IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද වසර 40ක සිර දඬුවම් පැනවීය.

කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය දඬුවම එක වර ගෙවී යන ලෙස ද නියෝග කළාය.

මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග වැරදිකරුවෝ වූහ. එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග නිදහස් කරනු ලැබූහ.

අගතියට පත් පාර්ශ්වයට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය සියලු වැරදිකරුවන්ට නියම කළාය.

සම්පත් චන්ද්‍රපුෂ්ප බන්ධනාගාරයට රැගෙන යද්දී ඔහුගේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප මාධ්‍යවේදීන්  ඔහුගේ ඡායාරූප ගැනීමට ගත් උත්සාහය වැලැක්වීමට පොලිසිය හා බන්ධානාගාර නිලධාරියෝ වලිකෑහ. ඇතැමෙක් දෑත් උස්සා ඔහුගේ මුහුණ ආවරණය කළහ. ඇතැමෙක් හිස්වැසුම් ගළවා චන්දුපුෂ්පගේ මුහුණ වැසෙන සේ අල්ලාගෙන සිටියහ.

_DSC0042 _DSC0043 _DSC0044 _DSC0047 _DSC0049 _DSC0051 _DSC0052 _DSC0053 _DSC1458 _DSC1461 _DSC1475 _DSC1479thangalla



අදහස් (0)

තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

රත්නායක වීරකැටිය Friday, 18 July 2014 06:46 AM

අනේ පවි අපේ කොල්ලට වෙලා තියනදේ පොඩි කාලේ මෙහෙම මුරන්ඩු නෑ කොල්ලහොදයි වැරදි ඇසුර ඉක්මනින් නිදහස්වෙන්න මම පතනවා (අ)

:       0       0

නාමල් Friday, 18 July 2014 06:47 AM

මිනීමැරුවට සහ දූෂණය කරාට අවුරුදු 20ක් විතරද? (අ)

:       0       0

සිල්ව සම්පත් Friday, 18 July 2014 06:48 AM

හොඳ තීරණයක්

:       0       0

හසිත් Friday, 18 July 2014 11:48 AM

ජයවේවා,අධිකරණ තීන්දුවට! (නි)

:       0       0

තරිඳු Friday, 18 July 2014 06:49 AM

නියමයි..ඔය වගේ අධමයන්ට ඔය දඩුවමත් මදි ඕකට.අනිත් හැම දෙයක් මත් ඔය විදියටම වෙන්න ඕනි.(අ)

:       0       0

ජෙහාන් Friday, 18 July 2014 11:52 AM

දැන් මේක සිද්ධ වුණෙත් බවලතෙකු හින්දා කියන උදවිය මෙතනින් වැඩි වේලා නොගොස් මතුවේවි.

:       0       0

සඳුන් පෙරේරා Friday, 18 July 2014 10:34 PM

මුහුණ වහන්නේ හඳුනාගන්න බැරිවෙන්න. (නි)

:       0       0

ගමිනි Friday, 18 July 2014 06:51 AM

අදිකරණයට අපේ ප්‍රණාමය. තීන්දුව ක්‍රියාත්මක වෙන හැටි බැලිය යුතුයි (අ)

:       0       0

මධුසංඛ Friday, 18 July 2014 11:53 AM

සමාවක් එන අවුරුද්දේවත් ලැබෙයිද කියලා බලාපොරොත්තුවෙන් ඇති (නි)

:       0       0

සිල්වා Friday, 18 July 2014 06:53 AM

මේ නඩුකාරතුමියට සියලු දෙවි රැකවරණය ලැබේවා මේ වගේ අයට මේ වගේ දඩුවම් දීමෙන් රටේ යහපත් කාලයක් උදාවේවි දේසපාලන රැකවරණය පතා චන්ඩිකම් කරන හිවලුන්ට මේ කියන්නේ මේක දැනගෙන ජිවත් වෙයි (අ)

:       0       0

දිල්රුක්ෂි Friday, 18 July 2014 11:54 AM

මේවා දරුවන් ලොක්කන් කරන්නට ඕනෑම මාර්ගයක යවන්න සූදානම් වැඩිහිටියන්ට හොඳ පාඩම්. (නි)

:       0       0

ද සිල්වා Friday, 18 July 2014 10:50 PM

කරුණාකර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නඩුවත් මේ විදිහටම ඉක්මනට අහලා ඉවරයක් කරන්න (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 19 July 2014 11:40 AM

මුණ වහන කට්ටියට අක්කල නංගිලා නැතුව ඇති. ඉන්නවා නම් ඇතුලෙදි එයාලව මෙයාට දෙන්න බැරිය. එ්කනේ ඔය වහගන්න දඟලන්නේ ඔය හැටි. (නදී)

:       0       0

හැරිසන් Friday, 18 July 2014 11:55 AM

අධිකරණයට තුති! (නි)

:       0       0

ජානකි Friday, 18 July 2014 10:55 PM

සුරතලේට කිට්ටු කරගෙන අරගෙන යන හැටි? අනේ මෙහෙම ලැජ්ජා නැති වැඩ? (නි)

:       0       0

සිල්වා Friday, 18 July 2014 06:55 AM

අවුරුදු 40 ක දඩුවමකුත් දීල ඉන්නේ හරිම ජොලියෙන් වගේ.(අ)

:       0       0

ගමගේ Friday, 18 July 2014 11:57 AM

පොලිසිය මෙයාට හරි ආදරෙයි වගෙයි (නි)

:       0       0

නිර්මල Friday, 18 July 2014 11:56 AM

කලකට පසු අහන්න ලැබුණ සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

දුලිනි Friday, 18 July 2014 10:56 PM

මෙයාව බබෙක් වගේ බලාගන්න (නි)

:       0       0

දාස Saturday, 19 July 2014 11:52 AM

ලැජ්ජාවේ බැහැ රාලහාමි තොප්පිය නෙමේ ඇදී වත හරි ගලවල දේවි තුප්පහි දේශපාලුවන්ගේ මුහුණු වහන්න (නදී)

:       0       0

පද්මිණි Friday, 18 July 2014 06:56 AM

කොහොමත් අද ටිකක් හිතට සහනයක් දැනුන.

:       0       0

ලලනි Friday, 18 July 2014 11:59 AM

මේ කවුරුවත් ඉපදුනේ ස්ත්‍රී දුෂණ, මිනීමැරුම් කරන්න පතාගෙන නෙමෙයි. ඒ දේවල් වල ආදීනව සහ ගුණධර්ම තමන්ගේ වැඩිහිටියන්ගෙන් දැනගන්න නොලැබුන එකේ විපාක තමයි මේ. දරුවන් වෙනුවෙන් තමන් වපුරන විදියට තමයි නෙලාගන්නේ. (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 07:00 AM

තාම ඉවර නෑ (අ)

:       0       0

සේනක Friday, 18 July 2014 11:10 PM

මෙයා හිරේට යනවා කියලා ගාණක්වත් නැහැ (නි)

:       0       0

උදාර Friday, 18 July 2014 07:03 AM

සරත් මහත්තයෝ තිත තියන හැටි බලා ගන්න තිබ්බා තානාපති කාර්යාල මැදිහත් උනේ නැත්නම්. (නදී)

:       0       0

රුවන් Friday, 18 July 2014 12:04 PM

බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවලු. (අ)

:       0       0

ධනංජය Friday, 18 July 2014 12:05 PM

ආයුධ පෙන්නන්න එක්ක යන එක හොඳ නෑ කියල කියන අය ඉන්නවද තවත් මෙතන? මේ වගේ අය ආයුධ පෙන්න එක්ක යන්න වටින්නේ නැද්ද?(අ)

:       0       0

මානගේ Friday, 18 July 2014 07:06 AM

බන්දුල පෙරේරාගේ බළලා මල්ලෙන් එලියට පැන්නා. ඡන්දෙ ඉවරවෙන කම් ඉන්නේ ඔය ටික කරන්න තමයි. ලෝකෙට හොඳ මුහුණ පෙන්නලා පස්සේ නිදහස් කරයි. (නදී)

:       0       0

බංඩාර Friday, 18 July 2014 07:06 AM

රන්ජා කිව්වා වගේ ලබන ඡන්දෙට විරුද්ද පැත්තට තමයි මමත් ඡන්දෙ දෙන්නේ (නදී)

:       0       0

ටෙනිසන් Friday, 18 July 2014 12:06 PM

ඇත්තටම අර පොලීසියේ මහත් හොරු ටික ඇදුම් ඇදගෙන ද ඉන්නේ? හැදු වැදු දෙමාපියන්ටත් නින්ද වෙන විදහට හැසිරෙන්නේ.(අ)

:       0       0

මදූ ෂෙරීනා Saturday, 19 July 2014 12:56 PM

මුණු වහන්නේ ඇයි? අදුරගනියි කියා බයටද ? (නදී)

:       0       0

නුවන් Friday, 18 July 2014 07:08 AM

විදේශ රටවල අය මේ තීන්දුව ගැන බලාන හිටිය එක හොඳයි (නදී)

:       0       0

පාලිත Friday, 18 July 2014 12:07 PM

කෝ ලංකා තිලක්? නඩු තීන්දුව විශ්ලේෂණය කරන්න ගිහිල්ලද? (නි)

:       0       0

චානක. Friday, 18 July 2014 11:28 PM

පවතින ක්‍රමය තුළ නීති පද්ධතියෙන් දේශපාලකයා ලබාගන්නා හා ලබාගෙන තිබෙන දේවල් බලනවිට මොහු දඬුවම විඳීවි කියා මම නම් කිසිවිටෙක විශ්වාස නොකරමි. (නි)

:       0       0

සුනිල් Friday, 18 July 2014 07:12 AM

නියම වරද කාරයා පළාත් සභා ක්‍රමය ලංකාවට පටවපු ඉන්දියාව. එ්ක නිසා තමයි අපේ රට මේ විදිහට දේශපාලන වශයෙන් විනාස වුනේ. (නදී)

:       0       0

චතුරංග Friday, 18 July 2014 12:09 PM

අධිකරණ තීන්දුව සාධාරණයි (නි)

:       0       0

විදිය බණ්ඩාර. Saturday, 19 July 2014 01:14 PM

එල්ලුම් ගහට නියම කරන්න තිබුනේ (නදී)

:       0       0

සනත් විජය බංඩාර Friday, 18 July 2014 07:12 AM

සමාව ලැබිලා එළියට එයිද ? (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 18 July 2014 12:11 PM

රජයේ නිලධාරීන් මෙසේ තමන්ට අයත් නොවන දේ කරන්නේ මන්ද? ඒ බව ඡායාරූප වලින් හොඳින් පෙනෙනවා (නි)

:       0       0

කුසුම් Friday, 18 July 2014 07:16 AM

මිනීමරු ස්ත්‍රී දුෂකයෙකුට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට අපගේ ගෞරවනීය ප්‍රණාමය!! මෙම උත්තරීතර තීන්දුවෙන් චුදිතයටත් වඩා ලජ්ජාවට පත්ව සිටින අර බන්දනාගාර නිලධාරියා දැනටමත් තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටීම ගැන මගේ බලවත් "ආචාරය" එතුමාටත් පුදකරමි?(අ)

:       0       0

අමල් Friday, 18 July 2014 12:12 PM

මොකද මේ ? මෙච්චරට ප්‍රවේශමෙන් බොහොම සීරුවෙන් අරගෙන යන්නේ? (නි)

:       0       0

මාටින් Friday, 18 July 2014 11:52 PM

මෙතන ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්.‍මොනවා වුණත් පොලිසිය මෙච්චර මෙහෙම නැහැ (නි)

:       0       0

ධර්මසිරි හිමි Friday, 18 July 2014 07:16 AM

ගෙදර හිටියට වැඩිය සැප ලැබෙයි. (අ)

:       0       0

සුනිල් Friday, 18 July 2014 12:13 PM

නිල ඇඳුමටත් නව නින්දාවක් නේද මේ කරන්නේ? (නි)

:       0       0

රූපවති Friday, 18 July 2014 07:17 AM

පොලිසියේ ඈයෝ ඇයි ඔතරම් එයාට සුදු හුණු ගාන්නේ ..? තොප්පියෙන් මුණ වහන්නයි , එයාව ඉස්පෙෂල් වාහනයක හිරගෙදරට අරන් යන්නේ ඇයි? බන්ධනාගාර බස් එකේ එයාට සැප මදිද ? (අ)

:       0       0

ගයානි Friday, 18 July 2014 12:16 PM

අනෙක් අයටත් මේවා බලා හොඳ පාඩම් ඉගෙනගන්න පුළුවන් (නි)

:       0       0

දසුන් Saturday, 19 July 2014 12:12 AM

මම අසා තිබෙනවා වෙනත් රටවල තමන්ගේ සේවාදායකයාගේ වරද පෙනි පෙනී එය නිවැරදි කරන්න යන නීතිඥවරුන්ටත් දඩුවම් ලබාදෙනවා කියලා (නි)

:       0       0

මාලි Monday, 21 July 2014 05:39 AM

ඔබට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 19 July 2014 12:26 AM

මේක තමයි ආශ්චර්යය! (නි)

:       0       0

මොහාන් Friday, 18 July 2014 07:29 AM

බන්දුල පෙරේරා කියන්නේ මහා පුදුම චරිතයක්. (අ)

:       0       0

අනුර පනාගොඩ Friday, 18 July 2014 07:32 AM

ඔලුව කල්පනා කරලා ආයුද ගන්නේ නැතිව අතින් පයින් ගහගත්තා නම් මිනි මැරෙන්නෙත් නෑ හිරේ යන්නෙත් නැහැ. දැන් පරක්කු වැඩියි ගිහිල්ල එන්න චෙරියෝ ටටා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 18 July 2014 07:32 AM

මුණ දැක්කම පව් කියලත් හිතෙනවා. (නදී)

:       0       0

රුවිනි Friday, 18 July 2014 12:19 PM

අනේ! හරිම ප්‍රවේශමෙන්නේ අරගෙන යන්නේ (නි)

