ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාව හදිසියේ කොළඹට කැඳවීම නිසා එරට සිටින විසිපන්දහසක් පමණ වූ ශ්‍රී ලංකික ජනතාව මහත් කැළඹීමට පත්ව ඇති බවත් දෙරට අතර සිදුවිය යුතු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ නිසි ගෞරවය ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමි කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ඔහුට ගෞරවයෙන් ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන් ඕමාන් බෞද්ධ සංගමයේ සභාපතිවරයා වන තුසිත් ප්‍රසන්ත ගලප්පත්ති මහතා ලාංකික ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර ඇත.
ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අරාබි දේශයේ මුදුන් මල් කඩක් වැනි ඕමානයේ බෞද්ධ විහාරස්ථානය ධර්ම රාජ්‍යයක් සේ බැබලවීමට උදව් කළ එකම තානාපතිවරයා ඔහු බවයි.
එමෙන්ම මසකට වරක් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරමින් සහ වසරකට වරක් සංඝ්‍යා වහන්සේලා 12 නමක් වැඩම කර දෙරටේ නායකයින් ඇතුළු ප්‍රජාවට සෙත් පතා පිරිත් සජ්ඡායනාවක් පවා සිදු කර මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට අමිළ සේවයක් කළ තානාපතිවරයෙකු බවයි.
එබැවින් ඔහු කළ අනගි සේවයට කිසිදු උපහාරයක් හෝ ඇගයීමක් කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාවට ඉඩ නොදී මෙසේ කැඳවා තිබීමෙන් මුළු මහත් ශ්‍රී ලාංකික නාමයට අගෞරවයක් සිදු වී ඇති බැවින් එම ක්‍රියා දාමයද දැඩි සේ හෙලා දකින බවත් එහි සඳහන් කර ඇත.
සම්ප්‍රදායික ක්‍රමයට ගෞරව ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමිකරමින් ශ්‍රී ලංකාවට අගෞරවයක් කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ගෞරවයෙන් එතුමාට ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන් මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහි සඳහන් කර ඇත.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ අන්තනෝමතික ක්‍රියා කලාපය දැඩි සේ හෙලා දකින බවත් මෙවැනි තීරණ ගැනීම නිසා නුදුරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද පදනම දෙදරා යාමට හේතුවන තරමේ කැළඹීමක් මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා ප්‍රජාව තුළ ඇති වී ඇති බවත් ඔහු ජනාධිපතිවරයාට එමගින් දන්වා ඇත.
තානාපතිවරයාගේ අවසාන රාජකාරී දිනය ජූලි 29 බව ශ්‍රී ලාංකික ප්‍රජාවට දන්වා ඇති බවත් ජුලි 30 දින ඔහු මස්කට් නගරයෙන් පිටවීමට නියමිත බවත් ඔහු එහි සඳහන් කර ඇත.
දුෂිත නිලධාරීන්ගේ හා ප්‍රබල දේශපාලඥයෙකුගේ කුමන්ත්‍රණයක් මත තානාපතිවරයා හදිසියේ ඉවත් කර ගැනීමෙන් අපකීර්තියට පත් වනුයේ ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ප්‍රජාව බැවින් නැවත තානාපතිවරයෙකු ඕමානයට පැමිණෙන තුරු මෙම තානාපතිවරයාටම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් දූෂිත නිලධාරීන් වැඩ බලන තානාපතිවරුන් ලෙස පත් නොකරන ලෙසත් ඔහු එරට වෙසනෙ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉල්ලීම් කරන බව තවදුරටත් දන්වා ඇත.
