පොසොන් සතිය අරඹමින් අනුරාධපුර මහමෙවුනා උයනේ පවත්වන සති පිරිත් පිංකමෙහි ඓතිහාසික පැන් පෙරහර බ්‍රහස්පතින්දා සවස පැවැත්විණි.
තිසා වැවෙන් රැගත් පැන් කළ ඉසුරුමුණිය විහාරයේ සිට ශ්‍රී මාබෝධි මහා විහාර භූමියේ පිරිත් මණ්ඩපය වෙත වැඩමකරවීම පැන් පෙරහරින් සිදු කැරේ.
සති පිරිත් පිංකම ලබන 27 වැනිදා දොරකඩ අස්නයෙන් නිමාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මිනිසුන් ප්‍රධාන වශයෙන් දෙවර්ගයයි. ඒ ආත්මයක් ඇතැයි විශ්වාසකරන හා එවැන්නක් නැති බව විශ්වාස කරන දෙකොට්ටාශයයි. එබැවින් ලෝකයේ ආගම්ද මුලික වශයෙන් දෙවර්ගයකි. ඒ ස්ථිරවූ ආත්මයක් තිබේ යන පදනම සහිත හා ආත්මයක් නැත යන ස්ථාවරයේ පිහිටි ආගම් වශයෙනි. ආත්මයක් ඇතැයි සිතන්නෝ එවැන්නක් නැති බව කියන ආගම් පිටුදකිති. එහෙත් ආත්මයක් නැතැයි සිතන්නෝ එසේනොවෙති. ඔවුන් විරුද්ධ මතය දරන ආගම් වල මුලික හරයන් පස්සේද යති. එබැවින් ආත්මයක් නැති වැඩ කරන අයට උලත් එකය පිලත් එකය. ආත්මයක් නැති වැඩ කල පමණින් මානව හිමිකම් අහිමි නොවේ. අහිමි වන්නේ ආත්මය පැමිණි. කොහෙත්ම ආත්මයක් නැති බැවින් ඔවුන් ඒ ගැන බියවන්නේද නැත.(ස)
ගාමිණී ,බුදුන් ධර්මය දේශන කලේ පන්ඬිතයින්ටම නොවේ 'බාල' යින්ටත්. ඒ නිසා 'සම්මා වාචා' කියන එක අපි හැමෝටම ගැලපෙනවා!. (නි)
තරුණ ලියන්ගේ රැඟුම් තිබීමේ වරදක් නොතිබිය හැකියි. සංඝයා වහන්සේට දානමානාදියෙන් සංග්‍රහකොට සසුන නොනැසී පවත්වා ගන්නේ ගැහැනුන්. ඒ නිසා නටමින් හෝ ගයමින් හෝ කැමති පරිදි නිර්වාන මාර්ගයේ ගමන් කිරීමේ අයිතිය ඔවුන්ගෙන් පැහැරගත නොහැකියි. (නි)
ඩෙනම්, සුමිත්, මේ කරන දේවල් රටේ සංස්කෘතියක් පමණි. මේවා තුලින් කිසිම ආත්මික ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. අපි ලංකාවේ සෑම දෙනාටම ප්‍රේමයෙන් යුතුව ජීවත් වෙන්න ඕනෑ. ඔබට ජේසු පිහිටයි! (නි)
ඩෙනම්, ඔන්න ඔබට එහෙනම් බුදුදහම පිළිගන්න වෙනවා. ඔබ දන්නවද 'රතන සුත්‍රය"? බුදුරජාණන් වහන්සේ විසින්ම රහතන් වහන්සේලා පිරිවරාගෙන එදා තුන්බියෙන් පෙළුන විශාල මහනුවර වීදි දෙගේ පිරිත පැන් ඉසිමින් සජ්ජායනය කරමින් ගියබව. ඔබ දන්නවාද අංගුලිමාල පිරිත, විලි රුදාවෙන් පෙළුන අසරණ ගැහැනියකට පිහිටවීමට මෙය කියන ලෙස තථාගතයන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට දේශනා කලේ ඒ පිරිතයි. එතකොට දැන් තේරුණා නේද පිරිතෙන් ගුණ ඇතිබව. බුද්ධ ශාසනයේ ඇති අංග නවයෙන් (නවාංග ශාස්තෘ ශාසනය) එකක් තමයි "ගාථ" , ඒ කියන්නේ ගාථාවක් වශයෙන් වදාළ දෙසුම්. දැන් ඔබට පිළිතුරු ලැබුනද? හොද වැඩක් දැක්කම සිත සතුටු කරගෙන පින් උපදවා ගන්න පුරුදුවෙන්න (නි)
සීල,ගාමිණී-සිරි, රෝසා, ඔය නැටුමේ නොවෙයි, අවලස්සනකම තිබෙන්නේ ඔබලාගේ හිතේ. ඔය නැටුමේ ඉන්නේ තමන්ගේ දුව,නැගණිය වුනා නම් ඔය දෙස සරාගී ඇහෙන් දකින්නේ නැහැ නේද? සියල්ල පටලවාගෙන. කාමුක වෛරය. .එය මානසික ව්‍යාධියක්. නමුත් ප්‍රතිකාරවලින්ද යම් තරමකට සුවකළ හැකිය. බුදුදහම ගැන සටන් කරන්නට හදන ඔබලා බුදුදහමේ කියාදෙන සම්මා දිට්ඨි (යහපත් දැකීම), සම්මා සංකප්ප (යහපත් කල්පනාව), සම්මා සති (යහපත් සිහිය ) අවබෝධ කිරීම සඳහා වන්නක් නොව භාවිතයට ගත යුත්තකි. (නි)
අජිත් කුරුවිට, ඔබේ දැනීම ගැන කනගාටු වෙමි, සිතන රටාව ගැන කම්පාවෙමි. "ඕනෑම ආගමක් පැවතීමට නම් රාජ්‍යයක් පැවතිය යුතු අතර රාජ්‍යයක් පැවතීමට යුද්ධයක් තිබිය යතුය. එබැවින් ඕනෑම ආගමක යුදකාමි බව අතීත සහ වර්තමාන යුද වල මුල වලින් පැහැදිලි නොවේද" මේක මෝඩ බටහිර තර්කයක්, A = B , B =C ඒ නිසා A =C කියන ප්‍රථමික බටහිර තර්කයයි ඕක. මොකද ඔකේ මුල් තර්ක දෙකම උපකල්පන. මෝඩ උපකල්පනය බුදුදහම ආගමක් ලෙස ගැනීමය, නැත එය ධර්මතාවයකි එම ලෝක ධර්මතාවයෙන් මිදීමේ ක්‍රමවේදයකි. ඒ නිසා ඊට රාජ්‍යයක් අවශ්‍ය නැත, එය මනුෂ්‍යයන්ට මෙන්ම දෙවියන්ටද, තිරිසනුන්ටද ප්රෙතයන්ටද පොදු ධහමකි , මේ හැමෝම ගැන කතාකරන විවර කිරීමකි. කෙනෙක් උපන් පසු අස කන නාසය දිව කය මනස බාහිර අරමුණු හා ගාටන හැටි එතුලින් දුක උපදින හැටි , ඊට හේතුවත් එය ප්‍රහාණය කරන හැටිත් , මුලික ප්‍රශ්නවන වයසට යාම, ලෙඩ වීම මරණය කාටත් පොදු දේ සහ නියමිත දේ වශයෙන් පෙන්වා දීම ආගමක් නොව සත්වයා ගැන සත්‍ය ගවේෂණයකි. අනෙක් ආගම යම් දේව විශ්වාසයක් තුල මිනිසාව අල්ලන නිසා ඒවා අගම්ය, අන්න ඒවාට ඔය කතාව අදාළ වේ. බුදුදහම තැනකට අයිති නැත , කාලයකට අයිති නැත ඒ නිසා ඊට