කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අලුත්ගම හා බේරුවල ජුනි 15 වැනි දා ඇතිවූ සිද්ධියට පොලිසිය වග කිව යුතු බවත්, පොලිසිය ඉදිරිපිට තමා පහර කෑමට ලක්වූ බවත් එයි වගකීම බාරගෙන පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේනම් තමා අස්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දුන් බවක් මෙතෙක් වාර්තා වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවට එන්නෙම නැහැ කියලයි හිතාගෙන හිටියේ එතුමා ගියොත්. දැන් ඉතින් එන්නම වෙනවා. (නි)
ඔහුට අස් වෙන්නට උවමනා නම් එය බාර දිය යුතු වගකිවයුත්තෙක් සිටිනවා. පක්ෂ නායකයට දෙන්නේ පක්ෂයෙන් අස්වනවා නම් පමණයි නේද? (නි)
තවත් ජෝකර් කෙනෙක්. (නදී)
මේ මන්ත්‍රී වරයා වගකීමකින් තොරව මාධ්‍ය වල අලුත්ගම සිදුවීම් සම්බන්ධයෙන් කල ප්‍රකාශ රටක් ගිනි තියන්න ප්‍රමාණවත්. ගිනි නිවනවා මිසක් තව තව ගිනි පත්තු කරන්න හදන එක නෙමෙයි මහජන නියෝජිතයෙකුගේ කාර්යය වෙන්න ඕනා. (නදී)
හොඳම නළුවා වෙන්න සටනක් දෙන්න වේවි වගේ හාමදුරුවන්ට..තෙවරක් පෙරුණ කියන්නේ සෙල්ලමකට නෙමෙයිනේ..(ස)
ඇත්තටම මේවා විහිලු නාටක...අස්වෙනවා කිවුවනම් කවුරු කිවුවත් අස්වෙන්න ඕනේ.බොරුවට පක්ෂ නායකට ලිපිය බාර දෙන්නේ නැතිව ලිපිය බාරදෙන්න තිබුනේ පාර්ලිමේන්තු ලේකම්ටනේ..මේව තමයි මොන්ටිසෝරි කතා... (ස)
මෙයත් අර හැමදාම අස් වෙනවා කියලා ප්‍රකාශ නිකුත් කරලා , හයියෙන් කෑගහලා මාධ්‍ය සාකච්චා තියලා අන්තිමට අස් නොවෙන එක්කෙනා වගේමයි නේද හැබෑටම. (ස)
අනේ මම මේවට මොනවා කියන්නද? (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
එක අතකට රනිල් මහත්තයා හරි (නි)
රනිල් මහත්තයා දුරදිග බලා වැඩ කරන කෙනෙක් (නි)
යම් මන්ත්‍රී වරයකු ඉල්ලා අස්වෙනවානම් ඔහු එම ලිපිය භාරදියයුත්තේ පාර්ලි මේන්තු මහලේකම්වරයාටය, පක්ෂ නායකවරයකුට මන්ත්‍රී වරයකුගේ ඉල්ලා අස්වීම තීරණයකළ නොහැකිය .. (අ)
වටරැක හාමදුරුවොත් එක්ක හොදම නළුවා සදහා තරගයක් දෙන්න පුළුවන් වේවි මෙයාට කොහොමත්. (නදී)
අපි මේවට මුකුත් කියන්නේ නැහැ (නි)
නිකන් අපිව රවට්ටන්න නම් හදන්න එපා! (නි)
මොනවද මේ වැඩ? (නි)
ජනතාවට නොමිලේ විහිළු සපයනවා.(නදී)
ජනතාවට නොමිලේ විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)
ඒක පක්ෂයේ නායකයාට දෙන එකද කරන්න ඕනෑ? (නි)
වටරැක හාමදුරුවොත් එක්ක හොදම නළුවා සදහා තරගයක් දෙන්න පුළුවන් වේවි මෙයාට කොහොමත්.(අ)
විපක්ෂ නායක තුමා බාර නොගන්නේනම් කතා නායක තුමාට අස්වීමේ ලිපිය බාර දෙන වග කිව නමුත් ..සුරංගනා කතාවලින් ජනතාව රැවටිය නොහැක. අස්වෙනවා යයි කිව කිසිම අයෙකු අස්වූ වගක් නම් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී නොමැත. (අ)