IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තනි කකුලක් රුපියල් 100යි

පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත. 

එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති.

 



අදහස් (0)

තනි කකුලක් රුපියල් 100යි

රොෂාන් Sunday, 13 April 2014 08:38 PM

ලෝකයේ කිසිම රටක දකින්නට නොලැබෙන දසුනකි මේ තනි සපත්තු අළෙවිය (නි)

:       0       0

නිරෝෂන් Sunday, 13 April 2014 09:13 PM

මගේ නැතිඋන සපත්තුවේ අනෙක තියෙනවද දන්නේ නැහැ (දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 13 April 2014 09:16 PM

තනි කකුලෙන් නැගිටින්න උත්සහ කරන්න ඕන කියල කතාවක් තියෙනවනේ. මේ කට්ටිය එහෙම වෙන්න උත්සහ කරන්නේ. (දී)

:       0       0

ලසන්ත Sunday, 13 April 2014 09:16 PM

ලැජ්ජාවේ බැහැ මිනිස්සු තව තොරනවත් එක්ක (දී)

:       0       0

කුමාර Sunday, 13 April 2014 09:19 PM

මගේ ජිවිත කාලෙටම මෙවැන්නක් දැක්කාමයි (දී)

:       0       0

තුෂාර Sunday, 13 April 2014 09:21 PM

රොෂාන් කියුව වගේ ලෝකෙම මවිත කරනවා (දී)

:       0       0

නයනා Sunday, 13 April 2014 09:23 PM

මේවා පාවිච්චි කරපුවද නැත්නම් තොග අවසන් කිරීමේ මහා සේල් ද (දී)

:       0       0

රෂි ප්‍රනාන්දු Wednesday, 30 April 2014 10:31 AM

භයානකයි යාළුවගේ සපත්තු පරිස්සම් කර ගන්න එකක් නැති උනොත් මෙන්න හොයා ගන්න තැන (දී)

:       0       0

විදානගේ Sunday, 13 April 2014 09:43 PM

අනිත් කකුල රත්මලානේ ගොළුමඩම හන්දියේ තියනවා විකුනන්න (දී)

:       0       0

හසන්ති Sunday, 13 April 2014 10:03 PM

මිනිහෙක්ට කකුල් දෙකක් තියෙන්නේ තනි සපත්තුවෙන් යන්නද (දී)

:       0       0

ශාන් Sunday, 13 April 2014 10:24 PM

මෙතනින් කැමති එකක් තෝරගත්තට පස්සෙ කඩේ ඇතුලින් ඒකේ අනික් කකුල ගන්න පුළුවන් 1400/- (දී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 13 April 2014 10:37 PM

තනි කකුලක් තෝරන්නේ අවුරුද්දට බට්ට පනින්න වෙන්න ඇති. (දී)

:       0       0

නලීන් Sunday, 13 April 2014 11:12 PM

මම හිතන විදියට මෙතනින් තනි කකුලක් අරගෙන කවුරුත් යන්නේ නැහැ. හැමෝම බලන්නේ කොහොම හරි ගැලෙපෙන සපත්තු ජෝඩුවක් අරගන්න රු 200 කට. ඒක තමයි ඇත්ත. තනි කකුල කියල ගහලා තියෙද්දිත් මෙච්චර පොරකාකා බලන්නේ කීයක් හරි ඉතුරු කර ගන්න. ලොකු මහන්තත්ත කම තියන අයට මේවා මැජික්. මේක තමයි බහුතර අපේ ජිවිත කතාව. මෙතන අදහස් දාල තියන අය ඔක්කොම හොඳ සල්ලි කාරයෝ වගේ. (දී)

:       0       0

නෙලුම් පෙරේරා Sunday, 13 April 2014 11:26 PM

නලින් කියලා තියෙනකතාව සියයට දෙසියයක්ම නිවැරදි (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 13 April 2014 11:28 PM

ඔව් නලින් මාත් හිතන්නේ ඒ විදිහට.ඕක තමා තිත්ත ඇත්ත.(දී)

