IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දකුණු ඉන්දියාවේ සුළඟින් ලංකාවේ වායු දූෂණය වැඩි වෙලා

 

(විනීතා එම් ගමගේ සහ ජේ ඒ එල් ජයසිංහ)
 
ඉන්දියාව දෙසින් එන දූෂිත වායු ධාරා රටට ඇතුළුවීම හේතුවෙන් රට පුරා වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැනීමේ මධ්‍යස්ථානය පවසයි.
 
මෙම සුළං ධාරා උතුරු දෙසින් රටට ඇතුළු වන බවත් දකුණු පළාත හැර දිවයිනේ අන් සෑම පළාතක්ම මේ සුළං ධාරා හේතුවෙන් දූෂණයට ලක්ව ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට අද (03) පැවසීය.

වායු ගෝලයේ අංශු ප්‍රමාණය ඉහළ යාම මෙම වායු දූෂණයට හේතු වී ඇතැයි කී ප්‍රේමසිරි මහතා කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් රට පුරා වාහන ගමනාගමනයේ අඩුවක් පවතිද්දීත් මෙසේ වායු දූෂණයක් හට ගැනිමට හේතුව සොයා බැලීමේ දී දකුණු ඉන්දියාව දෙසින් එන සුළං ධාරාවන්හි පවතින දූෂීත තත්ත්වය ඊට හේතු වී ඇතැයි පෙනී ගිය බව ද කියා සිටියේය.

ඉදිරි දින කිහිපය තිස්සේ මෙම තත්ත්වය පවතිනු ඇතැයි ද, සුළං ධාරාවන්හි රටාව වෙනස් වීම සමග මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙම වායු දූෂණ තත්ත්වය කුඩා දරුවන්ට, වයෝවෘද්ධ පුද්ලයන්ට මෙන්ම ගැබිණි මවුවරුන්ට ද, ස්වසන රෝග ඇතුළු යම් යම් නිදන්ගත රෝග පවතින පුද්ගල කාණ්ඩයන්ට හානිකර විය හැකි යැයි ඔහු පෙන්වා දුන්නේය.

මෙකී සෞධ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා එවැනි පිරිස් නිතර මුව ආවරණ පැළඳී්මත් එළිමහනේ වෙහෙසෙකර කාර්යයන් කිරීම අවම කරගැනීමත් සුදුසු යැයි කී ප්‍රේමසිරි මහතා ස්වසන අපහසුතා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය යැයි ද කීය. 



අදහස් (3)

දකුණු ඉන්දියාවේ සුළඟින් ලංකාවේ වායු දූෂණය වැඩි වෙලා

T B Karu Jayasundara Tuesday, 03 November 2020 10:18 PM

පෘථිවියේ අඩු ගුරුත්වාකර්ෂණ කලාපවල අධික ඛනිජ නිධි සහ දූවිලි අංශු මත සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම ඒකාකාරී නොවේ. නාසා වෙතින් පෘථිවි පෘෂ්ඨයේ චන්ද්‍රිකා නිරූපණ මගින් ලොව පුරා විවිධ ගුරුත්වාකර්ෂණ විෂමතා කලාප ගණනාවක් අනාවරණය වේ. චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වන විට එහි ගුරුත්වාකර්ෂණය පෘථිවියේ කලාප ගණනාවකට විශාල භෞතික බලපෑමක් ඇති කරයි. මෙම භෞතික වෙනස වඩදිය බාදිය දැකිය හැකිය.

:       12       5

kamalWednesday, 04 November 2020 05:11 AM

ඔය කියන දේවල් නිසා නොවෙයි, මිනිසුන් විසින් කරන පරිසර දූෂණේ ප්‍රතිපලයක්

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 04 November 2020 03:16 AM

මෙය නවත්වන්න පුළුවන් එකම දෙයක් තියෙනවා. එය තමයි හොඳ මුට්ටි පූජාවක් තියන එක. අත්දුටුවයි. සත්තයි.. සහතිකයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 215 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 838 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2069 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 629 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1429 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 167 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site