
(සුජිත් හේවාජුලිගේ)
මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
බේරේ වැව සහ දියවන්නාව ඊට ඇතුළත් නොවන බව කී අමාත්‍යවරයා එම ජලාශ දෙකේ පිහිටීම අනුව ශූරය බලාගාර පිහිටුවීමේ හැකියාවක් නැති බවද ප්‍රකාශ කළේය.
යම් ජලාශයක භූමි ප්‍රමාණයෙන් සියයට දහයක උපරිමයකට යටත්ව සූර්ය පැනල පිහිටුවන බව කරුණාතිලක මහතා කීවේය.
කුරුණෑගල ඉබ්බන්කටුව වැවේ ඉදි කෙරුණු දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරය පසුගියදා විවෘත කෙරුණු බව කී අමාත්‍යවරයා ජලාශ මත ඉදි කෙරෙන සූර්ය බලාගාර මගින් සැලකිය යුතු විදුලි නිෂ්පාදනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
ඉබ්බන්කටුව වැවේ අක්කර 10.5 ක ජල පෘෂ්ඨයක් ආවරණය වන පරිදි ඉදිකරන ලද දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරයෙන් ලබා ගැනීමට අපේක්ෂිත විදුලි ප්‍රමාණය මෙගාවොට් 05කි.
මෙමගින් වාර්ෂිකව නිවාස හත්දාස් පන්සියයකට පමණ විදුලි සැපයීමට අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
අබලන් වූ වහල සහිත සෑම පාසලකටම අලුත් වහලයක් ලබා දී, එමට සූර්ය පැනල සවිකිරීමෙන් වහලය අලුත්වැඩියාවට වැය වූ මුදලත් උපයාගත හැකි වේවි.
වැව් උඩට රාත්‍රි කාලයේ ඉර එලිය වැටීම, තමයි නිවෙස් වල සූරිය පැනල් එපා කියන්නේ!
ඉතා හොදයි,ගෘහස්ථ වහලවල්වල ගැහැව්වට ලැබීමක් නෑ නෙ.
මෙන්න මේවා තමයි. කට කයිවාරු නෑ.
තවත් පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කිරීමේ වරදක් නැත. නමුත් අපි NPP (ජාතික ජන බලවේගය) බලයට පත් කළේ දුක් විඳීමට නොවේ. 'Net metering' හෝ 'net accounting' ක්‍රමවේදයන් අත්හිටුවූ විට, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (සූර්ය බලශක්තිය) මගින් අපගේ විදුලි බිල්පත පියවා ගන්නේ කෙසේද? කරුණාකර කුඩා පාරිභෝගිකයින් සඳහා වන කිලෝවොට් 5 (5kW) සූර්ය බලශක්ති පද්ධති ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන්න. පෙර රජය විසින් කුඩා නිවාස හිමියන්ට කිලෝවොට් 40-60 දක්වා වූ සූර්ය බලශක්ති පද්ධති ලබා දීම නිසා විදුලිබල පද්ධතිය (grid) අධි බරට ලක් විය. දැන් අමාත්‍යවරයා ලෙස ඔබ එම පාඩුව නව සහ අවංක ඉල්ලීම් ඉදිරිපත් කරන පාරිභෝගිකයින් මත පැටවීමට සූදානම් වන බව පෙනේ; කරුණාකර එසේ නොකරන්න. ව්‍යාපාරික අරමුණු සඳහා නොව, අපගේ විදුලි බිල්පත් පියවා ගැනීම සඳහා කිලෝවොට් 5ක පද්ධතියක් සවිකර ගැනීමට කරුණාකර අවසර ලබා දෙන්න.