පෞද්ගලික අභිමතාර්ථ හා වෙනත් පක්ෂ සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා විවිධ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට අවශ්‍ය වී ඇතැයි නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය.
එකම පවුලේ අය ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජන කරන අතරම එම පවුලේම තවත් අය ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන බව ද ඔවුන් කිසිවකුටත් නිදහස් පක්ෂය පිළිබඳ හැඟීමක් නැතැයි ද ඔහු කීවේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
“සමහරුන්ගේ තාත්තා ජනාධිපතිවරයා සමඟ ඉන්නවා. පුතා ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්නවා. ඒ පවුල්වලට ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මොනවාද වෙන්නේ වෙන්නේ ?“ යැයි හේ පැවසීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි මදුර. වචන දාහකින් කියන්න තියන දෙය ඔබ එක වාක්‍යයකින් කියා තිබෙනවා (නි)
වින්සන්ට්ගේ සහ ද සිල්වාගේ අදහස් කියවා බලන්න. අපේ රටේ පරිහානියට හේතුව පැහැදිලිව කියා ඇත. අන්තිමට ඔවුන් සුර සැප විඳිති. අපි දුක් විඳිමු. මෙයට හේතුව ඡන්දදායකයන් පක්ෂ බදාගෙන රට ගැන අමතක කිරීමය. (නි)
රාජපක්ෂ පවුල සහ වටේ සිටි සහචරයෝ රටේ ආර්ථිකය සූරාකෑවේ නැත්නම්, මහින්ද මහත්තයා අදත් රටේ ජනපති. රට ආර්ථික වශයෙන් විශාල ලෙස ඉදිරියට ගිහින්. (නි)
ඒක තමයි ඇත්ත.(හේ)
හොඳටම බයවෙලා මහින්දගේ අලුත් පක්ෂයට. ජනතාව අසරණ වෙන්නේ නැහැ. මොකද ජනතාව ඉන්නේ මහින්දත් එක්ක. ඔය බයවෙලා තියෙන්නේ ඡන්දෙන් මහජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය. (නි)
රටේ ජනතාව මහින්ද සමඟයි (නි)
පක්ෂය පාවාදුන් ද්‍රෝහීන් තමා කවදාවත් දිනන්න බැරි අය එකතුකරගෙන රට කන්නේ (නි)
මේ වගේ විහිලු කතා තවත් අහන්න ජනතාව මෝඩ නැහැ (නි)
ඔය ලොකු ලොකු පක්ෂවල සමහර නායකයෝ එකට කනවා බොනවා, මඟුල් තුලා කරගන්නවා. කොටින්ම කියනවා නම් අපට පෙනෙන්න පාර්ලිමේන්තුවේදී බොරුවට කෝලාහල කරගන්නවා. පහුගිය ආණ්ඩුවේ දුෂිතයන්ට දඬුවම් දෙනවා කිවුවට තවම දඬුවම් දුන්නද? බොරුවට ප්‍රශ්න කළාට කවුද උසාවියක් මඟින් වැරදිකරුවෝ වුණේ? (නි)
අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පක්ෂය පාවා දුන් ද්‍රෝහීන් කවුදැයි හොදින් දනී. (ර)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අය ශක්තිමත්. ඒ අය ඉන්න ඕනෑ කොතැනද කියන එක කුරුණෑගලින් ඔප්පු කළා නේද? ඕනෑනැති අයව තම ප්‍රදේශයෙන් එළවලා දානවා. ඇත්ත එ්කනේ. ද්‍රෝහීන් කවුද, වීරයෝ කවුද පොදු ජනතාව දනී. (නි)
අපි නම් අහිංසක පාක්ෂිකයො තමයි. එ්ත් අංගුලිමාලලාටත් වඩා අන්ත කවුද කියලා අපි දන්නවා. (නි)
මෛත්‍රියේ සළු පළඳා, වසා ඇති වෛරයට එක්ව තාන්නමාන්න, වරදාන, වරප්‍රසාද උදෙසා පක්ෂය පාවාදුන්නෝ කවුරුන්ද? (නි)
අනේ ඒක ගැන හිතලා තමා පාක්ෂිකයෝ ඔබතුමාට මහමැතිවරණෙන් උත්තර දුන්නේ (නි)
මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අගමැතිතුමා එජාපයේ දොර ඇරලානේ තියෙන්නේ. (නි)
ජනතාව පරාජය කළ පුද්ගලයෙක් අැයි නැවත දැම්මේ (නි)
දුෂිතයන් ආරක්ෂා වන්නේ නම් පක්ෂය කැඩෙන්නේ නැත. පක්ෂයේ සමගිය දුෂිතයන් සමඟ යන ගමනකි. ශ්‍රී ලංකා දේශපාලනය කවදත් අවස්ථාවාදීන්ගේ ග්‍රහණයේ පවතින්නකි. රටක් ගැන නොසිතන ජනතාව ඊට වගකිව යුතුය. (නි)
" අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට" අංගුලිමාල වගේ වෙන්න කියනවාද. (නි)