ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය කළේය.
ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රසිද්ධියේ සංවේදීයි කියා ගන්න අයට වඩා යුරෝපයේ වෙසෙන අපි අපට හැකි පමණින් මේ වැනි පවුල් වලට අප්‍රසිද්ධියේ උපකාර කරනවා. හැබැයි ඒ ඔවුන්ගෙන් ඡන්දයක් බලා ගෙන නොවේ. මනුෂ්‍යත්වයේ නාමයෙනි. සමහරුනට ජීවිත කාලය පුරාවටම බෙහෙත් සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ.(නදී)
කුමාර මහත්තයට මතවාද ඉවසන්න බැරි බව මම දන්නවා. මගේ දෙමාපියන්ට අවශ්‍ය ගෞරවය මම දී තිබෙනවා. ඔබ තුමා ඔබ තුමාගේ දෙමව්පියන්ගේ ගෞරවය බලා ගන්න.(නදී)
රටේ මේ වගේ මිනිස්සුන්ට තමා කිසිම සහනයක් නැත්තේ.නමුත් පුද්ගලික ක්‍රීඩා සමාජයකට නයිට් රේස් සදහා ,කාර් වලට තීරු බදු නිදහස.මේවා හිතේ හැටියට (දිල්)
මාත් මගේ නෝනත් රැකියාවල් කරනවා. එත් ජීවත් වෙන්න හරි අමාරුයි. ගොඩ ඒමක් නං නැහැ. ඔහේ කාල පිගාන හෝදලා බුදිය ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ. අනේ මන්දා මේක මහ දෙපැත්තටම නැති ආර්ථිකයක්. (නදී)
ප්‍රශ්නවලට විසඳුම දිවි නසා ගැනීම නොවේ. ඕනෑම ප්‍රශ්නයකට එඩිතරව මුහුණ දීමට හැකියාව තිබිය යුතුයි. ඇය තරුණ කාන්තාවක් ස්වාමියාගෙන් වෙන්වුනා කියල ළමයින් වත් මරාගෙන ඇයත් සියදිවි හානි කරගැනීම ගැන නම් පොලිසිය තවදුරටත් පරීක්ෂණ කරා නම් වඩා හොඳයි. කාගේ හෝ බල කිරීමක් උඩ සිදුවුනාද යන්න.(නදී)
ග්‍රාම නිලධාරී,සමෘද්ධි නිලධාරී ඉන්නවා. මෙහෙම පවුලක් ඉන්න බව දන්නේ නැද්ද? (නදී)
ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ කෙනෙකු රුපියල් 2500 ක් රජයට බදු මුදල් වසයෙන් ගෙවිය යුතුයි කොහොමද දැන් (දිල්)
රටේ කන්න අදින්න නැතිව ජීවිතේ විනාස කර ගන්න රටේ කෝ ටිගණනින් මහජන මුදල්වියදම් කරලා රාත්‍රී කාර් ධාවන තරග නම් තියෙනවා.කාව සතුටු කරන්නද?කන්න අදින්න නැති 98% ක් ජනතාව සතුටු කරන්නද?(දිල්)
බන්දුල කට අරින්නේ නැතිව ඉන්නවා නම් ඒක ඔයාගේ දෙමව්පියන්ට කරන ගෞරවයක්.(නදී)
දිවි නසා ගන්නට නම් ලොකු බරපතල අභිරහස් ප්‍රශ්නයක් ඔවුනට නිවන්සුව ලැබේවා(දිල්)
දරුවන්ගෙ මරණත් සියදිවි නසා ගැනීම් ද? (නදී)
ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ මැරෙන්න බැරි කමට. (අ)
ග්‍රාම නිලධාරීගේ අලුත්ම රාජකාරිය ගමේ ගස් විකිනිමයි (අ)
මේ මිය ගිය කාන්තාවගේ මවට තවත් අනිවාර්ය බද්දක් රජයට ගෙවිය යුතුය. උපදින විට,විවාහ වෙනවිට, මැරෙන විට අවස්ථා තුනේ දීම දැන් හැමෝම මේ ගාස්තු ගෙවියයුතු තත්වයක් උදාකර ඇත. අග හිග කම ,දුප්පත් කම,නිසා කුසගින්නේ මිය ගිය ද අවාසනාවට මොවුන් සියල්ලෝම මේ අවිචාරවත් ආර්ථික ක්‍රමයේ කොටස් කරුවෝය.(නදී)
සනත් මහත්තයෝ, ආර්ථික ප්‍රශ්න කාටත් තියෙනවා. මේක එම ප්‍රශ්න වලට විසදුම නෙමෙයි. මේ ගැණු මනුස්සයට ප්‍රශ්ණ තිබුනා නම් ඒවා විසදාගන්න සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්න තිබුනා. ළමයි දෙන්නට රැකවරණයක් හදලා තමන්ට රැකියාවක් කරන්න තිබුනා. මෙයිට වඩා අසරණ මිනිස්සු ජීවිත සටන ගෙනියනවා අභියෝග වලට මුණ දීලා. මේ ලංකාදීපෙම කොච්චර පළවෙනවද දහිරියෙන් ජීවිතයට මුණ දෙන කිසි හව් හරනක් නැති මිනිස්සු ගැන. මෙහෙම ප්‍රශ්ණ වලට මැරෙනවනම් මේ රටේ බාගයක් එල්ලිලා මැරෙන්න ඕනා. (නදී)
ඇයි මේ ගමට ග්‍රාම නිලධාරින් සමෘද්ධි නිලධාරින් නැද්ද මෙවැනි අසරණ උදවිය ගැන හොයා බලන්න.(නදී)
යුරෝපා රටවල නම් ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නැති අයට "සෝෂල් නමින් හැදින්වෙන රජයේ ආධාර වැඩපිළිවෙලක් ඇත. මොවුන්ට රෝගී අවස්ථා වලදී අවශ්‍ය සියලුම රෝහල් සහ බෙහෙත් ,නොමිලේ ලබා ගැනීමට රක්ෂණයක් ද පිරිනමයි. නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් රැකියාවක් ලැබෙන තෙක් කපා හැරේ. අපේ රටේ අවාසනාවට මේ සියලුම බදුසහන සහ වෙනත් වරප්‍රසාද හිමි වන්නේ තෝරා ගත් සුවිශේෂී පිරිසකටය.(නදී)
මීට මාස හයකට පමණ පෙර සැමියා වෙන්වීම නිසා මොවුන් මේ දරුණු ආර්ථික අගාදයේ පීඩනයට හසු වී අසරණව මේ තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබුණි. මිය ගිය කාන්තාවගේ මවගෙන් ඉඳ හිට ලැබුණු ආහාර පාන ස්වලපයක් හැර වෙනත් සහනයක්,උපකාරයක්,මොවුනට ලැබී නැත. වෙනත් රට වල නම් මෙවැනි අසරණ ජීවත් වීමට කිසි සේත්ම නොහැකි අයට රජය මගින් මුල්‍යාධාර සපයයි. නමුත් අපේ රටේ අවාසනාවකට තව්තිසා සුරපුරයක අසිරිය පෙන්වා පුරසාරම් දොඩන්නන් මෙසේ කුසගින්නේ රහසේම මියදෙන්නන් පිලිබදව කිසිදු තැකීමක් නොකරයි.(නදී)