:       0       0

දිලාන් Saturday, 19 July 2014 12:31 AM

ඔක්කොටම වඩා ලැජ්ජා වෙන්න ඕනෑ ස්ත්‍රී දුෂකයන් නිදහස් කරගන්න වලිකන කළු කෝට් මහත්වරු. තමන්ගේ හැදු වඩු මෑණියන් පවා කාන්තාවක් කියලා සමහරුන්ට අමතක වෙන එක තමයි පුදුමය කියන්නේ. (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Saturday, 19 July 2014 01:36 PM

මේ සිද්දිය සී.එන්.එන් සීසීටීවී වල දුන්නා. හරිම ලැජ්ජයි මුන්ගේ වැඩ ගැන. නායකයෝ හැටියට පිටරට අයව පිළිගන්න විදිය (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 18 July 2014 07:34 AM

6 වෙනි ෆොටෝ එකේ හැටියට හිරේ හිටියත් බඩ කට පිරෙන්න හොදට කන්න නම් ලැබිල තිබෙන පාටයි (නදී)

:       0       0

දිනූෂා Friday, 18 July 2014 12:21 PM

ඇත්තටම පොලීසියට ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

රුවන් Saturday, 19 July 2014 01:38 PM

ලගදීම එළියට එයිද ? (නදී)

:       0       0

රංග Friday, 18 July 2014 12:21 PM

නිදහස් වුණත් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ගෑවුණු කෙනෙක්ව කසාද බඳින්න කිසිම වැදගත් බවලතෙක් කැමතිවෙන එකක් නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 19 July 2014 01:39 PM

මිනි මරල පෝරකේට නියම උණු අයත් ගොඩක් හිරගෙය තුල ඉන්නවා. එම අය බලාවි එකම වරදට මොකද දඩුවම් දෙකක් කියලා (නදී)

:       0       0

කරුණාරත්න Friday, 18 July 2014 07:34 AM

ඉතාම වටිනා තීන්දුවක්. මට හිතෙන විදියට ඔය අනිත් වැරදි කරපු මන්ත්‍රී වරයන්ටත් මෙහෙම තීන්දු හම්බ වෙනවනං සුබ අනාගතයක් ලැබෙයි. නැත්නං ඉතින් රටේ අනාගතේ සුබ දායක නැහැ. (නදී)

:       0       0

ශශී Saturday, 19 July 2014 12:42 AM

බය සැක නැතුව කිට්ටු කරගෙන ඉන්න ලස්සන? (නි)

:       0       0

කුසුම් ගින් තොට Friday, 18 July 2014 07:35 AM

කළ වැරැද්ද ගැන හිරේට වෙලා හොදට හිතල බලන්න. තමන්ගෙ සහෝදරියකට මෙහෙම කලානම් මොකක්ද තමුන් බලාපොරොත්තු වෙන දඩුවම කියලා. දැන්වත් නුඹලා හිරේ විලංගුවෙ ලැගලා හොඳ මිනිසුන් වෙලා එලියට වරෙල්ලා. මේ අයට නියමිත කාලය හිරේ ඉන්නම දෙන්න ඕනේ. පොදු සමාව නම් දෙන්න එපා. (නදී)

:       0       0

සරත් Friday, 18 July 2014 07:38 AM

අපි බලමුකෝ අභියාචනයකින් හෝ ලබන නිදහස් දවසට (නදී)

:       0       0

තමරා Friday, 18 July 2014 12:26 PM

ලැජ්ජානැතිකම සියල්ලටම වඩා ලොකුයිලුනේ. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 18 July 2014 07:39 AM

තීන්දුව හොඳයි. මුණ වහගන්ඩ රටටම පේන්ඩ නොපෙනෙන්න.(නදී)

:       0       0

අප්පුහාමි Friday, 18 July 2014 12:29 PM

මාධ්‍යය නැත්නම් මේ නඩුවත් අපිට අමතක වෙනවා (නි)

:       0       0

අමල් Saturday, 19 July 2014 12:57 AM

නිකම් හිතන්න, එදා ඒ හෝටලයට අපේ රටේම ඇහැට කනට පෙනෙන කාන්තාවක් සැමියා සමඟවිත් මේ ටික වුණා නම් මොන වගේ ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. (නි)

:       0       0

අනුර පනාගොඩ Friday, 18 July 2014 07:40 AM

මෙයා හරියට මගුල් ගෙදරක ගිහින් වගේනේ (නදී)

:       0       0

වරුණ Friday, 18 July 2014 12:30 PM

අනේ පොලිසිය කොච්චර කරුණාවෙන් අනාගත සිරකරුවන්ට සළකනවද? (නි)

:       0       0

රන්ජිත් Friday, 18 July 2014 12:37 PM

හිරේදී හිර ඇඳුම් ඇඳගෙන ඉන්න ඡායාරූපයකුත් බලන්න ඇත්නම් (නි)

:       0       0

Rakith Tuesday, 22 July 2014 03:05 AM

අනේ නාමලී, අහිංසක අම්මට චෝදනා කරන්න එපා පුතාලා කරන වැරදි වලට. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්න. පුතාලා , නරක ඇසුරට වැටුනාට අම්මා පලිද? අපේ මොනම අම්මා කෙනෙක්වත් කාන්තාවක් දුෂණය කරන්න අනුබල දෙන්නේ නැහැ. එහෙම කරන කෙනෙකුට අම්මා යන්න ඇමතීමත් සුදුසු නැහැ. ඇයි ඔබතුමියට තාත්තා ගැන ලියන්න මතක් වුනේ නැත්තේ? පියාට යුතුකමක් නැද්ද තම පුතාව යහමගට යවන්න? (අ)

:       0       0

ඇසළ Friday, 18 July 2014 12:39 PM

මේ දාලා තිබෙන අදහස් දැක්කහම හිතෙනවා අපේ කට්ටිය පොලිසියේ නිල ඇඳුමත් බන්ධනාගාර නිල ඇඳුමත් හරියට හඳුනන්නේ නැති බව. (නි)

:       0       0

රංග Saturday, 19 July 2014 02:19 PM

මේ වගේ අයට සිර දඬුවම් දීල මදි (නදී)

:       0       0

සංජු Friday, 18 July 2014 07:45 AM

ඇයි අර පොලිස් රාලහාමි එයාගේ තොප්පියෙන් මිනීමරුවගෙ මුණ වහාන්න හදන්නේ? මොකද්ද එයාට තියන අමාරුව. හිරේ දාන්න කලින් මෙහෙම නම් දැම්මට පස්සේ බබෙක් වගේ බලා ගනි. එ් පිංතුරේ දැක්කම මම ගැන, රටේ අහිංසක මිනිස්සු ගැන දුකයි. රටේ එකම පොලිසියක් එ්ත් ජනතාවට නීතී දෙකක්. ලැජ්ජයි. (නදී)

:       0       0

හසන්ත Saturday, 19 July 2014 01:22 AM

බොහොම හොඳ තීන්දුවක් (නි)

:       0       0

සමන් Friday, 18 July 2014 07:46 AM

මම අධිකරණ තීන්දුව ඉතාම ගෞරවයෙන් හිස නමා පිලිගන්නවා. අඩු වයසෙන් හොඳ තනතුරකට පත්වෙලා හොඳ ගමනක් යන්න තිබුන මිනිහෙක් බලයෙන් හිස උදුම්මවාගෙන, අවිනීතිය රජකරවන්න ගිහින් නිකන් විනාශවුණා. මේක බලයේ සිටින අනෙක් බොහෝ දෙනාටත් හොඳ පාඩමක්. (නදී)

:       0       0

සරත් Saturday, 19 July 2014 01:23 AM

කවුරු ආවරණය කළත් එළියට එනකොට ඔය පෙනුම නැහැ. එතකොට 60 පැනලා (නි)

:       0       0

කමල් Friday, 18 July 2014 07:51 AM

මේ අයට පොදු සමාවක් ලැබෙයිද කියලා සෙවිල්ලෙන් සිටිය යුතුයි. වෙනත් රටවලුත් මේ ගැන උනන්දු නිසා පොදු සමාවක් නම් ලැබෙන එකක් නැහැ. එහෙම නොවුනොත් මේක ලංකාව කියලා හිතන්නත් අමාරුයි. (නදී)

:       0       0

දිසානායක Saturday, 19 July 2014 01:24 AM

උෟව ඡන්දය අවසන් වෙනතුරු අපි බලාසිටිනවා (නි)

:       0       0

අශාන් Saturday, 19 July 2014 01:28 AM

උසාවියකින් වැරදිකරු කළ කෙනෙක් ආරක්ෂා කරන්න දඟලන නිලධාරින්ට විනය පරීක්ෂණයක් තැබිය යුතුයි. (නි)

:       0       0

විජේසිංහ Friday, 18 July 2014 07:58 AM

අනේ ෂෝක් ජීවිතේ හොඳම කලේ ඉහලම සැප. ආඩම්බරයි පුතේ (නදී)

:       0       0

දේශාන් Saturday, 19 July 2014 01:30 AM

කියන්න වචන නැහැ. දිට්ඨ දම්ම වේදනිය කර්මය. හැබැයි මෙච්චර කල් ගත්තා වැඩියි.දැන් හිරේ ඇතුළේ ඉන්න අයට පුලුවන් මෙයාව බලාගන්න (නි)

:       0       0

පෙරේරා Saturday, 19 July 2014 02:59 PM

මොකද මෙයාගේ මුණ වහන්න වලිකන්නෙ, දේසපාලුවෙක් නිසාද? (අ)

:       0       0

බමුණු Friday, 18 July 2014 07:58 AM

මෙයාගේ මුහුණ වහන්නේ ඒවගේම බඩු ටිකක් තමයි. මේගොල්ල තමයි බන්දනාගාරයේ සියලුම දූෂිත වැඩ කොරන්නේ. එංගලන්තයේ පත්තරවලයි මිල් ලිපිනය එද්නං මම ලංකාව ගැන හොඳට ලියන්නම්. (අ)

:       0       0

සුසිරි Friday, 18 July 2014 12:59 PM

ඒ වුණත් ඇසළ, කිසිම නිල ඇඳුමක් දාගත් බවක්වත් හැසිරීමෙන් පෙනෙන්නේ නැහැනේ. කට්ටියම මඟුල් ගෙදරක යනවා වගෙයිනේ (නි)

:       0       0

අණු Friday, 18 July 2014 08:01 AM

මුණ දැක්කම පව් කියලනම් හිතෙන් නැ දෙකක් තුනක් ගහන්නයි හිතෙන්නේ (අ)

:       0       0

සිකයි Friday, 18 July 2014 08:05 AM

ජීවිත කාලෙටම එලියට නොඑන්න හිරේම තියන්න ඔනේ කරන අපරාධ වලට.(අ)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 03:08 PM

මහත්වරුනි තමන්ගේ රැකියාවේ ගරුත්වය ආරක්ෂා වෙන පරිදි හැසිරෙන්න. ඔබලා ගැන ඉතාමත් අප්‍රසන්න තාවයක් ඇතිවෙන්නේ අපිට, මේ පින්තුර දිහා බලපුවහම. (නදී)

:       0       0

මාටින් Friday, 18 July 2014 08:06 AM

සහතික ඇත්ත සංජු... මාත් බැලුවේ මෙයාට දැනටම බන්ධනාගාරය ඇතුලේ ගොඩක් යාළුවො ඉන්නවා වගේ... දැක්කද ගාඩ් ගේ හිනාව...? අනික මේ මිනිහගේ කොන්ඩේ කැපිල්ලෙන් පේනවා කොහොම මදාවියෙක්දද කියල.. සාමාන්‍යයෙන් මදාවි උසාවි එන්නේ ඩීසන්ට් විදියට.. මෙයාට ඒ බයත් නැහැ...(අ)

:       0       0

දිනේෂ් Friday, 18 July 2014 01:02 PM

මුහුණ පිට අයට පෙන්වන්න හොඳ නැහැ. (නි)

:       0       0

සරැහැ පෙරේරා Saturday, 19 July 2014 03:09 PM

නියම අන්දමට ක්‍රියාත්මක වෙනවා නම් ඕකට අවුරු 20 ත් ඇති. හොඳට විඳවලා හිතෙන් මැරි මැරි ඉඳල නාකි උනාම එලියට එන්න. (නදී)

:       0       0

සමන් Friday, 18 July 2014 08:08 AM

ඔලුවේ කොණ්ඩය වත් හරියට කපන්නේ ඇතිව නියම රස්තියාදුකාරයෙක් ,ඡන්දයට දාපු අය වගේම ඡන්දය දීපු අයටත් ගහන්න ඕනි (අ)

:       0       0

සුසන්ත Saturday, 19 July 2014 03:14 PM

ලංකා තිලකුත් පේන්න නැහැ, බන්දුල පෙරේරාත් අතුරුදහන් වෙලා. (නදී)

:       0       0

සීල Friday, 18 July 2014 08:09 AM

එක්කෙනෙක් ලියනවා මුණ දැක්කම පව් හිතෙනවලු!. අනේ එහෙනම් ගෙදර එක්ක යන්න කෝ!. දුක් ගන්න ඕනේ නැහැ. සියලුම සම්පත් මේ මිනීමරුවාට ලැබේවි. (අ)

:       0       0

ඉන්දික Saturday, 19 July 2014 01:42 AM

මේ පුවතට ලැබී ඇති ප්‍රතිචාර ප්‍රමාණය දුටුවාම අපිට පැහැදිලිව පෙනෙනවා අපේ මිනිසුන් මේ සම්බන්ධයෙන් ඉතාම විමසිල්ලෙන් සිටි බව.එය හොඳ දෙයක්.එයින් පෙනෙනවා අසාධාරණයට අයුක්තියට අපි බහුතරය අකමැති බව. (නි)

:       0       0

හේවලි Friday, 18 July 2014 08:14 AM

ලැජ්ජා නැති කම තේප්පියෙන් වහන්න අමාරුයි 9අ)

