එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණ සිටී.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා අතර ලන්ඩන් නුවරදී මෙම 12 වන සෙනසුරාදා පැවැත්වෙන මිත්‍රත්ව ක්‍රිකට් සැණකෙළිය සඳහා ආරාධිත අමුත්තෙකු වශයෙන් අත්තනායක මහතා සහභාගිවීමට නියමිතය.
හවුන්ස්ලෝ ෆෙල්තම් ප්‍රජා පාසල් භූමියේදී පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනුයේ එජාපයේ ජාතික තරුණ සංවිධානයේ එක්සත් රාජධානි ශාඛාවයි.
එජාප සහ ශ්‍රීලනිප බ්‍රිතාන්‍ය ශාඛාවන් අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම මිත්‍රත්ව ක්‍රිකට් තරඟය සහ සැණකෙළිය පසුගිය වසර හතරක්ම පවත්වනු ලැබිය.
එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ ලේකම් දර්ශන් ඩැනියෙල්, භාණ්ඩාගාරික කැලුම් අමරතුංග, තරුණ ශාඛාවේ සභාපති චන්දික කුරුප්පු, එහි ලේකම් ලකිත ෆෙර්ඩිනැන්ඩෝ සහ සංවිධායක නාලක අත්තනායක ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකම නැහැ (දී)
දැන් ඉතින් ලංඩන් නැතුවම බැහැනේ. (නදී)
සියලු පැතුම් ඉටුවේවා තිස්ස අත්තනායක මහතාණෙනි! (නි)
ඔය කවුරු කවුරුත් බෝලය පාස් කරන්නේ අපිටනේ. (නි)
සුභ පතනවා! (නි)
තරඟයේ ප්‍රතිඵල ගැන ක්‍රීඩාලෝලීන් දැන්ම සිට කතා කරනවා. (නි)
ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්න (නි)
කී වෙනි පාරටද ? (නදී)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
කවුද පොඩි ලේකම් ? (නදී)