රාජ්‍යයක් නැත, අතීත ලංකාවේ බිහිඋනේ මේ දහම සරණ ගිය සංස්කෘතියක් මිස රජයක් නොවේ. ඒ රජ්යෙයේ එම සංකෘතික ලක්ෂණ තිබිණි. නමුත් පාලන නීති වෙනම තිබුණි. රාජ්‍යයක පැවැත්මට යුද්ද ඕන කීම ඊලග මිත්යවය. යුද්ද ඕන වෙන රටවල් අල්ල ගන්න. තමන්ව බේරාගන්න ආපසු සටන් කිරීම ඒ ගනයේ යුද්ද නොවෙයි. ඒවා හරියට ආත්මාරක්ෂාව සදහා සටනකි. ඕනෑම සමකාමේ රාජ්‍යයකට එවන් ආරක්ෂාවක් අවශ්‍යය. ලංකාවේ කවදාවත් වෙන රටවල් අල්ලාගෙන බුදු දහම ප්‍රචාරය කිරීමට ආගමේ නමෙන් යුද්ද නොකළහ, විනාශ වෙන රට රැකගැනීම පමණක් කළහ. එසේ හික්මුනේ බුදුදහම නම් සංස්කෘතික අබශය නිසයි. දුටුගැමුණු රජ "දෙමල' මිනිසුන් සමග යුද්ද කොකළේය, සොලී ආක්‍රමණික රජෙක් පලවාහැර රට සන්හිදවලුය, ඔහු අප "යුදකාමී" නොකළේය "සාමකාමී' කළේය. වසර 30ක් අපි දෙමල මිනිසුන් සමග යුද්ද නොකළෙමු, ඊට මේ මහපොළොව සාක්ෂි දරයි!!! අපි කොටි ත්‍රස්තයන් පරාජය කෙළෙමු දෙමල ජනයාද දැන් අප සමග නිදහසේ ජීවත් වෙයි, දැන් බස් කොච්චි පුපුරන්නේ නැත, දෙමල දරුවන් නිදහසේ දෙමල පාසල් වලට ගොස් දෙමලෙන් ම අකුරු උගනී, පැහැරගෙන යාමට කොටි එන්නේ නැත. ඒ නිසා යුද්දය අපිව යුදකාමී නොකළේය සාමකාමී කළේය. ඔබ කරුණු පටලවගෙනය නැතහොත් සිංහල නමකින් පෙනීසිටින වෙනෙකෙකුය.(අ)
ඔන්න කාලයකට පස්සේ හොඳ උසස් අදහස් ටිකක් දැක්කා.උගතුන් අදහස් පලකිරීම තුලින් මෝඩයන් වන අප ඉතිහාස /බොදු පොත් වලින්වත් ඉගෙන තිබු නැති දෙය ඉගෙනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.විදෙස් රට වල ජීවත් වන අපට ඔබේ අදහස් වටී. (නි)
ගාමිණී, සීල, මහවැලි,රෝසා, ඔබ පිංතූරයක් දැක අන්ධයා අලියගෙ හැටි කිවුවා වගේ කතා කරලා නිගමනත් දෙනවා. සමස්ථය දැක පමනක් කතා කරන්න. දුන් දිරියට ලංකාදීපයට තුති! (නි)
නරකද මුලු තිසාවැවම පිරිත් පැන් කළොත්? (නි)
සදු සදු.....බුදුසසුන බැබලේවා! මිනිස් හදවත් ධර්මයෙන් නැහැවේවා! අපරාද අඩුවී රටට සෞභාග්‍ය උදා වේවා ! බුදු සරණයි (නි)
මේ හැම දෙයකටම මේ හරක් රැල ආගම සම්බන්ඳ කරගෙන ඒ ආගමට නිගා කරන්න එපා. මේ පෙළපාලියට ඔය දේශපාලකයෝ ඕනෙත් නැහැ. ආගම් වාදියෝ ඕනෙත් නැහැ.(නදී) .
අනේ මට තේරෙන්නේ නෑ මේකට මොනවද කියන්නේ කියල.
