තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී විසි වසරක් සිර ගෙට නියම තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව් දෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ.
ඕ ඒ ලහිරු කැලුම් , යු සමන් දේශප්‍රිය සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග ඔවුහුය.
තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී 2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ විභාග වූ නඩුවෙන් ඔවුහු වැරදිකරුවෝ වූහ.
දඬුවම් ඉවත් කර තමන් නිදහස් කරන්නැයි ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපැල් ගන්න ඕනි නෑ මහත්තයෝ, ඔබ තුමා සමාව ලැබිල නිකම්ම නිදහස් වෙයි. මේක සිරි ලංකාවනේ (නදී)
ඉන්දුනීසියාව වගේ රටවල් වල පහල උසාවියකින් දීපු තීන්දුවකට,අපරාධකාරයෝ ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කරනවා බොහොම අඩුයි. මොකද හේතුව බොහෝ විට ඉහල උසාවියේදී දඩුවම ඩබල් වෙනවා. එරටට කුඩු ගෙනල්ලා අහුවුන නම දෙනකුට පහල උසාවියෙන් ජීවිතාන්තය දක්වා දඩුවම් නියම වුනා. එක්කෙනෙක් ඇර අනිත් අය ඇපිල් කරා. ඉහල උසාවියෙන් ඇපිල් කරපු අයට මරණ දඩුවම නියම වුනා. ලංකාවටත් එම ක්‍රමයම ගෙන ආ යුතු බව මගේ අදහසයි.(නදී)
තව ඇපලුත් ඉල්ලනවා දෙන්න ඕන ඇපැල් නෙමෙයි අත්තන ඇට (නදී)
මොවුන් කවදාවත් එළියට එන්න හොද නැහැ. දස වද දිදී හිරේම තියන්න ඹ්නි. (නදී)
විනිසුරුතුමිය දුන් දඩුවම ස්ථිර වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි (නදී)
මොවුන්ව ආයුධ පෙන්වන්න තවම එක්කගෙන ගියේ නැද්ද? (නි)
කොහොම කළත් වැරැද්දක් නම දඩුවම් විඳිය යුතුයි (නි)
ඇයි මේ මිනීමරුවන්ට මේ තරමට සැලකිලි කියන එක ප්‍රශ්නයක් ! (දී)
මිනි මැරුවම මරණ දඬුවම .මේකට විතරක් වසර 20 ඇයි.(දී)
එංගලන්තයේ ජනතාව හා ලංකාවේ ජනතාවගේ බලාපොරොත්තුව, මෙතුමාට ජනාධිපති සමාවක් ලැබී නැවත සභාපති පුටුවේ වාඩි වීමයි. එතෙක් අපි බලා සිටිමු. ඒ අතර මේ අහිංසක සභාපති තුමාට විරුද්ධව සිටි සියලුම ජනමාද්‍ය වේදීන් හට මරණීය දණ්ඩනය පනවන මෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි (නදී)
ලංකාවේ කොල්ලෙක් පීසා ගෙනියනකොට මරපු මිනීමරුවන්ට ඉක්මනින්ම මරණ දඩුවම දුන්නා එංගලන්ත අධිකරණය. මේ වගේ අමානුෂික මිනි මැරුම් කරපු අයට ට මොන ඇපෙල් ද දෙන්න ඕනි මරණ දඩුවම තමයි (නදී)
සත්ගුණවත් දහම්පාසල් ගුරුවරුන් , හතර පෝයට සිල් ගන්න කුහුඹුවෙකුටත් වරදක් නොකරන රට ජාතිය වෙනුවෙන් විතරක් ස්ත්‍රී දුෂණය කරන මිනි මරණ අහිංසක පලා බබෙක් සහ කටු කන්නෝ ටිකක් නිසා රටේ ජනතාව බලා පොරෝත්තුවෙන්නේ අභියාචනාධිකරණය මිලේනියම් සිටි නඩුව වගේ මේ පාහරයන්ට මරණ දඩුවම නඩුව අදින්නේ නැතුව ඉක්මනින්ම ලබාදෙයි කියලයි.(නදී)
අපි ඕව කිව්වා. තව ටික දවසකින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට. තරුණයන්ගේ ඔළුවට පරාල ඇන ගහපු අය අදත් ඔය ඉන්නේ (නදී)
මෙයාට නඩුකරතුමිය කියපුව මතක නැත්තෙ මෙයා හරිම අහිංසකයෙක් වෙන්න ඇති. පවු අනේ මෙයාට දෙයියොම බලන්න ඕනේ. අපරාදේ මෙයාට වෙච්ච අවනබ්බුව (අ)
රෝයල් පාර්ක් සිද්ධියට වඩා මෙය වෙනස් . (අ)
සමහර රටවල පහල උසාවියෙන් දුන් දඩුවමකට, වැරදිකරුවන් ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට හේතුව,බොහෝ විට ඉහල උසාවියේ තීන්දුව,පහල උසාවියේ තීන්දුව මෙන්, දෙගුණයක් වෙන නිසා. ඒකට හොද උදාහරණයට ගත හැකි රටක් තමයි ඉන්දුනීසියාව. (නදී)
අැපෑල නිරීක්ෂණය කරලා දැන්වත් බැරිද මේ ගොල්ලන්ට මරණ දඩුවම නියම කරන්න. සැබෑ ශ්‍රී ලංකිකයන්ගේ පැතුම එයයි. (නදී)
කරුණාකර මොහුට රෝයල් පාර්ක් නඩුවේදී කලා වගේ මරණ දඬුවම නියම කරන්න. රෝයල් පාර්ක් නඩුවේදී ඉවෝන් ජෝන්සෝන් මරා දැම්මේ ප්‍රේම සම්බන්ධයක් පලහිලවුවක් මත ඇතිවූ හදිසි කෝපය මතය. මොවුන් කුරාම් ෂේක් මරා දැම්මේ ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීමටය. මොවුන් රටේම නම කෑවා කරුණාකර මොහුට අඩුම තරමෙන් ජීවිතාන්තය දක්වා දඩුවම් නියම කරන්න. (නදී)
හැංගීමට කුණු කානු හරි තිබුනා ....මොවුන්ට එහෙම දෙයක් හරි හොයාගන්න බැරි වෙනවා. (අ)
මේ තිරිසනුන් තවත් මොනවද බලාපොර්තුවෙන්නේ, ෙ බෙල්ල ඇතුළු සියලුමකොටස් ප්‍රසිද්දියේ කැපිය යුතුයි රටේම නම දැලි ගෑවා. (අ)
රෝයල් පාක් මිනී මරුවාට වුණ වගේ, මේ රැලටත් මරණ දඬුවම් හිමි වේවායි, එක සිතින් ප්‍රාර්ථනා කරමි.(අ)
මේකට පිළිතුරු ලෙස මෙයාලට දෙන්න ඕනේ මරණ දඩුවම,අර මීට කලින් එක්කෙනෙකුට දුන්න වගේ (අ)
අපි බලමු ලෝකයේ දෙවියන් ඉන්න්නවාද කියා. (අ)
මෙපමණ ලොකු අපරාධ 2ක් කරලත් අැපෑලකට අවසර දෙන්නේ කෙසේද ?මේකනම් එයාලටම ගිය රටක් අපේ රටේ කොතනත් අසාධාරනයට තැන වැඩි වෙලා. (අ)
මම හිතුවා (අ)