IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


තෙල්,විදුලි,ගුවන් ආයතන තුනේ කෝටි අසූ පන්දහසක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක්  රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි  දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුවෙන්  සියයට 99ක් ජනනය කර ඇත්තේ මේ ආයතන තුන බව පැවසූ මන්ත්‍රීවරයා එම  ආයතන තුන වර්ෂ ගණනාවක් තිස්සේ අලාභ ලබන තත්වයක පවත්වාගෙන යෑම හේතුවෙන්  විශාල ණය බරක් ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 පසුගිය වසරේ මුල් මාස අට තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි හැත්තෑ දෙදහස්  හය සීයක් (72,600) බවද ඔහු සඳහන් කළේය.

මෙම ආයතන පනස් දෙකෙන් රාජ්‍ය ව්‍යවසායන් 32 ක  බදු අය කිරීමට පෙර ලාභය  රුපියල් කෝටි 13400ක් බවත් ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් විසි එක   රුපියල් කෝටි අසූ හය දහස් එක සීයක(86100)  අලාභයක් වාර්තා කර ඇති බවත්  වලේබොඩ මහතා  ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ  ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ  සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය  කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පෙන්වා දෙන බව පැවසූ හෙතෙම  මෙම ආයතන නගාසිටුවීමේ එකම මග පුද්ගලීකරණය  නොව රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (PPP)  යටතේ කටයුතු කිරීම බවද  පෙන්වා දුන්නේය.

මේ අතර 2022 වසරේ පළමු කාර්තුවේ සියයට  4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය එම වසරේ දෙවැනි කාර්තුව තුළ  සියයට 4.6 ක්  දක්වා ඉහළ ගොස් ඇතැයි ගාමිණී වලේබොඩ මහතා  වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

තෙල්,විදුලි,ගුවන් ආයතන තුනේ කෝටි අසූ පන්දහසක පාඩුවක්

Samitha S. Aluthgamage Sunday, 02 April 2023 12:58 PM

දේශපාලනය කුමක් වුවත්, මේ ආයතන වහාම විකුණා දැමීම වරදක් නොවේ. රටේ සල්ලි ගිල්ල හා ගිලින මේ දැවැන්ත සුදු අලි විකුණා දැමීම කිරීමට පියවර ගත යුතුව තිබුණේ මීට පෙරාතුවයි...

:       3       18

පැරකුම්Sunday, 02 April 2023 03:18 PM

එහෙම කොහොමද? එතකොට අපේ දේශීය සම්පත් හා සමාජවාදයට යන කල මොකක්ද?

:       9       3

Prabha Sunday, 02 April 2023 01:04 PM

තෙල් සහ විදුලිය පාඩු ලබන්නේ අනෙකුත් රජයේ ආයතන වලට ණයට දීමෙන්...

:       9       9

Chamika Sunday, 02 April 2023 11:08 PM

මුළු ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 6000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 13 ක් ඉතිරි කල හැක. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ( විදුලිබල මණ්ඩලයට හැර) බිලියන 3 කි. එනමි උපරිම ලීටරයකට රු. 4.25 ක් අඩුකල හැක. මුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 24000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 57 ක් ඉතිරි කල හැක. වාර්ෂික විදුලි අවශ්‍යතාවය ඒකක බිලියන 17.59 කි. එනමි උපරිම ඒකකයට රු. 3.24 ක් අඩුකල හැක. පුද්ගලිකකරනයෙන් ඔය හිතාගෙන ඉන්න වාසි ලැබෙන්නෑ. කුහකත්වය අතහැර ආනාගතය ගැන හිතන්න. පුද්ගලික ව්‍යාපාර ඔය කියන විදිහට ක්‍රියා කරනවද? කරල තියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 102 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 418 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 247 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 623 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 593 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1430 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site