මේකෙන් රටට මොනවද වෙන්නේ? මේ වගේ වැඩ වලින් තමයි බුද්දාගම ලංකාවෙන් නැති වෙන්නේ.(නදී)
ලෝකයේ මිනිසුන් ප්‍රධාන වශයෙන් දෙවර්ගයයි. ඒ ආත්මයක් ඇතැයි විශ්වාස කරන හා එවැන්නක් නැති බව විශ්වාස කරන දෙකොට්ඨාශයයි. එබැවින් ලෝකයේ ආගම්ද මුලික වශයෙන් දෙවර්ගයකි. ඒ ස්ථිරවූ ආත්මයක් තිබේ යන පදනම සහිත හා ආත්මයක් නැත යන ස්ථාවරයේ පිහිටි ආගම් වශයෙනි. ආත්මයක් ඇතැයි සිතන්නෝ එවැන්නක් නැති බව කියන ආගම් පිටුදකිති. එහෙත් ආත්මයක් නැතැයි සිතන්නෝ එසේ නොවෙති. ඔවුන් විරුද්ධ මතය දරන ආගම් වල මුලික හරයන් පස්සේද යති. එබැවින් ආත්මයක් නැති වැඩ කරන අයට උලත් එකය පිලත් එකය. ආත්මයක් නැති වැඩ කල පමණින් මානව හිමිකම් අහිමි නොවේ. අහිමි වන්නේ ආත්මය පමිණි. කොහෙත්ම ආත්මයක් නැති බැවින් ඔවුන් ඒ ගැන බියවන්නේද නැත. (නි)
ඩෙනම් මහත්මො, ඔබ බුදු දහමට එන එක හෝ නොඑන එක ඔබේ වැඩක්. නමුත් අනිත් ආගම් ගෙන කතාකරද්දී ටිකක් හිතලා කතාකරන්න. ඔබ දන්නවද බුදුහිමියන් හිටිය කාලේ විශාලා මහනුවර තිබු තුන්බිය නැතිකරන්නට පිරිත් දේශනා කරලා, පිරිත් පැන් ඉහලා ඒ බිය නැති කරපු බව? ඔය එකක් විතරයි. තව ඕනෑ තරම් තියනවා ඒ වගේ පිරිතේ තියන වටිනාකම්. (නි)
නීල් ඔබතුමා අපට තව ආත්මයක් නැතැයි වරදවා තේරුම් අරගෙන සිටින්නේ,හරියට මම මේ පිරිත් පැන් වලින් රටේ මිනිසුන්ට සෙතක් නොලැබෙනවා කියා හිතාගෙන හිටිය සේමයි. මෙලොව ඉපදුන සෑම මනුස්සයෙක්ටම තව ආත්මයක් තියෙනවා.අපි කරපු පින් පව් අනුව අපේ ආත්මය මෙලොව සැරිසරනවා. එසේ නැත්නම් එලොව එනම් ස්වර්ගයේ (දිව්‍ය ලෝකයේ )සැරිසරනවා ඇත .වෙනස තේරුම් ගන්න .අපි සිටින්නේ කොහෙද කියා තේරුම් ගන්න.මෙය මනුස්සයෙක්ගේ බුද්ධි මට්ටමෙන් එහාට ගිය කරුණක් අතර මේ ගැන වැඩි දුර දැනගන්න ඕනෑ නම් ශුද්ධ වූ බයිබලය කියවන්නම වෙනවා (නි)
තිසල්. ඔය කියන විදියට ගණු ,මිනිස්සු ඇදුම් ඇදගෙන ඉන්නේ මොකටද?ඔබ හැම දේම පටලවාගෙන.(අ)
කිත්සිරි,සමස්තයක් වසයෙන් තමයි කතාකරන්නේ.කලාව කියන එක අයිති මහජනතාවට. අපි බලන්න ඕනෑ එයින් වෙන යහපත හෝ අගතිය. සම්මා දිට්ටියක් කියලා දෙයක් තියෙනවනේ. සමාජේ දිහා දැක්කම හොදට තේරෙනවා. නොහැදුණු සමජෙක මිනිස්සු,ගැහැණු කුලප්පු කරන්න හොද නැහැ. නැතුව කලාවට හෝ නර්තනයට කරපු අගෞරවයක් නොවේ. විවෘත ඇසකින් බලන්න,අපි යන මාර්ගය හරිද කියලා.(නි)