:       0       0

සිරිසේන Friday, 18 July 2014 01:02 PM

කුම්බලා මාලු කෑවා නම් දුක විඳවාපන් පුසෝ ..... (නි)

:       0       0

නිරන්ජන් Friday, 18 July 2014 01:03 PM

ඒසී වාහනයක ගෙනියන නිසා ටයි එකක් දමාගෙන හිටියට රස්නය දැනෙන එකක් නැහැ. ඔය යන විදිහට නම් හිරේ ඇතුළෙදීත් ටයි එක දමාගෙනම ඉන්න පුළුවන් වෙයිද කියන්නත් බැහැ. (නි)

:       0       0

අනන්ද Friday, 18 July 2014 08:20 AM

පොදු සමාව දීමේ ක්‍රියා පටිපාටිය අත්හිටුවා දඩුවම් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කලයුතුයි. අගතියට පත්වූවන්ට නියම සාදරනත්වයක් ලැබෙන්නේ එමගින් පමණයි. (අ)

:       0       0

නිහාල් Friday, 18 July 2014 01:06 PM

නිලධාරියෙකුටයි, සිරකරුටයි හරිම සතුටක් දැනිලා වගේ. දෙන්නම හිනාවෙලා ඉන්නේ (නි)

:       0       0

ජගත් Saturday, 19 July 2014 03:45 PM

දේශපාලනය කරන්න, සියලුම සුදුසුකම් තියනවා මෙයාට.(අ)

:       0       0

ප්‍රභා Friday, 18 July 2014 08:26 AM

වරදට හොඳ දඬුවමක් ලැබිල තියෙනවා. (අ)

:       0       0

හේමචන්ද්‍ර Friday, 18 July 2014 01:09 PM

මෙම නඩු තීන්දුව අධිකරණය ලබාගත් සම්මානයක්. (නි)

:       0       0

පෙරේරා Saturday, 19 July 2014 04:01 PM

සව්දියේ නම් බෙල්ල කපල මරනවා. ලංකාවේ මල් මල දාල පිළී අරගෙන හොටෙල් එකට එක්ක යනවා . (අ)

:       0       0

මාලිකා Monday, 21 July 2014 06:44 AM

බොහොම සතුටුයි (නි)

:       0       0

පහන්දී Friday, 18 July 2014 01:14 PM

විනිසුරුතුමියට මේ ගත් තීරණයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුනෙත් Friday, 18 July 2014 01:15 PM

දැන් ඉතින් තොප්පියෙන් නෙමෙයි මොකෙන් වැහුවත් රටේ මිනිසුන් දැක්කා ඇත්ත තත්වය (නි)

:       0       0

අසෝකා Friday, 18 July 2014 01:15 PM

සමහරුන්ට නම් රජ මඟුල් වගේ ඇති. (නි)

:       0       0

පිටිගල Friday, 18 July 2014 01:17 PM

ඔය තොප්පි වලින් වහලා හුරතලේට අරගෙන යන අයට, හිරකරුවන්ව ගෙනියන්න කියලා කියලා තියෙන්නේ එහෙම වෙන්න ඕනෑ (නි)

:       0       0

කාන්තිනී Friday, 18 July 2014 08:35 AM

අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

චන්දන Saturday, 19 July 2014 02:21 AM

ලංකාවේ පොලිසියේ ආදරය පෙනෙනවා. දේශපාලන මැරයන්ට ගරුකරන හෙට දවසේ හොඳ රටක් තිබේවිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 19 July 2014 04:45 PM

සතිෂ්, මම කියපු දෙය හරියට තේරුම් අරගෙන නැති පාටයි. මම කිව්වේ හිරේදී "බුදු සැප" විදලා,හොදට සැප අරන් වගේ කියන එකයි . (නදී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 18 July 2014 08:36 AM

මරණ දණ්ඩනය දෙන්නනේ තිබුනේ (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 18 July 2014 01:26 PM

අධිකරණයට හිස නමා ආචාර කරනවා (නි)

:       0       0

හිරාන් Saturday, 19 July 2014 02:32 AM

මම විවාහ වුණ දා මට මතක් වුණා. එදා ගෙදර කට්ටිය මාව එක්කගෙන ගියෙත් මෙන්න මේ වගේ ආදරයෙන්. (නි)

:       0       0

උෂාන් Saturday, 19 July 2014 02:34 AM

කෝ අපේ ලංකා තිලක් ? කට්ටිය බලන්නකෝ ඔය එක්කගෙන යන වාහනයේ ඩිකියේවත් එල්ලිලා ඉන්නවාද කියලා. (නි)

:       0       0

රත්න Friday, 18 July 2014 08:37 AM

කමල්, අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සෑම් Saturday, 19 July 2014 02:35 AM

මේ වගේ නිලධාරීන් මුළු රටටමත් ජාතියටමත් ලැජ්ජාවක්. (නි)

:       0       0

චන්දවිමල හිමි Friday, 18 July 2014 08:39 AM

අපේ පොලිසිය කොතන ගියත් නා ගන්නවා. පොලිස් සංහතියටම හරිම නින්දාවක්. දේශපාලකයන් ඉදිරියේ මෙයාලා තමන්ගේ වෘත්තීය ගෞරවය කොච්චර දීන බවට පත්කරගෙන තිබෙනවාද යන්න හොඳට පෙනෙනවා. (නි)

:       0       0

සේනක Saturday, 19 July 2014 02:35 AM

සභාපතිතුමා ඉන්න ලස්සන බලන්නකෝ (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 19 July 2014 05:18 PM

රජයේ සවිය අරගන දේශපාලන බලයෙන් උද්දාමයට පත්ව තමන් කවරෙක්ද යනවග අමතක කර කටයුතු කරන සියලුම පක්ෂයේ හා විපක්ෂයේ සිටින පාදඩ දේශපාලකයන්ට මෙය හොදම ආදර්ශයක්. ගරු විනිසුරු තුමියට අපගේ උණුසුම් උපහාරය ජයෙන් ජය! (නදී)

:       0       0

සිසිර Friday, 18 July 2014 08:38 AM

පොලිසිය සහ බන්ධනාගාර නිලදරුවනි, නුඹලා මෙලෙස හැසිරෙන්නේ මන්ද? (නි)

:       0       0

පී.ඩී. ජයසුන්දර Saturday, 19 July 2014 02:35 AM

සභාපතිතුමා වීරයෙක් වගේ ඉඳිද්දි අරයා කරන වැඩේ නිසා එතුමාටත් ලැජ්ජයි වගේ. (නි)

:       0       0

යසස් Friday, 18 July 2014 08:39 AM

ඇත්තෙන්ම අපිට සතුටුයි (නි)

:       0       0

සරත් Sunday, 20 July 2014 12:37 PM

පුදුම ලෝකයක් මේක. (නි)

:       0       0

සමන් Friday, 18 July 2014 08:39 AM

මට නම් තව මදි මේ දඩුවම්. (නි)

:       0       0

නිම්සර Friday, 18 July 2014 01:34 PM

මට නම් දකිනකොටත් පුදුම කේන්තියක් එන්නේ (නි)

:       0       0

සූමනා Friday, 18 July 2014 08:40 AM

අනේ! කිසිදා සමාවක් නම් ලැබෙන්න එපා (නි)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 02:40 AM

ඕස්ට්‍රේලියාවේ මෙවැනි තීන්දුවක් අධිකරණයකින් දුන් පසු, වරදකරු අභියාචනාවක් ඉහළ උසාවියකට ඉදිරිපත් කළහොත්,බොහෝ විට පහළ උසාවියෙන් දුන් දඩුවමට වඩා ඉහළ උසාවියේ දෙන දඩුවම දෙගුණ වෙනවා. අනිත් කාරණය තමයි මෙරටෙහි පොලිසියට හෝ බන්ධනාගාරයට බඳවා ගන්නා සියලුම නිලධාරීන් විශ්ව විද්‍යාල උපාධිදාරීන් වීම. (නි)

:       0       0

පුබුදු Friday, 18 July 2014 08:40 AM

අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේකට මොනවා කියයිද කියලා දැනගන්න ආසයි (නි)

:       0       0

සුරංග Saturday, 19 July 2014 02:41 AM

මේ මොකද අනේ මේ? පුදුම ලැජ්ජාවක්නේ! (නි)

:       0       0

ලලිතා Saturday, 19 July 2014 02:45 AM

මුහුණ විතරක් වහලා ඇතිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රමේෂ් Friday, 18 July 2014 08:42 AM

දැන් කාටත් සතුටු ඇති (නි)

:       0       0

කුමාරතුංග Friday, 18 July 2014 01:44 PM

බොහොම හොඳයි තීන්දුව නම් (නි)

:       0       0

කුෂී Saturday, 19 July 2014 02:47 AM

අපේ උදවියගේ තරම තමයි චමින්ද ඔය මුහුණ වහන්න ගන්න තොප්පියෙන් පිළිබිඹු වෙන්නේ. (නි)

:       0       0

කීර්තිරත්න Friday, 18 July 2014 08:44 AM

වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

ජයන්ත Saturday, 19 July 2014 02:50 AM

හොඳට බලන්න තව ආවරණය කරන්න ඕනෑ තැන් තිබෙනවද කියලා (නි)

:       0       0

සුරන්ජිත් Friday, 18 July 2014 08:44 AM

අභියාචනයක් සමඟ වෙනස් තීන්දුවක් ඉදිරියට ඇසීමට නොහැකි වේවා! (නි)

:       0       0

මාලනී Friday, 18 July 2014 01:51 PM

සෞදියේ වගේ රටක නම් පසුවදාම හිස ගසා දමනවා (නි)

:       0       0

නමිදු Friday, 18 July 2014 01:51 PM

මට නම් මේ දඩුවම හිතට මදි (නි)

:       0       0

ගිහාන් Friday, 18 July 2014 01:55 PM

තවත් මොනවද වහගන්න තරම් ඉතිරි වෙලා තියෙන්නේ ? (අ)

:       0       0

ගුණවර්ධන Saturday, 19 July 2014 02:53 AM

සභාපතිට නෙමෙයි, බලනකොට මේ සමහර නිලධාරින්ටනේ ලැජ්ජා නැත්තේ (නි)

:       0       0

හසන්ත Friday, 18 July 2014 08:50 AM

දැන් හිරේ බත් කන්න පුලුවන් රසට (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 18 July 2014 01:55 PM

තොප්පියෙන් නොවෙයි, කලිසම ගලවල කලිසමෙන් මුණ වැහැව්වානම් මම නම් පුදුම වෙන්නේ නැහැ. (අ)

:       0       0

ටිරෝන් Friday, 18 July 2014 08:50 AM

නිදහස් දිනයන් කීයක් මොහු සිරබත් කයිද? (නි)

:       0       0

ටි‍රෝන් Friday, 18 July 2014 08:50 AM

හරියට බන්ධනාගාර නිලධාරින්ගේ සුරතලෙක් වගෙයිනේ... (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 18 July 2014 01:58 PM

දැන් ඉතින් අපි කන පාන් කාලෙන්,පරිප්පු ටිකෙන්,පෙට්රෝල් ටිකෙන් භූමිතෙන් ටිකෙන් ගහන බදු මුදල් වලින් අවරුදු 20 ක් සැප කෑම,සැප වාහන,.....සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවි. (අ)

:       0       0

කමල් Friday, 18 July 2014 08:51 AM

මේ මිනීමරුවන්, දුෂකයන්ව නේද මේ පොලිසියේ මහත්වරුන් ඡායාරූප ගන්න නොදී වහගන්න හදන්නේ? හිතාගන්න පුළුවන් මිනිහාගේ තරම. (නි)

:       0       0

දයාන් Friday, 18 July 2014 02:01 PM

ආරක්ෂක නිලධාරින්ගේ මේ මුහුණ වැහිල්ලෙන් කියැවෙන්නේ බන්ධනාගාරයට සාදරයෙන් පිළිගැනීමත් සහ එහිදී ලැබෙන්නට නියමිත සැළිකිලි ගැනත් වියහැකියි (නි)

:       0       0

යසිත් Saturday, 19 July 2014 02:59 AM

නිලධාරියාගේ ගෙදර බවලත් පුළුටක් වත් නැතිව ඇති. ඉන්නවා නම් මෙහෙම රාජකාරියක් භාරගන්නේ නැහැනේ. (නදී)

:       0       0

සිරි හීන්පැල්ල Saturday, 19 July 2014 03:07 AM

ඉදිරියේදී වෙන්නේ මොනවාද කියල හොදින් බලා ගෙන ඉන්න (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 19 July 2014 08:02 PM

අධිකරණය නම් සාධාරණයි!! දැන් ඉතින් විධායකය කොහොම කරාවිද බලාගෙන ඉම්මු? බන්ධනාගාර නිලධාරියා තම රාජකාරි තොප්පියෙන් දැන්මම විත්තිකරුට කඩේ යනවා. අපේ ගමේ ජීවිතාන්තය දක්වා හිරේ ගිය මාටින් අයියටත් ඔය සැලකිල්ල දැක්වුවා නම් කොච්චර හොඳද? විදෙස් වීරයා (නදී)

:       0       0

රනිල් Friday, 18 July 2014 08:57 AM

නීතිය රකින නිළධාරීන් අපරාධකරුවන්ව රකින්න උත්සාහ කරන්නේ මොකද? (නි)

:       0       0

අනුර Saturday, 19 July 2014 03:07 AM

වසර 40 ක් හිරේ දැම්මා නම් හොඳනේ ඉතින් (නි)

:       0       0

ලංකා තිලක් Saturday, 19 July 2014 03:08 AM

ප්‍රතිචාර වලින් රජයක් පෙරළන්න පුලුවන් නම් මේ රජය පෙරලිලා ගොඩක් කල්. සුළු ප්‍රමාණයක් අකමැති වුණාට කෝටි දෙකක ජනතාවගෙන් ලැබෙන ආශිර්වාදයෙන් මේ නැව සැඩ සුළං,ගල් පර්වත ඉදිරියේ නොනැවතී ඉදිරියට ගමන් කරනවා. (නි)

