IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු

තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිණ බන්ධනාගාරයට රැගෙන යද්දී තම හිස් වැස්මෙන් ඔහු ආවරණය කළ බන්ධනාගාර නියාමක වැලිකඩ සිට පල්ලන්සේන  හිර ගෙට මාරු කැර ඇත.

ජනමාධ්‍ය කැමරාවලින් ඔහු වසන් කිරීමට  නිල ඇඳුමේ කොටසක් භාවිත කිරීම නීතී විරෝධී බවත් ඔහුගේ ක්‍රියාවෙන් බන්ධනාගාරයට දැඩි විවේචනයක් එල්ල වු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී එම් නීල් උපුල්දෙනිය මහතා කියයි.

ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා ඇත.

 

 



අදහස් (0)

තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු

කුමාරසිරි Friday, 25 July 2014 01:14 PM

මාරු කරලා හරි යන්නේ නැහැ එයාවත් මාසයකට ඇතුලට යවන්න උවමනායි. (නදී)

:       0       0

මෛත්‍රී Friday, 25 July 2014 01:35 PM

ලොකු අය හරි විදියට අකුරට, අවංකව රාජකාරිය කරලා පොඩි අයට ආදර්ශයක් දෙනවා නම් පොඩි අය ඔහොම කරන්න බයවෙනවා. ඒගොල්ලෝ නිතරම දකිනවා ලොකු අය කරන දේවල්. ඒ නිසා මේ අයත් බය නැතුව තමුන්ගේ වාසිය වෙනුවෙන් අකටයුතු කරනවා. මේ දඬුවම් හරියට ලොකු කකුළුවා පොඩි එකාට කෙලින් යන්න ඉගැන්නුවා වගේ. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 25 July 2014 01:35 PM

අන් හැමටම වටිනා අදර්ශයක්ම වේවා! (නදී)

:       0       0

පීටර් Friday, 25 July 2014 02:11 PM

මාරු කලාම එතන ගිහින් කරන්නෙත් සල්ලි වලට නීතිය පාවා දෙන එකනේ. වැඩ තහනම් කරන්නයි තියෙන්නේ (නදී)

:       0       0

චන්ද්‍රරත්න ජී Friday, 25 July 2014 02:36 PM

මොකද මාරුවක් දුන්නේ ? ප්‍රස්නේ මතක නැති කරන්නද? වැඩ තහනම් කරලා නැත්තේ මොකද ? (නදී)

:       0       0

නිරෝෂන් Friday, 25 July 2014 06:59 AM

උසස්වීමක් එහෙම දීලා නැහැනේ? (නි)

:       0       0

පතිරණ Friday, 25 July 2014 03:29 PM

ඔය වැඩේට කීයක් ගත්තද කියල දැනගන්න බැරි වෙයිද​?(නදී)

:       0       0

පෙරේරා Friday, 25 July 2014 07:05 AM

රාජකාරියෙහි වටිනාකම උපහාසයට ලක්කළ කෙනෙක් (නි)

:       0       0

වාසනා Friday, 25 July 2014 07:06 AM

එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරකරුවාව කැමරා වලින් වසන් කරන්න උත්සාහ කළා නේද? (නි)

:       0       0

මහින්ද Friday, 25 July 2014 07:08 AM

මාරුකළ එක ලොකු දෙයක් (නි)

:       0       0

සෑම් Friday, 25 July 2014 07:08 AM

මේක මේ තනි පුද්ගලයෙක් කළ හුදකලා ක්‍රියාවක් නොවේ. දේශපාලකයින් තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේදී කිසිම විරෝධතාවයක් නීතිය පැත්තෙන් එල්ල නොවීමේ පල විපාක. කෙටියෙන් කියනවා නම් අවනීතිය රජවීමේ ප්‍රතිඵලයක්. (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 25 July 2014 07:13 AM

මෙය අනෙකුත් නිලධාරින් ආදර්ශයට ගත්තොත් ඔබට යහපතක්ම සිදුවේවි.නීතිය හෑල්ලුවට ලක්කරමින් දුෂ්ටයින් මිනීමරුවන්ට ඔබ කිසිසේත් ආවරණයක් නොවන්න. (නි)

