රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.
එම චෝදනා සඳහා ශෂී වීරවංශ තමා නිවැරදිකරු බව අද උසාවියට කියා සිටියාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාගේ පුරුද්ද තමයි අනුන්ගේ පවුල් වල අය මොකද්ද කරන්නේ කියලා බලන එක (නි)
මෙවැනි දුෂණයන් ඉදිරියට ගෙනයාමට ඕන නිසයි හොරුන්ව පත් කර ගන්න වේදිකා දෙවනත් වෙන්න කයිවාරු ගැහුවේ , ජනතාවට පින්සිදුවෙන්න ජනවාරි 8 වැනිදා මොවුන්ගේ එම ක්‍රියාවලියට තිත තැබුවා..(බ)
එහෙනම් ඒ විදේශ ගමන් බලපත්‍රය කාගේද?(හේ)
වයස අඩුවෙන් දාන එක සෙල්ලමක් නෙමෙයි. (හේ)
බ්‍රිතාන්‍යයේ මහ රැජින එන ලිලාවෙන් එන්නේ. (හේ)
කටින්ද දන්නෙ නැහැ දෙනෝ දහක් මැද්දේ “මම නිවිැරදිකාරිය“ කියලා කිව්වේ. අනේ මෛහමත් ලැජ්ජානැති කමක්. (හේ)
පේනවනේ රටේ නුගත් අහිංසක ජනතාව රවටන්න යොදන බාල උපක්‍රම වල තරම.(හේ)
හර්ෂ රටක නිතියක් ඇති බව දන්නෙ නැද්ද? මිනිමැරුමක් කලත් අනුන්ගේ දෙයක්නේ කියලා ඔහේ බලන් ඉන්නවද? (හේ)
මේ කතා වැඩක් නැහැ හරි වැරදි බලන්න ඕන නැහැ (හේ)
අපි දන්නවනේ කොහොමද කියලා.(හේ)
වැදගත් කුල කාන්තාවක් නම් කවදාවත් බොරු කරන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ. සල්ලි වලට බලයට වැදගත්කම හැදිච්චකම ගන්න බැහැ (නි)
රටේම බවලතුන්ට බණ කියන්න කලින් තමන්ගේ ගෙදර ඇත්තියන් හදාගන්නා ලෙස මම දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. තමුන්නාන්සේලාත් දේශපාලනයට එන්න කලින් අඩු වශයෙන් රටේ සිවිල් නීතිය ගැනවත් හදාරා ක්‍රියාකාරී දේශපාලනයට එන්න. එහෙම නැතුව රට හදන්න යාම විහිළුවක්. (නි)
ජවිපෙන් පටන්ගෙන ධනවාදි මහින්දලාට එකතුව ජනතාවගේ මුදල් මංකොල්ල කා, නෑදෑ පරපුර ධනවතුන් බවට පත්කළ වීරවංශලා ගැන ජනතාව දැන් තේරුම්ගෙන අැත. (නි)
මේක එක ලියවිල්ලක තිබෙන වැරැද්දක් නෙමෙයිනේ. පවුලේ තව උදවියගේ ගමන් බලපත්‍ර වල වැරදි වයස් ඇතුළත් කියලා ආරංචි තියනවා නේද. ළමයින්ගේ උප්පැන්න සහතික වලත් වැරදි තොරතුරු තිබෙනවාලු නේද. (නි)
අපේ ස්වාමින් වහන්සේලා දැක්කහම ලංකාව ලෝකයේ හොඳම බෞද්ධ රට කියන කියමන අපිට මතක්වුණා. (නි)
සමහරු හිතන්නේ මේවා ගණන් ගන්න තරම් ඒවා නෙවෙයි කියලා. මහජන නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල් සමාජයට පූර්වාදර්ශයක් වෙන්න ඕනෑ. (නි)
