තමින්නාඩුවේ වෙලින්ටන් හමුදා පාසලේ පුහුණුව ලැබූ නිලධරයන් දෙදෙනා එම පාඨමාලාවෙන් ඉවත් වී අද උදේ කොළඹට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
තමිල්නාඩු දේශපාලන පක්ෂ ඔවුන්ගේ පුහුණුවට එරෙහිවීම නිසා ඔවුන් ඉන්දියාවේ වෙනත් හමුදා පාසලකට මාරු කිරීමට ඉන්දියා රජය කැමැත්ත පළ කළ නමුත් එහි පුහුණුව කර්නල්වරුන් වැනි ජ්‍යෙෂ්ඨ නිලධරයන් සඳහා වන හෙයින් ඉන්දියා රජයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.
වසර 40ක් පුරාම ශ්‍රී ලංකා හමුදා ඉන්දියාවේ පුහුණුව ලබන බවත්, ඉන්දියාවේ ඇතැම් පෙදෙස්හිදී ප්‍රශ්න මතුවී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට හිතුනොත් ලංකාවට ඕනෑම දෙයක් කළ හැකියි. අපි රට බෙදන්න හැදුවේ නැහැ. එහෙත් බෙදන්න උදව් කරපු අහිංසක මිනිස්සු ඝාතනය කරපු සමහරුන්ව රකින්නෙත් ඔය වීර සිංහලයන් නේද? (නි)
අපිට පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෑ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුව පරිපාලනය කරගන්න බැරි වීමෙන් ඔවුන්ට වෙන ආර්ථික පාඩුව.අපේ පුළුවන්කාරකම පෙන්වන්න ඉන්දියාවට යවන එක නවත්වා ලෝකේ වෙනත් රටවලට යැවීම කලයුතුයි. (නි)
අපේ හමුදාව ඉන්දියන් හමුදාවට වඩා යුද්ධයට දක්ෂයි. (ත)
අපේ කොල්ලන්ට මොකටද කාගේවත් පුහුණුවක්. පහුගිය යුද්දෙදි ලබපු අත්දැකීම් පෙන්ෂන් යනකම් හොදටම ඇති (ත)
සමහරු සේනාවලට බයයිනේ. (ත)
සම්සුදීන්,මේක බුද්ධාගමට වෙච්ච ප්‍රශ්නයක් නෙමේ සේනාව කෑගහන්න. රටට වුන ප්‍රශ්නයක්. ඒත් රටට ප්‍රශ්නයක් වුනාමත් කෑගහන්නේ අපේ හාමුදුරුවරු විතරයි. අපි දැන් කොහොමත් දන්නවා ඔයාලට කොහොමත් සේනාව භීතියක් වෙලා තියෙන්නේ කියලා.. (නි)
ඉන්දියාව අපිට කරන්නේ ද්‍රෝහීකම්..හැම දේටම සේනාවල් ඇදලා ගන්න කට්ටියක් ඉන්නවා.කට්ටියට සේනාව ගැන ගොඩක් රිදිලා වගේ. (නි)
හරි නම් ලංකාවට ඇවිල්ලා අපේ හමුදාවෙන් ඉගෙන ගන්න ඕනෑ කොහොමද යුද්ධ කරන්නේ කියලා (නි)
ඔච්ව්ච්ර කැක්කුමක් තියෙනවා නම් ඊලම තමිල්නාඩුවේ හදා ගත්තා නම් හරිනේ අනිත් රට වලට අත නොදා (නි)