:       0       0

අභය Friday, 25 July 2014 07:19 AM

මමත් දැක්කා ඔය වැඩේ කොහොමවත් එ්ක එ් නිලධාරියට සුදුසු දෙයක් නෙවෙයි. කව්රු හිරගෙදරට ගියත් එ් නිලධාරියට තියෙන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරන්නයි. මම හිතුව බන්දනාගාර කොමසාරිස් තුමා මේකට දඩුවමක් දෙයි කියල මොකද එතුමා ගමෙන් අපු රාජකාරිය හරියට කරන නිලධාරියෙක් (නදී)

:       0       0

සෝමසිරි Friday, 25 July 2014 07:19 AM

සෙල්ලම් බඩු, සෙල්ලම් කාරය, සෙල්ලම් බන්ධනාගාරය. (නදී)

:       0       0

චමිල Friday, 25 July 2014 03:48 PM

වැඩ තහනම් කරන්න ඕනා. හිතන්න ඇති මුණ වහල කරේ අත දාගන ගිහිල්ල හොදට ජරාව කන්න පුළුවන් කියල.(නදී)

:       0       0

රිචි බාලසුරිය Friday, 25 July 2014 07:28 AM

බලයට මුදලට යටව මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට කඩේ යන බොහෝ නිලදාරින්ට සහ අනෙකුත් අයටත් මෙය හොඳ පාඩමක් (නදී)

:       0       0

සමීර Friday, 25 July 2014 07:31 AM

එතකොට අර කුඩු කන්ටේනර් පිටින් ගෙන්වපු අයව ආරක්ෂා කරන මන්ත්‍රීලට මොන වගේ දඬුවම් දෙයිද ? ඉලන්දාරිකම් විසේ තියන කම්, ඔක්කොම සෙල්ලම් බලය තියනකම්, මේ හැම කෙලිකම් ජිවත් වෙනකම් (නදී)

:       0       0

චින්තක Friday, 25 July 2014 07:37 AM

බන්දනාගාරේ ඉස්සරහ හිගා කෑවා නම් ඊට වැඩිය හොදයි (නදී)

:       0       0

සුනිල් Friday, 25 July 2014 07:40 AM

එක වල්ලේ පොල්. එකම ජාතියේ පොරක් (නදී)

:       0       0

කරුණාජීව Saturday, 26 July 2014 10:50 AM

සදුන්, දැන් ඒ ගොයියා දැන් නම් රාශියකින් පෙනී සිටිනවා. කොහොම පෙනී සිටියත් ලිවීමේ, වාචාල විලාසය,අනුන්ට අපහාස කිරීම වෙනස් වෙලා නැහැ.(නදී)

:       0       0

සමන් Friday, 25 July 2014 07:42 AM

සමහර රාජ්‍ය නිලධාරීන් තමන්ට ආයතන සංග්‍රහයෙන් දී ඇති උපදෙස් හරිහැටි නොදැන දේශපාලකයන්ට කඩේ යාමට පෙළඹීමෙන් මෙවැනි දේ සිදුවීවේ.(නදී)

:       0       0

කණිෂ්කා Friday, 25 July 2014 07:42 AM

ගෙවල් ඒ පැත්තේද දන්නේ නෑ. (නදී)

:       0       0

ජෝන් සෞදි Friday, 25 July 2014 08:03 AM

ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. ලොක්කන්ට කඩේ යන අනිත් නිලදාරින්ට මේක හොද පාඩමක්. (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 25 July 2014 08:06 AM

බන්දනගාරය ඇතුලෙදි කුණු සන්තෝසම් හොඳට ලැබිල ඇති. (නදී)

:       0       0

සචී Friday, 25 July 2014 08:13 AM

මෙතන පළවූ ප්‍රතිචාර දැකලා බන්ධනාගාර උසස් නිලධාරීන්ට ලැජ්ජාවේ පණ යන්න ඇති. නමුත් මට තිබෙන ප්‍රශ්නය මේ විදියට නිල ඇඳුම වැරදියට පරිහරණය කරන එක සුදුසු නැහැ කියන එක මීට කලින් පුහුනුවකදී වත් මේ නිලධාරීන්ව දැනුවත් කෙරෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