මේකත් කල්දාන්න ඕනෑ නඩුවක්ද? උප්පැන්න ඇත්ත නම්, පාස්පෝට් එකත් ඇත්ත නම්, ඒවායේ නම් වයසවල් වෙනස් නම්, ඒවා අයිතිකාරිය වංචාවක් කර ඇති බව ඇස්පනාපිට ඔප්පු වෙන්නෙ නැද්ද? මේවා හදන අය අතින් වරදක් වුණත් මේවා තමන්ගෙ අතට ගත්තම තමන්ගෙ නම වයස වැරදියි කියලා දැක්කම එවෙලේම නිවැරදි කරගන්නවනේ අපි නම්. එහෙම නොකළා කියන්නෛ් මෙයාලම තමයි වැරදි තොරතුරු දීලා හදවලා ඇත්තේ (නි)
කවදාවත් රස්සාවක් නොකළ උසස් පෙළවත් නැති සමහර බවලතුන් සැමියා දේශපාලනයට ආවාට පසු ලක්ෂෙට කොඩිය දානවා. තමන් ආදි සිසුන් නොවුණාට ළමයින් ජනප්‍රිය පාසල් වල. දැන් කියාවි මේවා ඒ මිනිසුන්ගේ පින, අපි ඊර්ෂ්‍යාවේ කියලා. එ්ත් ඉතින් අධාර්මික ධනය, බලය අපහරණය වගේ දේවල් නිසා තමන්ට කොයි මොහොතේවත් සැනසීමක් නැහැ (නි)
සුමුදු හිතන්නේ වැරදි තොරතුරු සහිත රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර තබාගැනීම සුළු දෙයක් කියලාද? මට ඔබේ විදේශ ගමන් බලපත්‍රය ගැනත් හිතාගන්න පුළුවන්. (නි)
හැමදේටම කලින් තැනකට ගැළපෙන විදියට ඇඳගෙන යන්න උගන්වන්න ඕනෑ (නි)
මෙයාව දැක්කහම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් (නි)
අනේ හාමුදුරුවනේ, අපේ ආගමටත් චීවරයටත් නිගානොකට වැරදිකරුවන්ට අනුබල දෙන්නේ නැතුව ඔතනින් ඉවත්වෙන්න, දෙවියන්ගේ නාමෙන්. (නි)
අච්චර රටේ දේවල් හොරා කාලත් කිව්වේ මොකක්ද , අපි හොරකම් කළේ නැහැ කියලා. කොහෙන්ද මේතරම් සල්ලි. ලොකු ගෙවල් කොහෙන්ද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හාමුදුරුවෝ එන්නේ ඇයි මෙහෙම දේවල් වලට? (නි)
සමාජවාදය නේද ඔය කට්ටිය කතා කරන්නේ? ඔය දාල තියන පින්තූර වලින්ම හොඳට හිතාගන්න පුලුවන් එ්ක කරන හැටි (නි)
දැන් මේ ගැන විමල් මොකද දන්නෙ නැහැ කියන්නේ (නි)
කවුද ඉතින් තමන් වැරදියි කියලා කියන්නේ? (නි)
නම්බුකාර විදියට ජීවිතය පවත්වාගෙන යමින් මහජනයාට ආදර්ශයක් දෙන දේශපාලක බිරියක් අපිට දකින්න ලැබෙන්නේ කවදාද? බහුතරයක් අඳින සාරියේ පටන් මහජන මුදලින් යැපෙන්න බලාගෙන ඉන්නේ. වෘත්තීය සුදුසුකමක් සුළු රැකියාවක් හරි තියෙන්නේ දේශපාලක බිරියන්ගෙන් කීයෙන් කීදෙනාටද? සමහරුන්ගේ ජීවන රටාව අපේ හැදෙන ගැහැණු දරුවන්ට දකින්නවත් සුදුසු නැහැ. (නි)