:       0       0

අමල් Tuesday, 22 July 2014 12:32 PM

නාමලීගේ කතාවෙත් ගතයුත්තක් තිබෙනවා. හැදෙන වයසේදී , නරක ආශ්‍රය සහ හොඳ ආශ්‍රය තමන්ගේ දරුවන්ට තේරුම් බේරුම් කරන්න ඕනෑ ගෙවල් වල වැඩිහිටියන් තමයි රකිත් (නි)

:       0       0

චමීර Saturday, 19 July 2014 03:10 AM

නීතියෙන් දඩුවම් ලැබුණා වගේම දේව දඩුවම් ලැබෙන දින වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

පුලස්ති Saturday, 19 July 2014 03:13 AM

කට්ටිය අමතක කරන්න එපා මඟුල් ගෙදරට පසුව හෝම්කමින් එකක් කියලා දෙයක් තිබෙනවා. එතනදී මඟුල් ගෙදරදී නොවුණ පුදුම කරවන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම අපි මල්වෙඩි පත්තු නොකර ඉන්න තරමට හොඳයි. (නි)

:       0       0

ඉදුනිල් Friday, 18 July 2014 09:00 AM

ජයවේවා! (නි)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 03:19 AM

තමන්ගේ කරන වැදගත් රැකියාවේ ගරුත්වය ආරක්ෂාවෙන අන්දමට හැසිරීමටවත් ඉගෙනගන්න. (නි)

:       0       0

සේනක Tuesday, 22 July 2014 12:41 PM

අම්මලාට දරුවන්ට යහමඟ කියාදෙන වගකීමෙන් ගැළවෙන්න බැහැ රකිත්. (නි)

:       0       0

ස්වර්ණ ජයන්ත Saturday, 19 July 2014 09:17 PM

ගෙනියන්නේ නම් හිරේට නෙවි වගේ . අපිව මුලා කලාද? (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:25 AM

වැදගත් තරුණ කොල්ලෙක් වෙලත් කළ වැඩේනම් කැතයි හොදේ. (අ)

:       0       0

දිමුතු Friday, 18 July 2014 02:10 PM

ලංකාව දැන් ආශ්චර්යයට යන ගමන ඉතා වේගයෙන් යනවා. කියලා වැඩක් නැහැ අපි ලබා තිබෙන දියුණුව. (නි)

:       0       0

පැතුම් Sunday, 20 July 2014 01:36 PM

බරපතල අපරාධ දෙකක් එකවිට සිදුකර, දඩුවම් දෙකත් එකවිට ගෙවීයයි.මට නම් හිතට මදි. මැරුණ කෙනාට , දුෂණය වූ කාන්තාවට, මෙන්ම රටට සිදුකළ අපකීර්තිය මිල කළ නොහැකියි. මම නීතිවේදීන්ට අකමැති වුණත් මට මේ රටේ නඩුකාරයෙක් ලෙස ටික කලක් හෝ සේවය කරන්නට ඇත්නම් මැනවයි සිතමි. (නි)

:       0       0

විදුරන්ග Friday, 18 July 2014 02:11 PM

බොහොම ප්‍රවේශමෙන් එක්කගෙන යන්න (නි)

:       0       0

අබේරත්න Friday, 18 July 2014 09:04 AM

බලන්නකෝ ගාණක්වත් නැතුව යන ලස්සන (නි)

:       0       0

සෙනරත් Saturday, 19 July 2014 03:31 AM

මට හිතාගන්න බැහැ මිනිසුන් මොහුව සභාපති කළේ ඇයි කියලා? (නි)

:       0       0

අසෝක සිරිදේව Friday, 18 July 2014 09:04 AM

මෙයා දන්නවා වගෙයි ඊළඟට වෙන දේ. ඒකයි හිනහාවෙවී වෑන් එකට නගින්නේ. (නි)

:       0       0

විජයබා Saturday, 19 July 2014 03:33 AM

ඡා‍යාරූප වලින් පෙනෙන්නේ අපේ රටේ නිලධාරීන්ගේ ඇත්ත තත්ත්වයයි. (නි)

:       0       0

කාන්ති Friday, 18 July 2014 09:05 AM

පෙන්නන්නකෝ අනේ ලස්සන මුහුණ (නි)

:       0       0

නිරාන් Saturday, 19 July 2014 03:35 AM

පෙබරවාරි 4 ඒවා කීයක් මෙයා හිරබත් කයිද කියලා බලමුකෝ. (නි)

:       0       0

අනුර Friday, 18 July 2014 09:05 AM

කවුද ඔය තොප්පි වලින් මුහුණු වහන්න හදන පොලිසියේ අය? අපරාධකාරයෝ වහන්කරන්න හදන්නේ මොකද? (නි)

:       0       0

නැනිල් Saturday, 19 July 2014 03:39 AM

විනිශ්චයකාරතුමියට ප්‍රණ‍ාමය! බන්ධනාගාර සේවකයන් ගැන ලැජ්ජයි (නි)

:       0       0

නිමාලි Friday, 18 July 2014 02:21 PM

අනේ බලාගෙන! පරිස්සමින් එක්කගෙන යන්න. වාහනයේ ඔලුව වදින්න ඉඩදෙන්න එපා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 18 July 2014 09:07 AM

මේ වගේ පොලිසියේ අය නිල ඇඳුමටත් කරන්නේ නින්දාවක් නොවේද? (නි)

:       0       0

නිශේන් Friday, 18 July 2014 02:22 PM

මොහු හැදු වැඩු උදවියට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

සඳුන් Saturday, 19 July 2014 03:52 AM

මූහුණ වහන්නේ මොකටද කියලා අපි දන්නවා (නි)

:       0       0

දර්ශණ Saturday, 19 July 2014 10:53 PM

නෑදෑයන්ට පවුලේ හිතවතුන්ට හරිම ආඩම්බර ඇති. (නදී)

:       0       0

රන්ජිත් Friday, 18 July 2014 02:24 PM

සමහරු තවම හරියට ඇස් ඇරලා බලලා නැහැ (නි)

:       0       0

මේනක Saturday, 19 July 2014 10:56 PM

තොප්පියෙන් මුණ වහන කෙනාගේ ගෙදර ඇහැට කනට පේන බවලතුන් කවුරුවත් නැතිව ඇති. ඉන්නවනම් මෙහෙම අරයාව කිට්ටු කරගන්නේ නැහැනේ. (නදී)

:       0       0

සදුනි Friday, 18 July 2014 02:25 PM

කාන්තාවක් ලෙස මම මෑත කාලයේ වැඩියෙන්ම සතුටු වුණ දවස අදයි.අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහස අනුව පොදු සමාවක් ලැබුනොත් එය බොහෝ සිද්ධි වල අවසානය වේවි. (නි)

:       0       0

ලක්මාලි Friday, 18 July 2014 09:16 AM

අද දුප්පත් මිනිහෙක් වුණා නම් ජීප් එකට දාන්නේත් තල්ලු කරලා.මීට වැඩිය හොඳයි පොලිස් මාමලාගේ කලිසමෙන් මුහුණ වැහුවා නම් (නි)

:       0       0

ප්‍රේම් Friday, 18 July 2014 02:26 PM

මේ වගේ අයට මෙහෙම තමි දෙන්න ඕනෑ. එහෙත් අවුරුදු 40ම දෙන්න තිබුනේ. මේ ඔක්කොමත් හරි. මේ පොලිසියේ අයට මේ වගේ කෙනෙක්ගේ මුහුණ වහන්න තරම් මොකක්ද තියෙන උවමනාව? (නි)

:       0       0

අපොන්සු Sunday, 20 July 2014 12:08 AM

මරණිය දඬුවම නොදීපු එක හොඳයි. ටිකකාලෙකට පස්සේ විශේෂ සමාවක් හෙම ලෑස්ති කර ගන්න බැරිවය?(නදී)

:       0       0

කමල් Friday, 18 July 2014 09:15 AM

දඩුවම මදි කියලා තමයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සුනෙත් Friday, 18 July 2014 09:16 AM

දැන් සමහරුන්ට මොනවද දන්නේ නැහැ කියන්න තියෙන්නේ? (නි)

:       0       0

රාමන් Friday, 18 July 2014 09:16 AM

පොලීසිය මුහුණ වහන්නේ මහ ජනතාව බලාගනී කියලද? (නි)

:       0       0

සිරි Saturday, 19 July 2014 04:13 AM

ඔහොම යං සභාපති තුමා . අවුරුදු 20 යන කොට අපේ අයට ඕව මතක නැහැ . සමහර විට ඒ වෙනකොට ස්ත්‍රී දූෂණය නීති ගත කරලා තියෙන්නත් බැරි නැහැ . එලියට ඇවිල්ලා චන්දෙ ඉල්ලන්න රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න ගිහිල්ල හිරේ වැටුන කියල . ඒ වෙනකොට පාර්ලිමේන්තුවක් කියල එකක් තිබුනොත් ආසනයක් ෂුවර්. (නදී)

:       0       0

ප්‍රශීන් Saturday, 19 July 2014 04:14 AM

කොන්ඩෙ විලාසිතාව මරු රු නේද? සැලූන් එකක් දැම්ම නම් හොද අනාගතයක් තියේවි මේ වගේ මැරකම් නොකර. දැන් ඉතින් වන්දි ගෙවයි සැපට හිරේ ඉඳන්. තුන් වේලට බුරියානි හම්බ වෙයි වගේ යන විදිහට.(නදී)

:       0       0

ප්‍රදිප් Friday, 18 July 2014 02:30 PM

මුහුණ වහන්නේ පොලිසියෙන් නෙමෙයි, බන්ධනාගාර නිලධාරින් නේද? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 19 July 2014 04:20 AM

පොලිසියට මේ නරුමයගේ මුණ වහන්න තිබුනේ තොප්පියෙන් නොවෙයි ඇදගෙන සිටින කාකි කලිසමෙන් (නදී)

:       0       0

නාමලී Sunday, 20 July 2014 01:16 AM

අම්මලා තමන්ගේ පුතාලාට කුඩා කල සිටම කාන්තාවන්ට ශීලාචාරව සලකන්න උගන්නන්න ඕන. බවලතුන් කියන්නේ තමන්ට ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන් සෙල්ලම් බඩු කියලා එහෙමත් නැතිනම් කැමති විදියට භාවිතා කරන්න ලයිසන් තියනවා කියලා පුතාලාට හිතන්න ඉඩ නොතියන එක සෑම අම්ම කෙනෙක් ගේම වගකීමක්. සමහර අම්මල තමන්ගේ පුතා නිසා කාන්තාවකට අසාධාරනයක් සිදුවුනත් "ආ ඕවා කොලු කමට කරන වැඩ ඕවා කවුද ගණන් ගන්නේ" කියලා තමන්ගේ පුතාව බේරනවා. ගෙවල් වලත් සහෝදරියන්ට ගහන්න බනින්න පුතාලට බලපත්‍ර දීලා. ඉතින් පිරිමි ළමයින් හිතන්නේ තමන්ට ඕනෑම වෙලාවක ගෑනු කෙනෙකුට අත උස්සන්න පුළුවන් අයිතියක් උත්පත්තියෙන්ම ලැබිලා තිබෙනවා කියල. අද සමාජයේ ස්ත්‍රී දුෂණයක් සිද්ධ වුනොත් ඒ අපරාධයේ භාගයක් වගකීම ඒ දුෂකයාගේ අම්මත් භාරගත යුතුයි. ඒ මොකද කාන්තාවකගේ ශරීරයේ අයිතිය ඒ කෙනාට බව සහ බලහත්කාරකම් කිරීම පිරිමි කමට මදි කමක් බව ඒ අම්ම තමන්ගේ පුතාට උගන්නලා නැති නිසා. (නදී)

:       0       0

ලක්ෂපාන Friday, 18 July 2014 09:20 AM

දරුණු ගණයේ අපරාධකාරයෙක් හිරගෙට ගෙනියද්දී පොලිසිය ඔහුගේ මුහුණ ආවරණය කරන්නේ කුමන පදනමක් උඩද? මේ වාගේ අපරාධකාරයින් ඡායාරූප අරගෙන අපරාධකාරයෙක් කියලා ප්‍රසිද්ධ කළයුතුයි. පොලිසිය මඟින් අපරාධකාරයෝ වසන් කිරීමෙන් සමාජයට දෙන ආදර්ශය මොකක්ද? (නි)

:       0       0

ටෙනිසන් Friday, 18 July 2014 02:37 PM

කෝ මේ අදහස් දාන අපේ ලංකා තිලක් උන්නැහේ ? වික්ටෝරියාට වස් කවියක්වත් කියවන්න ගියාවද්ද ? අපේ තිලකෙට කාන්තා පාර්ශවය පෙනෙන්න බැහැනේ. (නි)

:       0       0

ෂෙරීන් Sunday, 20 July 2014 01:55 AM

අනේ ඇත්තට අර කඩන් වැටිච්ච යානාවක් වත් මේ වාහනේ උඩට වැටුනේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

රොෂාන් Sunday, 20 July 2014 01:57 AM

මේ ගොල්ලන්ට නෝනලා නැතිව ඇති . නැතිනම් බයක් සැකක් නැතිව කිට්ටු වේවිද ? (නදී)

:       0       0

මහසෙන් ඩුබායි Saturday, 19 July 2014 04:31 AM

අනුන්ගේ ජීවිත ගැන වටිනාමක් දන්නේ නැති අය. තමන්ගේ අම්මාට, සහෝදරියට ඔය වගේ උනානම් මොකද වෙන්නේ කියා සිතන්න තිබුනා (නදී)

:       0       0

ශ්‍රී ගැමුණු Friday, 18 July 2014 09:25 AM

මෙයාගේ මුහුණේ කිසිම දුකක් නැහැනේ හරියට ඩුබායි ෂොපින් යන්න යනවා වාගේ.(අ)

:       0       0

නිමල් Friday, 18 July 2014 02:44 PM

අභියාචනයක් ඉදිරිපත් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසංග Saturday, 19 July 2014 04:34 AM

