සිංහල,දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව තමන් ජීවත් වන ප්‍රදේශයේ බුදුමැදුරක් ස්ථාපිත කරමින් මෙරටේ ජාතීන් අතර තිබිය යුතු සංහිදියාව සහ සහජීවනය ප්‍රායෝගිකව ඔප්පු කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක මතයක සිට සංහිදියාව සහ සහජීවනයට ලබා දෙන ආදර්ශ සහ මගපෙන්වීම් වෙනුවෙන් මෙවන් කටයුතු මහත් පිටුවහලක් වන්නේ යැයිද පැවසු ඒ මහතා බුදුමැදුරක් ඉදී කොට එම බුදු කුටිය විදුලියෙන් ආලෝකමත් කිරීම සඳහා තමන්ගේ සහය ඉල්ලා එම සත් කටයුත්තේ පෙරමුණ ගත්තේ ප්‍රදේශයේ දෙමළ ජාතික මහතෙකු වීම ඇතැම් ජාතිවාදී,ආගම්වාදී,වර්ගවාදී පුද්ගලයන්ට හොඳ ආදර්ශයක් මෙන්ම අතුල් පාරක් යයිද කීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේ ගම්පොල මැතිවරණ කොට්ඨාසයේ පුස්සැල්ලාව වතු ආශ්‍රිත ප්‍රදේශයේ නව මෙල්පට් ගම්දොරටුවේ ඒ මහතාගේ විමධ්‍ය ගත මුදලින් ඉදිකල බුදුමැදුර හා එහි පැති බැම්මත් විදුලි ආලෝකයත් වීවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම ගම්මානයේ වෙසෙන සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව එසේ එක්ව මෙම සත්කටයුත්ත සිදු කළේ ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් හා අනුසාසකත්වයෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනට මහින්ද මහත්තයටයි, ගෝඨා මහත්තයටයි, ඥානසාර හාමුදුරුවන්ටයි එන්න කිව්වා නම් තමයි තවත් හොඳ (නි)
මෙතන අදහස් ලියාතිබෙන සමහරුන් සාදු නාද දීලා හොඳ කියනවා. ඒ කටින්ම තමයි රට කාපු හොරෙක්ව ඇතුළට දමනකොට සංහිදියාවට බනින්නේ. මිනිසුනේ, කොන්ද කෙළින් තියාගෙන මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව තම මව්රට වචනයෙන් හරි ආරක්ෂා කරගන්න. (නි)
සිංහලයන්ගේ ප්‍රදේශයක මෙවැනි සත්ක්‍රියාවකට මුල්වීම සහ ආධාර උපකාර කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ වර්ගවාදීන් කියමින් සිංහල අයිතිය ගැන කතාකරන්නවුන්ට දෙස් තැබිමට පෙර හැකිනම් උතුරේ හෝ අක්කරේපත්තුව, කාත්තන්කුඩියේ පළාත් පාලන ආයතනයකට තරඟකර ජය ගන්නා ලෙසට මම දේශපාලකයන්ට අභියෝග කරනවා. (නි)
එක රටක ඉන්නේ එක ජාතියක් විය යුතුයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටිය යුත්තේ ශ්‍රී ලාංකිකයන්ය. සුද්දා අපිව බෙදා බින්න කිරීමට යොදා ගත් හැමදෙයම අපි තවම කිසිදු වෙනසක් නොකර ඉදිරියටම ගෙනියනවා. රටක පාලකයන් ඒවා වෙනස් කිරීමට දැනගත යුතුයි.