සම්සුදීන්, දැන් මේ දේට සේනාවේ ඇති අදාලත්වය මොකක්ද? නිකන් කියවන්නන් වාලේ කියවන්න එපා. එහෙනම් උලමලා ට ඇවිත් ප්‍රශ්න විසදන්න බැරි ඇයි. තමන්ගේ ජාතියේ හා ආගමේ උන්නතිය වෙනුවෙන් පිහිටුවාගත් සංවිදානයකට මුස්ලිම් අය මොකද මෙච්චර කෑගහන්නේ? අනික අපේ කතෝලික හා දමිල ජනතාවට එවැනි ප්‍රශ්න නැහැනේ. ඔය ලස්සනට මල් දන්සැලක් එහෙමත් දීල තියෙන්නේ. ඔයාලගේ ජාතියේ අයටම විතරයි මේ ප්‍රශ්න. නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව ඉන්න. (නි)
සම්සුදීන්ට වගේම ඉම්රාන්ටත් ගොඩක් රිදෙනවා වගේ. ඉන්දියාව තමුන්ලට ලොකුවට දැනුනට, අපි මොනවා කරන්නද? අවි නිසා යුද්දයක් ඉවර කරන්න බැහැ. ඒකට සිංහ ලේ තියෙන්න ඕනෑ. චිනෙන් බඩු ගෙන්නලා තමයි ඉන්දියාව වැඩේ කරන්නේ. (නි)
ලංකාවේ යුද්දය ඉවර කරන්න ඉන්දියාව කිසිම අවියක් දුන්නේ නැහැ . ඉන්ද්‍ර 2 රේඩාර් පද්දතියක් විතරක් දුන්නා. නමුත් පකිස්ථානය හැම දෙයක්කම ලබා දුන්නා. යුද පුහුණුව ලබන්න පකිස්ථානය,චීනය,රුසියාව,වෙනි රටවල් තෝරා ගන්නවානම් හරි. (ත)
ඉම්රන්ට ඇයි ඔච්චර කැක්කුම? අපේ ස්වාධීනත්වය ඉවසන්න බැරිද? මම මේ ඉම්රාන්ගෙන් අහන්නේ අපි අවි රටවලින් ගත්තේ නිකන්ද, අපට එයාලා අවි සහනාදාර විදියට දීලද? (නි)
ලංකාවේ පුහුණු වෙන්න බැරිද? එහෙම හමුදාවක් ඉන්න රටක මොන පුහුණුද? (නි)
හොදට බලන්න සිංහල ජාතිය ගැන කැක්කුමෙන් අදහස් දක්වන්නේ කවුද කියලා (නි)
ඕක තමයි පොන්සේකා මහත්තය කිවුවේ, තව ලක්ෂයක් හමුදාවට බදවා ගත්තා නම් ඉන්දියාවේ හමුදාවට අපේ හමුදාවත් එක්ක ඔට්ටු වෙන්න බැහැ කියලා. (නි)
අපේ රටේ දැන් ඔය පුහුනුව ලබලා ආපු අයව දාලා ඔය පුහුණූව මෙහේම දෙන්න සැළසුම් කළොත් නරකද? (නි)
ඉන්දියාවට එවන්න කියන්න එයාලගේ හමුදා නිලධාරීන් ලංකාවේ හමුදාවට කියල පුහුණු කරන්න. (නි)
බොදුබලසේනා ජාතිකත්වය සහ අගමිකත්වය වෙනුවෙන් පෙනීසිටින්නේ.හමුදා පුහුණුවට තමිල්නාඩුව මොනවටද අපේ රට ගැන පෙනීසිටින විස්වාසි රටකට යවන්න. (අ)
අපේ හමුදාවේ ගුවන් සහ නාවික බලය අනෙක් රටවල් එක්ක බලනකොට දුර්වලයි. විශේෂයෙන් අපිට ඇත්තේ යුද ජෙට් යානා 10-12 විතරයි. ඒවත් යල් පැනපුවා. බංගලදේශයටත් ඊට වැඩිය තිබෙනවා. ගැඹුරු සයුරේ මෙහෙයුම් කරන්න පුළුවන් නාවික යාත්‍රා 4 යි තියෙන්නේ, ඒවත් බොහොම පරණයි. අපි වගේ දුපතකට අවශ්‍යම වන්නේ නාවික බලය සහ ගුවන් බලය. උදාහරණයක් විදිහට අපිට වැඩ ගොඩක් කුඩා සිංගප්පුරුව