මට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය ගැන හිතාගන්න අපහසුයි. පාස්පෝර්ට් එකේ තොරතුරු වැරදි නම්, මෙම තැනැත්තිය එම පාස්පෝර්ට් එක භාවිතා කර ඇත්නම්, මෙතන වංචාවක් සිදුවී ඇතිබව පැහැදිලියි. (නි)
මේ වගේ අයත් හිටියනේ ආණ්ඩුවේ? (නි)
එහෙනම් ඇයි උසාවි යන්නේ? පවු අනේ!!!! (නි)
රත්නායකලා වගේ අය ඉන්නකන් රට හදන්න බැහැ (නි)
ලංකාව දැන් සෙල්ලම් මඩුවක් වගේ. වැරදිකරුවෝ හිරේට යන්නේ වීරයෝ වගේ. ඔවුන්ට ජයවේවා කියන්න බලා ඉන්න බාල බොළඳ උගත් නූගත් කොට්ඨාශයකුත් සිටිනවා (නි)
දුල්මි,ඔබගේ අදහස සත්‍යයි. (නි)
හාමුදුරුවරුන්ට පන්සල් වල දැන් වැඩ නැහැ වගෙයි (නි)
අර මහ බැංකු වංචාව මීටවැඩිය පොඩි ඇති (නි)
දැන් එතකොට අපි වෙන්න ඇති වැරදි (නි)
සමහර දේශපාලක පවුල් වල උදවිය හිතන්නේ සමාජයට වැරදි පුර්වාදර්ශයක් දෙන ඕනෑම කටයුත්තක් තමන්ට කැපයි කියලා. මේවාට උල්පන්දම් දෙන එක නවත්තලා නීතිය හැමෝටම එක බව පෙන්වන්න. (නි)
අපේ රටේ තරම් දේශපාලකයන්ගේ නෝනලා පොඩි ළමයින් වගේ හුරතල් කරමින් නරක් කරන රටක් කොහෙවත් නැතුව ඇති. සමහරුන්ට සැමියා දේශපාලනයට එනවිට රැකියාවක් වෘත්තීය සුදුසුකමක් තමන්ගේ දේපලක් මොකුත් නැහැ. එ්ත් අවුරුද්දක් ගතවෙන්න කලින් ක්‍රිස්ටිනා ඔනාසීස් වගේ දේපල සල්ලි හිමි බලපුලුවන්කාරියෝ වෙලා. හැබැයි එක දෙයක් නම් ඒ උදවියට දේශපාලන බලයෙන්වත් ගන්න බැහැ. වැදගත් පවුල් පසුබිමක හැදුනු කාන්තාවකගේ තත්ත්වය! (නි)
අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා වැඩියේ කුමන ධර්මයක් දේශනා කරන්නද? චීවරයටත් ශාසනයටත් ගෞරව කරන්න. (නි)
එතකොට දැන් අපිද වැරදි? (නි)
මට පේන්නෙ ඒවාට තොරතුරු දීලා තියෙන්නේ ගෙදර වැඩකරන අය වෙන්න ඇති. (නි)
දේශපාලකයන්ගේ හාමිනේලා අතින් කිසිම වැරැද්දක් වෙන්න විදියක් නැහැනේ, මේ අපි වගේ සාමාන්‍ය බවලතුන් අතින් මිසක් නේද? (නි)
දැන් අපේ රටට තියෙන ප්‍රධානම සහ බරපතලම ගැටළුව තමයි මේක. ඒ නිසා අනෙක් ප්‍රශ්න මඳකට අමතකකර හෝ මේක විසඳිය යුතුය. (නි)
මිනීමැරුමක් කළ කෙනෙක් වුණත් අන්තිමට කියන්නේ ඔය ටික තමයි (නි)
අනේ ඉතින් මේ වයස ටිකක් අඩුකරලා පාස්පෝර්ට් එක හදාගත් එකට ඔච්චර දඟලන්න ඕනෑද? (නි)
තව ඒවා මේවා එකතුවෙලා එනකොට හැංගෙන්න තැන් නැතුව යාවි. (නි)