නංගිලා ටික නටන්නේ පනාව වන්නම නේද? (අ)
නීල්, මම දන්නා තරමින් ආත්මයක් නැති ආගම් ලෝකේ නැහැ. චුට්ටක් කියන්න බලන්න ආත්මයක් නැති ආගම් මොනවද කියල. (අ)
නීල්ට උතුර දකුණ මාරුවෙලා වගේ.(අ)
තිසල්,කිත්සිරි පුතුනේ ,කොයි දේ කළත් හරියට කරන චාරිත්‍ර කියලා දෙයක් තියෙනවා.එදා ගමේ ගොඩේ ගෙදරක පිරිතකට වුනත් පිරිත් පැන් ගන්න අලුතෙන් කුඩා ලිඳක් හාරලා,පිච්ච මල් ඉහලා ,ඉඳුල් නොකළ ජලය පෙරා,ගොක්කොලවලින් සැරසූ,අලුත්ම කළයකින් පිරිත් මණ්ඩපයට හිසමත තබා ගෙන එන්නේ හේවිසි, හොරනැ, ශබ්ද පුජාවෙන්.අනුරාධපුරේ නිසා තිසාවැවේ ජලය කමකුත් නැහැ. මනමාලිත්,මනමාලයත් පෝරුවෙන් බහිනකොට කාවඩි නටවනවාද ?මරණ ගෙදරකට අයිසින් කේක් ගෙනියනවාද ?මගුල් ගෙදරකට සුදු ඇඳුම් ඇඳගෙන යනවාද?හේවිසි,හොරනැ,වෙස්,පන්තේරු,ලී කෙලි,ළමා නැටුම්,අනුරාධපුරේ නැද්ද?මේ වගේ පින්කමක ස්වරූපයකට එම රංගනය උචිත නැතිකමයි මා ප්‍රකාශ කලේ. (නි)
බුදු දහමේ කිසි තැනෙක සෞන්දර්යය පහත කොට නැත. බුදු හාමුදුරුවෝ අවලස්සන අඳුරු පැත්ත නොව ලස්සන අලංකාර පැත්ත අගය කරපු අවස්ථා බුද්ධ චරිතය පුරාම තිබේ. උන්වහන්සේ සමග සිටි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට තනතුරු දීමේදී ලකුන්තක භද්ධිය හිමියන් මිහිරි කටහඬ ඇත්තවුන් අතර අගතැන්පත් කිරීමෙන් පැහැදිලි වේ. යම්කිසි ආගමක් දර්ශනයක් පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාමට ඒ හා ගොඩනැඟුණු සංස්කෘතිකාංග අනිවාර්ය වේ, එසේ නොවුවහොත් සෞන්දර්යාත්මක පැත්ත මෙයින් ඉවත්වෙන අතර ජන සමාජයට තම ආගම සංස්කෘතිය ගැන අවබෝදයට තිබෙන එක පැත්තක් ඇහිරේ. ඒ නිසා ලස්සන නැටුම් පෙරහරක තිබිය යුතුය. එයින් ශාසනයට හානියක් කිසිසේත්ම නොවේ. එය ජන සමාජයේ ප්‍රබෝදයට උන්නතියට හේතුවක්ම වේ. මේ ගැන වැරදියට අදහස් දාපු අය පුළුල් අරුතින් නොබලා ඍණ පැත්ත ගැන පමණක් දැකීම ගැන කනගාටු වෙමි. (නි)
බුදුන්ගේ දර්ශනය හරියට දැකපු කෙනාට මොන දර්ශනය දුටුවත් සිත කිලිටු වන්නේ නැහැ. රේරුකානේ චන්දිවිමල ,රීස් ඩේවිස්,එඩ්ගා කේසි වැනි පඬිවරුන්ගේ කෘතීන් වැඩි වැඩියෙන් කියවන්න. ජීවිතයට වටිනා දෙයක් අත් වෙනවා ඒකාන්තයෙන්ම. (නි)
මා ඉහත දමා ඇති අදහස් ත්‍රිත්වය නිසා යමෙක් වේදනාවට හා අපහසුතාවයට පත්වුයේද එවැන්නා කවර ආගමකට අයත් වුවත් ආත්මයක් නැති වැඩ කරන තැනැත්තෙක්ම වන්නේය. එවැන්නන් කෙරෙහි අනුකම්පා කරමි. (නි)