හරියට තමන්ගේම කලිසම ගලවා හිරකරයාගේ මුහුණ වැහුවා වගේ නේද? (නි)

:       0       0

කසුන් Friday, 18 July 2014 09:25 AM

කැමරා වලට බධා වුණා කිීවට මේ තියෙන්නේ හොදටම. (අ)

:       0       0

කවිඳු Sunday, 20 July 2014 02:15 AM

කෝ මේ අපේ කාන්තා දේශපාලක නෝනලා. පක්ෂ විපක්ෂ බේධයෙන් තොරව මම අහන්නේ , දැන් මේ ස්ත්‍රී දුෂණයට විරුද්ධව ප්‍රසිද්දියේ කතා කල එක්කෙනෙක් වත් ඉන්නවද ? හැබැයි ඔක්කොම ඡන්දෙ ඉල්ලනකොට කියන්නේ කාන්තාවන්ට විමුක්තිය ලඟා කර දෙනවා කියලා. විදේශික කාන්තාව පැත්තකින් තියමුකෝ. දැන් හැම තැනින්ම ආරංචි වෙන අපේ රටේ අනිත් කාන්තාවන්ට සිදු වෙන අතවර සම්බන්ධයෙන් වත් ඔබතුමිලා කතා කරනවද ? (නදී)

:       0       0

පහන්දී Saturday, 19 July 2014 04:41 AM

මේ තමන්ගේ රාජකාරි නිල ඇදුමේ කොටසක් වන තොප්පිය ගලවා සිරකරුවෙකුගේ මුහුණ ආවරණය කළ නිලදාරියා ගැන තීරණයක් ගතයුතු නොවේද? (නි)

:       0       0

වීරේ Friday, 18 July 2014 02:51 PM

සුද්දෝ තමා මේ රට කෑවෙ ,, වුණ් විනාශ කරපු සංස්කෘතිය සදාචාරය දැන් ඒ අයටම සලකවා අපේ පුරාණ සිංහලයෝ මේවගේ අසික්කිත වැඩ කළේ නෑ (අ)

:       0       0

පිටිගල Saturday, 19 July 2014 04:42 AM

ඔය දඬුවම ක්‍රියාත්මක වෙනකොට බරපතල වැඩ ඇතුව කියන එක වෙනස් නොවුණොත් බොහොම හොඳයි (නි)

:       0       0

නිම්මි Friday, 18 July 2014 09:30 AM

මේ අයගේ මුහුණ වහන්න මෙච්චර පොරකන්නේ ඇයි ? අපරාධකාරයන්ගේ මුහුණූ සාමාන්‍ය මිනිසුන්ට බලාගන්න සැමතැනම බලාගන්න ප්‍රදර්ශනය කළ යුතුයි (නි)

:       0       0

ආනන්ද Saturday, 19 July 2014 04:48 AM

මේ නිලධාරින්ට ආයෙත් දෙන්න ඕනෑ අර පරණ තොප්පිය. ඒකෙන් හොඳට මුහුණ වහන්න පුළුවන්. (නි)

:       0       0

ඇසළ Friday, 18 July 2014 09:31 AM

සත්ගුණවත් පින්බර අපේ සභාපතිතුමා... බලන්න අතේ තිබෙන පිරිත් නුල් සෙට් එක. කවුද විශ්වාස කරන්නේ මේ වගේ වැඩක් කරයි කියලා. (නි)

:       0       0

කාන්ති Sunday, 20 July 2014 02:52 AM

මම නම් කියන්නේ අම්මලා පිරිමි දරුවන්ට කුඩා කාලයේ සිට කාන්තාවන්ට වැදගත් විදියට ශීලාචාරව සලකන්න පුරුදු කරන්න ඕන. ඒ දේවල් ගෙදර පරිසරයෙන්ම ලැබෙන්න ඕන දෙයක්. ගෙදර අම්ම තමන්ගේ පුතා කාන්තාවන්ට නොමනා වචනයකින් හරි කතා කරනවා දැක්කොත් ඒ වැරැද්ද එවලේම පෙන්නලා දෙන්න ඕන. නැතිව ඕවා හැම කොල්ලම කොලු කමට කරන වැඩ කියලා කරබාගත්තොත් මෙන්න ඇති වෙන ප්‍රතිපල. කිසිම පිරිමියෙක් එක පාරටම ස්ත්‍රී දුෂණයකට පෙලඹෙන්නේ නැහැ. ඒ දේවල් වැරදි කියලා පවුල් පරිසරයෙන් විශේෂයෙන්ම තමන්ගේ අම්ම ගෙන ඉගෙන ගත්තේ නැතිනම් වැඩක් නැහැ. (අ)

:       0       0

දසුන් Sunday, 20 July 2014 02:58 AM

සමහරු හිතන්නේ දේශපාලන බලය කියන්නේ කාන්තාවන්ට බලහත්කාරකම් කරන්න ඉඩ ලබාදෙන බලපත්‍රයක් කියලා. (අ).

:       0       0

ප්‍රබාත් Friday, 18 July 2014 03:14 PM

කවුරුත් කලබල වෙන්න ඕනෙ නැහැ.ඔය රාලහාමිලගේ තොප්පිය තියෙන්නෙ ඕව වහන්න තමයි.(අ)

:       0       0

ටිලාන් ගමගේ Friday, 18 July 2014 03:15 PM

තොප්පියෙන් වහන්න තිබුනේ මුණ නොවෙයි. කරපු වැඩ වලට (අ)

:       0       0

අහිංසා Friday, 18 July 2014 09:33 AM

සාධාරණ තීන්දුවක්.නමුත් මට හිතෙන හැටියට මෙයා අභියාචනයකින් දඬුවම අඩුකර ගනීවි.මීට පෙර මරණ දණ්ඩනය නියම වුණ කීදෙනෙක් එළියේ ඉන්නවාද?? (නි)

:       0       0

අසාම් Friday, 18 July 2014 09:32 AM

මට නම් මේ තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි (නි)

:       0       0

අනුෂ්කා Friday, 18 July 2014 03:22 PM

සත් ගුණවත් බන්දනාගාර නිලධාරී තුමා හිරේට නියමවූ මිනීමරු ස්ත්‍රී දුෂකයෙකුට දෙන්නේ එසේ මෙසේ ගෞරවයක් නම් නෙමේ. ඔහුගේ රාජකාරි නිල ඇඳුමට අයත් තොප්පිය ගලවා මේ ආරක්ෂාව ලබාදෙන්නේ කාටද? මෙවැනි නිලධාරීන් ගැන අපි සිතන්න ඕන මොන විදිහටද? මෙහෙම කරන්න ලජ්ජා නැද්ද? (අ)

:       0       0

සුසිනිත් Friday, 18 July 2014 09:35 AM

අධිකරණය නීතිය අකුරටම... එහෙත් ඉහළින් ඉන්න අය අතේනේ නිදහස තියෙන්නේ බැලුවහම (නි)

:       0       0

සඳරුවන් Friday, 18 July 2014 03:22 PM

වීරේ - එදා නොකරපු වැඩ දැන් දුසින් ගණන් වෙනවා. ඔයා ජීවත් වෙන්නේ තාම සුද්දෝ පාලනය කරන කාලේ වගේ. පොඩ්ඩක් නින්දෙන් නැගිටලා බලන්න වට පිට. (අ)

:       0       0

colombo Friday, 18 July 2014 03:28 PM

දාපු සිරස් තලයට අපේ ප්‍රණාමය (අ)

:       0       0

වීරසේකර Sunday, 20 July 2014 06:33 PM

මේ තරුණ පුද්ගලයාට මෙහෙම වුණේ ඇයි? බලයයි සල්ලි තණ්හාවයි නිසා මේවට ආවට සුදුසුකම් නැහැ. හරි මිනිසුන්ට නාමයෝජනා දෙන්න රට ජාතිය ගැනවත් හිතලා. (නි)

:       0       0

ගාමිණී Friday, 18 July 2014 09:39 AM

මේ පාපතරයන්ට මීට වඩා දඬුවමක් දෙන්නයි තිබුනේ. (නි)

:       0       0

නිමල් Friday, 18 July 2014 09:40 AM

සමාවක් වුණත් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 03:44 PM

බන්ධනාගාර නිළධාරීන් වගේ තමයි ලංකාවේ ඉන්න ගොඩක් දේශපාලකයන්ට මුට්ටි අල්ලලා තැනක් ගත්ත අය. බොහොම හොඳ සිරස්තලයක් (අ)

:       0       0

ධර්මපාල Friday, 18 July 2014 03:47 PM

පොලිස් කාරයෝ මේවගේ පාහරයන් රකින්න ලොකු උනන්දුවක් දක්වනවා. රට ජාතිය බුද්ධාගම රකින්න ඕන තැනේදී මග හරිනවා. (අ)

:       0       0

චන්දන Friday, 18 July 2014 09:43 AM

තීන්දුව ගැන සතුටුයි (නි)

:       0       0

කුමාරසිංහ Friday, 18 July 2014 04:05 PM

සාධාරන නඩු තීන්දුවක් (නි)

:       0       0

සමන් Friday, 18 July 2014 09:43 AM

නොදන්නා හින්දයි අහන්නේ.රෝයල් පාර්ක් චූදිතයාට මරණ දඬුවම දුන්නා.සාක්ෂි තිබිලත් ඇයි ඉතින් මේ අවුරුදු 20ක්? (නි)

:       0       0

හසන්ත Friday, 18 July 2014 04:12 PM

අනේ! පරිස්සමින් අරගෙන යන්න (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 19 July 2014 05:18 AM

බන්ධනාගාර නිලධාරි මහත්තයට ලජ්ජා නැද්ද, මේ වගේ අපරාධ කාරයෙකුගේ මුහුණ ආවරණය කරන්න, තමුන්ගේ රාජකාරි හිස් වැසුම පාවිච්චි කරන්න.තමුන්ගේ රාජකාරිය ඔය විදියට බාල්දු කරන්න එපා සහෝදරයා. මේවගේ අධමයින්ව රටට හොඳට පෙන්වන්නයි ඕනේ. (අ)

:       0       0

සේනක Friday, 18 July 2014 09:43 AM

දැන් මෙතන කවුරුහරි කියයිද දන්නෙ නැහැ කුහක වෙන්න එපා, පාරවල් හැදිලා ශ්‍රී විභූතිය වෑහෙන විදියට මේක මොකද්ද කියලා. (නි)

:       0       0

මාලක සිල්වා Sunday, 20 July 2014 04:43 AM

තොප්පියෙන් මුහුණ වහන්න හදන කෙනා කවුද?(අ)

:       0       0

ජෝයි Friday, 29 August 2014 09:05 AM

ඇයි උන්ව අල්ලන්න බැරි (නදී)

:       0       0

ගමලත් Friday, 18 July 2014 09:45 AM

පස්සේ දවසක පොදු සමාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නෙත් නැහැ (නි)

:       0       0

රූපවති Saturday, 19 July 2014 05:25 AM

මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම වෙනුවෙන් මේ නිලධාරීන් සදහා වහාම විනය ක්‍රියාමාර්ගයක් ගන්න මෙන් ඉල්ලාසිටිමු..! (අ)

:       0       0

පාලිත Sunday, 20 July 2014 04:52 AM

මොනවා වැහුවත් එයාගේ සේරම එළියේ. මේ අයට එ්ක පෙන්නේ නැතුව ඇති. ලෝකෙටම පේනවා.(අ)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 04:25 PM

මෙයාගේ අතේ පිරිත් නූල් 15ක් විතර බැඳලා නේද? (නි)

:       0       0

ලසන්ති Tuesday, 22 July 2014 07:12 AM

අනේ රකිත් නරක ඇසුරට වැටෙන්න කලින් තමයි ඒ දේවල් නරකයි කියලා වලක්වා ගන්න ඕන. ඒක අම්මලා ගේ ප්‍රධාන භූමිකාව. එහෙම නැතිනම් නම් ඔක්කොම මේ රටේ පිරිමි ස්ත්‍රී දුෂකයෝ වෙන්න ඕන. තාත්තලාට වඩා දරුවන් එක්ක හැදෙන වැඩෙන කාලයේදී අම්ම තමයි වැඩි කාලයක් ගත කරන්නේ. ඕනෑම අපරාධයක් සිද්ධ වුනාම සමාජයට වැරැද්ද දාල බේරෙන්න පුළුවන් ද ? එතකොට මොනවාටද දෙමව් පියන් ඉන්නේ ?(අ)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 18 July 2014 09:46 AM

ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව මෙම තීන්දුව අභියාචනාධිකරණයට යොමු වේවි. (නි)

:       0       0

විජේ Tuesday, 22 July 2014 07:14 AM

රකිත් , නාමලී ගේ කතාවේ ඇත්තක් තිබෙනවා. ගෙදර අම්ම ලාට ලොකු වගකීමක් තියනවා තමන්ගේ දරුවන්ව වරදින් මුදවන්න .(අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 04:39 PM

ලංකාවේ ජීවත්වෙන මගේ තාත්තාත් කියනවා දැන්මම සතුටු වෙන්න යන්න එපා කියලා (නි)

:       0       0

හසන්ත Tuesday, 22 July 2014 07:17 AM

රකිත් ඔයා කොහොම කිව්වත් ස්ත්‍රී දුෂකයෙකුගේ අම්මට දුෂණයට ලක් වූ ස්ත්‍රියගේ අම්මාගේ මුහුණ කෙලින් බලන්න පුළුවන් ද කියන්න. (අ)

:       0       0

ලෙස්ලි Friday, 18 July 2014 09:48 AM

තොප්පියෙන් වැහුවේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

පහන් Saturday, 19 July 2014 05:51 AM

තොප්පියෙන් මයිනෙක් කියල කක්ක ගොඩක් වහගෙන හිටපු බන්ධනාගාර නිලධාරියාගේ කතාව මතක් උනා. ඔය තොප්පිය ඇතුලේ හංගගෙන තමයි ජරාව ඇතුලට ගෙනියන්නේ. පරිප්පු සීනි ටික පන්නන්නෙත් ඕකෙන්ම තමයි. (නදී)

