IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


තඹුත්තේගම පාෂාණයේ ඇහැට නොපෙනෙන සත්තු

ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප‍්‍රදේශයේ වෙල් යායකට  කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටින බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇති බව තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය

මෙහි විශේෂිත කඩයටම කාණ්ඩයේ ජීවීන්ගේ ඡායාරූප අන්වීක්‍ෂීය පරීක්‍ෂණ මගින් ලබා ගෙන බකින්හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට යොමු කිරීමෙන් අනතුරුව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා මෙම ජීවීන් විශේෂීත ඩයටම කාණ්ඩයට අයත් බව තහවුරු කළ බව  වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය

වෛද්‍ය පරීක්‍ෂණ විද්‍යාඥයකු වශයෙන් මා ඇත්තටම මේ විශ්වීය විපර්යාසයන් පිළිබදව ඇලූමිකරණ කෙනෙක් තඹුත්තේගමට වැටුණු මේ උල්කා කොටස් මා පරීක්‍ෂාවට ලක් කලා මෙම පාශාණ වල ඩයටම ජීවි විශේෂ හා තවත් ජීවි විශේෂ ඉන්නවා මා මෙහි තොරතුරු බකින් හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්්‍යය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට හා නාසා ආයතනයේ භූ විද්‍යාඥ

තාරකා ජීව විද්‍යා අංශයේ ආරමිභක සාමාජික - ඩයටම ජීවී විශේෂ පිළිබද  විශේෂඥ රිචඩි හූවර් මහතා දැනුවත් කළා ඔවුන් දෙදෙනා ගේම අදහස වූයේ අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කා කැබලි වල වෙසෙන ජීවීන්ට වඩා මෙම ඩයටම ජීවි විශේෂය පිළිබද තවදුරටත් පරීක්‍ෂණ සිදුකල යුතු බවයි ඔවුන් දෙදෙනාම වඩාත් උනන්දුවක් මේ පිළිබදව දැක්වීම මම අගය කරනවා

ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා අදහස් පළ කළේය  මෙම පාෂාණ කැබලි අකුණු පාෂාණ කැබලි නොවන බවත් ඉකුත් දවස්හි සූර්යයා අසල ගිනි ගෙන දැවුණ ධූම කේතුවක කොටස් වන්නට ඇතැයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා පැවැසීය වැඩිදුරටත් ඔහු සදහන් කරන්නේ මේ පිළිබද ලාංකික විද්‍යාඥයන් තවදුරටත් උනන්දු විය යුතු බවත්ය

මෙම උල්කා කැබලි වල පරීක්‍ෂණ සටහන් හා මේ පිළිබද වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් 071 811 27 86 විමසිය හැකි බව හෙතෙම සදහන් කළේය.

 



අදහස් (0)

තඹුත්තේගම පාෂාණයේ ඇහැට නොපෙනෙන සත්තු

ඉඳුනිල් රාමදාස Tuesday, 17 December 2013 02:48 PM

ඔය ජීවීන් අවට පරිසරයෙන් එකතු වුනා වෙන්න පුළුවන් නේද ? (නදී)

:       0       0

නිශාර්ඩ් Tuesday, 17 December 2013 03:52 PM

මෙවැනි ආගන්තුක පාෂාණ වර්ග ඇත ආවරණ වලින් තොරව ස්පර්ශ කිරීමෙන් මිනිසුන්ට ගහ කොළට හානියක් සිදු වෙනවාද මහජනයා දෙනුවත් කලානම් හොඳයි, (දිල්)

:       0       0

නිසංසලා Wednesday, 18 December 2013 09:35 AM

ක්ෂුද්‍ර ජීවීන් අධික උණුසුම් තැන් වලත් ඉන්න පුළුවන්.(දිල්)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 17 December 2013 04:03 PM

වායු ගෝලයේ ගැටීමෙන් ගිනි ගන්නා වස්තුවක ජීවීන් නොමැරී සිටියේ කොහොමද ? (නදී)

