිකයන් අමාරුවේ නොදැමිය යුතුයි. මුළු ලෝකෙම මේ දිහා බලාගෙන ඉන්නවා. මේකට උල්පන්දම් දෙන නීතිවේදීන්ටත් අබ සරණ වේවා ! (නදී)
කතිරය ගහපු අපේ මොළය දුර්වල බවයි දැන් නම් හොඳට තේරිලා තියෙන්නේ. (නි)
මව්වරු , බිරින්දෑවරු දියණිවරු තමන්ටත් සිටිනවා නේද? (නි)
තමනුත් මව් කුසකින් බිහි වුණ බව කවුරු කවුරුත් අමතක නොකළ යුතුයි (නි)
මට ලංකාවට එන්න බයක් දැනෙනවා. (නි)
නීතියෙන් මිනිසුන්ට සාධාරනයක් වෙන්නේ නැති නිසා මිනිසුන් නීතිය අතට ගන්නවා. අන්තිමට මුළු ලෝකයම අපේ රට ගැන වැරදි විදිහට හිතනවා.මට තිබෙන ලොකුම ප්‍රශ්නය නම් ඇයි මෙයාලා වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටින්නේ කියලා. (නි)
තීන්දුව කවදා ලැබෙයිද? (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
සල්ලි වලට තිබෙන ආශාවට රටක අනාගතය, කීර්තිය විනාශ කරන්න එපා (නි)
මට හිතාගන්න බැරි එක්කෙනෙක් වෙනුවෙන් රටත් ,රටේ ජනතාවත් ලෝකය ඉදිරියේ පාවාදෙන්නේ මොන හේතුවක් නිසාද කියලයි. (නි)
මේ නඩුවේ විත්තිය දිනුවොත් මම ආයේ ජීවිතේටම නීතියේ පිහිට පතන්නේ නැහැ. (නි)
"සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවන් නැති බවත්".... මේ රටේ කවුද සාක්ෂි දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න කැමති? (නි)
මේවා ඇත්තටම අපරාධ. මොන රටක ජාතිකයෙකුට කළත් අපරාධයක් නම් අපරාධයක්මයි. වැරදිකරුවන් දේශපාලන බලපෑම් මත බේරෙන්න හදනවා නම් ඒකෙන්ම පේනවා අපේ රටේ නීතිය කොතරම් සාධාරණද අසාධාරණද කියලා. (නි)
කිසිම වාසියක් නැතුව සාධාරණය වෙනුවෙන් පමණක්, අපරාධකරුවන්ට විරුද්ධව ලංකාවේ මිනිස්සු සාක්කි දීලා ජීවිතය පරදුවට තබයිද? (නි)
මම පුදුම වෙන්නේ මේ අපරාධය පැමිණිලිකරුවන් විසින්ම කරගත්තා කියලා සාක්කියක් කවුරුවත් නොදුන් එකටයි (නි)
වැරදිකරුවන්ට අනුග්‍රහය දක්වන්නන්ට කවදාහරි කළකම් පලදෙනවාමයි. (නි)
අපි දන්නවා මේ නඩුව දික්ගැස්සෙනකොට මොකක්ද වෙන්න යන්නේ කියලා. (නි)
සභාපතිතුමා ඉක්මනටම පුටුවෙ ඉඩගනී වගේ (නි)
මම හිතුවා ඔය ටික වෙයි කියලා (නි)
මට නම් මේවා දැකලා දැන් පිස්සු වගෙයි (නි)
ලෝක අපවාදයට මුහුණ දීමේ හෝ, සාධාරණය ලෝකයට පෙන්වීමේ වගකීම භාරගත යුත්තේ අධිකරණයයි. (නි)
ඔක්කොම බැටළු හම පොරවගත්තු වෘකයෝ වගේ. (නදී)
ඇසින් දුටු සාක්කි නැතුව ඔප්පු වූ නඩු කොපමණ තිබේද? අහෝ! මුදල් බලෙන් කොපමණ දේ වුණත් කළකම් පලදේ. (නි)
ආසියාවේ ආශ්චර්යය තමයි (නි)
මේවා තමයි ආශ්චර්යවත් රටක අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් (නි)
මේ සිද්ධවෙන්නේ මොනවාද? (නි)
මේක තමයි ආසියාවේ ආශ්චර්යය (නි)
මට එ හිතෙනවා මේකේ විත්තිය දිනයි කියලා. මේක කණපිට පෙරළෙන්න වගෙයි යන්නේ. අධිකරණයේ තරාදිය දෙස රටේ මෙන්ම ලෝකයේ ඇස යොමුවෙලා තිබෙන බව දැනගත්තොත් හොඳයි (නි)
දැනට සියලුම අදහස් වලින් පෙනෙනවා රටේ වෙන්නේ මොකකග්ද කියලා හරියට දකින බුද්ධිමත් අය ඉන්නවා කියලා. දරුවන්ගේ අනාගතය උදෙසා නැවතත් මේ රටින් පිටවෙන එක අවශ්‍යයි වගෙයි (නි)
පුදුම වැඩනේ වෙන්නේ.... (නි)
අපරාදෙ අධිකරණයෙ වටිනා කාලය (නි).
