කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී සිරගෙට නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සබාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයේ යතුරු මාස තුනක් තිස්සේ භාරදී නැතැයි වැඩබලන සභාපති ලාලිත ආර්.වනිගසේකර මහතා කියයි.
මේ නිසා රාජකාරී කටයුතු මෙන් ම විදුලි සැපයුම ද අඩාල වී ඇතැයි දැනගන්නට ඇත. පළාත් පාලන කොමාසාරිස්ට දන්වා කාමරය විවෘතකැර ගැනීමට පිවයර ගන්නා බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා කාර්යාලයේ අනෙකුත් ස්ථානවල යතුරු ප්‍රශ්න නැතුව ඇති නේද ? මම ඇහුවේ මේ හදිසියට වැසිකිළි කැසිකිළි පහසුකම් වලට එහෙම බාධාවක් නැතුව ඇතිනේ. (නි)
ඔය යතුරෙන් හිර කුටියේ දොර අරින්න උත්සාහයක් දාන්න ඇති. (නි)
මොකක්ද මේ පුද්ගලයාගෙන් රටට වෙලා තිබෙන සේවය? (නි)
සමාවක් ළඟදීම ලැබෙයි කියලා හිතෙනවා (නි)
සමහරු නම් රටේ ජාතික වීරයෝ කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි. (නි)
සමහර අය හිතන්නේ රාජ්‍ය දේපොළ තමන්ගේ බුදලය කියලනේ. තවත් සමහරු අන් අයට අනිසි බල පවරලා තමන් පොඩි බබ්බු වගේ නිකන් කාලය කමින් බලාසිටිනවා. ඒ නිසයි රටට ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ. ජනතාවට දෙවියන්ගේම පිහිටයි (නි)
මෙයාව රටේ තියාගන්නවත් හොඳ නැහැ වගෙයි (නි)
පොඩ්ඩක් ඉන්නකෝ තව ටික කාලයක්. ඊටපස්සේ මම ඇවිල්ලා දොර ඇරලා දෙන්නම්. (නි)
කොහොම විශ්වාසයක් තියෙන්න ඇද්ද නැවත එනවා කියලා? (නි)
කට්ටිය බලාගෙන ඉදලා තියෙන්නේ නිදහස් වෙලා එනකල්. එ්කයි යතුර ආපසු ලබාගන්න උත්සහ නොකර ඉදලා තියෙන්නේ. (නදී)
හැමෝටම වැරදිලා. මෙයා කොහොමත් රෑට ගෙදර තමයි නිදා ගන්නේ. ඕක තාම දන්නේ නැත. (නදී)
සමහර විට ඉහළින් උපදෙස් දෙන්න ඇති යතුර දෙන්න එපා කියා (නදී)
මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ නඩු විභාග වෙද්දීත් නිකමටවත් සභාපතිගේ කාමරය විවෘතකර බැලීමේ අවශ්‍යතාවයක් මතු වුනේ නැද්ද? (නදී)
පිස්සුද ලලිත් එහෙම විවෘත කරන්න ඕන වෙන්නේ මැරුණ කෙනාගේ එංගලන්තේ ගෙදර කාමරේ මිසක් මෙහෙ කාමර නෙවෙයිනේ. (නදී)
ඇත්ත නේන්නම් ලලිත්. වික්ටෝරියාට හෝ කුරාම්ට අයිති දේපල මේ කාමරයේ සැඟවීමට තරම් අපේ අය මෝඩ නැනේ..නේද? (නදී)
ඇත්ත තිත්තයි. හිරෙන් නිදහස්වෙලා ලගදීම ඔය යතුරු පාවිච්චි කරන්න පුළුවන් කියල මොහු දන්නවා. එ්කයි ඇත්ත (නදී)
බයවෙන්න එපා. ළඟදීම එලියට එනවා. යතුර ඔහොම තිබුනාවේ!! (නි)
