ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් කිලෝමීටර 100 ඇල්ට්‍රා මැරතන් ධාවන තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වු නාවික හමුදාවේ එච් එම් එස් සනත් බණ්ඩාර රටවල් 12 ක තරගකරුවන් 48 දෙනකුගෙන් පස් වැනි ස්ථානය හිමි කැර ගත්තේය.
‘මම පුහුණු වීම් කළේ මැදවච්චිය පුනෑවේ .ඒත් තරඟ පැවැත්වුයේ ඉතා සීතල ප්‍රදේශයක.එය මට දරා ගැනීමට නොහැකි වුණා.නැතිනම් මම අනිවාර්යයෙන්ම ප්‍රථමයා වෙනවා.’
‘කිලෝ මීටර් 100 තරගයේ කිලෝමීටර් 75 ක් වන තුරු මම තමයි තරගයේ දෙවැනියා වුණේ.හැම රටකින්ම සහභාගී වී සිටි තරඟකරුවන්ට සහායට අය හිටියා.මට කවුරුත්ම නෑ මම තනියම හිටියේ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් එහෙ යන බව දන්නවා නම් මමත් අනිවාර්යයෙන්ම යනවා උදව් කරන්න (නදී)
ආඩම්බරයි ශ්‍රී ලක් පුතුනි, නුඹට ජයෙන් ජය ලැබේවා! (නි)
සනත්, ඔබට ජයෙන් ජයම ලැබෙන්න ඕනෑ. තව තවත් ඉදිරියට යන්න ලැබේවා! මෙවැනි අවස්ථාවක් ගැන ඉදිරියේදී හෝ අපිව දැනුවත් කරයි කියා මම බලාපොරොත්තු වෙනවා. (නි)
සුබ පැතුම්, තවත් ජයග්‍රහණ ගෙන එන්නට ශක්තිය ලැබේවා (නදී)
සනත් ඔයා සැබෑම දක්ෂයෙක්. මොකද ගොඩක් දුර රටකට ගිහින් මේ වගේ දස්කම් පෙන්වන්න. ඔබ ව්ශිෂ්ඨයෙක්. (නදී)
ඔබේ කැප කෙරීම තුලින් ඔබට ඒ ජය ලැබුනේ මම දන්නවා ඔබ දුර දුවන හරි හපනෙක් කියලා. ඔබගේ කැපකිරීමට ඔබට නාවික හමුදාපතිතුමාට වත් ඔබව අගය කිරීමකට ලක් කරන්න හිතවේද කියලා අපේ අය බලා ඉන්නවා. සනත් ඔබට ජයන් ජයම ලැබේවා. (අ)
තරංග මම දන්නවා හිටපු නාවීක හමුදාපති තුමා මට ගොඩක් සහයෝගය දුන්නා. මම එහාට ගිය දාට පහුවදා තරගය තිබ්බා. ඒ නිසා එහෙම උනේ. අද්මිරාල් තිසර සමරසිංහ මහතා සහ එහෙ සිංහල අය මට ගොඩක් උදව් කලා. ඒ සියලු දෙනාට ගොඩක් ස්තුතියි (නදී)
මම අද මේ ජයග්‍රහණ ලබා ගන්නේ නාවික හමුදාව නිසා. නාවික හමුදාවට නාවා නම් මට මේ ජයග්‍රහණ ගන්න බැරිවේවි (නදී)
ඔබට දුක හිතෙයිද දන්නේ නෑ ඔබේ කලින් නාවික හමුදාපති ඉන්නෙත් ඔහේ තමයි (අ)
ඕස්ට්‍රේලියාවේ ඉන්න හැමෝටම පින් (නදී)
මේ ගැන අපිව කවුරුවත් දැනුවත් කලේ නැහැ. ක්‍රීඩකයා පුද්ගලිකව සහභාගී වූ තරඟයක් නිසා ද දන්නේ නැහැ. ඔහුගේ සහභාගිත්වය සංවිධානය කල උදවියට ඒ ගැන කලින් හිතන්න තිබුනා. (නදී)
ඔබට දිගු ගමනකට සුබපතමි . (දී)
අපේ කට්ටිය දිනුවට පස්සේ වෙන්න එති එන්න ඇත්තේ,කොහොමත් අපේ ඔබට ජය වේවා මල්ලි (දී)
මේ තරඟයට ශ්‍රී ලාංකිකයකු ඉදිරිපත් වෙනවා කියලා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් කලින් දැනුවත් කරලා තිබුනේ නැහැ. ඉතින් කොහොමද දිරි ගැන්වීමක් වත් කරන්නේ ? (අ)
ඔය රටේම නවතින්න (නදී)
මේ තරඟය ගැන බ්‍රිස්බේන් ඉන්න ලංකාවේ ගොඩක් අය දැනගත්තේ ගොඩක් පරක්කු වෙලා, ඒ උනාට අපි සනත්ට බොහොම ආදර බර සංග්‍රහයක් කරා. බ්‍රිස්බේන් ඉන්න ගොඩක් ශ්‍රී ලාංකිකයෝ මේ සත්කාර්යට දායක උනා. සියලු දෙනාට ස්තුතියි. (දී)
දිනනකොට නැති අයත් නෑදෑකම් කියාගෙන එනවා තමයි.පරදිනකොට මෙලෝ කෙනෙක් නැහැ (දී)
ඔබ රටටත් නාවික හමුදාවටත් ආඩම්බරයක් ඔබට මගේ උණුසුම් සුබ පැතුම් . (දී)
දිනන්න කලින් කවුරුවත් නැහැ. දින්නට පස්සේ ඕනේ තරම් කට්ටිය ඉන්නවා. (නදී)
ඔබ ලෝකය දිනනවා සනත්! ඔබට ජය (නදී)
තනියෙන් වුනාට පින්තුරේ ඉන්නේ ගමකට සෙනග. (නදී)