IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තවත් මත් පැලෑටියක් කටුනායකදි අල්ලයි

කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ ‘‘කාත්‘‘ නැමැති මත් පැලෑටි කිලෝග‍්‍රෑම් පනහක් සමග  ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කොළඹ කොච්චිකඩේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයෙකි.

නියෝජ්‍ය  රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලදාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරිමේදී ගමන් මළු දෙකක බහා කෙසෙල් දළු වල ඔතා ගෙනා මෙම මත් පැලෑටි  සොයාගෙන ඇත.

මෙම වර්ගයේ මත් පැලෑටි  ශ‍්‍රී ලංකාවේදී ඇල්ලූ ප‍්‍රථම වතාව මෙය බව රේගුව කියයි.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මත් පැලෑටි කැනඩාවට යැවීම සඳහා ශ‍්‍රී ලංකාවට ගෙන ආ බවත් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී මේවා තවත් පුද්ගලයෙකුට බාර දීමට සිටි බවයි.

රේගුව පවසන්නේ සැකකරු ලග කැනඩාවට යාම සඳහා ගුවන්ටිකට් පත් නොතීබු බවයි.

කෙසේ වෙතත් කැනඩාව, ජර්මනිය ඇතුළු යුරෝපා රටවලට මෙම මත් පැලෑටිය ගෙන ඒම තහනම් කර ඇත.

කෙන්යාව ඇතුළු අප‍්‍රිකානු රටවල ගොවීන් විසින් මෙම මත් පැලෑටිය වගා කරනු ලබන අතර මෙහි කැතිනෝන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බව වාර්ථා වෙයි. එසේම මෙහි කොළ අමුවෙන් ඉතා සැර අදික වන බවත් වියළා කෝපි ලෙසත් දුම්කොළ ලෙසත් භාවිතා කරන බවත් කියති.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලධාරීහු  සිදුකරති. 



අදහස් (0)

තවත් මත් පැලෑටියක් කටුනායකදි අල්ලයි

යසවතී Monday, 30 December 2013 12:51 PM

සිමෙන්ති කොට්ටයක් තරම් මත් පැළෑටි ගේන්න මොන තරම් අමතර මුදලක් ගෙවන්න ඇතිද?  කොහොම උස්සන් ආවද මන්දා, අපට නම් කිලෝ අටක හාල් බෑග් එකක් වත් උස්සන්න අමාරුයි.(නදී)

:       0       0

ශක්ති Monday, 30 December 2013 02:44 PM

කෙන්යාව සමග සම්බන්ධකම් ඉහල දැම්මා නේද ලගදී.(නදී)

:       0       0

සුනිල් Monday, 30 December 2013 04:09 PM

රොටී හදන්න තරමට අපේ රටේ කුඩු තියෙද්දි මේවා ගෙනාවේ මැල්ලුම් හදන්නද? (ත)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 30 December 2013 04:52 PM

මේක අල්ලපු නිසා කුඩු බෙදා හරින සමහර පිරිස් සතුටු වෙන්න ඇති . (ත)

:       0       0

ෂාන් Monday, 30 December 2013 05:02 PM

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ රටවල් මේ වගේ ගෙනෙන දේවල් ගැන හොයන්න පුහුණු කල බල්ලන් යොදා ගන්නවා. අපේ ලංකාවෙත් ඒක කලොත් හොඳයි. ඒකෙන් ලංකාවේ වටින ශාක පිටරට යනඑක වගේම අනවශ්‍ය ශාක රට තුලට ඒම පාලනය කරන්න පුළුවන් (දිල්)

:       0       0

කුමාරි Monday, 30 December 2013 10:31 AM

මුන්ව උල තියන්න ඕනා.(නදී)

:       0       0

චන්දික Monday, 30 December 2013 11:15 AM

කැනඩාවට යවන්නේ ඇයි? මෙහෙ ඉන්නේ ඕන තරන් ඕවා පාවිච්චි කරන අය. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 30 December 2013 11:34 AM

ලංකාව මතින් ස්වයන්පොෂිත වෙමින් අපූරු ආශ්චර්යකට යනවා වගෙයි පෙනෙන්නේ.(නදී)

:       0       0

විද්‍යා Monday, 30 December 2013 11:36 AM

ළමයෝ ඕක පොඩි වෙන්න මුකුනු වැන්න මිටියක් වගේ අර රත්තරන් ගෙනියන මාර්ගයට කොටාගෙන ආවා නම් මාරුවෙලා යන්න තිබුනනේ.(නදී)

:       0       0

චමිල Tuesday, 31 December 2013 02:37 AM

මමත් ඉන්නේ කෙන්යාවේ. මෙහෙ හැමතැනම විකුනනන්න තියනවා. ලංකාවේ මුදලින් රුපියල් 50 ඉඳලා ගන්න පුළුවන් අමු කොළ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 853 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 761 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 160 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1034 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site