සීල, අන්ධයාට අලියගෙ හැටි තවමත් නොපෙනෙන හැටි... ගාමිණි සිරි වගේ හිතන්න (නි)
මෙම පැන් ගෙනයන්නෝ සැබෑම සත්පුරුෂයෝ නම් මෙහි අරුත මල්පල ගැන්වේ. අවාසනාවට මෙවැනි උතුම් කටයුතු වලට දේශපාලඥයින්ද වහවැටේ. ඇතැම් යතිවරයන්ට, මිනිසුන්ටද ඔවුන් නොමැතිව බැරිය. එබැවින් ප්‍රගතිශීලීන් මෙවැනි කටයුතු දෙස සැකයෙන් බලයි. (නි)
සාදු සාදු සැමටම සෙත් වේවා! (දී)
මේ දරුවන්ට මේ වගේ ආකර්ශනීය විදියට ඉදිරියට ඒමට උගන්නපු ගුරු පිය, මෑණි වරුන්ට මගේ ප්‍රණාමය.(ස)
මේ මහා පින්කමේ බලෙන් අපේ රටේ වංචාව, දූෂණය නැත්තටම නැතිවේවා! (නි)
අනුරාද, මිනිසුන්ගේ ඒකාකාරී බවෙන් ඇතිවන තෙහෙට්ටුව මගහැරෙන්න ඔය වැඩ හොදයි. මෙහෙත් ලංකාවේ ඈයො ඕවා කරනවා. නමුත් බුදු දහම තියෙන්නේ ඔයිට වඩා ගොඩක් ඈතින් (නි)
රණවීර, ඕනෑම රටක සංස්කෘතික අංගයන් ඒ රටේ ජන ජීවිතය සමග තදින් බැඳුනු සමාජ හරයන්. ඒවා ආගමක් පදනම් කරගෙන තමයි බොහෝවිට ඇතිවෙන්නේ. හැම විටම නෙමෙයි. සිංහල අවුරුදු උත්සවය බලන්න. නොනගතයට පන්සල් යනවා. ආගම අනුව ඒ සිරිත හැදිලා තියෙන්නේ. නමුත් කෙලි සෙල්ලම්? ඒවාට ආගම කෙලින්ම සම්බන්ධ නැහැ. ඒත් කතුරු ඔංචිල්ලාව විවෘත කරන්නේ දෙවියන්ට බාර හාර වෙලා නේද? දේව විශ්වාස එතෙන්ට සම්බන්ධයි. මෙතනත් තියෙන්නේ සති පිරිතට සම්බන්ධ එක සංස්කෘතික අංගයක්. අවසාන විග්‍රහයේදී ආගමත් සංස්කෘතියේම කොටසක්. පිටරටක ඉන්න ඔබ සංස්කෘතික අංගයන් රස විඳීමට අපොහොසත්වීම නම් කනගාටුවට කරුණක්. ඒ අය තමයි මේවා හොයා හොයා යන්නේ. (නි)
සියලු ලෝකවාසීන්ට සෙතක්ම වේවා.(නදී)
සාදු ! සාදු ! උතුම් වූ නිර්මල බුදු දහම මිනිසුන්ට අවබෝධ වේවා ! (ස)
රජ දවස කල මෙවැනි පින්කම් තුලින් රටට යහපත් කාලයක් උදා වුනා.(ස)
දේව යාඥාවක් හෝ දේව පුජාවක් නොවන පිරිතෙහි බලය ඇත්තේ එය සජ්ජායනා කරනු ලබන වාර ගණන හෝ කාල වකවානුව මත නොව ධර්මය පිළිපැදීම හා ධර්මයෙහි හැසිරීම මතය.(ස)
මී පුප් ලදින්, දරු නොලදින් ජල විදුලිය කෝ කෝ?(නදී)
හැම ආගමක සාම්ප්‍රදායික සරිත් විරිත් වලට අපි ගරු කිරීමට පුරුදු වෙමු (ස)
