IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තාර්කිකව ජීවිතය සොයන්නන්ට 'වී'FM වෙතින් 'සම්මා දිට්ඨි'

 2016-10-05-ent-47

‘වී’ රේඩියෝව නිහඬව ගමනක් යමින් තම සහෘද ශ්‍රවකයා පිනවමින්, ඔවුන්ගේ අධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරමින් සිටියි. විනෝදාත්මක මෙන්ම, තාර්කික කරුණු පදනම් කරගනිමින් බුදුදහම ජීවිතයට සම්බන්ධ කරගත යුතු ආකාරය ශ්‍රාවක පිරිස් දැනුවත් කරන ඔවුන්, එවැනි වූ අත්දැකීමක් ශ්‍රාවකයන්ට තිළිණ කරනු ලැබූ ‘සම්මාදිට්ඨි’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඡ්‍යෙෂ්ඨ වැඩසටහන් විධායක තරංග ප්‍රසාද් බ්‍රහ්මණගේ මෙ‍හෙමයි ‘සාරවිට’ සමග පැවසුවේ.

 

සම්මාදිට්ඨි දැන් කොච්චරකල් වෙනවද පටන් අරගෙන?

2016-10-05-ent-44ඇත්තටම වී රේඩියෝවෙන් අපේ අසන්නන්ට අලුත් දේවල් තමයි හැමදාමත් බෙදාදුන්නේ. අතීතය ගැන කතාකළොත් ‘රාවනා’ වැඩසටහන තුළින් ලාංකික ඉතිහාසයේ අලුත් පැතිකඩක් අපේ ජනතාවට විවර කළා. අපි ‘රාවනා’ වැඩසටහන කළාම තමයි ලංකාවේ මිනිසුන්ට ‘රාවනා’ ගැන කුතුහලයක් ඇති වුණේ. ඊටපස්සෙ අපි පටන්ගත්තා ‘මායා නියාමය’ කියන වැඩසටහන එතුළින් අත්භූත බලවේග වගේම මිනිසුන්ට තියන විවිධ හැකියාවන් (මළගිය ආත්ම) පිළිබඳව අපි කතා කළා. රේඩියෝ නාළිකාවක තමන්ගේ උපන් වෙලාව කිව්වම සජීවීව හඳහන කිව්වෙත් අපි. මේ හැමදෙයක්ම අපේ අසන්නන් ඉතාමත් හොඳින් ග්‍රහණය කරගත්තා වගේම, ඒ වැඩසටහන් ඉතාමත් ජනප්‍රිය වුණා. මේ වැඩසටහන්වලින් පසුව අපි හඳුන්වාදුන් අලුත්ම වැඩසටහන තමයි ‘සම්මාදිට්ඨි’ කියන්නේ. ‘සම්මාදිට්ඨි’ පටන්ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. අපි මුලින්ම කළේ මාසෙකට එක වැඩසටහනක් ප්‍රචාරය කරන එක. ඒත් දේශීය වශයෙන් වගේම විදේශයන්ගෙන් අපිව අහන අපේ අසන්නන්ගේ ඉල්ලීම මත සෑම ඉරිදා දිනකම මේ වැඩසටහන කරන්න අපි තීරණය කළා.

 

සම්මාදිට්ඨි වැඩසටහනේ සම්පත්දායකයා ගැන කතා කළොත්?

ඔව්, සම්මාදිට්ඨි වැඩසටහනේ සම්පත්දායකයා ලෙසට අපි තෝරාගත්තේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසි සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේයි, උන්වහන්සේ වර්තමානයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක්. අන්න ඒ නිසාමයි අපි එතුමන්ව මෙම වැඩසටහනට තෝරාගත්තේ. අපි කිසිවිටකත් ස්වාමින්වහන්සේගේ අදහස් සමාජගත කරන්න උත්සාහ කරන්නේ නෑ. ඕනෑම කෙනෙකුට විවෘතයි මෙම වැඩසටහනට පැමිණ අදහස් දක්වන්න. ඒ වගේම ස්වාමින්වහන්සේගේ දැනුම පරීක්ෂා කරන්න. හැබැයි ඒ පැමිණෙන පුද්ගලයා හෝ ස්වාමින්වහන්සේ බුද්ධිමත් උගතෙකු විය යුතුයි. එහෙම නැතුව තමන්ගේ පුද්ගල නාමය වර්ධනය කරගන්න අපේක්ෂා කරන තැනැත්තන්ට අපි වැඩසටහන තුළ අවස්ථාවක් ලබාදෙන්නේ නෑ. සම්මාදිට්ඨි වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමක් සිටින නිසා අපි සහභාගී කරවා ගන්නේ කවුරුන්දැයි සාකච්ඡා කරනවා. අපි එකතුවෙලා තමයි සෑම වැඩසටහනකම ප්‍රශ්න සකසන්නේ. මේ අහන ප්‍රශ්න වැඩසටහන වෙලාවේදී තමයි සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ දැනගන්නේ.

