ගොනුන් වගේ තප්පු නොලා කොළඹ සීත කාමරවලට වී කුණුහරුප නොකියා ගමේ දරුවන්ගේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනස දෑසින් බලා ගන්නට විපක්ෂයට ගමට එන්නැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි.
‘මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ ඇරැඹිමේ අරමුණ විද්‍යා ගණිත සමත් දරුවන් බිහි කිරීමයි. ගුවන් නියමුවකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 16 යි මාසික වැටුප ලක්ෂ 600’.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලහාමි, අපේ ඇමතිතුමා මාලදිවයිනේ ඇවිල්ලා වෙච්ච දේ ගැන අපවත් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනවා. (ස)
ඔබතුමා ලා ඡන්දය ඉල්ලාගෙන එනවිට මහජනයව අමතන්නෙත් මේ සත්ව කුලකයේ නම් වලින්ද ? (නදී)
අධ්‍යාපනය බාර දීපු අය ගැන දැක්කම දැක්කම තප්පුනොලා ඉන්න පුලුවන්ද ගොනෙකුටවත්. ගොන්නුන්ගේ උඩු ඇන්දේ දත් නැත්තේ ඕවට හිනාවෙලා හැලිලා ගිහිල්ලමද කොහෙද? (නදී)
කට හොඳ නැති පාක්ෂිකයෙකු කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සුභ ලකුණක් නෙමෙයි. (නි)
අනේ මන්දා දැන් කලකට පෙර හිටියෙත් ඔය තප්පුලන්නන්ගේ ගොඩේම නේද ? (නදී)
විපක්ෂයට අභියෝගයක් කරනවා නම් , රටේ වැදගත් තනතුරක් දරන මහත්මයෙකු ලෙස තම වචන සංයමයෙන් හසුරුවාගෙන ඒ අභියෝගය කල යුතු බව ඊළඟ කැබිනට් රැස්වීමේදී වත් කවුරුන් හෝ මතක කලොත් හොඳයි. (නදී)
සිල්වාත් සුදානම් වෙලා වගෙයි ඉන්නේ එහෙනම්.... (නි)
සියල්ලටම කලින් මේ පාසල් ළමයින් දැනුවත් කළයුතුයි රියදුරු බලපත් නැතිව රිය පැදවීම බරපතල වැරැද්දක් කියලා. (නි)
ජය වේවා ඇමතිතුමා! (නි)
ඔබතුමාත් වෙනසකටත් එක්ක ගිහින් බලන්නකෝ දුෂ්කර පාසල් වල ඇත්ත තත්වය. (නි)
ඇමති තුමා ඕව ගණන් ගන්න එපා..වැඩක් කරන කෙනාව තමයි කොහොමත් කට්ටියට පෙන්නන්න බැරි. ඒක මේ තීරුවේ ඉන්න සමහරක්ට තියෙන ලෙඩක්. ඔබ තුමා පටන් ගත්ත වැඩේ ගොඩක් හොඳයි..පාරවල් ගානේ රස්සා දියව් කියල කැ ගහන කල උපාධි ධාරීන් අඩු කරලා තාක්ෂණික පැත්තට සිසුන් යොමු කිරීම.සියල්ල අංග සම්පුර්ණව සිදු වුනේ නැති උනත් අඩුපාඩු සහිතව හරි මේ ගමන යන්න පටන් ගත් එක ලොකු දෙයක්. පළමුවර විභාගයට පෙනී සිටින සිසුන් ගොඩක් අපහසුතා වලට ලක්වෙනවා ගුරුවරුන්ගේ හිඟකමත් ඉන්න ගුරුවරුන්ට තාක්ෂණය විෂය ඇගට වදින්න දෙන්න හැකියාවක් නැති කමත් නිසා..