පහ වසර සිංහල සිසුනට පමණක් අද (20) දකුණු පළාතේ ශිෂ්‍යත්ව විභාග පෙරහුරුවක් පළාත් අධ්‍යාපන නිලධරයින්ගේ යෝජනාවක් අනුව පැවැත්විණි.දෙමළ සිසුන් වෙනුවෙන් එවැන්නක් නොපැවැත්විණි.
එය වරදක් බව දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා කියයි.
දකුණු පළාතේ දෙමළ පාසල් 34 සිසුන් වෙනුවෙන් විභාගයක් පවත්වන බවත් ඔහු පවසයි. අද ඉරිදා (20) දහම් පාසල් දවසේ විභාගය පැවැත්වීම ද වැරැදි බව ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අකටයුතුකම් සිද්ධ වෙන්නේ එම රාජකාරි වලට සුදුස්සන් පත්නොවීම නිසා නේද? (නි)
තවත් අවුලක් ඇතිකරන්නද හදන්නේ? (නි)
ඇත්තටම මේ වැඩේ වැරදියි කියලයි මට හිතෙන්නේ. (නි)
මේ කතාවේ ඇත්ත නැත්ත සොයා වැරදිකරුවන්ට දඩුවම් දියයුතුයි (නි)
එතකොට අධ්‍යාපන ලොක්කන් දැනගෙන හිටියේ නැද්ද කලින් මෙහෙම විභාගයක් පවත්වන්න යනවා කියලා? (නි)
මගේ දුවත් මේ කරදරයට මුහුණ දුන්නා . මේවා කරන අය ගැන සොයා බලන්න. (අ)