මුළු අග්නිදිග කලාපයේම ප්‍රභලම යුද ශක්තිය ඇති රට, පොඩි හමුදාවක් වුනාට ඒ අයට ඉතා නවීන ගුවන් සහ නාවික යාත්‍රා විශාල ගණනක් තිබෙනවා. ඊශ්‍රායලය අපිට වැඩිය පොඩි රටක්. නමුත් සය දින යුද්දයේදී තුන්පැත්තකින් ගහපු සිරියා, ඊජිප්තු, ජෝර්දාන හමුදා තුනම පරාජය කරලා දුවන්ට ගහන්ට ඒ අයගේ ගුවන් හමුදාවට හැකි වුනා. අපිට ඉන්දියාව එක්ක හැප්පෙන්න බැරි නමුත් ඉන්දියාව මේ රටට අත පෙවීම වලක්වන්ට තරම් ප්‍රභල යුද බලයක් ගොඩනගා ගන්න වෙනවා. (නි)
ඉන්දියාවට යවන එක නවත්තන්න. එයාලා හදන්නෙ තවත් යුද්ද ඇති කරන්න. අපේ හමුදාව චිනයට රුසියාවට යවන්න. තමිල්නාඩුව එක්ක තියන ගනුදෙනු අඩුකරන්න. (නි)
අපේ රටට අවශ්‍ය වන්නේ කෙනත් කියනවවගේ ශක්තිමත් ගුවන්, නාවික හමුදාවක්. ඒක අපේ රටේ ආරක්ෂාවට ඉතාම වැදගත්. මම හිතන්නේ අපි දැන්වත් ඉන්දියාවේ ගිහින් පුහුණුවීම් කරන එක නවත්වන්න ඕනෑ.අපි දැන් තෝරා ගන්න ඕනෑ වෙනත් රටවල්.නමුත් ඉන්දියාව සමග තියන රාජතාන්ත්‍රික සම්බන්ධයන් වෙනත් ක්‍රම මගින් ශක්තිමත් කරගතයුතුයි. තමිල්නාඩුවේ පුහුණුවීම් මගින් බටහිර ජාතීන්ට අපේ රටට අතපෙවීමට තියන ඉඩ ප්‍රස්ථාව ගොඩක් වැඩියි.ඔවුන් දගලන්නේ තමිල්නාඩුව හරහා අපේ රටේ ප්‍රශ්න ඇතිකරවන්න. (නි)
අයියෝ! ඔහොමම චීනයට යවන්නනේ තිබුනේ, ඉන්දියාවට උණ ගැනෙන්න. (නි)
අනේ හොදා. පණ ටික බේරගන ගියා නම් ඒ ඇති.ඔය පුහුණුවට වෙන රටක් හොයා ගන්න. (නි)
ඔයාල දන්නවා ඇති රාමායනය. එකේ ඉන්නේ රිලව් දකුණු ඉන්දියන් කාරයෝ. රාවනා රජරුවෝ උන්ගේ රටට ගිහින් රාමගේ සීතා අරන් ආව. රාමා රිලව් කියලා පාවිචිචි කලේ මේ සක්කිලි. අපිට එහෙන් ඉගෙන ගන්න දෙයක් නැහැනේ ඉතින්.(නදී)
කෙනත්, කොච්චර ගුවන් හා නාවික බලය තිබුනත්, යුද්දෙදි පොලවේ අන්තිමට පය ගහන්න ඕනෑ. මොකද ඉන්දියන් හමුදාවට වුනේ ලංකාවට ඇවිල්ලා? 3,500 ට වැඩිය කොටින්ගෙන් මැරුම් කෑවා, චීනෙත් එක්ක උතුරු මායිමේ සටන් කරලා, මුළු බ්‍රිගේඩ් ඒකක් ම නැති වුනා. කාශ්මීරේ යුද්දයෙන් දාස් ගානක් මැරිලා බාගයක් පකිස්ථානේට යට වුණා. කොහොමද අපේ නාවික හමුදාව කිලෝ මීටර් 5,000 ට වැඩිය දුර තිබු කොටි නැව් විනාශ කළේ. ඊශ්‍රායලය ඔක්කොම යුද්ද දිනුවේ තම ආයුධ බලයෙන්ම නොවෙයි. එයාලගේ යුද උපක්‍රමශීලීභාවය හා කැපවීම නිසයි. අද අපේ හමුදාව කොටි පරාජය කලෙත් එසේමයි. ඉන්දියානු හමුදාවට ඒ පන්නරය නැහැ (නි)