මේ අඩුපාඩු ඉක්මනින් සපුරන්න..හැකිතාක් ප්‍රයෝගික දැනුම දෙන්න පහසුකම සපයන්න.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනල ගියත් ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියත් එකටත් ආණ්ඩුව පලි කියන එව්වෝ ඉන්න මේ තීරුවෙන් ඔබතුමාට හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ..බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැනේ..ඔබ තුමාගේ ගමන ඔබ තුමා යන්න. (ස)
එච්චර දුර යන්න ඕනෙ නැහැ මාවනැල්ල ප්‍රසිද්ද පාසැලක් ඒක බලන්න එන්න කියන්න. 1. විදුහල්පතිවරයෙකු නැතිව දැනට වසර හතරයි මාස තුනක් වෙනවා. 2. කොටින්ම කියනව නම් උසස් පෙල විද්‍යා අංශයට කිසිදු ළමයෙකු ඉල්ලුම් කර නැහැ. 6. 7, 8, පන්තිවල වාර දෙකටම සමහර විෂයන් වල උගන්වා ඇත්තේ පාඩම් 2 කක් හෝ තුනක් වැඩබලන විදුහල්පති කාර්යාල කාමරයේ සිට අරක්කු බොනවා ළමයින්ටම හසුවී තිබෙනවා. ඉතින් අනේ හෙටම මේවා සොයා බලන්න මාවනැල්ලට එන්නකෝ (නදී)
පාසල් නරඹන්න එන්න කියලා ඇමතිතුමා ආරාධනා පත්‍ර යවල තිබෙන්නේ අම්බරුවන්ට ද ? (නදී)
තප්පුලන්නෝ විපක්ෂයේ නම් අපුල්ලන්නෝ කොයි පක්ෂයේද ? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
බලන්නකෝ විපක්ෂයේ උදවියට ශීත කාමර සපයලා දීලා මෙතුමා ට පැය 24 ම දහදිය පිඹ පිඹ රාජකාරි කරන්න වෙලානේ. (නදී)
රට වටේම ඉන්න දෙමව්පියන්ට ගුරුවරුනට සිසුන්ට උපදෙස් දෙන්න කලින් තමන් ඊට සුදුසු දැයි දැනුවත් වුනොත් රටටම යහපතක් වේවි. (නදී)
පාඨක මහත්ම මහත්මීන් දන්නේ නැද්ද එකම නම ඇති උදවිය යන යන තැන කට වරද්ද ගන්නවා කියලා. මෙතන අපේ සභාවේම තමන්ගේ වචන වල නොහොබිනා කම නිසා සෙස්සන්ගේ අප්‍රසාදයට පත් වුන කෙනෙක් ඉන්නවානේ. (නදී)
කාගේ හරි පොඩි දරුවෙකුට සතුන්ගේ නම් ටික උගන්න ගන්න ඕන නම් අසවල් උදවිය මහජන රැස්වීම් වල කතා කරන තැනකට දරුවා ව එක්ක යන්න. (නදී)
ප්‍රවේශමෙන් කතාකිරීමයි නුවණට හුරු (නි)