හේමා Friday, 25 July 2014 08:16 AM

මෙතන පාඨක තීරුවේ ලියවුන ප්‍රතිචාර ටික ගෙදර හාමිනේ අනිවාර්යයෙන්ම බලන්න ඇති. මාරුවක් ඉල්ලා ගෙන හරි ඔතනින් මාරු වෙන්න කියලා කිව්වද දන්නේ නැහැ. (නදී)

:       0       0

කාන්ති Friday, 25 July 2014 08:19 AM

මුළු බන්ධනාගාරයම හොඳට දෙහි කපන්න ඇති. මේ තොප්පියක් නිසා අපිව අසවල් මාක් එකටම වැටුනා කියලා. (නදී)

:       0       0

පද්මිනී Friday, 25 July 2014 04:40 PM

මෙයාට රාජකාරිය කරන්න තොප්පිය අවශ්‍ය නැහැ. ඒක ඔලුවක් තියෙන කෙනෙකුට දෙන්න. නමුත් මෙයා විදහා පෑවේ සමස්ත ක්‍රමය පවතින හැටි නේද? (නදී)

:       0       0

නුවන්සර Friday, 25 July 2014 08:28 AM

ඔහු ප්‍රධානයි. එහෙත්, එතන හිටි සියලුම බන්ධනාගාර නිලධාරින් පවා මාධ්‍ය කැමරා වලින් වරදකරුව ආරක්ෂා කිරීමේ උත්සාහයකුයි අපි මාධ්‍යයෙන් දුටුවේ.අපි අහලා තිබෙන දෙයක් මේ සිද්ධියෙන් ප්‍රකාශ වුණා.''එනම් බලවත් යැයි නිලධාරීන් තෝරාගන්නා අයට බන්ධනාගාරය තුලදී හොඳ සැළකිලි ලැබෙන බව''. (නි)

:       0       0

ටිරෝන් Friday, 25 July 2014 08:29 AM

තොප්පිය හරියටම දාගත්තා. එළිපිට මෙහෙම නම් ඇතුලේ කොහොම ඇතිද? (ස)

:       0       0

මාටින් Friday, 25 July 2014 08:30 AM

උසස් වීමක් එක්කද මාරු වීම ලැබුනේ? (ස)

:       0       0

නිමල්ලාලිත Friday, 25 July 2014 08:43 AM

අනේ එහෙම කියන්න එපා. අද තියන ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය අනුව ඔහුගේ හිතේ ඇතිවූ බයාදු කමනේ. හිතන්න ඇති මොනවා හරි උසස්වීමක් හෝ සන්තෝසමක් ලැබේවි කියල. (ස)

:       0       0

සනත් Friday, 25 July 2014 08:55 AM

මේ පල්ලන්සේන කියන්නේ කොහෙද ? අද තමා ඇහුවේ. (ස)

:       0       0

අපොන්සු Friday, 25 July 2014 08:58 AM

ඉසේ කැක්කුමට කොට්ටේ "මාරු" කිරීම ඉතාම හොඳ ක්‍රියාවක්, මේ වගේ මාරු දීමෙන් අස්කිරීමක් කලාට වැඩිය අනිත් අයටත් අවවාදයක් වෙනවනේ. (ස)

:       0       0

සරත් Friday, 25 July 2014 09:05 AM

අස්කළා නම් මීට වැඩිය හොඳයි.හිඟාකන එක ඊටවඩා නම්බුකාරයි (නි)

:       0       0

සනත් ඩුබායි Friday, 25 July 2014 09:06 AM

හොඳ වෙලාවට තොප්පිය තිබුනේ. නැත්නම් කලිසම ගලවලා හරි අනිකාගේ මුහුණ වසයි (නි)

:       0       0

රමිලා Friday, 25 July 2014 09:07 AM

මට මතකයි ඉස්සරත් එක් කෙනෙක්ගේ නඩුවකදී එයාව ඔහොම තොප්පි වලින් වැහුවා (නි)

:       0       0

රොහාන් සෞදි Friday, 25 July 2014 09:08 AM

මම නම් කියන්නේ මේ වගේ නිලධාරින්ව මාරුකිරීමෙන් පලක් නැහැ. මේ වගේ වගකීම් දරන රැකියා වලට මේ අය සුදුසු නැහැ .මොන තරම් අශෝබන වැඩක්ද මේ නිලධාරියා කළේ? (නි)