රණවීරට උත්තරය උපාලි හරියටම දීල තියනවා.ආගම තිබියයුතේ මිනිස්සුන්ට යහපත්ව සතුටින් ජීවිතය ගෙනයාමට මිස මිනිස්සු ආගම වෙනුවෙන් ජීවත්වීමට (ආගමික අන්තවාදය) අවශ්‍ය නෑ.මෙම චායාරුපවල ඇති තරුණ ගැහැණු දරුවන් සතුටින් ඉපිලෙමින් නැටුමක යෙදෙන දිහා දැක ආගමට එරෙහිය වැනි සිතුවිල්ලක් ඇතිවේනම් එය ආගමික අන්තවාදයමය. මටනම් මතක් වුනේ ගුත්තිල කාව්‍යයේ සුන්දර කවියක්. "රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙණ නා දනූ පා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සුබා....//." (ස)
අද බුදු දහම කියලා හිතාගෙන මිනිස්සු යන්නේ මිරිගුවක් පසු පස්සේ. සමහරක් හිතන් ඉන්නවා අන්‍ය ආගමික සිද්දස්ථාන කඩන එකත් බුදුදහම කියලා. බුදුදහම බේරගන්න හදන්නේ අනුන්ගේ සිද්දස්ථාන කඩලාද?(නදී)
බෞද්ධ ආගම අන්තවාදීන් සඳහා නොවේ වසර දහස් ගණනක් තිස්සේ නොයෙක් මිසදුටුවන් නොයෙක් විනාසයන් කලත් තව චිරාත් කාලයක් මෙ ලොතලයේ බුදුසසුන බැබලේවා මිනිස් හදවත් ධර්මයෙන් නැහැවේවා, අපරාද අඩුවී රටට සෞභාග්‍ය උදා වේවා !(ස)
මේ පිරිත් බලෙන් රට වැසියන්ට යහපතක් වේවා.සාදු සාදු සාදු ! මුළු රටටම යහපතක් වේවා මුලුරටටම බුදු සරණයි. (ස)
අති උතුම් සති පිරිත් පිංකමෙහි බලෙන් අපේ රටට සෙත් ශාන්තියක්ම වේවා! (නි)
මෙහෙම දෙයක් බුදු දහමේ සඳහන් වෙලා නැහැ , මේවා රජ කාලේ සිරිත් විරිත් , පිරිත් බලෙන් රට වැසියන්ට යහපතක් වෙනවා කියල ලොවතුරා බුදුරජානන් වහන්සේ කොතැනක හරි සඳහන් කරලා තියෙනෙවා නම් මට කියන්න , මන් අද ඉඳන් බුද්ද දර්මය පිළිපදින්න සුදානම්. (ස)
මේ පින් බලයෙන් මේ සිංහල බෞද්ද රටයි කියන ජන නායකයෙක් වර්තමාන සිංහල තරුණ පරපුර තුලින් හෝ වීරෝදාර තරුණ රණවිරුවන් අතරින් බිහි වේවා. මගේ මරණයට පෙර එවැනි අයෙකු දැක ගැනීමට ලැබේවා.(නදී)
බෞද්ධ සංස්කෘතිය හා සම්මා සම්බුදුහිමියන්ගේ ධර්මය පටලවා ගන්නට එපා. අපිට බුද්ධියක් තියෙන්න ඕනේ මේවා තේරුම් ගන්නට. ඔබ ඔබේ සිතෙහි ඇති මමත්වය, මමායනය යම් දවසක නැතිකරිද එදාට සම්බුදු පණිවුඩය තේරේවි. එදාට ඔබ මේ ලොව ඇති හැමදෙයක්ම ධර්මය තුලින් දකීවි. (ස)
කුවෙට් බංඩාර ඔබ අන්තවාදීන්ගෙන් බැට කමින් ඒ අතරම ඉදගෙන සිංහල කම බෞද්ධකම ගැන කතා කරන අපිට බනින හැටි අපුරුයි.(නදී)
මේකට සරාගී කාන්තාවන් මොකටද? (ස)
දෙවෙනි පින්තුරයේ එන අංගය මේ වගේ පෙරහැරකට ගැලපෙනවද? මා නොදන්නා නිසා අහන්නේ. (ස)
