IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තාප්පයේ වැඩි කෑල්ල කඩයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසරයෙන් ඉදිකරන ලද තාප්පය කඩා නියමිත නිර්ණායකයන් අනුව ඉදිකරන්නේ නම් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ගාල්ල අධිකරණයේ පනවා ඇති නඩුව සමථයකට පත්කැර ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය් පැවති රැස්වීමක දී පුරාවිද්‍යා නිලධාරීහු එකඟ වූහ.

ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය කියා සිටියේ දේශපාලනය පසෙකින් තබා නීතිය රකින නිලධාරීන් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකැර ඇති තාප්පය වෙනුවට බාලිකා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා නිර්ණායක අනුව තාප්පයක් බැඳීමට අවසර ලබා දීමට ද පුරාවිද්‍යා නිලධාරීහු එකඟවූහ. ඒ අදාල නිර්ණායක විදුහල්පතිනියට ලිඛිතව ලබාදුන් අතර විදුහල්පතිනිය පොරොන්දු වූයේ තාප්පයේ වරද කඩිනමින් නිවැරදි කරන බවයි. පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ තාප්පය උසින් වැඩි බවයි.

අනවසර තාප්පයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුවකට පෙනී සිටින ලෙස 17 වැනි දා උසාවි එන ලෙස සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සිතාසි භාර දී තිබිණි. පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ නඩුව සමථයකට පත්කිරීමටනම් 17 දා ට පෙර අදාල උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බවයි.

P1020104

 



අදහස් (0)

තාප්පයේ වැඩි කෑල්ල කඩයි

සයිමන් Wednesday, 16 July 2014 09:14 PM

නොගැළපෙනවා නම් ඉතින් ගැළපෙන විදියකට හදාගන්න එපායැ (නි)

:       0       0

සමන්ති Wednesday, 16 July 2014 09:14 PM

රොහාන් සෞදියේ හිටියට ගාලු කොටුව ගැන දන්නේ නැහැනේ.ගාලුකොටුව පුරා විද්‍යාවෙන් රක්ෂිතයක්. (නි)

:       0       0

චන්ද්‍රා විරසිංහ Tuesday, 15 July 2014 09:16 PM

සවුත්ලන්ඩ් එකේ තාප්ප කැඩුවා වගේ නෙමේ බිග් මැච් කාලෙට කොල්ලෝ රිංගලා විදුහල්පතිනියවත් උස්සගෙන යාවි!! (ස)

:       0       0

ජීවක Tuesday, 15 July 2014 10:14 PM

තාප්ප උස වැඩි කියනවා, ගවොම කොට වැඩි කියනවා. අනේ මන්දා? (ස)

:       0       0

ලාල් Wednesday, 16 July 2014 01:05 AM

තාප්පේ නම් උස වැඩි නම් තමයි. කෝ බාලිකාවො නම් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 16 July 2014 01:50 AM

පුරාවිද්‍යා අය සවුත්ලන්ඩ් එකට අල්ලපු ඉඩමේ අනවසර ඉදිකිරීම් ගැන නිහඬව ඉන්නේ ඇයිද කියලා හොයන්නේ නැත්තේ අයි ? (නදී)

:       0       0

ගමගේ Wednesday, 16 July 2014 01:56 AM

නීති පොත අලුත් වුණාට අවශ්‍ය දේවල් අලුත් වුණේ නැහැනේ. පුරාවිද්‍යා පනතට අනුව අවුරුදු 100 පැරණි නම් ඒවා පුරාවිද්‍යා අංශයට අයිති වෙනවලු. එහෙත් එය කාලීනව අලුත් වෙලා නැහැ. අපේ මහගෙදරත් හදා තියෙන්නේ 1910දි. (නි)

:       0       0

චාන්දනී Wednesday, 16 July 2014 02:29 AM

දැන් මොකද්ද එතකොට තාප්පය හදන්න නියමිත නිවැරදි නිර්ණායකය? ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක මේ බාලිකා පාසලට උඩින් පැනගන්න පුළුවන් උසක් නම් ඒක වැරදියි නේද? (නි)