නිල කාමරයේ යතුර, හිරගෙදර කාමරයේ යතුර ,රැගෙන ගිය සභාපතිවරයා ගෙදර යතුරත් ඉනේ ගහගෙන ඇති හවඩියේ යතුරු කැරැල්ලේ. අපේ මාමා වාගේ (නදී)
බලය සහ නීතිය ඔවුන්ගේ අතේ (නදී)
ආයිත් ඉක්මනින් පොදු සමාවෙන් නිදහස් වෙලා ඇවිත් පුටුවේ ඉදගන්න බලාගෙන කාමරේ වහල යතුර හිරගෙදර තියාගෙන ඇති. (නදී)
මේ වගේ අපරාදකාරයන්ට අවුරුදු 20ක් නෙමේ ජිවිත කාලයම හිරේ දැම්මත් මදි. ඒ අපරාදය වගේම මේ අපරාදය වගේම රටේ කිර්ති නාමය කෙලසපු එක මොනතරම් වරදක්ද. මෙහෙම මිනිසුන් වෙනුවෙන් කඩේ යන මෙහෙම මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුත් ඉන්නවනේ. (නදී)
ඉක්මනින් එන්න ගිය නිසා යතුර දුන්නේ නැත්තේ අනික මම ඉක්මනින් එන්න හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් හිටපල්ලා. (නදී)
ඉස්සරහට වෙන්නේ මොකද කියා එයා හොදට දන්නා නිසා වෙන්න ඇති. (නදී)
ආපහු එයා එනවනේ. ඒකයි.(නදී)
කොහොම හරි එළියට එනවා කියා විශ්වාසයක් ඇති (නදී)
ලංකාවේ ප්‍රවෘත්ති තියන වෙබ් අඩවි වල මෙයා නිදහස් වෙන බව සහ නිදහස් උනාම උත්සවාකාරයෙන් ගමට රැගෙන යාමට කටයුතු ලැහැස්ති කර ඇති බවත් තීන්දුව දීමට පෙර සඳහන් කර තිබුනා. කෙසේ නමුත් නීතිය යන්තමින් හෝ ක්‍රියාත්මක වීම මත ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා වලට යම් පිළිතුරක් මේකෙන් ලැබුනා. (නදී)
යන යකා කොරහත් බිදගෙනම යන්න ඕනේ කියලා හිතන්න ඇති. (නදී)
මේවා ඇහෙනකොට හිනා යනවා. මාස තුනක් තිස්සේ අගුල දාපු රාජකාරි කාමරයක් ඇරගන්න බැරි රටක් ද මේක? හිතුමතේ කරන්න බැරි බව අපි දන්නවා. නමුත් මෙපමන කල් අදාළ රාජකාරි කටයුතු කරගන්නත් බැරිව හිටියේ අදාළ පුද්ගලයා නිදහස් වෙලා එනකන් වෙන්නැති. (නදී)
සමහරවිට ඔහු සිතනවා විය හැකියි අවුරුදු 20 ගෙවුනාට පසු නැවත නිලයේ වැඩ බාර ගැනිමට. එනිසා ඔහු නිල කාමරයේ යතුර ඔහු ළඟ තබාගන්නට ඇති. නිදහස් වූ විගස නිලයට එන්නට තවත් සුදුසු කම් සහිතව (නදී)
සමහරවිට ජනාදිපති සමාවක් ළඟදීම ලැබෙයි (නදී)
බලයෙන් මාත් වෙලා හිටපු නිසා යතුර දෙන්න අමතක් වෙන්න ඇති. එහෙම නැත්නම් දඩුවම් නැතුව නීදහස් වෙන්න හිතන්න ඇති (නදී)
නිල කාමරයට අරගන්න අමතර යතුරක් වත් නැත්තේ මේක මැණික් ඔබ්බවා රනින් කරපු යතුරක් වෙන්න ඇති. (නදී)
හදිස්සි වෙන්න එපා. හෙට අනිද්දාම විශේෂ සමාවෙන් එලියට ආවහම කාමරේ පාවිච්චි කරන්නයි යතුර ළඟ තියා ගන්න ඇත්තේ. (නදී)
විදුලි සැපයුම අඩාල වෙන්නෙ අහවල් කෙංගෙඩියකටද.? ප්‍රා දේශීය සභාවෙද සුව්ච් එක තියෙන්නෙ.? (නදී)