පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වූ කන්ටේනරයක ඇඹරුම් යන්ත්‍ර තුනක් තුළ සගවා තිබූ හෙරොයින් කිලෝ සියයක් අද (21) සවස ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අඩි 20ක් පමණ දිග එම කන්ටේනරයේ තිබූ යන්ත්‍රවල පයිප්ප තුනක සඟවා තිබූ හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 70කට අධික බව ගණන් බලා ඇත.
කන්ටේනරය ගෙන්වීයැයි සැකපිට කොළඹ ව්‍යාපාරිකයකු සහ නිශ්කාසන නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේක ගෙනාවේ හරිම ලැජ්ජයි (අ)
ආඩම්බරයි.. (අ)
කුඩු රට පුරා සුලභයි (අ)
ඕව පස්සේ තේ කුඩු වෙයිද දන්නේ නැහැ.පොඩ්ඩක් විමසිල්ලෙන් ...(අ)
නෑ නෑ මේ කස්ටම් එකේ මහත්වරැන්ට වැරදිලා. මේ පාන් පිටිනේ. (අ)
කුඩු වසන්ගතයෙනුත් රට බේරා ගැනීමට පුළුවන් එකම නායකයා ජෙනේරල් ෆොන්සේකා පමණයි.ඒ සදහා මාස 3 නක කාලයක් හොදටෝම ප්‍රමාණවත්.(අ)
පෙරේරා.මමත් ඔබගේ මතයේ ඉන්න රටවැසියෙක්.(අ)
ඉස්සර රටට යම් අගතියක් වෙනවනම් රට බේරා ගැනීමට ඉදිරියෙන්ම සිටියේ අපේ ගරුතර සංඝයා වහන්සේලායි! (අ)
කවදා අවසානයක් දකින්නද?.. (අ)
.අනේ අපේ අනාගත තරුණ පරම් පරාව බේරා දෙන්න.(අ).
කුඩු මුදලාලිට මරණ දඬුවම දිය යුතුයි. (අ)
මේවට විසදුමක් දීමට තියා කතාකිරීමටවත් සංවිධාන බිහිනොවීම අපිට දුකකි. (අ) ........
අපේ රට දැන් කුඩු ලංකාව වෙලා. (අ)
කුඩු අල්ලන නිසා අපි දන්නවා ඉස්සර ඇල්ලුවෙත් නැහැ අපි දන්නෙත් නැහැ (අ)
ඇඹරුම් යන්ත්‍ර නිදහස් කරන්න කියලා තවම ලියුමක් ඇවිල්ලා නැද්ද?(අ)
මෙහෙම යනකොට ලංකාව ආසියාවේ කුඩුස්චර්ය බවට පත්වෙනවා.(අ)
සුනිල් ඔයාගේ කතාව ඇත්ත වෙන්න පුළුවන් , අපිට ඕනි හොද දේවල් වලින් ඇමෙරිකාවට වඩා හොද වෙන්න මිසක්, නරක දේවල් වෙලින් ඇමෙරිකාව පහු කරන්න නෙවෙයි. (අ)
ජයවේවා! ඔහොම යමු (නි)
මාධ්‍ය ආයතන සියල්ල හොඳ අවදානයෙන් ඉන්න ඕනෑ, මේ කුඩු ටික විනාශ කරනකම්. (නි)
ඡන්දේ හින්දා එකසිය ගානට කුඩු අල්ලනවා වගේ. මොනවා උනත් කලින්ම ඡන්ද ප්‍රචාරක කටයුතු පටන් අරගන කියලා තමයි පෙනෙන්නේ. මේවා හොදයි චීන්නු රවට්ටන්න. මේවා බලල රැවටෙන සමහරකුත් ලංකාවේ ඉන්නවනේ (නදී)