 

කොහොමද වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර

2016-10-05-ent-46දවසින් දවස අපේ වැඩසටහනට දේශීය වශයෙන් මෙන්න විදේශයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. පසුගිය මස (2016.08.28) අපි සම්මාදිට්ඨි වැඩසටහනෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ දර්ශනවේදී පූජ්‍ය මුරුතවෙල සීවලී ස්වාමින්වහන්සේ සමග නිකාය අන්තර බුදු සමය සහ අවබෝධය ගැන කතා කළා. මේ වැඩසටහන යු ටියුබ් ඔස්සේ 18,000 කට අසන්න ශ්‍රාවකයන් පිරිසක් ශ්‍රවණය කරලා තියනවා. එහි දෙවැනි වැඩසටහන ඉදිරියේදී සාකච්ඡා කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ගුවන්විදුලි හෝ රූපවාහිනී වැඩසටහනක ස්වාමින්වහන්සේ කෙනෙකු සමග ප්‍රථම වතාවට 2016-07-03 දින අපි ලිංගිකත්වය හා කාමය පිළිබඳව බුදු දහම දැක්ම සාකච්ඡා කළා. එම වැඩසටහන යු ටියුබ් ඔස්සේ 27,000 අධික ශ්‍රාවකයන් පිරිසක් ශ්‍රවණය කරලා තියනවා. සම්මාදිට්ඨි වැඩසටහනට දවසින් දවස ලැබෙන ශ්‍රාවකය ප්‍රතිචාරයන් නිසාම අපි පසුගිය 25 වන ඉරිදා රාත්‍රී තවත් ආන්දෝලනාත්මක සාකච්ඡාවක් සිදුකළා. ඒ ආදරය, රාගය සහ සත්‍යාවබෝධය කියන මාතෘකාව ගැන. ඒ කතාබහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවි 15 පමණ වාර්තා කර තිබුණා. ඒ වගේම face-book ඔස්සේ ගොඩක් දෙනෙක් share කරලා තිබුණා.

 

මේ ජනප්‍රියත්වයත් එක්කම ඔබට චෝදනාත් එල්ල වෙනවා නේද...

ඒක ඇත්ත. ඕනිම දෙයක දෙපැත්තක් තියනවනේ මිනිහෙකුට කවදාවත් 100%ම සාර්ථක වෙන්න බෑ. සාර්ථක වුණත් එක පිළිගන්න අපේ සමාජය කැමති නෑ. හැබැයි විවේචනය කරන ඕනෑම කෙනෙකුට වැඩසටහනට සහභාගී වෙන්න අපි අවස්ථාව ලබාදෙනවා. ඒ දෙන්නෙ මම කලින් කියපු කොන්දේසි අනුව තමයි.

 

තරංග බුදුදහම විකෘති කරනවා කියල ලොකු චෝදනාවක් තියනවා නේද..

කවුද කියන්නේ අර මම කලින් කියපු 10% දෙනාගේ චෝදනා තමයි ඒ. අනික මම මේ වැඩසටහනේ සම්පත්දායකයා නෙවෙයි, මම මෙහි නිවේදකයා නිෂ්පාදකයා. මම නියෝජනය කරන්නේ සමස්ත ජනතාව. අපි වී රේඩියෝව කවදාවත් පක්ෂග්‍රාහී වෙන්නේ නෑ. සම්මාදිට්ඨි වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමක් සිටින නිසා අපි. අපි එකතුවෙලා තමයි සෑම වැඩසටහනකම ප්‍රශ්න සකසන්නේ. මේ අහන ප්‍රශ්න වැඩසටහන වෙලාවේදී තමයි සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ දැනගන්නේ. එකෙන්ම මෙම වැඩසටහනේ විනිවිදභාවය ඕනෑම කෙනෙකුට තේරෙනවා.

 

දැනට ඔබේ කාර්ය සම්මාදිට්ඨි වැඩසටහන කරන එක විතරද..

