පානදුරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී පොලිස් සුළු අවියක් පත්තු වී එම ආයතනයේ සේවකයකුගේ පියකුට වැදී රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි කියයි.
රාත්‍රී දොළහට පමණ එම ආයතනයේ අනතුරු අඟවන සිනුව නාද වීමත් සමඟ එහි ආ පොලීසිය ආයතනයේ යතුරු බාර සේවකයින් සිව් දෙනා කැඳවා ආයතනයේ දොරවල් හැර පරීක්ෂා කිරීමෙන් පසුව පොලීසිය යළි යන්නට සැරසෙද්දී එක් නිලධරයකු අත වු සළු අවිය පත්තු වී උණ්ඩය කාණුවක වැදී එහි කැබලි ඒ අසල සිටි පුදුගලයකුගේ ඇගටද වැදී ඇතැයි සිද්ධීය දුටු අය කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් අත ඇත්තේ එක්කෝ බ්රෝව්නින් පිස්තෝලයක් හෝ රෙවෝල්වරයක් , මේ දෙකම ආරක්‍ෂිත අගුලු සහිතයි. ඒවා හදල තියෙන්නේ වෙඩි නොතියන වෙලාවට ලොක් කරලා, හදිසි බිම වැටීමකදී හෝ යමක ගැටීමෙන් පත්තු වීම වලක්වගන්න. මෙයාල පිස්තොලෙන් මොනවා කලාද ?? (දී)
පරිස්සම් වෙන්න (නදී)
මාධ්‍ය ප්‍රකාෂකතුමට දැන්වත් තේරෙනවද පොලිසිය ගුටි කෑවේ ගිනි අවි නැති නිසා නෙමේ පොලිසියට විනයක් නැති නිසා කියලා (නදී)
ඕක වෙන්නේ නිසි විනයක් නැති හින්ද. ඔහොම තුවක්කු පත්තු වෙන්නේ පොලිසියේ ඉන්න අයගේ විතරයි. යුධ හමුදාවේ ඉන්න එක කොල්ලෙක්වත් ඔහොම තුවක්කු පත්තු කරගෙන තියෙනවද? (ස)
පුහුණුවක් නොමැතිකම මෙයට හේතුවයි. (නදී)
ඉසුරන්දි, දැන් ඉන්නේ ඉස්සර පොලිසියේ සිටි මහත්වරු නෙමෙයි (නි)
පොලිස් පුහුණුවේදී සෙල්ලම් පිස්තෝල එක්ක පුහුණු වෙන්න දුන්නට පස්සේ රාජකාරි කරන කොට ඇත්ත ඒවා දුන්නම ඒවා පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ . එකයි මේ (අ)
එනම් එක්ක ගල්සියබලා පිස්තෝලයක් වෙන්න පුල්ලුවන්!(අ)
නිකන් ගිනිඅවි පත්තු කරාම නීතියක් නැද්ද දඩුවම් දෙන්න,එහෙම නිකන් පත්තුවෙන්න එක්කෝ පළපුරුදු නැති හෝ මත් පැන් පානය කර වෙන්න ඇති. (අ)
ආයුධ පෙන්නන්න යනව කියල නඩු නැතිව මිනිස්සු මරණ පොලිසියෙන් සාධාරණයක් බලාපොරොත්තූ විය හැකිද (අ)
එහෙම තමයි පොලිසියේ වුණහම. පුදුම දේවල්නේ දැන් වෙන්නේ (නි)
අවියක් අතට ගත්තත් ඒ මනුස්සයෙක් (දී)
නිකන් පත්තු උනා කියලා උන්ඩේ යන්න බැහැ කියන්නේ නැහැනේ ඕක කාගේ හෝ ඇඟේ වැදුනානම් (දී)
එහෙම තමයි පොලිසියේ උනහම (නදී)
නිදාගෙන ඉන්නකොට භයානක හීනයක් දැකලා කලබල උනාද දන්නේ නැහැ (දී)
දැන් පොලීසියෙ තියෙනෙ ගල් කටස් ,කොටන තුවක්කු වගේ ඒවද ? (අ)
මේ ගිනි අවි ඉබේ පත්තුවෙනවද ,නැත්නම් පත්තු කරනවද මම නම් දන්නේ නැහැ (අ)
ආයුද දෙන්න කලින් පාසලකට අරින්න ඔනෙ පාරේ යන අපි තමයි බයිට් එක (දී)
කැටපෝලයක් වගේ එකක් තමයි වඩා සුදුසු. (දී)
දැන් කරන්න තියෙන්නේ පොලිසියට සෙල්ලම් ආයුද දෙන එකයි (අ)
අනේ අම්මෝ! ඔහොම ගියොත් නම් ගිනි අවි වෙනුවට වෙන මොනවාහරි දෙන්න වෙයි වගේ (නි)
පුදුම දේවල්නේ දැන් වෙන්නේ (නි)
පොලිස් නිලධාරියාගේ නෙවෙයි වරද . සුළු අවියේ. සුළු අවිය කියන්නේ මොකක්ද මම දන්නේ නැහැ. හැබැයි පත්තු වෙන ජාතියේ එකක්. (නදී)
ස්ව්‍යංක්‍රීය අවියක් වෙන්ඩ ඇති ඉබේ පත්තු උනේ. අනේ මන්දා දැන් නම් ඉතින් අපි කාගේත් ජීවිත වලට දෙවියන්ගේ පිහිටයි.(නදී)
අම්මෝ ආයුදයක් ගත්ත පොලිස් මහත්තයෙක් ලගින් යන්නත් බයයිනේ දැන් (නදී)
සුළු අවිය කියන්නේ මොකක්ද? (නදී)