තව කන්ටේනර් 100 ක කුඩු ටොන් ගනන් ආවත් ආවේ කාටද කියලා හොයාගන්න බැරි මත්ද්‍රවය නාශක කාර්යාංශය හොඳයි යකඩ ටිකක් අහුලගෙන ඒක විකුනල කුඩු ගහන අහිංසක හෙරොයින් වින්දිතයන් බන්ධනාගාරය නමැති නිදහසේ කුඩුගහන්න පුලුවන් තැනකට යවලා මහා ලොකු රාඡ කාරියක් කලා යැයි කාඩ් බෝඩ් වීරවරයන් වෙන්නයි (නදී)
කුඩු කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ ඒවා නැවත සමාජයට මුදා හරිනවා නම්. (නදී)
මේවට මරණ දඬුවම තමයි හොඳම (නි)
මිනීමරු ප්‍රබාකරන්ට අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාශයක් දැන් රටට සිද්ද වෙනවා.මොලේ තියෙනවනම් තේරුම් ගන්න පුළුවන්. (අ)
කුඩු ඇල්ලුවට වෙන දෙයක් නෑනේ. නඩුත් නෑ බඩුත් නෑ. (අ)
ලේ කිරි කර දී සෙනෙහසින් හදපු රත්තරන් පුතා කුඩු උරන්නෙක් වෙන්නට දෙනවාද ලංකාවේ රත්තරන් අම්මාවරුනේ? මේවාට අම්මාවරු වන අපේ සියොළඟ ගිනි ගන්නවා. කාටද මේ පණිවුඩය දෙන්නේ? (නි)
කෝටි, ප්‍රකෝටි ගණන් වලින් කුඩු අල්ලනවා. මේවා ගෙන්වන කවුරුහරි ලංකාවේ ඉන්නවනේ. කෝ ඔහුන්ගේ නම් ගම් එළියට එන්නේ නැද්ද? (නි)
හිතාගන්න පුළුවන් කවුද කුඩු ගෙන්වන්නේ කියලා. මේවා අපේ මිනිසුන්ට හොඳ පාඩම් (නි)
අල්ලන දේවල් වගේම ඕවට වෙන දේවලුත් හොයලා කිව්වා නම් නේ හොද.? (අ)
කොලොන්නාවට යන බඩුද මේ ? (අ)
මාරයි.එල එල (අ)
ආනන්ද , කුඩු මුදුලාලිල ටික ඔක්කොම මැරුවොත්, පර්ලිමෙන්ට් එකේ ඉතුරු වෙන්නේ බොහොම ටිකයි.එහෙම වුණොත් අපිට ඡන්දෙ දෙන්න කෙනෙක් නැති වෙනවා නේ. (අ)
මේකද ආසියාවේ ආශ්චර්ය? මේ විනාශය නවත්වන්න බැරිද? (නි)
සිල්වි.කාගෙන්ද ඉල්ලා සිටින්නේ?(අ)
මේ යන ක්‍රමයට තව අවුරුදු 2-3 නක් ගියොත්,ඉදිරියේදී අපි අපේ දියණියකට මංගල යොජනාවක දැන්වීමක් දැම්මොත් දාන්න වෙන්නේ දේශපාලකයන්ගෙන් අතවරයක් නොවුන නිවසේම ආරක්ෂාකාරීව හැදුන අපගේ දියණියට "කුඩු නොගහන වැදගත් තරුණයෙක්" මව සොයයි කියල.සුබ අනාගතයක්.(අ)
දිගටම අල්ලන්න (අ)
ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. අල්ලන ඔය කුඩු වලට මොනවද වෙන්නේ? (අ)
බයවෙන්න එපා ඔය මිරිස්කුඩු වෙන්න ඇති. (අ)
පාන් ගෙඩි හදන්න ගෙනල්ල තියෙන්නේ..(අ)
කොයි මන්ත්‍රීෙග් පුත්‍රයාද ඡන්දෙ ඉල්ලන්න යන්නේ.(අ)
මගෙ අම්මෝ!! ලංකාවේ තියෙන කුඩු ! මෙහෙමත් රටක් !රට පහරයන්ට ගිහින් (අ)!
