ඇෆ්ගනිස්තානයේ සහ සී ෂෙල්ස් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාල අරඹන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද සීෂෙල්ස් හි වික්ටෝරියා නුවර නව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත් ළඟදීම ස්ථාපිත කෙරෙනු ඇත.
මීට අමතරව ලබන වසරේදී ඉන්දියාවේ කල්කටාහි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග විදේශ අමාත්‍යාංශය විසින් ගෙන ඇත. මේ අතර මෙම වසරේදී විදේශ අමාත්‍යාංශය නයිජිරියාවේ සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල දෙකක්ද, බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද, ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක්ද විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්(දිල්)
අනිත් රට වලට යන්න පොරකන එකේ ඇෆ්ගනිස්තානයට යන්න ඉල්ලුම් කරුවෝ කවුරුවත් නැති වේවි. (දිල්)
තවත් දෙන්නෙකුට චාන්ස් එකක්.(නදී)
අපි ඉන්නේ ඇප්ගනිස්ථානයේ. හොඳ වැඩක්.(නදී)
ඉතාම හොද වැඩක්. ඔය ඇමරිකාවට ,එංගලන්තයට ,යන්න විසා ගන්න උත්සහ කරන අය දැන් ඇෆ්ගනිස්ථානයට යන්න පොර කාවී.(නදී)
පහුගිය කාලය තුල කොයි තරම් රටවල තානාපති කාර්යාල පටන් ගත්තද? මේවට කොයි තරම් සල්ලි වියදම් වෙනවද එම වියදම් කරන මුදල් වලින් රටට කොයි තරම් ප්‍රයෝජනයක් වෙනවද කියල හොයල බැලුවේ කවුද? (නදී)
මේක නම් හොඳ වැඩක් මොකද මෙහේ හුගක් මිනිස්සු ඉන්නවා ලංකාවෙන් ඇවිල්ලා අමාරුවේ වැටිලා. මේක ඉක්මන් කරනවා නම් හොඳයි.(නදී)
ජයා අපි ඉන්න ඇෆ්ඝනිස්තානයේ. ලංකාවේ හත් අට දාහක් මෙරට වැඩ කරනවා. (නදී)
අර කැලණියේ හිටපු කෙනත් ඇෆ්ඝනිස්තානෙට යවයිද? (නදී)
අර කැළණියේ එක්කෙනාළු නේද ඇප්ගනිස්ථානයට පත් කරන්නේ.(නදී)
හබැයි අර ජෙඩා රටට යවපු අය වගේ නම් යවන්න එපා.(නදී)