:       0       0

අමල් Friday, 25 July 2014 09:09 AM

සල්ලි වලට දෙමවුපියන්වත් සමහරු පවාදෙනවා (නි)

:       0       0

කමනි Friday, 25 July 2014 09:15 AM

නිල ඇඳුමට කරපු නින්දාවක්. (ස)

:       0       0

හේමන්ත Friday, 25 July 2014 09:22 AM

පල්ලන්සේන තියෙන්නේ ලන්ඩන් කිට්ටුව. (ස)

:       0       0

ජයලත් Friday, 25 July 2014 09:28 AM

කාට කාටත් කඩේ යන හැමදෙනාටම අන්තිමට වෙන්නේ මාරුවෙන්න තමයි. මම මේ කඩේ යන ඔක්කොටම කියන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 July 2014 09:36 AM

යවන්න තිබුනේ හොඳ ඈතකට මෙහෙම වැඩ කළාට (නි)

:       0       0

ගීත් Friday, 25 July 2014 09:37 AM

එයාගේ මුහුණේ මොනවා ආවරණය කරන්නද? (නි)

:       0       0

චන්ද්‍රෙස්න Saturday, 26 July 2014 12:02 AM

අද බන්දනාගාර නිලධාරී දේශපාලන ජඩයෝ දැක්කම රාජකාරියත් අමතක වෙනවා බයට (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 26 July 2014 01:43 AM

අපේ ඕන එකකට කඩේ යන ලංකා තිලක් ගොයියත් ටික දවසක් මාරුවෙලා හිටියා. ඔන්න දැන් අායෙත් ඇවිදින් නං දොඩවනවා සුපුරුදු විදියට. (නදී)

:       0       0

රොහාන් සෞදි Friday, 25 July 2014 09:52 AM

සනත්,හේමන්ත පල්ලන්සේන තියෙන්නේ මිගමුවේ. එ්ක එළිමහන් සිරකරුවන් රඳවන තැනක්. (ස)

:       0       0

අනුරාධ Friday, 25 July 2014 09:52 AM

ඒ වගේ අය නිසා තමා පොලීසිය ඔය තත්වෙට වැටිලා තියෙන්නේ. (ස)

:       0       0

බමුණු Saturday, 26 July 2014 02:55 AM

" මොකද එතුමා ගමෙන් අාපු රාජකාරිය හරියට කරන නිලධාරියෙක්" මොකක්ද ඒ කතාව ගමෙන් ආව අය විතරද හරියට රාජකාරි කොරන්නේ. එතකොට අර හිරේ ගිය සබාපති ගමේ කෙනෙක් නොවෙයිද? හැම කෙනෙකුගේම අවංකබාවය මුදලින් තක්සේරු කරන්න පුළුවන් බව දන්නවද? (නදී)

:       0       0

බමුණු Friday, 25 July 2014 10:32 AM

"සමහර රාජ්‍ය නිලධාරීන් තමන්ට ආයතන සංග්‍රහයෙන් දී ඇති උපදෙස් හරිහැටි නොදැන" හරිහැටි නොදැනම සිදුවෙලා බොහොම කල්. (අ)

:       0       0

සයිමන් Friday, 25 July 2014 11:17 AM

අනේ හොඳයි (නි)

:       0       0

කින් බෙනට් Friday, 25 July 2014 11:19 AM

එයා ඊළඟට පල්ලන්සේන ගිහින් මොන සෙල්ලම් දායිද දන්නේ නෑ..කොළඹදී ගැලෙව්වේ තොප්පිය විතරයි .. එහෙ ගිහින් ඔක්කොම ගලවයිද කියලත් සැකයි ...(ස)

:       0       0

චමින්ද Friday, 25 July 2014 11:30 AM

අයියෝ මිගමුව කිට්ටුවටද ඇරියේ...? අරින්න තිබුනේ යාපනයට. කාලා එන්න කියලා. (ස)

:       0       0

සරත් ආනන්ද Friday, 25 July 2014 11:49 AM

අනේ මෙහෙම හරි වැරැද්ද් තේරෙන්නේ නැති කුක්කු පැටව් අපේ බන්ධනාගාරවල ඉන්නවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 487 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 231 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3195 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 593 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1965 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site