දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව දැනගන්නට ඇත. කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද වෙඩි දහසයක් තමන් සිටි ලේකම් නිල නිවස දෙසට එල්ලවූ බවද මන්ත්‍රීවරු කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් මොහොමඩ්, ඒත් බලධාරියා විසින් කපා හරිනවනේ. ලංකාව දැන් විහිළුකාරයින්ගේ පාරාදීසයක් වෙලාද මන්දා....??? (නි)
ආශ්චර්යේ තරම.... තව ටිකයි තියෙන්නේ ඇමෙරිකාව අල්ලන්න. (නි)
ඉලක්කයට වෙඩි තියන්නවත් දන්නේ නෑනේ......(ස)
දැන් දකුණු පළාතට යනවා කියන්නේ ළගින් ගියොත් කෑල්ලක් නැහැ වගේ තමයි . (නි)
මට දැන් දකුන පේන්නෙ උතුර වගේ අම්මප ඇහේ ලෙඩක්ද පත්තර වල කුමන්ත්‍රනයක් වද්ද(වි)
අපරාධ ගොඩක් වෙන්නේ දකුණේ නේද (දී)
මට දවසක් කෙනෙක් කිවුවා මන්ත්‍රීලා ඉන්නේ දහයටවත් ගණන් කරන්න බැරි ගාණට කියලා.බොරුනේ.ඔය යසට දහසයටම ගණන් කරලා තියෙන්නේ. (නි)
දකුණු පැත්ත දැන් ලැජ්ජාවට පත් වෙලා හමාරයි. (නි)
එක් කෙනකුටවත් වැදිලා නැද්ද? (නි)
අගුලානේ කෙනා දැන් ඉන්න තත්ත්වය පේනවා නේද? මතක තියා ගන්න, කළකම් පළ දෙනවා. (නි)
ඉලක්කය දන්න කෙනෙක් අරින්න එපායැ.. (නි)
අයියෝ, අපේ සල්ලි...... (නි)
තමන් දෙසට වෙඩි තබන වේලාවක තක්කු මුක්කු වී හැංගීමට තැනක් නොසොයා, තබන වෙඩි ගණන හරියටම ගණන් කර කීමට මන්ත්‍රීවරුන්ට හැකි වීම ඉතා ආශ්චර්යාත්මකයි................. ඉදිරියටත් මෙවැනි දක්ෂතා පෙන්වීමට ඔබ හට හැකියාව ලැබේවා! (නි)
වෙඩිල්ලක් ගානේ ගණන් කරන්න පුළුවන් වෙන්නයි වෙඩි තියලා තියෙන්නේ. හරියටම වෙඩි 16 යි......... අහෝ ආශ්චර්ය මැවිලා පෙනේවි...........!!! (නි)
අපේ රටේ දේශපාලන විනය නම් බිංදුවයි. (නි)
වෙඩි සද්දයක් නැත්නම් ඒකේ එච්චර ගතියක් නෑනේ. කලබල වෙන්න එපා. මේ තමයි ආශ්චර්යය.... (නි)
අහෝ රටකට ගිය කළක්. වැටත් නියරත් ගොයම් කානම් දුප්පත් අපට කාගේ සරණක් ද ? (ස)
ඡන්දෙට අනුකම්පාව ගන්න බොරුවට කාට හරි කිව්වද දන්නෙ නැහැ වෙඩි තියන්න කියලා වදින්නෙ නැතිව.. නැත්නම් වෙඩි 16ක් තියලත් කාටවත් තුවාලයක්වත් නැත්තෙ...!!(නු)
ඇමරිකාවෙ වයිල්ඩ් වෙස්ට් කාලෙ කතා කව්බෝයි කියලා චිත්‍රපටයට නැගුවා වගේ ලංකාවෙත් දැං චිත්‍රපට හදලා මුදල් හොයන්න පුළුවං අපේ දේශපාලනය සම්බන්ධයෙන්..(නු)
ගණන් ගන්න එපා මේවා මල්වෙඩ් පත්තු කරන්න මුකුත් තිබිලම නැහැ එකයිමේ!!!(නු)
මෙන්න දකුණු පළාත් සභාවෙ සමස්ථ ප්‍රතිඵලය. ඡන්දෙට කලින්ම.. ලකාවෙ ආශ්චර්යය මැවිල පේනවා.. අනේ දෙවියනේ අපේ රටට ගිය කලක්... (නු)
දෙන්න පටන් ගති දෙන්න පටන්ගති දණ බිම නමාගෙනම.. ජය වේවා..!!(නු)
සල්ලි බෙදාගන්න බැරිවද?(නු)
මේකෙ රහස් පොලිස් වාර්තාව ''තුවක්කුවක් ගෙනාවලු... සභාව ළගටත් ආවලු.. පිටවෙලා යනවාත් මතකයි හැබැයි වෙඩි තියනවා මතක නැහැ.." (නු)
දැන්ම ඔහොම නං තව ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ...(නු)
මේ පළාතෙනේ අපරාධ වැඩි.... (නි)
දකුණු පළාතෙ අපරාධ වැඩිවේගන එනවා..!!(නු)
ආශ්චර්යයද මේ...?(නු)
දැන්නං ආසියාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ආශ්චර්යය වෙන්න වගේ යන්නෙ, (ස)
මෙම පුවත තව විස්තර සහිතව පළ කරන්න බැරිද?(නු)
පළාත් සභා ඡන්ද වැඩවලට පෙරහුරුවක් වෙන්ඩ ඇති නේද ? (නු)
අහා... ආශ්චර්යය.....!! අනේ අපොයි රටකට ගිය කලක්....!(නු)