නීල් මහතාගේ අදහස අරුත් සහිතය.ඕනෑම ආගමක් පැවතීමට නම් රාජ්‍යයක් පැවතිය යුතු අතර රාජ්‍යයක් පැවතීමට යුද්ධයක් තිබිය යතුය. එබැවින් ඕනෑම ආගමක යුදකාමි බව අතීත සහ වර්තමාන යුද වල මුල වලින් පැහැදිලි නොවේද? එදා ධර්මශෝක රජතුමා දික් විජය අත්හැර ධර්ම විජය තුලින් ස්තාපිත කල බුදු දහම, යලිත් දුටුගැමුණු රජතුමා, වර්තමානයේ 30 වසරක් දෙමල ලෙස නම් කල මිනිසුන් සමග යුද වැද අප යුදකාමී නොකළේද? ඉන් මතුවට බල සේනා කරන්න යන්නේද මෙයම නොවේද? එබැවින් ස්වෞත්තමවාදී සංකල්ප ඉතා බිහිසුනුකාරිය. අවසන් වශයෙන් " මහා පරනිර්වන සුත්‍රය" අනුව "මහණෙනි මගේ ඇවෑමෙන් පසු දර්ම, විනය දෙක තොපගේ ගුරු වන්නේය" යෝ දම්මන් පස්සති - සෝ මන් පස්සති (යමෙක් දර්මයේ මග ගමන් කරත්ද? ඔහු මගේ මග යන්නේය, මගේ දර්මය රකින්නේය ) , මගේ දර්මය විනාශ කරන උන් මෙය තුලින්ම නිර්මාණය වේ. (නි)
රෝස සහ මහවැලි ලියනවා වගේ මේ නටන නැටුම් බෞද්ධ පෙරහරකට හෝ පූජාවකට ගැලපෙනවද?. නැටුම ලස්සනෛ ,අපි අපේ ධර්මයයි ,සදාචාරයි පටලවාගෙන වගේ. (ත)
දෑස වසා සිටියා දැන්නම් ඇති මෙතුවක් කල් අව්කන බුදු හිමියනි මහා මෙව්නාවට ආ ගියත් අපි ඒකයි නොදුටුවේ සංසාරේ යන හැටි සංසාර කල්ප සාගරේ පිහිනා යමි තවම අන්ධකාරයේ පහන් ටැඹ තව කොහිද නොදනිමි නිවන් මග දැල්වෙනා බණ අසා ඇත හිමියනේ කප්පරක් දන් පුදා ඇත පින් පතා මහමෙරක් බුදු හිමියනි සසර මග අපි අවිදින්නද තවත් කොහොච්චර කලක් අනේ නෙත් හැර බලා දෙසනු මැන එකම එක බණ පද පෙළක් (නි)
අපේ හාමුදුරුවරු මේ නැටුම් දැක්කම සීලේ කොහොමට තියේවිද?. මට මතක් වෙනවා සිදුහත් කුමාරය ඉස්සරහ මරදුතිකාවෝ නටපු රැගුම්. මේ සංදර්ශන රැගුම් පෙළපාලිය කොහෙත්ම ගැලපෙන්නේ නැත.(නදී)
මහත්මයාලා කොට්ටර විග්‍රහ කළත් මම හිතන්නේ නැහැ ඒ නැටුම එච්චර ගැලපෙනවා කියලා. මමත් අනුරාධපුර සංස්කෘතිය අනුරාධපුරය කියන තැනට ගොඩාක් ගෞරව කරන කෙනෙක්. හැම අවුරුද්දේම ලංකාවට ආවම කොහේ නොගියත් අනුරාධපුරේ යන්නේ ඒ තියන හැගීම ලංකවේ කොහේ ගියත් ලැබෙන්නේ නැති නිසා (නි)
ඩෙනම් වෙත ලියමි. ඔබ වැනි මෝඩයින් බුදු දහමට අවශ්‍ය නැත. කරුණාකර ඔබගේ ලෝකය මැවූ කියන දෙවියන් සමගම සිටින්න. එය ඔබේ බුද්ධි මට්ටමට හොඳටම ගැලපේ.(නදී)
මේ කළා ශිල්පීනියන් උචිත වෙනත් සංදර්ශන අවස්ථා වලටයි. ඒ දරුවෝ අහිංසකයි දක්ෂයි. එළඹෙන පොසොන් සමයේ ආරම්භක ආගමික කටයුත්තක් සා ,වෙස් නැටුම් ,පන්තේරු කණ්ඩායමක් යොදා ගත්තා නම් සංවිදායක කමිටුවේ වැඩේ අගෙයි.(නදී)