තානාපතිවරයා ඕමානයෙන් පිටත්වීමට නියමිත ජූලි 30 දිනට ප්‍රථම මෙයට වහා මැදිහත් වී ගෞරවයෙන් ඔහුට පිටවීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට මෙයින් වන හානිය හා විදෙස් සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන තානාපතිවරයාට මෙයින් වන කළු පැල්ලම ඉවත් කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙසත් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යනකොට අහන්න කෙනෙක් නැතිකොට මේවා ගැන ඉතින් ඔබාමටවත් කියන්න හිතෙනවා (නදී)
මේ ගැන හොඳින් සොයාබලන්න වටිනවා (නි)
මමත් දශක තුනකට වඩා විදේශගත වෙලා ඉඳලා හොඳ අත්දැකීම් තිබෙන කෙනෙක් (නි)
නිලධාරීන්ගේ පුද්ගලික ක්‍රියාකලාපයන් සම්පුර්ණයෙන් හෙළාදකිමි. මහජන නිලධාරීන් විදිහට මහජනතාවට පහසුකම් සපයන්න පත්වූ පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන්නේ සමහර වෙලාවට හරියට නීති විෂාරදයින් වගෙයි. ඒ නිසා පුද්ගලික ලාබ තකා මෙවැනි හොඳ මිනිසුන් නෙරපීම පිටරටක සේවය කරන අපි සැවොම හෙළා දකිමු (නි)
කවුරුවත් මේකට හේතුව හරියටම දන්නෙ නැද්ද? (නි)
2009 යුද්දය ඉවරු උන කාලේ ඉදලම කලේ හරියට වැඩ කරපු ගොඩක් නිලදාරීන් එලියට පන්නපු එක තමයි. හොදට මතක් කරලා බලන්න පහුගිය කාලය පුරාවට ඉහලම තනතුරු දරපු කී දෙනෙක් ඔය විදියට එලියට දැම්මද කියලා. මේකත් එවැනිම අවස්ථාවක්. අපි මෙහෙම ලිව්වට මේකත් හරියට පලකරයි ද යන්න සැකයි. (නදී)
කරුණු නොදැන කතා කල යුතු නැහැ. ජනාධිපතිතුමා සාදාරණයක් ඉටුකරාවි. එම තීරණය අසාදාරන නම් නීතියේ පීහිට පැතීය හැකියි. (නදී)
තානාපති කාර්යාල සේවකයන් දූෂිත නම් ඒ ගැන තානාපතිතුමා විදේශ අමාත්‍යසයට පැමිණිලි කලාද? අපි මේවා ගැන දැනුවත් වී නැහැ. (නදී)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට කවුරුත්. (නදී)
මගේ අදහස නම් ඔය තරම් වැඩක් නොකර පාඩුවේ හිටියා නම් පුටුව රැක ගන්න තිබුනා. බොරුද ? (නදී)
වහාම පරීක්ෂණයක් කරමු (නි)
ඕස්ට්‍රේලියාවේ හිටපු මොහුව ඇයි එහෙනම් තවත් හොඳ රටකට නොයවා ඕමානයට එව්වේ ? (නදී)
කුවේට් වලත් ඉන්නවා දේශපාලන බලයෙන් අාව කෙනෙක් තානාපති කාර්යාලයේ. එයත් ඉන්නේ තානාපති තුමාව බයකරගෙන දේශපාලන බලය පෙන්නගෙන. (නදී)
ඕකනේ මම ඔය තනතුරු දුන්නත් ගන්නේ නැත්තේ (නදී)
අසාධාරණයට ලක්වූ කාන්තාවගේ සිද්ධිය යටගහන්න කළ දේවල් ගැන අපි දන්නවා. (නි)
ප්‍රසිද්ධියේ සටන් කළා නම් මුලු ඕමාන් ලාංකිකයින් සියල්ලම ඔබට සවියක් වෙන්න තිබුණා.මෙතුමා පවු (නි)
වාර්තාව අනුව පෙනීයන්නේ ,තානාපති තානාපති කාර්යයාල යේ නොඉඳ බෞද්ද විහාරස්තනේ දියුණුවට වැඩ කර තිබෙන බවයි (දී)
අද ලංකාවේ කිසිම සුදෙස්සුකට නිසි ඇගයීමක් නැ (අ)
මට පේන්නේ මේක බෞද්ධ සංගමයේ පරස් පර විරෝධී මතවල ප්‍රතිපලයක් වගේ (නදී)
සුජානි , ඕමාන් කියන්නෙත් හොඳ රටක්, මැද පෙරදිග තියන හොඳම මිනිස්සු ඉන්න රට. ඔයා රටවල් මනින්නේ මොන මිම්මෙන්ද ? ඔයාගේ මිම්මට අනුව ඔයා ඉපදුන ලංකාව මොන රටක්ද? (නදී)
