IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

තායිවානයේ බැංකුවක පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කිරීම සඳහා එරට අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ‘ෆෝකස් තායිවාන්’ පුවත් සේවය වාර්තා කරයි. 
පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වූ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිසක් එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට වැඩි මුදලක් ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය යන රටවලට යැවීමට කටයුතු කර ඇතැයි ද එම පුවත් සේවා වාර්තා කළේය. 
සොරකම් කර ඇත්තේ තායිවානයේ ‘ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල්’ බැංකුවේ ගිණුම්වල මුදල්ය. එම මුදලින් රුපියල් කෝටි 11 හෙවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදලක් ශ්‍රී ලංකාවේ ගිණුම්වලට ඒවා තිබූ බව වාර්තා වේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක මුදල් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය ඉරිදා (8) වාර්තා කර තිබිණි. 
සොරකම් කරන ලද මුදල්වලින් වැඩි මුදලක් නැවත සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද බැංකුවට තවමත් එක්සත් ජනපද ඩොලර් 500,000ක මුදලකට වූයේ කුමක් ද යන්න සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද ‘ෆෝකස් තායිවාන්’ සහ ‘තායිපේ ටයිම්ස්’ යන පුවත් සේවා වාර්තා කර තිබිණි. 
මේ අතර ශ්‍රී ලංකාව හා තායිවානයුරාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වන හෙයින් අදාළ විමර්ශන කණ්ඩායම මෙරටට එවීමට කාලයක් ගත වනු ඇතැයි ද තායිවාන පුවත් සේවා වාර්තා කළේය. 
 055
 



අදහස් (0)

තායිවාන අපරාධ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 242 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 186 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 65 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 488 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 706 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site