IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

 

පස්වරු 3.01

හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන රැගත් ප්‍රථම තෙල් දුම්රිය මීට සුළු මොහොතකට පෙර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් පිටත්ව ගියේය.


පස්වරු 2.20

මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් පිරවූ බවුසර් කිහිපයක්ම තෙල් පුරවා තෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

පොලිස් කැරලි මර්දන ඒකකය යොදවා තෙල් බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ සේවකයින් ඉවත් කෙරිණි.


පස්වරු 2.00

තෙල් පිරවූ දුම්රිය බවුසර ඉවතට ගැනීම සඳහා ගිය දුම්රිය එන්ජිම තෙල් සංස්ථා සේවකයින් විසින් ඇතුළට ගැනීමට ඉඩ ලබානොදී තිබූ අතර මීට සුළු මොහොතකට පෙර පොලිසිය මැදිහත්වී අදාළ දුම්රිය එන්ජිම සංස්ථා පරිශ්‍රයට ඇතුළු කරගනු ලැබිණි.


පස්වරු 1.55

කොළොන්නාව තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීමට බාධා කරමින් උද්ඝෝෂණයේ නිරතව සිටි වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සේවකයින් 8 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට පත්වූ සේවකයින් අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ද වේ.


පස්වරු 1.25

(ඉන්දිකා රාමනායක)

තම සාකච්ඡා අසාර්ථක වුවත් දැනට සංස්ථාව ඇතුළත සිටින හමුදාව ඉන් ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.


පස්වරු 1.20

බණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ කොළොන්නාව තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු විධායක මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කළේය.

අදාළ සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් 9 දෙනෙක් එක්වී සිටිති.


පස්වරු 12.30

(ඉන්දිකා රාමනායක)

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර කොළොන්නාව- දෙමටගොඩ ප්‍රධාන මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.

කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක් මේ වන විට එම ස්ථානයට කැඳවා ඇත.සේවකයින් සියළු දෙනා මාර්ගයට පැමිණ විරෝධතා කිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.

ගුවන් හමුදාව අද(26) අලුයම නිමාව තුළට රැගෙන ගිය දුම්රියට ඉන්ධන පුරවා ඇතත් එම දුම්රිය ඉන්ජිමට නිමාව තුළට යාමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.



අදහස් (23)

තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

mangala welarathna Wednesday, 26 July 2017 07:50 AM

පහර දීලා හරි ඉන්ධන බෙදන්න අසාධාරණයට ඉඩ දෙන්න එපා.. ආණ්ඩු පෙරළන්න දඟලන අයට රට විනාශ කරන්න දෙන්න බැහැ.

:       5732       6282

රොමේෂ්Wednesday, 26 July 2017 09:53 AM

රට විනාශකරන්න දඟලන අයට ආණ්ඩු කරන්න සහ කරගෙන යන්න දෙන එක තමයි ලොකුම වරද.... නමුත් එදා ඉඳන්ම අපි නැවත නැවත කරන්නෙත් එකම වරදමයි.

:       33       1447

bandula Wednesday, 26 July 2017 07:59 AM

ඔය මිනිස්සුන්ව අයින් කරලා දාන්න...

:       1560       3127

wasantha Wednesday, 26 July 2017 08:14 AM

වැඩට එන්නේ නැති සේවකයින් ගෙදර යවන්න. කඩාකප්පල් කරන අයට ඉඩ දෙන්න එපා.

:       2035       2321

krishantha Wednesday, 26 July 2017 08:44 AM

මේකේ අදහස් දාල තියන අය නම් නියම ලාංකිකයෝ ....රටට හෙන ගැහුවත් කමක් නැහැ වාහනේට තෙල් තියනවා නම්...

:       1329       878

kumara Wednesday, 26 July 2017 08:49 AM

තව ටිකක් දුන්න නම් තමයි හොඳ...

:       66       557

මංගල Wednesday, 26 July 2017 08:52 AM

මේ මිනිස්සු වර්ජනය කරන්නේ රටේ සම්පත් විකිණිමට විරුද්ධව නම් ඒ ගොල්ලන්ව ගහලා එලවන්න කියන එක සාධාරණද? මෙතන ලයික්ස් දාලා තියෙන ආකාරයෙන්ම පේනවා රටේ මිනිස්සුන්ගේ මොලේ අලයි කියලා. නිදහස ලැබිලා අවු 70කට කිට්ටු වෙලත් පක්ෂ දෙකක වහල්භාවයෙන් මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බැහැ.

:       1161       564

sahanWednesday, 26 July 2017 09:39 AM

මංගලට හරියට මොලේ තියෙනවා වගේ... හැබැයි හරිදේ එකේ අනිත් පැත්ත...

:       0       2

sahan Wednesday, 26 July 2017 08:53 AM

මේ වෙලාවේ රජය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනේ. වෙඩි තියා මරන්න යන්න එපා... එලවලාම දාන්න. රටේ ජනතාව මේ මොහොතේ ඔබ සමගයි. ස්ට්‍රයික් කාරයන්ට විරුද්ධව පෙරට එන ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රජයට ජයවේවා !!!