අපි දන්නවා උගත්කම පාසලෙන් විශ්ව විද්‍යාලයෙන් ලැබුනත්, සමාජය ඉදිරියේ වචන පාවිච්චි කරන ආකාරය ලැබෙන්නේ තමන්ගේ පවුල් පසුබිමෙන් කියලා. අපි කුඩා කල වැඩිහිටියන් හෝ සමාජය ඉදිරියේ කට කැඩුන වචනයක් කිව්වත් අම්මලා ටොක්කක් ඇනලා අපිව මට්ටු කරගත්ත. එහෙම විනයක් ශික්ෂණයක් නොලබුනාම සමාජය ඉදිරියේදී මොන තනතුර ලැබුනත් වැඩක් නැහැ. එක්තරා කතාවක මොනරා තමන්ගේ තනතුරින් උදම් වෙලා නටනවිට පස්ස පැත්ත අවට උදවියට පෙනුන ගමන් ලැබෙන්න තිබුන තනතුර නැතිවුනාලු. (නදී)
පුළුවන් නම් මීට පෙර මේ රටේ ඇමති තනතුරක් හෙබවූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිඳුන්ගේ චරිතාපදානය මතක් කරගන්න. කටපුරා අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට පක්ෂ භේදයකින් තොරව මෙන්න අපේ ඇමතිතුමා කියලා වෙන රටක කෙනෙකුට හඳුන්වාදීමට හැකි නියම උගතෙක්. (නි)
අපේ පාසල් ළමයින්ට ගණිතය, විද්‍යාව සමත් වෙන්න පෙර උගන්වන්න ඕනෑ සමාජය ඉදිරියේ වැදගත් සංවර අයුරින් කතා කරන ආකාරයයි. නැත්නම් තනතුරක් ලබන්න තිබෙන එකම සුදුසුකම කට හොඳ නැතිකම කියලා ළමයින් වරදවා වටහාගන්න ඉඩ තිබෙනවා. (නි)
ඇමතිතුමා, ඕවා ගණන් ගන්න එපා.වැඩක් කරන කෙනාව තමයි කොහොමත් කට්ටියට පෙන්නන්න බැරි.ඒක මේ තීරුවේ ඉන්න සමහරක්ට තිබෙන ලෙඩක්. ඔබතුමා පටන්ගත් වැඩේ ගොඩක් හොඳයි. තාක්ෂණික පැත්තට සිසුන් යොමුකිරීම ඉදිරියේදී මේ රටේ ලොකු වෙනසකට මුල පුරාවි. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ.ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න. (නි)
මේ රටේ ජනතාව තප්පුලන නිසා නේ ඔබතුමන්ලා බලයේ ඉන්නේ. (ස)
අපි දන්නවා රටට වැඩ කරන මැති ඇමතිවරු කවුද කියලා. ඒ හැමෝම කටින් නෙවෙයි වැඩක් කරලා පෙන්නන්න පුළුවන් උදවිය. හැබැයි ඉතින් මහජනයාට සත්තුන්ගේ නම් කිය කියා තප්පුලන්නෙත් නැහැ. (ස)
මෙතුමාල අර පීඨ මේ පීඨ හදනවා. අර ගලේවෙල පොල් අතු පාසල වගේ තව කොච්චර නම් පාසල් මේ රට තුල ඇත්ද වැඩි දියුණු නොවෙච්චා. අන්න ඒවා බලල මොනා හරි කරන්නකෝ බුදු ඇමති තුමෝ. (නදී)
හිනහත් යනවා (නදී)
අර ගලේවෙල පොල් අතු පාසල මේ කියන ගමේ දැවැන්ත සුපිරි පාසල් වලට අයත් නැද්ද ? දන්නේ නැති හින්දා තප්පුලාගෙන අහන්නේ? (නදී)
මෙහෙම කතාකරන එක හොඳද? (නි)
රටේ මහජනතාවට හරක් කියනා ඔවුන් පාර්ලිමේන්තුවට යවන්නේත් ඉතින් ඔවුන් ඔය අපහාස කරන මහජනතාවමනේ (නි)
අපිට මතකයි 2004 සුනාමිය වෙලාවේ නිලාවැලි වලදී ජීවිතය බේරගන්න හෙලිකොප්ටරයට නගින්න ආපු අම්මයි දරුවයි බිමට ඇදල දාල තප්පුලපු හැටි. (අ)