කෙනත්, ඔබ කියන එක හරි.නමුත් කාරණය මේකයි.අපි අලුතින් නවීන ගුවන් සහ නාවික යාත්‍රා ගන්න ගියොත් සම්සුදීන්ලා ,ඉම්රාන්ලා,කරුපයියලා,සුප්පයියලා විතරක් නොවේ බණ්ඩලා,සෝමවතිලා ඔක්කොම පාරට බහිනවා.යුද්ධය ඉවර නිසා මොකටද ආයුධ,මොකටද තව හමුදාව කියලා. ඔය සටනට අල්ලපු රටේ අයියලාත්,නිවට කොටි නඩේත්, එන්.ජී.ඕ.මාෆියාවේ සල්ලිත්, වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න කට්ටියත් එකතු වෙනවා. අපේ රටේ ගොඩක් දෙනෙක් සද්දේ වැඩි නම්,සෙනග වැඩි නම් ඒ පැත්ත හරි. තමන්ගේ දර්ශනයක් නැහැ.කොහොමත් මේ යන විදිහට අල්ලපු රටයි,කොටි නඩෙයි, එන්.ජී.ඕ.නඩෙයි,වමේ අයයි සිංහල මිනිස්සු ටික දිගින් දිගටම කොන් කරලා අපහාස කරලා ජාතිවාදී වෛරය අවුස්සලා 83 කළු ජූලියක් දක්වා නැවත ගෙනයන්නට බලනවා.නිවට කොටි නඩේ අපේ රටේ ජාතික කොඩිය බිම දාලා,පාගලා,සිංහල අයට එංගලන්තේදී ගැහුවට ඒක ජාතිවාදය නොවේ. සිංහලයා කාටහරි ඇගිල්ලක් දික්කළොත් ජාතිවාදය.පුදුම කරුමයක්. (නි)
කෙනත්, ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාවේ උදව්වෙන් ජීවත්වෙන ලෝකේ සිටින බිය ගුළුම රට. පලස්තීනුවන්ට හිරිහැර කර කර ලෝකෙට පච කෙලින් මනුෂ්‍ය ඝාතන කරනවා. ඔවුන්ගේ බලය රඳවා පවතින්නේ අමෙරිකානුවන්ගේ උදව්වෙන්. පලස්තීනය යවන පොඩි රොකට් එකට බයවී හැංගෙන ආරක්ෂක ඇමති ඉන්නේ ඔබතුමා කියන බියගුළු රටේ තමා. උදව් ඉල්ලන්න දෙයි.(නදී)
ඊශ්‍රායලය තමා දිව්වේ අර ලෙබනන් රටේ හිස්බුල්ලා සංවිදානය ගහනකොට. ඊජිප්තුවට උන්ට ගහන්න හයියක් නැහැ. ඒක තමා තුර්කියෙන් අන්තිමට ඔය ඊශ්‍රායලය සමාව ගත්තේ. ඒ අයට කෙනත් වගේ අය නයට කහිනවා නම් ඔහුත් එක් ත්‍රස්තවාදියෙක්.(නදී)
සම්පත්, සිවුරු දාගෙන ඉන්න අයට කන්න බොන්න හා අඳින්න හැමදේම හොඳට ලැබෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට පිනට කිසි දෙයක් දෙන්න කව්රුත් නැහැනේ. (නි)
