ප්රංශයේ කෑන්ස් නුවර පැවැති කෑන්ස් ලයන්ස් නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උළෙලේදී රටවල් 23 ක් අභිබවා තරුණ අලෙවිකරණ අංශයේ තරගයෙන් හොඳම තරුණ අලෙවිකරණ කණ්ඩායමට හිමි රන් සම්මානය දිනාගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිත විජේසිංහ(28) සහ හිරුණි මෙන්ඩිස්(26) සමත්වූහ.
60 වැනි වරටත් පැවත්වූ මෙම උළෙලේදී ශ‍්‍රී ලංකාව මෙම අංශයෙන් රන් සම්මානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය පවසයි.
ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙමින් දිවයිනට පැමිණි ලක්ෂිතව සහ හිරුණිව ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී චින්තක වනසිංහ මහතා ඇතුළු නිලධාරීහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
මෙම උළෙලේ තරුණ අලෙවිකරණ අංශයෙන් පැවති තරගය සඳහා ජපානය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව ඇතුළු රටවල් 23 ක තරගකරුවෝ 46 දෙනෙක් සහභාගී වූ අතර තරගාවළිය දින තුනක් පුරා පැවැත්විණි.
මොවුන් දෙදෙනා මෙම සම්මානය හිමිකරගත්තේ අනෙකුත් රටවල් අභිබවමින් පෙන්වූ අලෙවිකරණ ඉදිරිපත් කිරීම් වෙනුවෙනි. මෙහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානයත්, ඩොමිනිකන් ජනරජය දෙවන් ස්ථානයත් කැනඩාව තෙවන ස්ථානයත් හිමිකරගනු ලැබීය.
ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය විසින් මොවුන් දෙදෙනා මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම්! (නදී)
මගෙත් සුබ පැතුමි! තව ඉදිරියටම යමු! ඡය ශ්‍රී ලංකා! (අ)
ශ්රී ලංකා අබිමානයට අපේ සුබ පැතුම්! (නි)
සුභ පෑතුම්.(නදී)
ලංකාවේ හොද හා නරක දෙකම තියෙනවා (දී)
සුභපැතුම් ශ්‍රී ලංකා
ඔබ දෙපෙලට සුබ පැතුම් (දී)
උණුසුම් සුබ පැතුම්..!(නදී)
අපේ තරුණ ජවය ලෝකටම කියා දීපු ඔබ දෙපොළට මගෙන් සුබ පැතුම් !(නදී)
තවත් එටිසලාට් වැඩක් ! (නි)
කොල්ල රටේ නම ගහගෙනම වේදිකාවට නැගලා,කටක් ඇරලා උඹ නම් ලංකාවේ කියලා අපට කියන්න පුළුවන්. දෙපලටම සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම් පුතා (නි)
නියමයි. අපිට ආඩම්බරයි (නි)
මම හිතුවේ මොහාමඩ්ලා කියලා...... මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..... (නි)
ඔන්න වැඩකාරයෝ. වෙනත් ලොකු ලොක්කෝ මේවට කියලා ගිහින් කරන්නේ ෂොපින් යන එකනේ (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ දෙදෙනාට මෙන් අපේ රටටද ලොකු ආඩම්බරයක්. ඔබ වැනි තරුණයන් අපේ රටට ගෙනා කිර්තිය . ඔබලාට දිගා යුෂ පතමි.(නදී)
එටිසලාට් එකේ වැඩකාරයෝ.(නදී)
අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ පැතුම්. තව තවත් ඉදිරියට යාමට අවස්ථාව උදා වේවා! (නි)
අති විශිෂ්ටයි. හැබැයි මේ වගේ අයගෙන් රටේ සුබසිද්ධියට වැඩක් ගන්න රටේ බලධාරියෝ දන්නේ නැහැ. නොබෝ දිනකින් බොහෝ දුරට මෙයාලත් පිටරටක පදිංචියට යාවි. (නි)
ජයවේවා ශ්‍රී ලංකා.(නදී)
ඇඩෙනවා ඇස් දෙකටම නියම වැඩක්.(නදී)
ප්රංශයේ වෙසෙන අපටත් ඔබ දෙපල නිසා ආඩම්බරයක් (නි)
ඔබ දෙදෙනාට මෙන් අපේ රටටද ලොකු ආඩම්බරයක්.(නදී)
ඉතාමත් සතුටුයි ඔබට සුභ පෑතුම්!(නදී)
චින්තනය?(නදී)
"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත " අපේ ලංකික අබිමානය ලොවට විදහා දැක් වූ ඔබ දෙදෙනාට මගේ උපහාරය.(නදී)
එස්කිමෝට ශීතකරණයක් විකිණීම හෙවත් ඇන්දීමට උපන් හපන්කම් ඇති තව බොහෝ ශ්‍රි ලාංකිකයන් අප අතර ඇත.(නදී)
ඔබ දෙපලටම සුබ අනාගතයක් පතනවා (නි)
මේ දවස් වල ලංකාවට හොඳයි වගේ. දිගටම ජාත්‍යන්තර සම්මාන.සුබ පැතුම් ඔබලාට (නි)