මෙහෙම ගියොත් ලංකාව ඉවරයි (අ)
වෙලාවට කොමිස් මුදල බැංකු පොතට වැටෙනවානම් කුඩු නෙමෙයි මොනවා ගෙනහම මොකද? (අ)
ලංකාවේ කුඩු කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වන නිසා මේක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ.රටකට ගිය කලක්. (අ)
ආසියාවේ ආශ්චර්ය නේද හේරත් (අ)
මටනම් සනීප නෑ වගේ ......(අ)
ලංකාව දැන් කුඩු තිප්පොළක් වෙලා. කාටද ආඩම්බර? (අ)
එන පොට නම් හොඳ නැහැවගේ.පකිස්තානයත් ,ශ්‍රී ලංකාවත් භේද බින්න කිරීමට උත්සාහ දරන ජාවාරම් කාරයෝ ගැන දෙරටම පරීක්ෂාවෙන් සිටීම වැදගත් !! (අ)
ඕවට බිලි වෙන්නේ දුප්පත් කොල්ලෝ වැඩියෙන්ම. රේගුවට අපේ ප්‍රණාමය. ගෙන්නපු කුඩු රජා අල්ලන්න ඕනේ දැන්.(අ)
අපේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන ටිකක් හිතල මේවා ගැන සොයා බලන්න.(අ)
මේ කීවැනි විශාල කුඩු තොගයද? අර පළමුවැනි කුඩු තොගය දැන් නැහැ වගෙයිනේ. (නි)
මේ අවුරුද්ද ඇතුළත කුඩු කිලෝ 500 ට වඩා අල්ලා තියෙනවා නේද? මොනවද ඒවට කළේ? (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මේවාට නම් මරණීය දණ්ඩනයටත් එහා ගිය දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
මට නම් මේ මදි. තව තව ගෙන්වන්න (නි)
අපේ අය වතුරට වැඩිය කුඩු බොනවා වගේනේ (නි)
කනගාටුවෙන් වුවත් නීරස වුණත් ඇත්ත පිළිගන්න වෙනවා. (නි)
අත්අඩංගුවට ගන්නවා විතරයි, මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ (නි)
ලංකාව ආසියාවේ කුඩු බෙදාහරින මධ්‍යස්ථානය කියන කතාවේ ඇත්තක් තිබෙන බව පෙනෙනවා. මෙතරම් මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්න නිකම් මිනිසුන්ට බැහැ. මේවායේ පසුපස ඉන්න අය ගැන කියන්න බොහොම දෙනෙක් බයයි. නැත්නම් අකමැතියි. (නි)
මෙච්චර කුඩු ගෙනැවිත් කාටද මේ විකුණන්නේ? අපේ රටේ තරුණ පරපුර මින් බේරාගන්න ඕනෑ. හැමදාම වගේ මේකත් ප්‍රවෘත්තියක් පමණක් වෙයිද දන්නේ නැහැ. අල්ලන වැරදිකරුවන්ට දුන් දඬුවම් මොනවද කියලා රටට හෙළිවෙන්නේ නැහැ. අල්ලපු කුඩු වලට මොකද වුණේ කියලා හෙළිකරන්නේත් නැහැ. තොරතුරු දැන ගැනීමට අයිතියකුත් නැහැ. (නි)
හෙට අනිද්දාට කියයිද දන්නෙ නැහැ ඒවා කුඩු නොවේ කියලා? ඔහොම යමු (නි)
අනේ එන්න එන්න, අපෙනුත් කුඩු ටිකක් ගන්න...... කුඩු ලාභයි ලාභයි.... (නි)
අනේ අනිච්චං! (නි)
අයියෝ! මේ මොනවද වෙන්නේ? (නි)
අනේ මගේ ලංකාව! (නි)
මම මෙහෙම ලිවුවට තරහවෙන්න එපා. ලංකාව වගේ පුංචි රටකට කුඩු කිලෝ 100ක් 200ක් ලොකු ගණනක් වුණත් ඇමෙරිකාවට යුරෝපා රටවලට කුඩු එන්නේ ටොන් ගණනින්. ගෙනෙන්නේ සබ්මැරින් වලින්. (නි)
අල්ලන හින්දා අපි දැනගන්නවා. මේවා නොඇල්ලූ කාලයකුත් තිබුන බව අමතක කරන්න එපා. (නි)
සරත් ෆොන්සේකා මහතාණෙනි, මේ භයානක කුඩු ජාවාරම නැතිකරන්න උපකාරි වන්න. (නි)
දැන් කුඩු අහුවෙන්නේ පාන් පිටි වගෙනේ (අ)
හේරත් ලංකාවෙද ? (අ)
කුඩු යුද්දෙන් පැරදුනොත් ඔක්කොම සුන් .හෙට ඔබේ දරුව ,සහෝදරයා වෙන්න පුළුවන් . ජනතාව.උපරිමව සහය දෙන්න .ඔත්තු මුදල් වැඩි කිරීමත් හොඳයි.(අ)