සමහරු දැන් මෙතන නම් දෙකකින් පෙනී ඉඳලා අදහස් ලියන බව මට තේරෙනවා (නි)
සුදු රෙද්දක් හැඳගත් පමණින් හැදිච්චකම ඇති නොවේ (නි)
අනේ ඇමතිතුමා ඔබ අධ්‍යාපන ඇමති නේද. මොකද්ද ඔබ තුමාගේ තියන සංවරය. සේරටම කලින් ඇමතිතුමා කතා කරන්න ඉගෙන ගන්න කෝ. කොයි පාසලට ද ගියේ. (නදී)
වෙනසක් තිබෙනවද ? කඩා වැටෙන්න කිට්ටු පාසල් ගොඩනැගිල්ල අටවාගන්න අසරණ ගැමි දරුවන් ආධාර ඉල්ලු පුවත අපි මේ පත්රයෙන්ම දුටුවේ. අන්තිමේදී තානාපතිතුමෙක් තමයි ආධාර දෙන්න ඉදිරිපත් වෙලා තිබුනේ. (නදී)
කවුදෝ තප්පුලන්න ගිහිල්ලා නේද අර කහ ඉර මත මරණයක් සිද්ධ වුනේ. (නදී)
ගමේ දරුවන්ගේ දැවැන්ත වෙනස අපි දැක්කානේ අර පොල් අතු මඩුවක ඉඳගෙන ඩෙස් පුටු නැතිව අකුරු කරන ළමයින් ගැන පළවූ පුවතින්ම. (නදීී)
මගේ දුව මෙවර සා පෙළ විභාගයට ලියනවා. අනේ දෙවියනේ කවුරු හරි තප්පුලලා මෙවරත් ප්‍රශ්න පත්‍ර පිට වුනොත් හරි වැඩේ තමයි. (නදී)
මෙතුමා එදා ඉඳන්ම කලේ කාලෙන් කාලෙට රට හිනස්සන එකනේ.(නදී)
නැතිව නැතිව ! ඒ විතරක්ද ? ලංකාවේ ගණිතය විෂය සැලකිය යුතු සිසුන් සංඛයාවක් අසමත් වෙන්නේත් විපක්ෂයේ උදවිය තප්පුලාම නිසා විය යුතුයි. (නදී)
තමන්ගේ මීට කලින් හිටපු මහ ගෙදර උදවියට ගොනුන් යනුවෙන් ඇමතීම හරි මදි නේද ? (නදී)
ඇමති තුමාගේ කතාවෙන් පෙනෙන්නේ අගනුවර සීත කාමරවල ඉන්න අය හැමෝම කුණුහරුප කිය කියා කාලය ගෙවන බවයි. සේරටම කලින් ඇමතිතුමා කතා කරන්න ඉගෙන ගන්න. (නදී)
තප්පුලන එක බුරන එක දැන් අධ්‍යාපනය බාර අයගේ ප්‍රතිපත්තිය වෙලා. (නදී)
දෙන්නම එකතුවෙලා තප්පුලන ගමන් මුළු අධ්‍යාපනයම පුද්ගලික කඩ කලොත් වරදක් නැහැ හොඳ ජෝඩුව. (නදී)
තප්පුලන්නේ කවුද කියලා රටම දන්නවා. නිදහස් අධ්‍යාපන කඩ රටපුරා. අමතර පන්ති රටපුරා (නදී)
තප්පුලෑම පැත්තකින් තියමුකෝ. තවමත් මනුස්සයෙකුට මාසෙට රුපියල් 2500 කින් ජීවත් වන්න පුලුවන්ද දන්නේ නැහැ (නදී)
විපක්ෂයේ උදවිය තප්පුලන හින්දා තමයි දුෂ්කර පලාත්වලට ගුරුවරු ටිකක් වත් යවා ගන්න බැරි. (නදී)
කොහොමත් ඉතින් ඔය දියවන්නා ඔය කියන්නේ ඉස්සර අම්බරුවන් ටැග් ගැහුන ප්‍රදේශයක් නේ. (නදී)
තප්පුලනවා කියල කියන්නේ රටේ සියලුම අය හරක් කියල හිතලානේ (නදී)