ඕනෑම වැරැද්දක් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරුන් ඉන්නවා.ඒ අය නිවැරදියි කියන්න.අපේ රටේ තියෙන්න ඕනෑ ශරියා නීතිය කියලා හිතෙනවා. (නි)
එතකොට ඩී.එන්.ඒ. කාගේද දන්නේ නැහැ (නි)
මිනිසුන් විසින් උගසට තබන තමන්ගේ උපනූපන් දරුවන් ලොකු මහත්වෙලා දැනුම් තේරුම් ඇති අය වුණොත්, ඔවුන් මේ සමාජ ක්‍රමයට ශාප කරාවි... (නි)
මට දුක වෙන කිසිවක් නිසා නොවේ. සිදුවීම නිසා අගතියට පත් වූ අයට පිහිට වී සාධාරණයක් ඉටු කිරීම නීතිවේදීන්ගේ යුතුකම වියයුතුව තිබියදී ඔවුන්ම දඬුවම් ලැබිය යුතුවූ අයට සරණවීමට නිතියේම වගන්ති ගැනීමයි. මෙය මුදල් පමණක් බලාගෙන කරන කරුණක් හැර කුමන සාධාරනයක් මොවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිද? මෙවන් නීතිවේදීන් සිටින විට අසරණවූ අයට දෙවි පිහිටයි කියනු හැර තව මොනවද? (නි)
හිමි නමකුත් තමන්වම තුවාල කරගත් රටේ මේක වෙන්න බැරිද? (නි)
මම අර කලින් කිවුව අසහනකාරී කට්ටිය නඩු තීන්දුව එන්නත් කලින් පිටකරලා. (නි)
කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්... (නි)
නීතියට මොකද වුණේ? මුළු ලෝකයම මේ දෙස බලාගෙන ඉන්නවා. (නි)
මේ නඩුව ජාත්‍යන්තර අධිකරණයක ගොනුකරන වග දැනටමත් බ්‍රිතාන්‍ය රජයෙන් ප්‍රකාශ කර ඇති වග දැනගන්නට ලැබුණා. අපේ රටේ වගකිවයුත්තන්ට ඇස් ඇරෙනකොට සියල්ල හමාර වී තිබේවි.අපිට දුක අපේ දරු මුණුපුරන් ඔය රටේ ජීවත් වුණොත් අත්විඳින්න වෙන ඉරණම ගැනයි (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුමයි (නි)
මේකට මොනවා වෙයිද? (නි)
බලනකොට අපේ සභාපතිතුමා කොච්චර වටිනවද? (නි)
සති 2 කින් තීන්දුව දෙන කතාවක් තිබුනා නේද පහුගිය දවස්වල? පැමිණිල්ල අපොහොසත් වෙලා තියෙන්නේ මේ ඊයේ පෙරෙයිදා වගෙයි නේද? (නි)