නෑ. මම වී රේඩියෝව සමග සම්බන්ධ වෙලා අවුරුදු 04ක් වෙනවා. දැනට මම වැඩසටහන් අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක ලෙසට සේවය කරනවා. සෙනසුරාදා උදෑසන 8 සිට 9 දක්වා නැකත් තුලාව ජෝතිෂ්‍ය වැඩසටහන මෙහෙයවනවා. ඊට අමතරව මගේ කණ්ඩායම සමග අපිව අහන ජනතාවට ගුණාත්මක වැඩසටහන්වලින් සපිරි රේඩියෝවක් තිළිණ කරන්න කටයුතු කරනවා.

 

මේ ඔබේ පළමු රේඩියෝවද

නෑ මම මුලින්ම එකතු වෙන්නේ සියත fm නාළිකාවේ හඬකැවීම් ශිල්පියෙකු විදියට. ඒ 2009 වර්ෂයේදී. 2010 වර්ෂයේදී සත් Fm සමග එකතු වෙනවා. එතැනදී තමයි මගේ ජීවිතයේ නිවේදක හීනයට පාර කැපෙන්නේ. නවකයෙකු ලෙස එදා මගේ ජ්‍යෙෂ්ඨයන් අදටත් මගේ සහෝදරයන් වගේ නම් වශයෙන් කිව්වොත් සජිත්, මදුර, ඉන්දික, නයන, ප්‍රදීප්, චන්නක, සමන්, අයේෂ්, චරිත් හඳුන්වන්න පුළුවන්. එයාලගේ හයිය තමයි අද මම මෙතන ඉන්නේ. 2011දී VIP රේඩියෝව ආරම්භ කරන මුල් සාමාජිකයන්ගෙන් කෙනෙක් මම. 2012දී මම v-fm සමග එකතු වෙනවා. එදා ඉඳන් අද වෙනකම් මගේ ගෙදර මෙතැන.

 

වී කාර්ය මණ්ඩලය ගැන කිව්වොත්

මගේ මුල්ම කළමනාකාරීත්වය දර්ශන අයියා, රුක්ෂි අක්ක මතක් කරන්න ඕනි. ඊට පස්සෙ යුගන්ති යශෝධරා මේ අයත් එක්ක වැඩකරලා ගත්තු ලොකු අත්දැකීම මට දැන් වැඩකරගෙන යන්න ලොකු ශක්තියක් වුණා. මේ අවුරුදු 04 තිස්සෙම වී රේඩියෝවේ සෑම ජයග්‍රහණයක අපිට යෝධ ශක්තියක් වුණෙ අපේ CEO ප්‍රවීණ මාධ්‍යවේදී ක්ලෝඩ් ගුරුබවිල මහතා. එතුමා නොමැතිනම් අද වී FM නාළිකාවේ තරංග කියල චරිතයක් බිහිවෙන්නේ නෑ.

සම්මාදිට්ඨි වැඩසටහන කරන්න මට හැමදාම උපදෙස් අවවාද ලබාදෙන්නේ අපේ CEO. ඒ වගේම වී රේඩියෝවේ වැඩසටහන් අංශයේ මගේ සහෝදරයෝ ටික අපේ team work එක නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ලොකු Set එකක් නැති වුණත් අපේ හැම දෙනාම All Roundsලා. දිමුතු, අසිත, නීශා, තුෂි, හෂි, චරිත්, වින්ද්‍යා මේ අය ගෙන කියන්න වචන නෑ. ඒ වගේම හේෂාන්, ජනක වැඩසටහන් ලස්සන කරන්න ලොකු හයියක් මට ලබා දෙනවා වගේම ආයතනයේ හැම දෙනාම ආදරයෙන් මතක් කරන්න ඕනි. වැඩසටහන් කරන්න මේ හැම දෙනාම ඕනි වෙනවා.

 

ජීවීතේ ගැන මොකක්ද හිතෙන්නේ.

අඩියෙන් අඩිය මගේ හීන මාලිගාව හදනවා බිරිඳ නිශියි පුතා සකුලු වෙනුවෙන්.

 

ආපු ගමන ගැන හැරිලා බැලුවොත් සතුටු වෙනවද.

IT degree එක අමතක කරලා අපු මම අද ලෝකයටම 107 න් කතා කරනවා. ඒ සතුට හොඳටම ඇති.

 

ආයෙත් ඉගෙන ගන්න කැමැත්තක් නැද්ද.

තවම නෑ..එන එකකුත් නෑ..

මටත් දෙයක් කියන්න තියනවා. සාරවිට වෙබ් එකට වගේම ඩිලාන් ඔයාටත් ගොඩක් ස්තුතියි.

 

2016-10-05-ent-45



අදහස් (0)

තාර්කිකව ජීවිතය සොයන්නන්ට 'වී'FM වෙතින් 'සම්මා දිට්ඨි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 284 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 287 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 368 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 292 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 415 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 443 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site