:       0       0

පද්මිනි Sunday, 13 April 2014 11:37 PM

නලින් කිවා වගේ හුගක් අයගේ කදුළු කතාවේ එක දර්ශනයක්! (දී)

:       0       0

මලිත Monday, 14 April 2014 01:33 AM

ඇති නැති පරතරය කොතරම්ද කියලා මෙයින් පෙනෙනවා. තනි සපත්තුව රු 100 ට ගන්න රටේ සමහරු ඩොලර් 15000 වටිනා සපත්තු දානවා. ඕකට තමා කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 14 April 2014 01:38 AM

ලසන්ත වගේ පිටරට ගිහින් සුද්දන්ගේ සපත්තු ලෙවකනවට වඩා තමන්ගේ නැතිබැරිකම තියාගෙන නම්බුකාර විදිහට මේ රටේ ඉඳගෙන තනි සපත්තුවකින් හරි ඇවිදින එක ගෞරවයක්. ඔයා සල්ලි උඩ පීනුවත් ඔයා ඔය රටේ ඉන්නේ තුන්වැනි පුරවැසියෙක් හැටියට. මුදල් වලින් ඔයා වැහුණත් ඔයාගේ හිතේ තියෙන අසහනය, ගැතිකම, යටහත්භාවය සහ විශේෂයෙන්ම දුරස් වූ ආත්ම ගෞරවය කවදාවත් මේ රටට එනතුරු ඔයාට ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

හේමන්ත Monday, 14 April 2014 01:42 AM

සමහරුන්ට මේක අවුරුද්දේ සුභ  පණිවුඩයක් වේවි. (නි)

:       0       0

ඒ. Monday, 14 April 2014 02:14 AM

නලින්, මම ඔබ සමග සියයට දාහක් එකඟයි.පම්පෝරි ගැහුවට මේක තමයි ශ්‍රී ලංකාවේ තිත්ත ඇත්ත (නි)

:       0       0

නිර්වාන් Monday, 14 April 2014 04:59 AM

මේ ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් ඕනෑ (නි)

:       0       0

ඉරෝෂන් Monday, 14 April 2014 05:08 AM

මෙන්න අපගේ මිනිසුන්ගේ යතාර්ථය. (නි)

:       0       0

ලසන්ත Monday, 14 April 2014 06:13 AM

නලින් හරි. හැබැයි ඇඹිලිපිටියට වැරදුනු එක තැනක් තිබෙනවා. පිටරටවල ඉන්න හැමෝම අසහනයෙන්, ආත්ම ගෞරවයක් නැතුව ඉන්නේ නැහැ. පිටරට කියන්නේ මැදපෙරදිගට හෝ කොරියාවට පමණක් නොවේ. විශේෂයෙන් වෙනත් රටවල ඉතා උසස් රැකියාවල් කරමින්, කිසිම අසහනයකින් තොරව එම රටවල වැසියන්ගේත් ගෞරවය ලබමින් සිටින පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපි කතා කරනකොට පොදු පද භාවිතා කිරීමේදි ප්‍රවේශම් වියයුතුයි. (නි)

:       0       0

බමුණු Monday, 14 April 2014 06:28 AM

"ලෝකයේ කිසිම රටක දකින්නට නොලැබෙන දසුනකි මේ තනි සපත්තු අළෙවිය" නැහැ. අනික් කකුල වෙන ගොඩක තිබෙනවා. ඒක රුපියල් 900 යයි (නි)

:       0       0

බමුණු Monday, 14 April 2014 06:30 AM

ලාබෙට ලැබෙනවා නම් තනි කකුල වුණත් කමක් නැත.( දාගන්න නොව බල බලා ඉන්න) (නි)

:       0       0

මැක්ෂි Monday, 14 April 2014 06:57 AM

මුදලාලි කොක් පරම්පරාවෙන් පැවත එනවා වෙන්න ඇති.(නදී)