:       0       0

කනිෂ්ක Friday, 18 July 2014 09:50 AM

මීට පස්සේ දහම් පාසල් වල උගන්නන්න ගුරුවරු බඳවා ගන්න විට සෑහෙන්න සැලකිලිමත් වෙන්න වේවි. චෝදනා ඔප්පු වුන එක්කෙනෙක් දහම් පාසල් ගුරුවරයෙක් වුන උපාධිදාරියෙක් ලු නේ. එල්ලෙන්න තැනක් නැති වුනාම අන්තිමේ පන්සලේ ගේට්ටුවේ තමයි එල්ලුනේ. (අ)

:       0       0

සේන Saturday, 19 July 2014 06:03 AM

මේ නිලදාරීන් මේ තොප්පිය තමන්ගේ ගරුත්ව සදහා නැවත ඔලුවේ පලදාගන්නේ කොහොමද. (නදී)

:       0       0

රුවන්තිකා Friday, 18 July 2014 09:50 AM

කල පව් පලදෙන්කොට ඔහොම තමයි චන්ඩිකම් දාගෙන හිටියට වැඩක් නෑ බරපතල වැස එක්කම තිබුනා නම් ගොඩක් හොඳයි (අ)

:       0       0

ඩයස් Friday, 18 July 2014 04:52 PM

මේ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

ජොහාන් Saturday, 19 July 2014 06:10 AM

මෙම දීන නිලදාරියා ගැන බන්දනාගාර දෙපාර්තමේන්තුව නැවත සිතා බැලිය යුතුයි. නැත්නම් ගණිකාවන්ගේ නිරුවත වහන්න මේ නිල ඇදුම පාවිච්චි වෙන දවස වැඩිදුර නැහැ (නදී)

:       0       0

නාලක Friday, 18 July 2014 05:06 AM

නීතිය අවශ්‍ය තැන ක්‍රියාත්මක කරන්න පුළුවන් බව මේකෙන් පේනවා. ශ්‍රි ලාංකිකයන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. හැමෝටම විදේශ සම්බන්දතා නැහැනේ. (නදී)

:       0       0

රංග Friday, 18 July 2014 04:54 PM

වීරේ, සුද්දන්ගේ අඩුපාඩු තිබෙනවා. ඒත් මෙහෙම වැඩ කරන්නෙ නැහැ (නි)

:       0       0

පුලස්ති Friday, 18 July 2014 05:07 AM

අවුරුදු 20 ද ? එතකොට එලියට එනකොට මෙයාට 45 යි පරිණත මිනීමරුවෙක් වෙලා ඉඳිවි (නදී)

:       0       0

ජයනි Tuesday, 22 July 2014 07:23 AM

අපේ මල්ලි සාපෙළ කරලා ගෙදර ඉන්න කාලේ ගමේ ළමයි එක්ක කට්ටි පනින පුරුද්දක් ඇති කර ගත්තා. අපේ අම්ම මල්ලිගේ උස බලන්නේ නැතිව කන හරහා පාරක් දීල රස්තියාදුව නවත්ත ගත්තා. එදා ඒ ගැන්සියට වැටුන එක ළමයෙක් අවුරුදු ගණනාවකට පසුව හොරකමකට හිරේ ගියා. රකිත් කියනවා වගේ මොනවා හරි වුනාට පස්සේ සමාජයේ වැරැද්ද කියලා කියන්න පුළුවන් කියලා අපේ අම්මත් මල්ලිගේ වැරදි ඉදිරියේ කරබා ගත්තා නම් අද අපිට මල්ලි කෙනෙක් නැහැ. (අ)

:       0       0

මංජුලා Wednesday, 23 July 2014 08:32 AM

වික්ටෝරියාගේ තුවාල ගැන අධිකරණ වෛද්‍ය වාර්තාව එක ලිපියක දාලා තිබුණා දූෂණය කරලා විතරක් නෙවෙයි පපුව සපා කාපු තුවාල තිබුණා කියලා. ඒකේ තිබුණා .සමහර තැන් මිරිකලා ගොඩක් තලලා වගේ තිබුණලු පව් දෙවියනේ අහිංසක කෙල්ලක්නේ. මේකා මිනිහෙක් නෙවෙයි තිරිසනෙක් (නදී)

:       0       0

ජිලෝ Saturday, 19 July 2014 06:31 AM

පිස්සෙකුට පිස්සුව වැඩිවී කරපු පිස්සු වැඩකට උදවූ කරපු පිස්සන්ටත් දඩුවම් ලැබීම හොද ක්‍රියාවක්. (නදී)

:       0       0

සුදත් ජයරත්න Friday, 18 July 2014 05:09 AM

ස්තුතියි විනිසුරු තුමියනි. (නදී)

:       0       0

සමන් Friday, 18 July 2014 05:05 PM

දඬුවම හොඳටම මදි මගේ හිතට නම් (නි)

:       0       0

රකිත් Thursday, 24 July 2014 01:31 AM

දරුවකු වැරදි කළවිට හරිහැටි කරුණු සොයානොබලා හැමවිටම දෙමව්පියන්ට, විශේෂයෙන්ම මවට චෝදනා කරන සිරිතක් අප බොහෝ දෙනා අතර ඇත. එය සාධාරණ නැත. අපරාධකාරයකු බිහිවීමට විවිධ කරුණු බලපායි. එය හුදෙක්ම මවගේ වරද නිසා නොවේ. මෙය මගේ මතයි. විජේ, අජන්ත, ජයනි, අජිත්, අමල්, ඔබගේ ප්‍රතිචාර වලට ස්තුතියි. මගේ මතයට එකඟවීමට හෝ නොවීමට ඔබට ඇති අයිතියට මම ගරු කරමි. (නි)

:       0       0

සමන් Friday, 18 July 2014 05:17 PM

ලංකාවේ අය පිටරටදී මරා දමනවා. ඒත් ඒවාට කවුරුත් කතා කරන්නේ නැහැ. (නි)

:       0       0

නෙවිල් සිල්වා Friday, 18 July 2014 05:18 PM

මරණ දඬුවම දෙන්නනේ තිබුණේ. (නි)

:       0       0

අසංග Saturday, 19 July 2014 06:50 AM

විනිසුරුවරියට අපේ සුබ පැතුම්. ජාත්‍යන්තරයට පෙන්වන්න ඉතාමත් හොඳ තීන්දුවක්.(නදී)

:       0       0

දිලූ Friday, 18 July 2014 05:14 AM

මෙම තීන්දුව ලෝකයේ අවධානයට ලක්වෙන තීන්දුවක් (නදී)

:       0       0

නලීන් Friday, 18 July 2014 05:18 PM

ඔය කවුරු කොහොම ප්‍රතිචාර දැම්මත් මම නම් විශ්වාස කරන හැටියට ඔවුන්ට නීතිය අකුරට ක්‍රියාත්මක වුණේ බ්‍රිතාන්‍ය ජාතික යුවලක් නිසා කියලයි (නි)

:       0       0

පියුමි Saturday, 19 July 2014 06:52 AM

ඡන්දෙන් පස්සේ එළියට ගනියිද ? (නදී)

:       0       0

සේනාධීර Friday, 18 July 2014 05:20 PM

අපරාදේ කියන්න බැහැ, දේශපාලනයට නම් කියාපු පුතා. (නි)

:       0       0

ලක්මාල් Friday, 18 July 2014 10:01 AM

මෙයාට ලස්සන කොණ්ඩ මෝස්තරයක් එහෙම තියෙනවනේ. උසාවියට ගිහින් තියෙන්නේ පාටි එකකට යනවා වගෙයි. පොලිසිය මෙයාව ඇතුළේදීත් මේ විදියට ආරක්ෂා කරයිද මන්දා. මාධ්‍යවේදින්ට ඡායාරුප ගන්න නොදී ආරක්ෂා කරන විදියෙන් එය ඉතා පැහැදිලියි. (නි)

:       0       0

කමල්ජිත් Friday, 18 July 2014 05:23 PM

නිලධාරීන් කියලා ඇවිල්ලා ඉන්නේ පුදුම ටිකක්නේ (නි)

:       0       0

කෙවින් Tuesday, 22 July 2014 07:29 AM

කිසිම කෙනෙකුට තමන් කළ සමාජ විරෝධී වැඩ, මේවා මගේ අතින් සිද්ධ වුණේ සමාජයේ නරක ඇසුරට වැටුන නිසා කියලා ඇඟ බේරාගන්න බැහැ. (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 10:03 AM

බොහොම හොඳ තීන්දුවක් (නි)

:       0       0

තුෂාර Friday, 18 July 2014 05:26 PM

හිනාවෙලා යන්නේ තව ටික දවසකින් එළියට එනවා වගෙයිනේ (නි)

:       0       0

දර්ෂණ Saturday, 19 July 2014 07:03 AM

රෝහිනී වල්ගම විනුසුරුවරිය එතුමියට මගේ ප්‍රණාමය පුද කරමි ! (අ)

:       0       0

රූපවතී Friday, 18 July 2014 05:29 PM

බන්ධනාගාරයට යන අතරේ හොඳ කන්ටේනර් එකකවත් හැපෙනවා නම්...මඟමරු දෙවියනේ, අල්ලාගන්න මඟදීම. (නි)

:       0       0

නිලන්ත Saturday, 19 July 2014 07:14 AM

මෙයාට තව ටික කලකින් සමාව දෙවි ,හිරේ ඇතුලේ සැප දෙවි . (අ)

:       0       0

රෝෂිත Friday, 18 July 2014 05:41 PM

මෙයා අරගෙන යන විදිය දැක්කහම මට හිතෙන්නේ, බන්ධනාගාරයට වැරදිලා ඇහිලා තියෙන්නේ බරපතල සැප සහිත සිරදඩුවම් කියලා වගෙයි කියලයි. (නි)

:       0       0

රේමා Friday, 18 July 2014 05:20 AM

හතලිස් වසර වෙන කම් දුන්නා නම් හොඳයි එලියට නොඑන්නම. සාධාරණ තීන්දුවක් මේ වගේ අදමයන් නැතිකරන්න (නදී)

:       0       0

නෙවිල් සිල්වා Friday, 18 July 2014 05:41 PM

අසාම්, රෝයි, ලලනි සහ තරිදු ලියා තිබෙන දේ ඇත්ත. (නි)

:       0       0

තුශාර Friday, 18 July 2014 05:21 AM

සන්තෝසයි. තවමත් ලංකාවේ නීතිය ඉතුරු වෙලා තියෙනවා එහෙනම් (නදී)

:       0       0

අමාලි Friday, 18 July 2014 05:22 AM

ගෙදර හිටියට වැඩිය සැප ලැබෙයි. සැප කාමර පිටින් කෑම, ඔය සේරම ලැබෙයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 18 July 2014 05:25 AM

ඇපිල් එකක් දානවද නැද්ද කියල කල්පනා කලේ. වැඩි තන්හාවට ගිහින් වැඩේ රෝයල් පාර්ක් කර ගන්නවද පෙර වැරදිත් නැති නිසා දඩුවම ගෙවලා හෝ යහපත් කල් ක්‍රියාවෙන් ඉදල දඩුවම් කාලය අඩු කරගෙන එලියට එනවද?. අනේ මේ මම හිතන හැටි නෙමෙයී. සභාපති තුමාට හිතෙනවා කියල මට හිතෙන දේ. (නදී)

:       0       0

සුජීව Friday, 18 July 2014 05:45 PM

ඔයා හරියටම හරි අහිංසා (නි)

:       0       0

සුපුන් Friday, 18 July 2014 05:33 AM

මේ වගේ වැරදි කරන අයට නම් දඩුවම කරන්නම වෙනවා (නදී)

:       0       0

ලුම්බිණි Friday, 18 July 2014 10:10 AM

සාධාරණ නඩු තීන්දුවක් (නි)

:       0       0

කෝලිත Friday, 18 July 2014 05:46 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පුලුවන් නම්.... (නි)

:       0       0

අශ්රා රෙහානි Saturday, 19 July 2014 07:44 AM

මේ වගේ මිනිස්සුන් එල්ලලා මරන්න ඕනා (නදී)

:       0       0

නි න ගමගේ Friday, 18 July 2014 05:34 AM

අපි බලමු පෙබරවාරි 4 වෙනිදට මොනවද වෙන්නේ කියා (නදී)

:       0       0

හසිත් Friday, 18 July 2014 10:12 AM

කෝ මේ ලංකා තිලක්? තාම තුන් ලෝකෙම ඉන්න බවලතුන්ට බැනගෙන වැඩ පටන්ගත්තේ නැහැ වගෙයි. දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ ස්ත්‍රී දුෂණය වගේ ක්‍රියාවන් වෙන්නේ මේ ලෝකයේ බවලතුන් පහළ වුණ නිසයි කියලා. (නි)

:       0       0

ජගත් Friday, 18 July 2014 05:59 PM

පොලිස් කට්ටිය හොඳට ලැජ්ජා වුණා නේද වහන්න ගිහිල්ලා? (නි)

:       0       0

ගුණවර්ධන Friday, 18 July 2014 06:06 PM

බන්දුල නියම කතාවක් කියනවා. මම හිතන්නෙත් සභාපති එහෙම සිතනවා ඇති කියලා. (නි)

:       0       0

නාමල් Friday, 18 July 2014 05:36 AM

ටික කලකින් පොදු සමාව. අර මැතිතුමාගේ බිසවට වගේ. (නදී)

:       0       0

එරංග Friday, 18 July 2014 10:15 AM

හිතේ ආවේගයට මොනවා කිවුවත්, කට්ටියටම අමතකවෙලා මේක ලංකාව කියලා. (නි)

:       0       0

රන්ජා Friday, 18 July 2014 05:36 AM

මම අනිවාර්යෙන්ම ඡන්දෙ නොදී ඉන්න හිටියෙ ඊලඟ මැතිවරණයේදී (නදී)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 10:15 AM