අපේ අය හිතාගෙන ඉන්නේ අපිට ඕනෑම දෙයක් කරන්න හයියක් තියෙනවා කියලා. ඒත් එයාලා දන්නේ නැහැ ඉන්දියාව කොතරම් බලගතු රාජ්‍යයක්ද කියලා. අපි අපේ තරමට තමයි ඉදිමෙන්න ඕනෑ. ඒත් අවාසනාවකට මෙන් යුද්දෙන් පස්සේ අපේ ස්වාමින් වහන්සේලා කියා ගත පිරිසකුත් තව බෞද්ධයින් කියාගත් වීරයෝ ටිකකුත් නැවත අපේ රටේ කෝලාහලයක් ඇති කරන්න වෙර දරනවා. ආයේ එහෙම එකක් ඇතිවුනොත් ලංකාවේ සිංහලයාගේ නියම මුහුණ මුළු ලෝකෙම දකීවි. එතකොට ලංකාවට අපි ඔක්කොටම විඳින්න වේවි. (නි)
ඔය හනුමන්තලගේ පුහුණු අපට එපා .චීනෙට යවල පුහුණුවක් ලබා දෙන්න (අ)
ඊශ්‍රායල් පුහුණුව අයෙත් පටන් ගන්න ..... (ත)
ඉස්සරනම් සිදුවුනේ මෙහෙන් නාඩුවට ගිය අය එහෙදි යුධ හරඹ පුහුණුවෙලා දෙමළ හමුදාවකුත් සමග ආපසු පැමිණ මේ රටේ වියවුල් ඇතිකරමින් පාලන බලය අල්ලාගෙන දෙමළ ජනාවාස ඇතිකරපු එක. ඒ නිසා තමිල්නාඩු යුධ පුහුණුව නැතිවට කමක් නැහැ. (නි)
ඔය ද්‍රවිඩ පුහුණුවෙන් වැඩක් තිබෙනවද? ඉතිහාසය පුරාම ද්‍රවිඩයන් අපට පැරදිලා ඉන්නේ. (නි)
ජයලලිතාගේ පාසලේ ශිෂ්‍යයින්ටත්,ගුරුතුමියටත්, පාඩමක් උගන්වන්න, යුධ පුහුණුවීම් ඉගෙණීමට උදව් කිරීමට අත හිත දීමට කැමැත්ත ප්‍රකාශ කල චීනයට යවන්නමයි තියෙන්නේ.ගිය දෙදෙනාම ආපසු ආපු එක නම්බුවක් ! (නි)
අර බල සේනා වග කිව යුතුයි. (ත)
ඇයි දැන් වෙන හැම දේටම බලසේනාව ගාවගන්නේ? මට පේන්නේ සම්සුදීන්ලා බලසේනාවට බයවෙලා වගේ. (ත)
ඔය සේනාවල් වල බලේ රට ඇතුලේ විතරයි. රටින් පිට වෙන දේවල්වලට අපි අන්ත අසරණයි. (ත)
ඉද්නියාවට ඇවිත් අපෙන් පුහුණුව ලබන්න කියන්න, දැන් යුද්දෙත් ඉවර කරලා මොකට යනවද? (ත)
සම්සුදීන් කියන්නේ හලාල් සේනාව වෙන්න ඇති.ඉන්දියාවේ පාකිස්තානේ මොනවා ඉගෙන ගන්නද?ත්‍රස්තවාදය නියම විදිහට විනාශ කළ ශ්‍රී ලංකාවට වෙන රට වලින් ඇවිත් ඉගෙන ගන්න එකයි සිදුවෙන්න ඕනෑ. (නි)
මොකටද ඉන්දියාවට යවන්නේ, චීනෙට හරි රුසියාවට හරි යැව්වනම් ඉවරයි නේ.(ත)
ඉන්දියාවට දෙන්න පුළුවන් පරිප්පු විතරයි. කන්නෙත් පරිප්පුම විතරයි (නි)
මේ සීදුවීම් සම්බන්ධයෙන් බල සේනා අර සංවිදාන මේ සංවිදාන කිසිවෙක් නොව වගකිව යුත්තේ, අපිමයි. කිසිවෙකුට චෝදනා කළාට වැඩක් නොමැත. අපේ වැරදි අපි හදාගනිමු. (නි)
ඉන්දියානු පුහුණුවට වඩා පාකිස්ථානු පුහුනුව හොදයි (නි)
,මධ්‍යය ආණ්ඩුව තාම පොඩි බයකින් ඉන්නවා වගේ අර ඩයස්පෝරාවට (අ)
නිල්මිනී මෙච්චර මෝඩද? (නි)
සම්සුදීන් බලන්න අං මතු වෙලාද කියලා? හැම එකටම බල සේනා කියලා කියවන්නේ නැතුව. (නි)