අද වගේ ලස්සන දවසක් හෙටත් බලාපොරොත්තු වෙමි (නි)
මේක අලුත් දෙයක් නොවෙයි. මම දන්නා කාලේ ඉඳලම තිබුන දෙයක්. ඒවා නැති කළේ කුහක දේශපාලකයොයි. දැන් පිම්බෙන්න වැඩ කළාට ඇතුළේ ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා. මේවා ඉස්සර ඉඳලා තිබුණා කියන්න උදාහරණයක් කියන්නම්. දඹදෙණිය කියන්නේ දළදා වහන්සේ වැඩ සිටි පින්බිමක්. දඹදෙණිය ප්‍රදේශයට මුලින්ම විදුලිය ආ වෙලාවේ එම විහාරයට විදුලිය ලබාගන්න මුලිකව කටයුතු කළේ එවකට සිටි මුස්ලිම් ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් සමඟ ද්‍රවිඩ ව්‍යාපාරිකයින් ප්‍රදේශයේ ජනතාව සමග එක්වයි. ඒ වගේම වෙසක් දිනයේ දන්සැල ඉතාමත්ම උසස් අයුරින් පවත්වන්න උදවු කළේ මුස්ලිම් ව්‍යාපාරිකයින් මුල්වෙලා. අදටත් ඒවා අපට අමතක කරන්න බැහැ. පිරිහීම කොපමණද කිවුවොත් අද ඒවා නැහැ. ඕක තමා ඇත්ත. එ්ත් තිත්ත ඇති. දැන් සමහරු ජනතාවට විහිලු සපයනවා රැකෙන්න ඕනෑ නිසා. (නි)
හැම ප්‍රදේශයකම මෙහෙම වෙනවා නම් කොච්චර හොඳද? (නි)
මෙහෙම දේවල් අහන්න දකින්න ලැබීම ලොකු සතුටක් (නි)
රූපවති නම් ශ්‍රද්ධාවෙන්මයි පතන්නේ. පින් ලැබේවා! සියලුම ලක් ජනතාවටත් එසේම වේවා! (නි)
මේ රටේ දේශපාලකයින් නොහිටින්න දැනට රටේ තියෙන ප්‍රශ්න වලින් බාගයක්වත් නැහැ. රටේ ජනතාවට වැරදි ආකල්ප දෙන්නේ බඩ වඩාගැනීම ප්‍රධාන අරමුණු කරගත් දේශපාලකයින්. බහුතර ජනතාවට මේ දේශපාලකයින්ට තියෙන ප්‍රශ්න නැහැ. (නි)
ලක්ෂිත පැරිසිය, අනවශ්‍ය ප්‍රශ්න එපා. (නි)
මම පුංචි කාලේ අම්මට දෙනවා ටොපියක්, අම්ම ඒක කෑවට පස්සේ මම ලොකු චොකලට් එකක් ඉල්ලලා අඬනවා. ඔයා මගේ ටොපිය කෑවා දැන් ඔයාගේ වාරේ මට චොකලට් එකක් අරන් දෙන්න (බ)
සියලුදෙනාටම තෙරුවන් සරණයි (ම)
මහනුවර පළාතේ ඕක කරන්න පුළුවන් වුනාට පුළුවන් නම් උතුරේ හෝ නැගෙනහිර කරලා බලන්න කෝ. (හේ)
මේවා ඔක්කොම ලංකාවේ දකුණු පැත්තට වෙන්න විතරයි.(හේ)
මොහමඩ් ගේ සහ ලක්ෂිතගේ අදහස් බොහොම වටිනවා (බ)
ජාතිය අනුව ආගම තීරණය වන්නෙ නෑ අපේ රටේ දෙමළ අය ගොඩක් ඉන්නවා බුද්ධාගමිකයන් මේ බුදුමැදුර හදල තියෙන්නෙ මේ මන්ත්‍රීවරයාගෙ විමධ්‍යගත අරමුදලින් කියලයි පුවතෙ තියෙන්නෙ හරියට කියවන්න කොහොමත් මේ සමගිය සතුටක් (බ)
රටේ ජාජාතිවාදය අවුස්සමින් ,මේ රට නැවතත් යුද්දයකට ගෙනිහිල්ල හරි තමන්ගේ නැතිවුන දේශපාලන බලය නැවත ලබාගන්න දරන උත්සායක තරම,බුද්ධිමත් ඔබ මේ නාඩගම් වලට රැවටෙනවාද?.ජාතිවාදය අවශ්‍ය දේශපාලකයාට මිස රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නොවේ (බ)
මේක නම් හොඳ ප්‍රවනතාවයක් තමයි, සංහිඳියාව ඇති කරන්න. ඒ වුනත් අලුත් ආගමික ස්ථාන ඇතිකිරීමට වඩා, තියෙන ඒවා විනාශ නොකර ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත් වෙයි සංහිඳියාව යතාර්ථයක් කර ගන්න. කොහේ හරි ආගමික ස්ථානයක් අලුතෙන් ඉදිකරනවා නම් ඒ සඳහා ප්‍රදේශයේ සියලු ආගමික නායකයින්ගේ ආශීර්වාදය අනිවාර්ය කිරීම මගින් මේ තත්වය තවත් දියුණු කර ගන්න පුළුවන් වේවි. (ර)
