දකුණු කොරියාවේ ථේරවාදී පන්සලක් ඉදිකිරීමට තල්ගමුවේ ධම්මකිර්ති හිමියන් ගන්නා උත්සහායට සහාය දෙන්නැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා සහ සදහම් මිතුරෝ සංවිධානය ඉල්ලීමක් කරයි.
දකුණු කොරියාවේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය ගොඩනැගිම සඳහා දායකවන්නැයි ද ධම්මකිරිති හිමියෝ එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගෙන් ද ඉල්ලා සිටිති. පර්චස් 700ක භුමියක විහාරස්ථානය ගොඩනැගිම සදහා මිලදී ගැනිමට සැලසුම් කර ඇති බවත් ඒක් පර්චසයක වටිනාකම වොන් ලක්ෂ දෙකක් බව උන්වහන්සේ පැවසීය. ගිණුම් අංක 730602-04-148797 යටතේ කුක්මින් බැංකුවේ ආරම්භ කර ඇති ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකිය. අතීතයේ දී කොරියාව බෞද්ධ රටකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සන්තෝෂයි (නි)
හොද වැඩක් (නි)
මුදල් දාන්න ලංකාව බැංකු ගිණුමක් තියෙනවද...? (නි)
බොහොම හොද වැඩක්.කොරියා වල පන්සල් හදන්න තහනමක් නැහැ. අපේම කියලා පන්සලක් හැදෙන එක හොදයි. ආදාරයක් කරන්න විස්තර දැනගන්නෙ කාගෙන්ද?(නි)
අපට කරන සේවාවට මුළුහදින්ම සුබ පතනවා.(අ)
තෙරුවන් සරණයි අපේ පංසල ගැන වැඩි විස්තර www.srilankamahaviharaya.com වෙබ් අඩවියට පිවිසෙන්න Facebook - Korea-Sri Lanka Maha Viharaya (අ)
මේ උතුම් කාර්ය ඔබ වහන්සේලා බලාපොරොත්තුවෙන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! (අ)
සුබපතමි, ආත්ම ලාබයම සිතා කටයුතු නොවෙතැයි සිතමි. ඔබ වහන්සේ දැන උගත් නිසා ඒ බවත් දන්නා නිසා.(නදී)
වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න - 821065930106, 821098051006.(නදී)
අපගේ සුබ පැතුම්. . . !!!(අ)