අපි තමිල්නාඩු දේවල් වර්ජනය කරමු (නි)
කෝ මේ විදේශ කටයුතු අමාත්‍යංශෙ කට්ටිය? (ත)
තමින්නඩු යවන්නේ නැතුව මාල දිවයිනට යව්වනම් ඉවරනේ. අපේ අයට තියන පුහුණුව මදිද? (ත)
ඇත්තටම ලංකාවේ පුහුණු පාසල්වල පුහුණු කරන්න බැරි, ඉන්දියාවේ යවලාම පුහුණු කරන සටන් ශිල්ප මොනවද? (ත)
මුස්ලිම් අය සේනාවට ඔච්චර බය මොකද? (නි)
ඔහෙ ඉන්නෙ කොටි කියල දැන දැනම මොන එහෙකට යැව්වද? අද හමුදාවට වෙලා තියෙන්නෙ එහාට යන්න කියද්දි යනවා, මෙහාට එන්න කියද්දි එනවා. රටම අවුල් ජාලයක් වෙලා (නි)
අපිත් මේ අහන්නේ අපේ මෙච්චර දක්ෂ හමුදාව මොකටද ඉන්දියාවට යවන්නේ. ඔයිට වඩා වැඩ පුහුණු ලබාදෙන්න පුළුවන් හොද පීඨ මේ ලෝකේ නැතිවද?(නදී)
සම්සුදීන්ට නම් මේක ලොකු දෙයක් වගේ. (නදී)
ඉන්දියාවට ඕන විදියට නටන්න අවශ්‍ය නැහැ . ඒක දාලා ආපසු ආ එක වැදගත්. තමිල්නාඩු වලින් ලංකාවට එන වෙළදාම කාරයෝ ඕනෙම එකෙක්ව ආපසු හරවා යවනවා නම් හොඳයි. ඒ වගේම අපේ සිංහලයන් තමිල්නාඩුව වර්ජනය කර එහි ගමන් බිමන් නතර කර යුතුය.(නදී)
යුද්දේ ඉවර කර ගත්තෙත් ඔය අල්ලපු රටවල් වලින් දුන්නු අවි නිසා තව වැඩියෙන්ම ගුවනින් බෝම්බ දැම්ම නිසා. ඉන්දියාව කියන්නේ ලෝකේ බලවත්ම රජයක් අපි තමයි එයාලත් එක්ක හොඳින් ඉන්න වැඩ කටයුතු යුත්තේ. නැතිව එයාලා නෙමෙයි.(නදී)
මේක එල් ටී ටී ඊ උදවු කාරයන්ට ජය ලබා දීමක්. මුළු පුහුණුවම ඉවර කරලා එන්න තිබුනේ (පුළුවන් කමක් තිබුන නම්). (නදී)
මේ මිනිස්සුන්ට පිස්සුද හැම දේටම බල සේනා අල්ලගෙන කෑ ගහන්නේ. (ත)
අපි දන්නවා සම්සුදීන්ලා වගේ අයට බලසේනාව ගැන ලොකු හිසේ රුදාවක් තියෙන බව.අනික මේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්ණයක් නෙමෙයි.තමිල්නාඩුවේ අන්තවාදී දේශපාලනයේ ප්‍රශ්නයක්. (නි)
මොන පුහුණුව ලබන්නද එහෙ යන්නේ? (නි)
සම්සුදීන්,ඉම්රාන් ඔහෙලා වගේ නිවටයන්ගේ දෙමාපියෝ ඔහේලගෙ හැසිරීමට වගකියන්න ඕනෑ.ඉතුරු ටිකත් කිවුවා කියලා හිතාගන්න.ඔහේලටත් හරියන්නේ තමිල්නාඩුව තමා.ලංකාවේ ඉපදුන නිසා කාලා ඇදලා ඉන්නවා.ඒකටම ගරහනවා.ජාන පරීක්ෂාවක් කරගන්න. (නි)
ලංකාවේ හමුදාව ඉන්දියාව හා අනිකුත් රටවල් වලින් තමයි පුහුණුවීම් කරගත්තේ. නැතුව ලංකාවේ නෙමෙයි. පකිස්තානු හමුදාව තමයි ගුවනින් බෝම්බ හෙළුවේ කොටින්ට. (නි)