අර ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය. ප්‍රශ්න පත්තර පිටවීම වගේ දේවල් වෙන්න ඇත්තේත් කවුරු හරි තමන්ගේ රාජකාරි වැඩේ හරියට නොකර තප්පුලන ගමන් විය යුතුයි. (නදී)
තප්පුලන, තප්පුලනවා, තප්පුලන්න, තප්පු නොලා අාදි වචනවල තේරුම කුමක්ද? වැඩක් නොකර සිටීමද? (නදී)
ඇමති තුමාගේ ඔබ තුමා කියන ඔය වෙනස ලංකාවේද තියෙන්නේ ? එහෙම නැත්නම් වෙන රටකද ? අනේ මොකටද විපක්ෂයේ උදවිය රටේ ජනතාවට පෙන්නුවා නම්.(නදී)
ආර්ථික විද්‍යා පන්තියේදී මේ තප්පුලන්නන් සමාජයේ කවර කුලකයටද ඇමතිතුමා ඇතුලත් කලේ ? (නදී)
දැන් එතකොට නරියා බුරුවා බල්ලා ආදී නම් වලින් මහජනතාව අමතන උදවිය වැටෙන්නේ තප්පුලනන්ගේ ගණයට නෙවෙයිද ? (නදී)
ආර්ථික විද්‍යා නියමයන්ට අනුව, සීත කාමර වල සිට තප්පුලන්නෝ ගොන්නුන්ද ? එසේනම් රුපවාහිනි මැදිරි වල අංගම් පොර ප්‍රදර්ශනය කරන්නෝ කවරහුද ? ප්‍රතිවාදියන් සපා කන උදවිය අයත් වන්නේ කුමන සත්ව කුලකයටද ? ඇමති තුමාටම මේ ප්‍රශ්න යොමු කරන්නේ පස්වන වසරේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මගේ පුතායි. (නදී)
ඇමතිතුමා ඔය වචනය කටින්ද කියන්නේ? (නදී)
අම්බරුවෙක් ප්‍රශ්නයක් නගයි. අපේ රටේ අධ්‍යාපනයට භාර කරුවන් ලෙස පත් වෙලා තිබෙන්නේ මහජනයා ඉදිරියේ ශීලාචාරව කතා කිරීමට දන්නා අයද ? (නදී)
ඇත්තම කියන්න ඉතින් බොහොමයක් දුෂ්කර පාසල් වල දරුවන් ඉගෙන ගන්න ගොඩනැගිලි අම්බරුවන්ට තප්පුලන්න සුදුසු තැන් තමයි. (නදී)
ඇහුවට තරහ ගන්න එපා ආයුබෝවන්. ඔබ තුමාගේ රාජකාරි කාමර පොඩ්ඩ වායුසමනය කර නැතෙයි ? (නදී)
ගරු ඇමති තුමනි, ,ඔබතුමා සංවරව කතා කලොත් හොඳයි. එක්කෙනෙක් කතා කරන්නේ ගොනා බුරුවා කියලා, අනේ අපේ අධ්‍යාපන ඇමතිවරුන්ගේ කොලිටිය.(නදී)
දවසේ කියමන - තප්පුලන්නෝ විපක්ෂයේය. අපුල්ලන්නෝ තම පක්ෂයේය.(නදී)
අධ්‍යාපනය භාර අරන් තිබෙන්නේ තමන් අධ්‍යාපනය වෙනුවට රටේ සත්ව කර්මාන්තය භාරගත්තා යයි සිතාගෙන ඉන්න දෙපළකි. (නදී)
ඔබතුමාට තිබුනේ පශු සම්පත් කටයුතු භාරගන්න. එතකොට ඔය තප්පුලන්නන් ටික ඔබට ඕන හැටියට මේච්චල් කරගන්න පුළුවන් නේ. (නදී)
ඇමතිතුමා, කටින් බතල ඉන්දන්නේ නැතිව ක්‍රියාවෙන් පෙන්වන්න. ඔබතුමා මාලදිවයිනට පසුගිය ජුනි අන්තිම ඇවිල්ල වෙච්චි දේවල් දැන් මතක නැතුව ඇති (නදී)
අපි අදනේ දැන ගත්තේ මෙතුමා කටයුතු කරන්නේ පශු සම්පත් සම්බන්ධයෙන් කියලා. (නදී)