මේක නම් විදේශ කුමන්ත්‍රණයක්! (නි)
දැන්නම් ඉන්නේ දහයට ගනින්න බැරි විදියට. කූඩුවට දාන්න ගියාා නම් නැති ලෙඩ හැදෙනවා (නි)
අකුරු බැරි කන ඇහෙන්නේ නැති කෙනෙක් වෙන්න ඇති මෙයාගේ ඉල්ලීම් පත්‍රය පුරවන්න ඇත්තේ. (ර)
විස්වාස කළහැකිද.? (ර)
කවුද දන්නේ බුතයෙක් මවලා දුන්නද කියලා අනිත් පාස් පෝට් එක. (ර)
අන්තිමට වැරදි කරුවන්නේ පාස්පෝර්ට් කාර්යාලය (අ)
නිවැරදිකරු නේන්නම්! ඔයාලට තේරෙන්නේ නැද්ද මේකත් විදේශීය කුමන්ත්‍රණයක් බව. දැන් අපි මේකටත් නොකනොබි උපවාසයක් කරමු! (බ)
එහෙනම් ඉතින් අයදුම්පතේ අන්තිම පිටුවේ "නිවැරදි තොරතුරු සැපයුවා" කියලා අත්සන් කළෙත් වෙන කෙනෙක්ද? (නි)
දඬුවම් විඳින්න බලාගෙන ඉන්න වේවි වැඩිකල් නොගොස්ම. (නි)
සමහර වහලුන්ට නම් මේවත් මහ ලොකු දේවල් බව පෙනෙනවා, අදහස් වලින්ම (නි)
නැහැ නැහැ, මෙයාගේ පාස්පෝර්ට් එක ගන්න විස්තර දුන් කෙනා තමයි මෙතන වැරදිකාරයා (නි)
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ අපිට නම් දැනෙන්නේ. (නි)
උසාවියකට ගෞරවයක් වෙන විදිහට ඇඳුමක් අඳින්න ඕනෑ. (නි)
හරිම ලස්සන සාරියක්... (නි)
කොච්චර ලොකු හොරකම් තියෙනවද අල්ලනවා නම්. අපේ රටේ කීදෙනෙකුට පාස්පෝට් දෙකගානේ ඇද්ද? මේගොල්ලෝ ඊළඟ ඡන්දය එනකම් කල්මරනවා (නි)
වැරැද්දක් කළ කවුද ඉතින් තමන් වැරදිකාරයා කියන්නේ? (නි)
හරියට හරි ඇය නිවැරදි තමා. වැරදි කාරය ඇයගේ ස්වාමි පුරුෂයා නොවැ. (අ)
අන්තිමට නිකන් කාලය කනවා පමණයි (නි)
ඉතින් ඔය පාස්පෝර්ට් එක ගන්න දාපු ඉල්ලුම් පත්තරය පාස්පෝර්ට් කාර්යාලයේ ඇති නේද? එ්ක නැතිවෙන්න විදියක් නැහැනේ. (නි)
වයස වැරදි නම්, නම වැරදි නම් මේ නෝනා හරි වෙන්න ඇති. ඔය පාස්පෝර්ට් එක නිකුත්කළ එක්කෙනා වෙන්න ඇති වැරදිකාරයා. (නි)
අනේ! මේ හයක් හතරක් නොතේරෙන කෙනාට කරලා තියෙන අපරාධයට මෙයා නම් කිසිම සම්බන්ධකමක් නැහැ. හිටපු ඇමති කෙනෙකුගේ බිරිඳකට මේ වගේ වැඩක් කරන්න තියා හිතන්නවත් බැහැ. මෙයා නම් ඉක්මනටම නිදොස් කර නඩුව අවසාන කළයුතු වෙනවා (නි)
මේ හාමුදුරුවරු ඇයි මෙතන රස්තියාදු වෙන්නේ (නි)
මෙයාලා තමා අපේ රටේ අනාගත බලපොරොත්තුව (නි)
එහෙනම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
එහෙනම් කවුද මේ බොරු දත්ත දුන්නේ මෙතුමියගේ පාස්පෝර්ට් එක ලබාගන්න? (නි)