හොඳ සංකේතාත්මක කර්තව්‍යයක්, හැබැයි උපරිම ප්‍රතිපල ලැබෙන්නේ ගතින් ඉටු කරන සහජීවනය සිතටත් ඇතුළු වුනත් විතරමයි. (බ)
අනේ මෙහෙම එකමුතුකමින් ඉන්න තියෙනවා නම් කොච්චර හොදද (හේ)
බලන්න ආගමික සහජීවනය. ජාතිවාදය අවුස්සන සහෝදරයිනි මෙය ආදර්ශයට ගන්න (බ)
විවෘත කිරීම දුන්න නම් එම ගම්මානයේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට ..මම හිතනවා මිට වඩා හොදයි (බ)
සර්වඥ රාජෝත්තමයන්ට නමස්කාර වේවා ! සියලු සත්වයෝ සුවපත්වෙත්වා! (බ)
කොච්චර හොද දෙයක්ද?(හේ)
අපි එදා ඉඳල එහෙම තමයි ජීවත් වුනේ, (හේ)
තුන් ජාතියක් ඔතන නැහැ. විවිධ ආගම් අදහන අය නම් ඇති.(හේ)
සාදු ..සාදු ..! මගේ දේශයේ ..ජීවත්වෙන සියලුම ජාතීන් සියලුම මිනිසුන්ගේ සිත්වල කරුණාව මෛත්‍රීය .දයාව , අනුන්ට ගරුකිරීම වැඩිහිටි ගරුත්වය ..කිසිවෙකුට කරදරයක් නැතිව ජීවත්වීමට තම තමන්ගේ හදවත්වල මිනිස් ගුණ ධර්මයන් වැඩි වැඩියෙන් ප්‍රගුණ වේවා ..!!! බුදුසරණයි ..!!! (බ)
මේක තමයි සහජීවනය කියන්නේ... අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ජාතින් 3 ම එකතු වෙලා පොදු කාර්යන් කළා... දැන් දේශපාලන වාසි වලට පිල් බෙදිලා ජාති වාදය වපුරනවා. (ර)
පිළිම වහන්සේලා තනන එක හොඳයි. පන්සලක හැදුවනම් තමයි වඩා හොඳ. මගේ අදහස එක එක තැන වල පිළිම හදල වත් පිළිවෙත් නොකර තියෙන තැන් දකින්න තියෙනවා. අනාගතයේදී නගර සංවර්ධනයේදී නැවතත් ප්‍රශ්න මතුවෙනවා. ඔයවගේ වැඩ නිසා තම එක එක රටවල් වලිනුත් ලංකාවට අත ගැහිලි වැඩි. ඕන තැනක ඕන දෙයක් කරට කමක් නැහැ කියල හිතන් ඉන්න මානසික තත්වය නැතිකරලා දෙන්න කවුරුත් නැද්ද? ඔය වගේ වැඩ හින්ද තම කොටියත් වෙනම රටක් ඉල්ලුවේ. (ර)
උතුරේ කීපදෙනෙක් තම ජාතිවාදය වපුරන්නේ මේවා පසුපස දේශපාලනය තමයි, නැතුව සාමාන්‍ය මිනිසුන්ට මොන ජාතිවාදයද එදා වෙලා හොයාගන වෙහෙසෙනවා ඇරෙන්න.? (ර)
කරූ අන්න නියම ආදරශයක්. එහෙම විවිධ ජාතීන් සමගියෙන් ලෝකෙට ආදර්ශමත් රටට ඒවා නැති කරල විනාශ කරලා දැම්මෙ පවතින දේශපාලන ක්‍රමය හා දේශපාලුවන් විසින් තමා. (ර)
තමන්ගේ පැත්තේ වැඩේ කරද්දී තියන සංහිඳියාව අනුන්ගේ වැඩේ කරද්දීත් තියනවා නම්, තමයි එතන ධර්මාන්විත සිතුවිලි වලින් පිරිණු සැබෑ සංහිඳියාවක් වෙන්නේ. සමහරුන්ගේ හරිම නරක ගතියක් තියනවා තමන්ගේ වැඩේ කෙරෙද්දී තියන සංහිඳියාව අනුන්ගේ වැඩේ කරන්න යද්දී අනෙකාව ගෝනි බිල්ලෙකු සේ මනසේ මැවී පෙනෙමින් මර බියෙන් තැති ගැන්වෙන, අමුතු ගනයේ රෝගයක්. හැබැයි මෙතන මේ කල ක්‍රියාව ධර්මිෂ්ඨ මිනිසුන්ගේ එකමුතුවේ කල උතුම් ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. ඔබ සැමට බුදු සරණයි!!! (ර)
පාරම්පරික මුස්ලිම්වරු බෞධයා එක්ක ඉතා හොදින් ජීවත් උනා. (ර)
මැරෙනබව දන්නා මිනිස්සු. ඔබට ජය වේවා! (ර)
සියලු සත්වයන්ටම මෛත්‍රී කරන බෞද්ධයන් එක්ක සහයෝගයෙන් ඉන්න බැරිනම් වෙන කිසිම ආගමක් එක්ක සහයෝගෙන් ඉන්න බැරි වෙයි. බුද්ධාගම කියන්නේ විශ්වයටම පොදු ධර්මතාවය