කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අලුත්ගම හා බේරුවල ජුනි 15 වැනි දා ඇතිවූ සිද්ධියට පොලිසිය වග කිව යුතු බවත්, පොලිසිය ඉදිරිපිට තමා පහර කෑමට ලක්වූ බවත් එයි වගකීම බාරගෙන පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේනම් තමා අස්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දුන් බවක් මෙතෙක් වාර්තා වූයේ නැත.
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙවරප්පෙරුමගේ ලිපිය රනිල් බාර නොගනී
පිටිගල Wednesday, 09 July 2014 06:32 AM
මෙයත් අර හැමදාම අස් වෙනවා කියලා ප්‍රකාශ නිකුත් කරලා , හයියෙන් කෑගහලා මාධ්‍ය සාකච්චා තියලා අන්තිමට අස් නොවෙන එක්කෙනා වගේමයි නේද හැබෑටම. (ස)
කීර්ති Wednesday, 09 July 2014 06:42 AM
ඇත්තටම මේවා විහිලු නාටක...අස්වෙනවා කිවුවනම් කවුරු කිවුවත් අස්වෙන්න ඕනේ.බොරුවට පක්ෂ නායකට ලිපිය බාර දෙන්නේ නැතිව ලිපිය බාරදෙන්න තිබුනේ පාර්ලිමේන්තු ලේකම්ටනේ..මේව තමයි මොන්ටිසෝරි කතා... (ස)
ලංකා තිලක් Tuesday, 08 July 2014 05:48 PM
වටරැක හාමදුරුවොත් එක්ක හොදම නළුවා සදහා තරගයක් දෙන්න පුළුවන් වේවි මෙයාට කොහොමත්.(අ)
ලංකා තිලක් Wednesday, 09 July 2014 06:48 AM
හොඳම නළුවා වෙන්න සටනක් දෙන්න වේවි වගේ හාමදුරුවන්ට..තෙවරක් පෙරුණ කියන්නේ සෙල්ලමකට නෙමෙයිනේ..(ස)
බන්දුල පෙරේරා Wednesday, 09 July 2014 07:01 AM
මේ මන්ත්‍රී වරයා වගකීමකින් තොරව මාධ්‍ය වල අලුත්ගම සිදුවීම් සම්බන්ධයෙන් කල ප්‍රකාශ රටක් ගිනි තියන්න ප්‍රමාණවත්. ගිනි නිවනවා මිසක් තව තව ගිනි පත්තු කරන්න හදන එක නෙමෙයි මහජන නියෝජිතයෙකුගේ කාර්යය වෙන්න ඕනා. (නදී)
ජෙරී Wednesday, 09 July 2014 07:22 AM
තවත් ජෝකර් කෙනෙක්. (නදී)
හේමන්ත Tuesday, 08 July 2014 09:10 PM
ඒක පක්ෂයේ නායකයාට දෙන එකද කරන්න ඕනෑ? (නි)
ගාමිණී Tuesday, 08 July 2014 09:10 PM
ජනතාවට නොමිලේ විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)
ගාමිණී ඇෆ්රික Tuesday, 08 July 2014 09:10 PM
ජනතාවට නොමිලේ විහිළු සපයනවා.(නදී)
අනුර Wednesday, 09 July 2014 12:04 AM
මොනවද මේ වැඩ? (නි)
ෆ්‍රෑන්ක් Wednesday, 09 July 2014 12:14 AM
නිකන් අපිව රවට්ටන්න නම් හදන්න එපා! (නි)
සයිමන් Wednesday, 09 July 2014 08:59 AM
ඔහුට අස් වෙන්නට උවමනා නම් එය බාර දිය යුතු වගකිවයුත්තෙක් සිටිනවා. පක්ෂ නායකයට දෙන්නේ පක්ෂයෙන් අස්වනවා නම් පමණයි නේද? (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:32 AM
අපි මේවට මුකුත් කියන්නේ නැහැ (නි)
ලංකා තිලක් Wednesday, 09 July 2014 03:06 AM
වටරැක හාමදුරුවොත් එක්ක හොදම නළුවා සදහා තරගයක් දෙන්න පුළුවන් වේවි මෙයාට කොහොමත්. (නදී)
සජී Tuesday, 08 July 2014 02:29 PM
යම් මන්ත්‍රී වරයකු ඉල්ලා අස්වෙනවානම් ඔහු එම ලිපිය භාරදියයුත්තේ පාර්ලි මේන්තු මහලේකම්වරයාටය, පක්ෂ නායකවරයකුට මන්ත්‍රී වරයකුගේ ඉල්ලා අස්වීම තීරණයකළ නොහැකිය .. (අ)
සිල්වා Wednesday, 09 July 2014 04:37 AM
මම ලංකාවට එන්නෙම නැහැ කියලයි හිතාගෙන හිටියේ එතුමා ගියොත්. දැන් ඉතින් එන්නම වෙනවා. (නි)
කණිෂ්ක Wednesday, 09 July 2014 04:37 AM
රනිල් මහත්තයා දුරදිග බලා වැඩ කරන කෙනෙක් (නි)
ක්‍රිස්ටි Wednesday, 09 July 2014 04:37 AM
එක අතකට රනිල් මහත්තයා හරි (නි)
ගාමිණී - සිරි Tuesday, 08 July 2014 04:00 PM
විපක්ෂ නායක තුමා බාර නොගන්නේනම් කතා නායක තුමාට අස්වීමේ ලිපිය බාර දෙන වග කිව නමුත් ..සුරංගනා කතාවලින් ජනතාව රැවටිය නොහැක. අස්වෙනවා යයි කිව කිසිම අයෙකු අස්වූ වගක් නම් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී නොමැත. (අ)
එරංග Wednesday, 09 July 2014 05:28 AM
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
සිල්වා Wednesday, 09 July 2014 05:49 AM
අනේ මම මේවට මොනවා කියන්නද? (නි)