වැරදි දෙකටම 40 වසරම හිරේට යවන්න පුලුවන් නම් හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 21 July 2014 12:57 AM

එල්ලුම් ගහ ගැන මොන කතාද? (නි)

:       0       0

අජිත් Tuesday, 22 July 2014 07:52 AM

රකිත්, මවුපියන් සමාජ විරෝධී වැඩවලට අනුබල නොදීම විතරක් මදි. ඒවායේ ආදීනවත් පිරිමි ළමයින්ට දැනුම් තේරුම් තියෙන වයසට ආවාම කියාදෙන්න ඕනෑ. (නි)

:       0       0

චානක Friday, 18 July 2014 06:23 PM

මම බලාගෙන ඉන්නේ අභියාචනාවෙදී මේ තීන්දුවට වෙන දේ ගැන (නි)

:       0       0

සෑම් Friday, 18 July 2014 05:39 AM

අධිකරණය නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා තියනවා. (අ)

:       0       0

ලලිත් Friday, 18 July 2014 10:18 AM

අභියාචනයක් ඉදිරිපත් කරයිද දන්නෙ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

පතිරණ Sunday, 20 July 2014 06:21 AM

මිනි මරුපු අය එල්ලුන්ගහේ යනවා නේද? (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 18 July 2014 05:40 AM

ඇපෑලක් දාල මරණ දඩුවමටම ගියොත් හොදයි නේද? රටටම අපකීර්තිය ගෙනදුන් චන්ඩි. (අ)

:       0       0

තුෂාර Friday, 18 July 2014 10:21 AM

තංගල්ල ජනතාවට (සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ) ජය වේවා! (නි)

:       0       0

සුභාෂිනි විල්බර් Friday, 18 July 2014 05:46 AM

ඔයා නම් හරියට කිව්වා (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 18 July 2014 06:36 PM

විනිසුරුතුමාට ප්‍රණාමය! හොඳ තීන්දුවක් (නි)

:       0       0

කාන්ති Saturday, 19 July 2014 08:04 AM

මහත්තුරු වගේ ඇන්ඳාට වැඩක් නෑ.මහත්තුරු වගේ ජිවත් වෙන්නත් ඉගනගන්න ඕනේ.වැරදී කලානම් දඬුවම් ලැබෙන්න ඕනේ. (අ)

:       0       0

නදීක Friday, 18 July 2014 06:49 PM

ඉදිරියේදී මෙම වසර ගණන අඩුවක් නම් නොවේවා! (නි)

:       0       0

දමිත් Tuesday, 22 July 2014 08:00 AM

සමහර පොඩි වැරදි වලින් අම්ම ල පුතාලව බේරා ගන්න නිසා කාලයක් යනවිට මහා වැරදි කරන එක නවත්තන්න බැහැ. අපේ ප්‍රදේශයේ එක්තරා පොහොසත් තැනක තරුණ පුතා අතින් ගෙදර මෙහෙකාරිය ට වරදක් සිදු වුනා . අම්ම පුතාව බේරාගෙන තරුණිය ගෙදර රියදුරාගේ ඇඟේ ගසා කසාද බඳවා කෙසේ හෝ ඈත පළාතකට පිටත් කළා. දැන් ඒ පුතා ආයතනයේ සේවිකාවකට ලිංගික බලපෑම් කිරීමේ වරදට ඔප්පුවී සේවයෙන් පහ වෙලා . කාගේද වැරැද්ද කියල පාඨක ඔබම තීරණය කරන්න. (අ)

:       0       0

දිල් Friday, 18 July 2014 05:49 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියා තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Friday, 18 July 2014 05:51 AM

අනේ සාදු ! ලංකාවේ නීතිය මෙහෙම හරි ඉතිරි වෙලා තියන එක ගෙන ගොඩක් සතුටුයි. මට තියන අනිත් ප්‍රශ්නේ මෙයාලගේ යහපත් කල් ක්‍රියාව කියල තව අවුරුදු 5න් එලියට දායිද දන්නේ නෑ... ඇයි අනේ ජනාධිපති සමාව... නිදහස් සැමරුම් සමාව.... වෙසක් පෝය සමාව.... මේ වගේ එකකට අහුවෙලා එලියට ඒවිද කියලා (නදී)

:       0       0

උපුල් Friday, 18 July 2014 10:28 AM

පොදු සමාවක් නම් දෙන්න එපා මේ වගේ අය නිසා ලංකාවට කොච්චර අපකීර්තියක් වුණාද? (නි)

:       0       0

ලලිත් Friday, 18 July 2014 06:58 PM

පොලිස් නිලධාරීන් ඔවුන් ආරක්ෂා කරන්නේ කුමන හේතුවක් මත්තේ වුවද, ඔය වගේ මිනිසුන් ප්‍රසිද්ධියේ ගෙනයාමත් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමටද අගෞරවයකි (නි)

:       0       0

මර්වින් Friday, 18 July 2014 10:27 AM

පොලිසියේ අය තොප්පිය අහකට ගන්න බයද? (නි)

:       0       0

මංජුල Friday, 18 July 2014 07:11 PM

මොවුන්ව පෝරකයට යවනවා නම් තමයි මම සතුටු (නි)

:       0       0

ජයසිංහ Friday, 18 July 2014 05:54 AM

කතාව ඇත්ත අමාලි, මෙයා රිමාන්ඩ් එකේ හිටියෙත් රජ සැප පිටනේ. අපරාධකාරයෝ හංගගන හිටපු බලවතුන්ටත් දඩුවම් ලබා දිය යුතුයි (නදී)

:       0       0

ජයසිංහ Friday, 18 July 2014 05:54 AM

කතාව ඇත්ත අමාලි. මෙයා රිමාන්ඩ් එකේ හිටියෙත් රජ සැප පිටනේ. අපරාධකාරයෝ හංගාගෙන හිටපු බලවතුන්ටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

රොහාන් Friday, 18 July 2014 10:29 AM

අපේ රට අප්‍රසාදයට පත්කරන හැම අයෙකුටම මේ විදියට දඩුවම් ලබාදෙනවා නම් හොඳයි (නි)

:       0       0

චමන්ද Friday, 18 July 2014 05:55 AM

නිතිය හරියට ක්‍රියාත්මක වීම නිසා සතුටු වෙනවා (අ)

:       0       0

ජයලත් Friday, 18 July 2014 10:29 AM

ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ආචාරය! අර මූහුණ වහන අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ආශා Friday, 18 July 2014 07:21 PM

මේ වගේ අයට එල්ලා මැරීමේ දඩුවම දෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන් Friday, 18 July 2014 05:56 AM

හොඳ තීන්දුවක් කාලෙකට පස්සේ. තවත් දැඩි කලා නම් තමයි හොඳ. කමක් නැ ලද දෙයින් සතුටු වෙමු. (අ)

:       0       0

ජනක Friday, 18 July 2014 06:00 AM

රටම අපකීර්තියට ලක්කල නරුමයාට දුන් තීන්දුව සාධාරණයි. අධිකරණයට ජය වේවා! (අ)

:       0       0

මිලානො ජයන්ත Friday, 18 July 2014 10:36 AM

තවත් මේ වැනි දූෂණ,මිනිමැරීම් අයුතු ලෙස මුදල් ඉපැයිම් කරන්න හිතාගෙන ඉන්න දුෂඨ මිනිසුන් මෙය ආදර්ශයට ගත්තොත් ඔවුන්ට වැඩ දායකවෙ. (අ)

:       0       0

රොහාන් Friday, 18 July 2014 07:37 PM

අර තොප්පියෙන් මුහුණ වහන අයට සහෝදරියක්වත් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

පුබුදු Saturday, 19 July 2014 08:28 AM

මෙවන් අයට සබාපති වෙන්න ඡන්දෙ දුන්නේ කව්ද (නදී)

:       0       0

සමාධි Tuesday, 22 July 2014 08:13 AM

කිසිම වැදගත්කමක් මට නම් පෙනෙන්නේ නැහැ ඉසුරන්දි. (නි)

:       0       0

කුමාරි Friday, 18 July 2014 06:02 AM

මේ වගේ අධමයන්ට දෙන්න ඕන දඬුවම මට මතන ලියන්න බැහැ. (අ)

:       0       0

උපාලි Friday, 18 July 2014 10:39 AM

බන්දුල පෙරේරා, මම නම් කැමතියි එයාල වැඩේ රෝයල් කර ගන්නවා නම්. (අ)

:       0       0

අබේසිංහ Saturday, 19 July 2014 08:33 AM

මෙමගින් මෙවැනි වැඩ කරන අනෙක් හාල්පාරුවොත් පාඩමක් ඉගෙන ගත්තොත් එය රටටත් සමාජයටත් රජයටත් යහපතක් වේවි.(නදී)

:       0       0

දර්ශන Friday, 18 July 2014 10:40 AM

වරදකරුවෙකුට පොලිසියේ අය පක්ෂද? (නි)

:       0       0

රසික කටාර් Friday, 18 July 2014 08:02 PM

පොලිස් විතරක් නෙමෙයි ධර්මේ,ජේලර් ගාර්ඩ්ලත් හොඳට සළකනවා (නි)

:       0       0

කසුන් Friday, 18 July 2014 10:41 AM

දැන් ඉතින් තීන්දුව ලැබුණානේ.තව මාසයකින් දෙකකින් සියල්ල අමතකයි. (නි)

:       0       0

රණවීර Friday, 18 July 2014 10:42 AM

දැන් ඉතින් ටයි කෝට් ගලවලා ජම්පරේ ඇඳගෙන වැඩ කරන්න වෙයි. කන්න නම් ඇතුළේ වෙලාවට දෙයිනේ. (නි)

:       0       0

වර්නීත් Friday, 18 July 2014 08:07 PM

ගොඩක් සතුටුයි (නි)

:       0       0

රවිඳු Saturday, 19 July 2014 08:45 AM

මියගිය කෙනා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවුනා නම්, මෙයා තාමත් සභාපති පුටුවේ. බ්‍රිතාන්‍ය රජයත් මැදිහත් උන නිසා දෙවි ගොල්ලන්ගේ අනුහස් ලැබිල නැහැ වගෙයි.(නදී)

:       0       0

සඳ කැළුම් Friday, 18 July 2014 06:11 AM

නියමයි මේ පාර නම් අධිකරණය නියමෙට වැඩ කරලා (නදී)

:       0       0

සරත් ආනන්ද Friday, 18 July 2014 06:12 AM

තවත් දූෂිත දේශපාලකයෙක් වෙන්න ගමන ආරම්භ කරපු මෙයාට අධිකරණයෙන්ම නීතියෙන්ම තිත තියන එක හොඳයි. (නදී)

:       0       0

ශාන් Friday, 18 July 2014 06:12 AM

සමාව ලැබිලා එනවා නේද එළියට (නදී)

:       0       0

අරුණ Friday, 18 July 2014 06:12 AM

මට නම් පුදුමයි අදිකරණය ගැන හැම දේම මෙහෙම වෙනවා නම් හොඳයි (නදී)

:       0       0

ආනන්ද Friday, 18 July 2014 08:32 PM

මෙයා හිරේ ඉන්නේ අවුරුදු 20නේ. අපරාදේ! මරණ දඩුවම දෙන්න තිබුණේ (නි)

:       0       0

පියල් Friday, 18 July 2014 10:44 AM

පේනවනේ කට්ටිය දෙන 'සපෝර්ට්' එකේ තරම. තවත් පිරිහෙන්න දිශාවක් නැහැ (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 July 2014 08:31 AM

කොහොම වුණත් මේ පුද්ගලයාට ළමා සහ නව යොවුන් කාලයේදී තමන්ගේ පවුලෙන් නිසි මඟපෙන්වීමක් ලැබුණේද යන්න සැකසහිතයි (නි)

:       0       0

ජීවක Friday, 18 July 2014 06:16 AM

අනේ! ලබන වෙසක් එකට මේ අහිංසකයන්ව නිදහස් කරලා දෙන්නකෝ! (නි)

:       0       0

අරුණ Friday, 18 July 2014 06:16 AM

ලංකාවේ කෙනෙකුට වුණා නම් ඒත් මෙහමම කරයිද? (නි)

:       0       0

කුමාරසිරි Friday, 18 July 2014 10:48 AM

මුහුණ වහන්න තිබුනේ තොප්පියෙන් නෙමෙයි,ඇඳගෙන හිටපු කලිසමෙන්. (නි)

:       0       0

ලසන්ත Friday, 18 July 2014 06:18 AM

මොහු අනිවාර්යයෙන්ම වරදකරු වෙනවා කියලා මම ගියපාර අදහස් දැම්මම සමහරු ලියලා තිබුනා ඒක වෙන්නෙ නැහැ,දේශපාලන බලයෙන් මොහු නිදහස් වෙනවා කියලා. අපේ රටේ අධිකරණය ගැන විශ්වාසයක් අපිට තියන්න පුලුවන්. මේක ඒක ඔප්පු වූ තවත් අවස්ථාවක්. නමුත් ප්‍රශ්නය වන්නෙ පොදුසමා වැනි දේවල් යටතෙහි ලැබෙන නිදහසයි (නි)

:       0       0

රන්ජන් Friday, 18 July 2014 10:48 AM

යන උජාරුව! හිතේ හොඳ වැඩක් කරලා යනවා කියලා වෙන්න ඇති (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 20 July 2014 07:41 AM

මේ වගේ මිනිස්සු හරිනම් ලෝගුව අන්දවලා ගේන්න තිබ්බේ උසාවියේ ඉදලා.තව ටයි බයි දාගෙනත් එන උජාරුව විතරක්.(අ)

:       0       0

ඇන්ටන් Friday, 18 July 2014 06:18 AM

අභියාචනයට යයි, ඊටපස්සේ එක්කෙනක් නිදහස් වෙයි,අනිත් අයගේ දඩුවම් කාලය අඩුවෙයි (නි)

:       0       0

කලුපහන Friday, 18 July 2014 10:49 AM

තව දින 365ක් ඉවසලා බලමු. (නි)

