ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාට 2013 නිලවරණයේදී තරග කිරීම සඳහා අනුමැතිය නොදීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇත.
සභාපති ධූරය සදහා නාමයෝජනා භාර දුන් සෙසු නිලධාරීන් වන වර්තමාන සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ට ද ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමි නොවනු ඇති බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නම් කරන නිලධාරියකු සහභාපති ධූරයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ක‍්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු එහිදී නව සභාපතිවරයා ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද, අපේ‍්‍රල් මස 16 වැනිදා දක්වා කල්දැමීමට පසුගියදා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඒත් හිතුවා. (නි)
මට හිතෙනවා අපේ මාලිංග හොදයි කියලා. (නි)
වැරදි වැඩ කරන්නෙ එක්කෙනෙක් විතරක් නෙමෙයිනේ. (නි)
නියම තැනැත්තා අර්ජුන රණතුංගයි. ක්‍රීඩා ඇමතිට එතුමා පත්කරන්න ශක්තිය හා බලය ලැබේවා!(නදී)
අපේ අර්ජුන ආවොත් හොදයි. (නි)
ඔය කව්රු පත්වෙලා ආවත් කරන්නේ කන එකනේ.(නදී)
ආනා පුංචිහේවා හරි විජේතිලක හරි අවොත් තව වැඩිය හොඳයි.(නදී)
හිතට එකගව සූදු වයාපාර කරන බව දැන දැන බොරු කරන්නේ. (නදී)
පුදුමයි. (නි)
ජයන්ත ධර්මදාස තමා හොඳම කෙනා. ආනා පුංචිහේවා හරි විජේතිලක හරි අවොත් තව වැඩිය හොඳයි ඒ උනාට එන්නේ හිටපු කෙනෙක් කීවම අපට හිතා ගන්ඩ පුළුවනි හැරෙන තැපෑලෙන්ම එන්නේ කවුද කියල.(නදී)
කනගාටුයි (දී)
මට නම් හරිම සතුටුයි.(නදී)
ගරු ඇමතිතුමනි, ඔබ විශිෂ්ටයි. (නි)
චී... කමල්, ඔයා කියන්නේ ක්‍රීඩාවට දේශපාලනය ඕනෑ කියලද ? මම නම් කියන්නේ එසේ විය යුතු නැත කියායි. (නි)
අනිවාර්යයෙන්ම සනත් ජයසූරිය තමයි.(නදී)
අයියෝ සල්ලි (දී)
ජගත්, ඔය දැන් විශිෂ්ටයි කිව්වට අපි බලාගෙන ඉමුකො ඔය විධායක කමිටුව කියන අය පත් කරන්නේ කවද කියලා. (නි)
ගරු ඇමතිතුමනි, මෙම තනතුරට ඉතාම හොද සුදුස්සෙක් පත් කිරීමට ඔබට හැකිවේවායි පතමි. (නි)
ඇමතිතුමන්ගේ මෙම හයේ පහරත් එක්ක ටීම් එක ඕල් අවුට් වගෙයි. (නි)
කවදද දැන් මේක අවසන් වෙන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
මම හිතුවේ ඔබතුමා පත් වේවි කියලා (දී)
රණතුංග පිලේ කෙනෙකුට කැරකිලා එයි වගේ.(නදී)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. (නි)