:       0       0

පූර්ණක Tuesday, 17 December 2013 04:11 PM

අල්ලන් හිටිය අයගේ අතේ සිටිය ජීවින් කුඹුරේ හෝ පොළොවේ හිටිය ජීවින් වෙන්න බැරිද? මුත්‍රා පරික්ෂණයකට සාම්පල ගන්න ක්‍රමයක් වත් මෙහි අනුගමනය කරල නැහැ නේද? (නදී)

:       0       0

පූර්ණක Tuesday, 17 December 2013 04:38 PM

අධික උෂණත්වය ඇති තැන් වලත් සමහරක් ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකි බව බීබීසී ලිවිං ප්ලැනට් එකේ දැක්කා.(නදී)

:       0       0

රත්නතිලක Tuesday, 17 December 2013 05:20 PM

ඔය ජ්වීන් දැන් මෙහෙ පදිංචි උනාම කොටින්ගෙන් වැදුනට වැඩියෙන් වදිනවා. දැන්මම පලවා හරින්න.(නදී)

:       0       0

ආරියසේන Tuesday, 17 December 2013 05:30 PM

එම පාෂාණ වර්ගය අහසින් වැටුනා කියලා සැකයක් ඇත්නම් එය ස්පර්ශ නොකර ඒවා අතින් අල්ලන්නේ නැතුව අදාළ අංශ වලට දැනුම් දෙන්න කියලා පසු ගිය දවස් වල මාධ්‍ය මගින් දැනුවත් කර තිබුනා.(නදී)

:       0       0

අනුර බංඩාර Tuesday, 17 December 2013 06:35 PM

ගත් උත්සාහය අගේ කොට සලකමි. ඇත්තටම ගිනියම් උන පාෂාණ වල ජීවින් රැදෙන්නේ කොහොමද ? බාහිර පරිසරයෙන් ආවද කියල බැලුවොත් නිවැරදිවම පිළිතුරු හොයාගන්න පුළුවන් වේවි. ඉහත අදහස් යොමුකළ සියලු දෙනාටම ස්තුතියි.(නදී)

:       0       0

දෙවිඳු Tuesday, 17 December 2013 06:37 PM

අල්ලපු අයට මොකද වෙන්නේ? කවුරු හරි පසට ජීවින් ඇතුල් කරන්න රැකදී උඩින් ඇවිත් දම්ම ද දන්නවද? එහෙම ක්‍රම වලට රටවලට පහරදීම් කරන බවට වාර්තා හරියට පලවෙනවා. මේ ගැනත් හොයන්න? (අ)

:       0       0

පෙරේරා Wednesday, 18 December 2013 12:00 AM

මෙවැනි දේවල් වල සමහරවිට විකිරණශීලී ද්‍රව්‍ය පවා තියෙන්න පුළුවන් නිසා අනුවන අන්දමින් මෙලෙස ඇල්ලීම ඉතාමත් අවදානම්.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 18 December 2013 02:24 AM

මෙහි සඳහන් වන තාප උෂ්ණත්වය පොළොව ට සාපේක්ෂව ඉතා ඉහළ තාපයක් උවත් පිටසක්වල ජීවීන් ට ඒ තාපය ජීවයෙන් තොරවෙන්න බලපාන්නේ නැහැ. මහා පොළව මත වසර මිලියන ගණනක් තිස්සේ ජීවත්වන සුවිශේෂ ශුද්‍ර ජීවින් ගේ පැවැත්ම උල්කාපාත කොටස් සමග පතිතවූ පාෂාණ ආශ්‍රිත සම්භවයක් සමග සම්බන්ද බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා පර්යේෂණ වල ප්‍රතිපල ඔස්සේ ප්‍රකාශ කරනවා. අපි පොලවේ තත්වයන්ට සාපේක්ෂව හිතුවොත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න අපහසු වෙනවා. (අ)

:       0       0

සම්පත් ගාල්ලේ Wednesday, 18 December 2013 05:53 AM

වල්ගා තරුව සුර්යාට අහුවෙලා පිචුචුනා නම් ඒකේ ජීවීන් කොහෙද? (නදී)

:       0       0

සුන්දර Tuesday, 17 December 2013 02:10 PM

කුඹුරේ හිටපු පනුවෝ ටික මේකට ගිහිල්ලා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 14 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 182 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 208 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 505 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 433 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 331 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 119 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site