:       911       1275

one srilankan Wednesday, 26 July 2017 09:00 AM

සියලුම දෙනා දැන ගන්න ඕනෑ සෑම ආයතනයක්ම අවුල් කියලා.. ජනතා හඬට කන් නොදීම, හිතුමතේ වැඩ කිරීම, අදාල බලධාරීන් උද්ඝෝෂකයන් මගහැරීම, සල්ලි කොතරම් නෑ කීවත් බලධාරීන් ගේ වුවමනා එපාකම් වලට පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන්කරගැනීම වගේ බොහෝ අකටයුතුකම් වෙනවා. බලන්න තවත් ආයතන තියනවද කියල අවුල් වෙන්න. අපරාදේ කියන්න බෑ මේ අයට ලඟ ඡන්දෙකින් ජනතාව සලකාවි මනාප ක්‍රමය හැර කේවල ක්‍රමය තිබුණා නම් මේ අයට ඇපත් නැතිය.

:       1027       272

indunil Wednesday, 26 July 2017 09:01 AM

ඔව්... එයාලා හැම තිස්සෙම මිනිස්සුන්ට කරදර කරලා එයාලගේ ඉල්ලීම් දිනාගන්නවා. ආණ්ඩුව කරපූ ගොඩක් හොඳ වැඩක්

:       603       1037

samatha Wednesday, 26 July 2017 09:08 AM

ඔක්කොම ඉන්දියාවට හා චීනයට දෙන්න යන්නේ. තෙල් ලීටරය රුපියල් 250ක් විතර වෙනකොට මේ අයගේ අරගලයේ වටිනාකම දැනේවි....

:       710       248

dumindaWednesday, 26 July 2017 09:42 AM

දන්නා දෙයක් කතා කරන්න. ඔය තෙල් ටැංකි දිරල යනකල් කොහෙද ඔය කෑගහන අය හිටියේ ...? මේ පාර නම් හොඳට කෑවා.

:       0       1

Thilak Wednesday, 26 July 2017 09:10 AM

හමුදාව යොදවලා තෙල් බෙදීම ඇරඹීම ගැන රජයට අපගේ බලවත් සතුට. ජනාධිපත්තුමනි බලතල පාවිච්චි කරන්න...

:       126       715

samantha Wednesday, 26 July 2017 09:12 AM

රටේ සම්පත් රකින්න අරගල කරන මිනිසුන්ට ගහන එක පමණි මේ රජය කරන්න දන්නේ....

:       1498       1203

sahanWednesday, 26 July 2017 09:37 AM

සමන්ත, ඔබත් කටින් බතල හිටවන අනුර කුමාරගේ ගෝලයෙක් වගෙයි. රටට ගැලපෙන දේ කරන්න. නැත්නම් අපේ රටේ මිනිස්සු ඔයාගේ අනුර මහත්තයලා මෙලහට බලයට ගෙණත්, රටේ මිනිස්සු දන්නවා ටෙනිසන්ලා, බන්දුල වගේ කවුද අාතල් දෙන්නේ කියලා...

:       326       670

caamika de silva Wednesday, 26 July 2017 09:45 AM

ඔබගේ අදහසට මගේ ප්‍රණාමය.. අපේ රටේ බහුතරයක් මිනිසුන්ට අවශ්‍ය නැහැ රටේ ඇත්තටම සිදු වන්නේ කුමක්දැයි හිතන්නට...? ඔවුන්ට අවශ්‍ය කන්නමයි.. රටේ තියෙන සම්පත් ඔක්කොම පිටරටවලට විකුණනවා. මේ ප්‍රශ්නයත් එහෙමයි... මුලින් අගමැති පොරොන්දු වුණා මේවා විකුණන්නේ නැහැයි කියලා.. නමුත් එයා ඒ පොරොන්දු කඩකරලා.. කෙසේවෙතත් මම මේ අසාධාරණයට විරුද්ධව සටන් කරන සේවකයින් සමගයි.

:       666       327

roshan Wednesday, 26 July 2017 09:24 AM

ආයිමත් 89 ක් එපා......පන්නන්න... ඔක්කොම..

:       129       379

kamal Wednesday, 26 July 2017 09:31 AM

මේ වර්ජන කරන්නේ ඛනිජ තෙල් සම්පත රැක ගන්න නෙමේ දිගටම හොරා කන්න තමයි.

:       239       401

chandana Wednesday, 26 July 2017 09:33 AM

මිනිසුන් අපහසුතාවයට පත් කර දිනන වෘත්තිය අරගල කුමටද ?

:       207       397

kumar (galf) Wednesday, 26 July 2017 09:35 AM

අපේ හමුදාවට ජයවේවා, සුබපතමු.

:       3       340

suran Wednesday, 26 July 2017 10:00 AM

ස්ට්‍රයික් එක නැවතුන එක නම් හොඳයි...

:       2       172

dias Wednesday, 26 July 2017 10:35 AM

මේ අයව රක්ෂාවෙන් නෙරපා හැර ඒ වෙනුවට තරුණ කොටස් වැඩට ගත යුතුයි. වැඩ වර්ජකයින්ට ඉඩ නොදෙමු

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 681 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2159 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 535 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 558 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 272 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 514 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site