:       0       0

දුමින්ද Monday, 14 April 2014 07:23 AM

අනිත් කකුල් කොලඹ හරි ගාල්ලේ හරි ඇති. මේක ආනයන ටැක්ස් සෙල්ලමක්.(නදී)

:       0       0

මිහිර Monday, 14 April 2014 08:18 AM

නලින් ගේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මම නම් හිතන්නේ මේ එන අය බලන්නේ හොඳ "බ්‍රෑන්ඩ් නේම්" එකක්[නයික්, පුමා, අධිදාස්] තිබෙන සපත්තු දෙකක් සොයාගන්න වෙන්න පුළුවන්. හොඳ නමක් තිබුනත් එකිනෙකට වෙනස් සපත්තු දෙකක් දාගෙන විහිළුවක් වෙනවට වඩා පරණ පාවහන් විකුණන තැනකින් ගැලපෙන දෙකක් දාගෙන ගියොත් වඩා හොඳයි නේද ? ඇඹිලිපිටිය මහතාගෙන් අහන්න තියෙන්නේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න තැන ඉඳල, රැකියාවක් ලබාගන්න තැන ඉඳල, මුළු ජිවිත කාලයම නුගත් දේශපාලඥයන් මත යැපෙන එක, අල්ලස් දීල වැඩ කරගන්න එක ආත්ම ගරුත්වයක් ඇතුව ජිවත් වෙන එකද කියලා. මම හිතන්නේ නැහැ ලසන්ත මහත්මයා ඉන්න රටේ මේ වගේ නිවට වෙන්න ඕන කියල තමන්ට අයිති දේ ලබාගන්න.(නදී)

:       0       0

ලංකානාත Monday, 14 April 2014 01:30 PM

මම හිතන්නේ මෙතන අදහස් දාලා තියෙන හුගක් අයගේ ලෝකය පිලිබද දෑනුම අල්පයි. මෑද පෙරදිගට සැවොම යන්නේ වලන් හෝදන්න වාහන එලවන්න කුනු අදින්න පමනක් නොවේ. මා අවුරුදු 13 පමන සෞදියේ සේවය කරමි, මා යටතේ සෞදි ජාතිකයන් ඇතුලු අනෙක් විදේශිකයන් සැලකිය යුතු ප්‍රමානයක් සේවය කරයි. කලමනාකරුවන්,ඉන්ජිනෙරුවන් , වෛද්‍යවරුන්, තාක්ෂනික ශිල්පින්). මා මෙන්ම තවත් ශ්‍රි ලාංකිකයින් ප්‍රමානයක් මෙරට ඉතා ගෞරවාන්විතව සේවය කරන බව හොදින් දනිමි. ඒ සැවොම වෙනුවෙන් මෙය ලියා තබමි. ශ්‍රි ලාංකිකයෙකු වීම මට ආඩම්බරයකී.(නදී)

:       0       0

සිල්වා Tuesday, 15 April 2014 11:52 PM

ලංකාවේ එළවලු ග්රෑම් 100 විකුණන එකේ තනි කකුලට සපත්තු විකිණීම එතරම් පුදුම වෙන්න දෙයක් නොවේ. (ස)

:       0       0

සිල්වා Wednesday, 16 April 2014 12:07 AM

මෙතනින් පෙන්වන්නේ ලංකාවේ තියෙන බාල/පහත් බඩු විකිණීමේ තත්වය. අපේ හැම අයෙක්ටම හොඳ දේවල් භාවිත කිරීමට ඉඩ තියෙන්න ඕනේ. එහෙත් හැම හොඳ දෙයක්ම පිටරට යවල පහත් තත්වයේ දේවල් ලංකාවේ විකුණන්න ඉඩ දෙනවා.ප්‍රමිති සමගම නිදිද? ලංකාවේ ජනතාව ප්‍රමිති සමාගමට පඩි දෙන්නේ පහත් තත්වයේ බඩු ලංකාවේ විකුණන්න ඉඩ දෙන එකටද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1066 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6590 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3621 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1528 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28653 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site