මම ඉන්නේ සලලා වල. අපි නම් මේ තීරණයට කැමතියි (නි)
මට පේන්නේ මේ තානාපතිතුමා දේශපාලකයන්ගේ පිට කසන්න යන්නේ නැතිව තම රාජකාරිය හරියට කල කෙනෙකු හැටියටයි. අපේ විදේශ සේවාව පත්වෙලා තියන කනගාටුදායක තත්වය දැක්කාම, තමන්ගේ රාජකාරිය හරියට කිරීම, මේවගේ "" ආපසු කැඳවීම ""කට (මේක තානාපති කෙනෙකුව රස්සාවෙන් එලවා දැමුවා හා සමානයි ) හේතු වන තරම් වරදක් වන බව පුදුමයට කරුණක් නොවේ.(නදී)
දේශපාලන බඩගෝස්තරවාදියෙකුගෙයි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් ටිකදෙනෙකුයි වැඞ. (නදී)
බණ කීවට ඇතුලේ පාපය රජකරනවා. වසර කීපෙකට ඉස්සර ජෝර්ධාන තානාපති කාර්යාලයේ වගේ ළමයි විකුණන වෙළඳ සලැක් ද දන්නේ නෑ මේකත් (නදී)
මෙම තීරණය අරගෙන තියෙන්නේ පසුගිය වසර පුරාම සිදුවුණු දේවල් හොඳට හොයලා බලලා. ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුවහොත් එය එළිවෙයි. නිලධාරීන් දූෂිතයි කියන කාරණය කොහොමද එක පාර්ශවයකින් පමණක් කියන්නේ. මෙම තීරණය ගැන අපගේ ආචාරය (නදී)
ඇදේට හැදෙන ගහ දිහා කව්රුත් බලනේ නැහැ ,ඒ ගහෙන් ප්‍රොයෝජනයක් නැහැනේ. කෙලින් හැදෙන ගහ ඉක්මනට කපලා දානවා. අපි දන්නවා විදේශ සේවා එකේ කොහොමද අපේ මිනිස්සුන්ට සලකන්නේ කියලා. අපිත් ඉන්නේ සෞදි තමයි. (නදී)
මෙතන ඉන්නවා කට්ටියක් කොන්සියුලේට් කාර්යාලය බදාගෙන ජරා වැඩ කරන. දුප්පත් අහිංසක ගෘහ සේවිකාවන් අරාබි ගෙවල් වල අපා දුක් විඳිනවා. ඒවා ගැන කියන්න කිසි කෙනෙක් නැහැ. මේ මොන සංවිධානයකින් වත් ඔවුන් ගැන කතා කරන්නේ නැහැ. (නදී)
කොන්ද පන නැති අය තමයි අපට ඉන්නේ (නදී)
කුමාරිහාමි, විදේශ කටයුතු පිළිබද අමාත්‍යයංශයේද දන් නැහැ වැඩ කරන්නේ. මට අපේ, ලංකා/බන්දුල දෙපලව එක පාරටම මතක් වුනා. (නදී)
කුමාරිහාමි, ඔන්න ඔයාට වැරදුන තැන (නි)
ජනාදිපතිතුමා සහ රජය අපකීර්තියට පත්කර තම දුෂිත කටයුතු කරගෙන යාමට නිලදාරීන්ගේ උපදෙස් මත දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇතිබව පෙනෙයි. (නදී)
ගෙන්වනකොට තනාධිපතිතුමා එක්ක සියලු නිලධාරීන්වත් ආපසු ගෙන්නුවා නම් තමයි හොඳ. (නි)
අනේ! මේවා දකිනකොට මොකක්ද මේ ආශ්චර්යය කියල හිතෙනවා (නි)
දෙයියොම තමයි ඕවා දන්නෙ. අසාධාරණයක් වෙලානම් සාධාරණය ඉෂ්ට කරන්න. (නි)
විදේශ සේවයේ ගෞරවනීයභාවය නැතිකර දේශපාලකයින්ට කඩේ ගිය දූෂිතයින් ඉහළ සිට පහළ දක්වා විවිධ තනතුරුවලට පත්කිරීමේ හේතුවෙන්,කෙළින් වැඩකරන අයට වැඩ කරන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. රට ඇතුළත විතරක් නොව මේවායින් රටින් පිටතත් රට අපකීර්තියට පත්වෙනවා. කරුණාකර රට අපකීර්තියට පත්කරන්න එපා (නි)
රට කොහේටද මේ යන්නේ? (නි)
ජනාධිපතිතුමාගේ අවධානය මෙයට යොමුකර, නැවත මෙම තානාපති එම තනතුරට පත් කරන්න (නි)
හරියට වැඩ කරන අය එළවා, වැරදි වැඩ කරන අය රැකගෙන ඉක්මනින්ම ආශ්චර්යය කරා ළඟාවිය හැකි වේවිද අපිට? (නි)
නරකද අපේ විපක්ෂය ඕමාන් වලට ගියොත් මේ ගැන සොයාබලන්න? (නි)