:       0       0

සඳුන් පෙරේරා Friday, 18 July 2014 09:11 PM

අර ලංකා තිලක් කොහෙද දන්නේ නැහැ. මේවාට ආවඩන අය ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 18 July 2014 10:49 AM

බලයෙන් උමතුව දඟලන අය බලාගෙන. දැක්කාද ලෝක ධර්මතාවය? කට්ටිය දැන් වෙව්ලනවා ඇති. (නි)

:       0       0

ලෙහාන් Saturday, 19 July 2014 09:20 AM

මේ සැරෙත් ඡන්දේ දෙමු (නදී)

:       0       0

ආශා Tuesday, 22 July 2014 08:46 AM

මූණේ කැත , මහ ජරා පෙනුමක්නේ මෙයාට තියෙන්නේ.ෆොටෝ ටික කැත වෙන හින්දා මේ පොලිසියෙ මහත්වරු ටික මේ නරුමයාගේ මූණ වහන්න දඟලනවා.මේ අය ඇඳන් ඉන්න නිළ ඇඳුම් ටික ගලවලා ඒවගෙන් මූව වහගෙනම අරගෙන ගියා නම් මීට වඩා හොඳයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:21 AM

දැඩි දඬුවම් ලබාදුන් නීති ආයතනවලට වගේම නීතිය ක්‍රියාත්මක කළ හැමටම රටේ පොදු ජනයා හැටියට අපේ ගෞරවය ! (නි)

:       0       0

සුසිර Saturday, 19 July 2014 09:24 AM

එතකොට හෝටලේට කරපු අලාභයට වන්දි ගෙවන්න ඕන නැද්ද? ඒ වැඩේ සුපුරුදු විදිහට ගොඩින් බේරාගෙන වගෙයි. (නදී)

:       0       0

හේමන්ත Friday, 18 July 2014 06:21 AM

මට යමක් තේරෙනවා. නමුත් තේරෙන දේ මේකේ ලියන්න බැහැ (නි)

:       0       0

රණා Saturday, 19 July 2014 09:26 AM

අනේ අර කළුතර පැත්තේ තමාගේ දෙයම කපාගත්තු එකාට පිහියක් දීල මේ පැත්තේ එවුවා නම් වැඩ පෙන්නන්න තිබුනා. (නදී)

:       0       0

විජේසිංහ Friday, 18 July 2014 06:24 AM

අයියෝ! මදි. අපි බලාපොරොත්තු වුණේ ජීවිතාන්තය දක්වාමයි (නි)

:       0       0

සුමිත් Friday, 18 July 2014 11:07 AM

මට නම් හරිම සතුටුයි (නි)

:       0       0

වික්‍රමසිංහ Saturday, 19 July 2014 09:26 AM

මීගමුව ඉස්පිරිතාලේ මිනීමැරුමට මොකද උනේ? (නදී)

:       0       0

සමීර Friday, 18 July 2014 06:25 AM

මම නම් මේකට 100% ම මරණ දඬුවම දෙයි කියල හිතුවේ . (නදී)

:       0       0

සැමුවෙල් Saturday, 19 July 2014 09:28 AM

මේ දෙය ගැන හිතෙන කොට ලජ්ජා හිතෙන්නේ අපරාද කාරයෝ බේරගන්න හදන නීති වේදියෝ සහ උන්ව ආවරණය කරන්න හදන ආරක්ෂක නිලදාරීන් ගැනයි. (නදී)

:       0       0

චමිලා Friday, 18 July 2014 09:25 PM

විදේශිය කෙනකුටවත් එන්න බැරි රටක් වෙලා මේක. පොලිසියේ අය ඔවුන්ව රකින්නේ උතුම් වැඩක් කරලා හිරේට යන කෙනෙක් වගේ (නි)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 18 July 2014 06:26 AM

උන්නැහේ ගේ මුණ වහන්න ජේලර් මහත්තය අසාර්ථක උත්සාහයක. අනේ පව් අප්පා. (නදී)

:       0       0

ඉසුරු Friday, 18 July 2014 11:13 AM

අන්තිම ඡායාරූප වල ඉන්නේ වික්ටෝරියාද? (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 11:14 AM

මුලු ලෝකයම මේ දිහා අැස් අැරගෙන බලාගෙන හිටියා. සාධාරණ තීන්දුවක් දීලා තියෙනවා. නමුත් දෙපාර්ශවයම ලංකාවෙ අය වුණා නම් තීන්දුව වෙනස් වෙන්නත් ඉඩතිබුනා. (නි)

:       0       0

ඇබට් Monday, 21 July 2014 03:48 AM

චමින්ද, ඔය රටේ උපාධිධාරීන්ට දෙන රැකියාව නියමයි නේද? (නි)

:       0       0

අමරසේන Friday, 18 July 2014 11:18 AM

හොඳ වැඩේ. මෙයා අපේ ගමට එහා ගමෙයි හිටියෙ. හැබැයි මට නම් මිනීමැරුමකට අවුරුදු 20ක් මදි.ඒ කොහොම වුණත් අධිකරණය මේ දුන් තීරණය ගැන සතුටු වෙනවා. (නි)

:       0       0

කවීෂා Thursday, 24 July 2014 05:10 AM

ඩී. එන්. ඒ පරීක්ෂණ වාර්තා පවා අරගෙන බලලලු ඔය තීන්දුව දීලා තියෙන්නේ . 100% ක්ම ඔය පින්තුරයේ ඉන්න අදමයා කියලා ඔප්පු වෙලා තියෙද්දිත් ඔය නඩු තීන්දුවට ඇපිල් එකක් දාන්න යනවා කියලා තව ලිපියක තිබුණා. මෙයාට කඩේ යන තව අදමයෝ ටිකක් ෆේස්බුක් පිටුවක් දාලා තියෙනවා මෙයාගේ නිර්දෝෂිකම ගැන කියන්න. අවු 40 ම ඇතුලේ හිටියොත් හොඳයි. ඒ ගැනත් ෂුවර් කරන්න අමාරුයි (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 18 July 2014 06:32 AM

හිටපු ගමන් පැනල ගියා කියල ලියා ගන්න (නදී)

:       0       0

රෝයි Friday, 18 July 2014 11:20 AM

පුද්ගල ඝාතනයක් සාධාරනව ඔප්පුවීමෙන් පසු චුදිතයන්ට ලැබෙන දඩුවම් විවිධයි. කෙනෙකුට මරණ දඩුවම, තව කෙනෙකුට දිවි ඇතිතෙක් සිර දඩුවම්. කෙනෙකුට වසර විස්සයිත නමුත් සැමට එකම දඩුවමක් දුන්නා නම් කොතරම් හොඳද? (නි)

:       0       0

වික්‍රම Friday, 18 July 2014 09:36 PM

මෙය අවසාන තීන්දුවම වේවා! (නි)

:       0       0

උමේෂ් Tuesday, 22 July 2014 09:07 AM

අපේ රට නම් නියම රටක්.... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 06:34 AM

ඔය උනුසුම ගියාට පස්සේ බලන්නකෝ සිද්ද වෙන දේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 11:21 AM

අනුර, කල්පනා කරන්න ඔලුවකුත් නැහැ, සුද්දෙක් එක්ක ගහගන්න හයියකුත් නැහැ. අපේ අයගේ ගැහිලි අපි ටීවී එකේ දැකලා තිබෙනවා. බලා ඉන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

බමුණු Saturday, 19 July 2014 09:43 AM

"සුද්දෝ තමා මේ රට කෑවෙ" සුද්දෝ නැතිනම් අද ඔහෙලට ලෙවකන්න තමයි වෙන්නේ. (නදී)

:       0       0

මදුශාන් Sunday, 20 July 2014 08:16 AM

ඇයි මෙයාලට මරණ දඩුවම නියම වෙන්නේ නැත්තේ? (නි)

:       0       0

රූපා Friday, 18 July 2014 06:34 AM

මටත් දුන් දඬුවම මදියි කියලා තමයි හිතෙන්නේ. දිවි ඇතිතෙක් හිරගෙයට නියම කළා නම් හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 11:23 AM

අර සුද්දිව දැක්කහම ඔහුට මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

ටීනා Friday, 18 July 2014 09:36 PM

ලස්සන මුහුණු පොඩ්ඩ... (නි)

:       0       0

වර්ණ ගමගේ Friday, 18 July 2014 06:34 AM

මේ වගේ අපරාධකරුවන්ට දෙන්න ඕනෑ ෂරියා නීතියි. (නි)

:       0       0

ප්‍රසාන් Friday, 18 July 2014 11:25 AM

පොලිසිය නරුමයින්ගේ මුහුණ වහනවා. නරුමයින් පොලිසියේ මුහුණ වහනවා. මේ හින්දානේ අපි වගේ අහිංසකයින්ට පාරේ බැහැලා යන්නවත් බැරි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 06:34 AM

ජනක, දැන්මම ඉස්සර වෙන්න යන්න එපා. (නි)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 06:36 AM

නියම තීන්දුවක් (නි)

:       0       0

අරුණි Thursday, 24 July 2014 05:31 AM

රකිත් දරුවන්ගේ වැරදි වලට දෙමවුපියන්ටම දොස් කීම වැරදියි තමයි. එ්ත් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු විශ්‍රාම වැටුප් නිලධාරිණිය රු කෝටි එකහමාරක් රජයේ සල්ලි වංචා කරලා ඒක අහුවෙලා දැන් ඉන්නේ හිරේ.ඔයා දන්නවාද අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මාගේ සම්පූර්ණ අනුදැනුම ඇතුව මේ හොරකම කරලා ඇයගේ ගිණුමේ මේ විදියට වංචා කරපු සල්ලි දාලා තිබිලා අහුවෙලා දැන් ඒ අම්මගේ විශ්‍රාම වැටුප නවත්වලා තියෙනවා. මේ සිද්ධිය ගොඩක් පත්තරවල ඒ දවස්වල පල කරලා තිබුණා. මේ අම්මා ගුරුවරියක් වීම ගුරුවරු සංහතියටම ලැජ්ජාවක් නෙවෙයිද? තමුන්ගේ දරුවාවත් නොමග යවපු මෙහෙම ගුරුවරු අනිත් දරුවන්ව යහමග යවන්නේ කොහොමද?(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 18 July 2014 11:28 AM

වහන එකම තමයි හොඳ, රටට නිගාකළ මුහුණු. (නි)

:       0       0

ලක්ෂපාන Saturday, 19 July 2014 09:50 AM

ගුණවර්දන ඔබ හරි මේ නිලධාරින් කරන්නේ හරියට රෙද්දක් නැතිව විලිවහගන්න දගලන මනුස්සයෙකුගේ විලිය වහනවා වාගේ වැඩක්. සභාපතිට වහගන්න දෙයක් ඉතිරිවෙලා තියෙනවද? මෙහෙම ගියොත් මේ ජේලර්ලට සභාපතිගේ කකුල් දෙකත් ලෙවකන්න වෙයිනේ (නදී)

:       0       0

චාන්දනී Friday, 18 July 2014 06:39 AM

වසර 20කට වැඩියෙන් දෙන්න බැරිවුණ එක ගැන නම් මට දුකයි (නි)

:       0       0

පද්මිණි Friday, 18 July 2014 11:35 AM

තරුණ පුතුන් ඉන්නා මවක් ලෙස මටත් දැඩි කම්පනයක් ඇතිවුණා. කටේ කිරි සුවඳ යන්නටත් පෙර ජරාජීර්ණ වූ දේශපාලනයට මොහු අද දැමීමේ ප්‍රතිඵල දෙමාපියනුත් විඳිනවා. (නි)

:       0       0

ගයන් Saturday, 19 July 2014 09:57 AM

අසාමාන්‍ය ස්ත්‍රී දුෂකයෙකුට, මිනිමරුවෙකුට පල් හොරෙකුට තියෙන සැලකීම දැක්කම පුදුම හිතෙනවා. (නදී)

:       0       0

නිශාන්ත Friday, 18 July 2014 06:39 AM

කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... රටේ නීතිය ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙන තීරණයක් (නි)

:       0       0

අර්ජුන Friday, 18 July 2014 11:36 AM

ඔබ සතු ධනය, බලය ඔබ උමතු කරයි. කළ යුතු නොකළ යුතු දේ නොහඳුනයි. තැන නොතැන නොදනී.‍මරණය හමුවේ ඔබගේ ධනයෙන් බලයෙන් කළ දේ වලට විපාක දෙනවිට ඔබට කවුරුත් සරණ නොවේ. (නි)

:       0       0

මංගලිකා Friday, 18 July 2014 06:39 AM

හොඳ වැඩේ. නියමයි (නි)

:       0       0

නන්ද Friday, 18 July 2014 06:42 AM

බය වෙන්න දෙයක් නැහැ.සමාව ලැබිල එලියට එවි. පසුව තව තව ඉහලට යන්න අවස්තාව උදාවේවි.(අ)

:       0       0

චතුරංගි Saturday, 19 July 2014 10:40 AM

මේ වගේ අයට ඒ දඩුවමත් මදි (නදී)

:       0       0

ප්‍රශාන්ත Friday, 18 July 2014 06:46 AM

පිරිත් නූල් ද අතේ තියෙන්නේ (අ)

:       0       0

සතිෂ් Saturday, 19 July 2014 11:00 AM

තිලක් ඔයාට සුප්පුවකින් කිරි පොවන්න ඕනේ. ඔයා ලංකාවේ වෙන දේවල් හරි යට දන්නේ නැතිවනේ කතා කරන්නේ. 6 වෙනි ෆොටෝ එකේ එයා ගුටිකාපු බව ඔයාට පේනවද ? මේගොල්ලෝ හොඳට හිරේදී සැප විඳිනවා (නදී)

:       0       0

ප්‍රශීන් Friday, 18 July 2014 06:46 AM

ඇත්තටම සතුටුයි මේ දුන්න තීන්දුව ගැන. හිරෙන් පනීද දන්නේ නැ කුඩු ලොක්කෝ දෙන්නා වගේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 898 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 411 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 269 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 816 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 709 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site