:       0       0

දිලුපා Wednesday, 16 July 2014 02:45 AM

කොහොමත් ඉතින් මේ අපේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ නංගිලා ටිකක්නේ (නදී)

:       0       0

සුදත් Wednesday, 16 July 2014 03:08 AM

ලාල් ඉනිමගකුත් අරගෙන බාලිකා පාසැල පැත්තේ රවුමක් දාන්න යන්න වගේ.! (නදී)

:       0       0

සංජීව Wednesday, 16 July 2014 04:13 AM

හරි නීතිය හරියට කරනවා නම් පාසැල විතරක් නොවෙයි, තව කොපමණ අනවසර ඉදිකිරීම් තිබෙනවද? (නි)

:       0       0

කපිල Thursday, 17 July 2014 03:12 AM

තාප්පෙ කොට කරලා, තාප්පෙට උඩින් යකඩ ග්‍රිල් වැටක් දාන්න. ප්‍රශ්නෙ ඉවරයිනේ. (නදී)

:       0       0

එරංග Wednesday, 16 July 2014 04:14 AM

ඕනෑම දෙයක ප්‍රමිතියක් තිබීම අවශ්‍යයි (නි)

:       0       0

මාලනි Wednesday, 16 July 2014 04:38 AM

ඕනෑ තරම් අනවසර ඉදිකිරීම් කොටුවේ තියෙනවා ඒවා ගැනත් හොයන්න (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 16 July 2014 04:52 AM

මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර අනවසර ඉදිකිරීම් කොතෙක් තියෙනවද එහෙම බැලුවොත්? (නි)

:       0       0

රොහාන් සෞදි Wednesday, 16 July 2014 05:38 AM

බොහොම ලස්සනට හදල තියන තාප්ප මට නම් කිසිම වරදක් පෙනෙන්නේ නැහැ ගැහැණු දරුවන් ඉන්න පාසලක් නිසා ආරක්ෂාව අවශ්‍යයි. (නදී)

:       0       0

කර්තිනී Wednesday, 16 July 2014 06:20 AM

පිරිමි දරුවන් ඉන්න පාසල් වල තාප්ප ඉතා උසින් හැදුවනම් හරි. එතකොට ගැහැණු දරුවන් ඉන්න පාසල් වල තාප්ප අනවශ්‍යයි ! (ස)

:       0       0

ලලිත Wednesday, 16 July 2014 07:28 AM

දැන් මෙතන ආරක්ෂා කරන්නේ පාසලේ ඉන්නේ බාලිකාවන් මිසක් පුරාවස්තු නෙමෙයිනේ. ඇයි මේ පුරා විද්‍යා නිලධාරින් මෙතනට සම්බන්ධ වෙලා තියෙන්නේ? දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරනවද? (නි)

:       0       0

සමන් Wednesday, 16 July 2014 07:29 AM

රිචඩ් පතිරණ ඇමතිතුමා නැති පාඩුව අපිට දැනෙනවා (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 16 July 2014 08:05 AM

තාප්පය උස්සලා බාලිකාවන් ආරක්ෂා කරගන්න හැදුවට එය ප්‍රායෝගික නැහැ. මක් නිසාද ඉන්ටර්නෙට් හා ෆේස්බුක් වසන්ගතය ළමයිගෙ ඔලුවලට උඩින් පැනල ඉවරයි. (නදී)

:       0       0

රවි කලංසුරිය Wednesday, 16 July 2014 05:27 PM

නීතිය සැමට පොදු වියයුතුය (නි)

:       0       0

යසිත් Wednesday, 16 July 2014 05:32 PM

වැරැද්දක් ඇත්නම් නිවැරදි කළයුතුයි (නි)

:       0       0

සරත් Wednesday, 16 July 2014 05:37 PM

ඇයි ඉතින් මුලින්ම ප්‍රමිතියකට හැදුවේ නැත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 979 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 196 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 885 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3560 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site