IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘දකුණෙන් ඇවිත් උතුරේ විරෝධතා පෑම සංහිඳියාවට තර්ජනයක්‘

උතුරේ ප්‍රශ්නයක් මුල් කරගෙන  දකුණේ ඇතැම් බලවේග උතුරේ විරෝධතා දැක්වීම උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අනාදිමත් කාලයක සිට ගොඩනැගී ඇති සංහිඳියාවට ලොකු තර්ජනයක් බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දෙයි.

බොදුබල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් පසුගිය සිකුරාදා (30) දහවල් වවුනියාවේ පැවැත්වූ විරෝධතාවයට හේ විරුද්ධත්වය පළ කළේය.

වවුනියාවේ සිංහල වැසියන්ට සිදු වූ ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් ඔවුන් වීදිබැස උද්ඝෝෂණය කරන්නේනම් එහි සාධාරණයක් ඇති නමුත් පිටස්තර පළාත්වලින් සංවිධානාත්මකව පැමිණ විරෝධතා දක්වන විට ඉන් උතුරේ වැසියන් අතර පවතින සංහිඳියාවට, සහෝදරත්වයට විශාල හානියක් සිදුවන බවට අමාත්‍යවරයා පැවසුවේය.

සිංහල බෞද්ධ ජනතාව නොවෙසෙන පළාත්වල බුදු පිළිම ඉදිකිරීම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් බවද හින්දු ජනතාව නොමැති බෞද්ධ ජනතාව පමණක් වෙසෙන පළාත්හි කෝවිල් ඉදි කිරීමටද තමන් විරුද්ධ බව ඇමැතිවරයා කීය.



අදහස් (0)

‘දකුණෙන් ඇවිත් උතුරේ විරෝධතා පෑම සංහිඳියාවට තර්ජනයක්‘

අතුල Wednesday, 05 October 2016 11:03 AM

එතකොට නාගදීපෙත් අයින් කරන්න ඕනද? (ර)

:       0       0

සම්පත් Wednesday, 05 October 2016 11:27 AM

සිංහලයෝ කවදාවත් දෙමල මිනිස්සුන්ට දකුණේ පදිංචිවීම තහනම් කරලා නැහැ. දකුණේ හැම ගමකම වගේ සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොමල්ල ඉන්නවා. එත් දකුණේ මිනිස්සු බෙදිලා මරාගන්නේ නැහැ. එක තමා නියම සහජීවනය. එත් යාපනේ, මුලතිව් වගේ ප්‍රදේශවල ඉන්නේ දෙමල මිනිස්සු විතරයි. (ර)

:       0       0

අශෝක Wednesday, 05 October 2016 12:41 PM

එක්කෙනෙකුටවත් තවම බැරිවුණා සුද්දා අපිව භේදකරපු එක වෙනස් කරලා එකමුතුකමෙන් අපි ශ්‍රී ලාංකික කියන එක එකතු කරන්න. (නි)

:       0       0

ගයාන් Wednesday, 05 October 2016 06:30 AM

පෙඩරල් දුන්නම බලාගන්න පුළුවන් සංහිඳියාවේ තරම (බ)

:       0       0

සුසන්ත Wednesday, 05 October 2016 06:36 AM

‘එතකොට මේවා අපේ පළාත්, උඹල මෙහෙන් පලයල්ලා, මෙහෙ අපිට විතරයි උඹලට මෙහෙ බෑ‘ කියනකොට සංහිදියාව තර වෙනවද? (බ)

:       0       0

ලාලිත Wednesday, 05 October 2016 06:39 AM

ඕනෑ කෙනෙකුට ඕනෑ ආගමක් ඇදහීමට බාධාවක් කරන්න කාටවත් බැහැ. ඇයි බුද්ධාගම අදහන දෙමළ ජනතාව නැද්ද. හින්දු ආගම හා බුද්ධාගම අවිහිංසාවාදී අාගම්නේ. (නි)

:       0       0

ජනහිත Wednesday, 05 October 2016 06:39 AM

මොනවද ඔය කතා කරන්නේ. කතා කරන්නෙම උතුර දකුණ ගැන. මේ එකම ශ්‍රී ලංකාව බව අමතක කරන්න එපා. ඕනෑ කෙනෙකුට ඕනෑ දිහාවකට ඇවිල්ලා තම දුක් ගැනවිල්ල හෝ අසාධාරනය ගැන කියන්න පුළුවන්. (නි)

:       0       0

නයනා Wednesday, 05 October 2016 06:44 AM

උතුර දකුණ නැගෙනහිර කියලා වෙන්කරන්න බැහැ. අසාධාරණයට ඕනෑම පුරවැසියෙක්ට ඕනෑම තැනක උද්ඝෝෂණ කරන්න අයිතිවාසිකමක් තියනවා. රටේ ඕනෑම තැනක ඕනෑම පුරවැසියෙක්ට ජීවත්වෙන්න, විරෝධය දක්වන්න පුළුවන්. මේ රට පළාත් වලට බෙදුවේ සුද්දන් විසින්. දැන් ඔය පළාත් ක්‍රම රටට අවශ්‍ය නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 05 October 2016 06:53 AM

දකුණ උතුර කියලා කියන්නේ දිශා දෙකක් මිසක රටවල් දෙකක් නොවේ. දෙපැත්තේම සිටින්නේ ශ්‍රී ලාංකිකයෝමය. දකුණේ අයට උතුරට ගොස් ඕනෑම හඬක් නඟන්නට හැකිවිය යුතුය. ඒ වගේම උතුරේ අයත් දකුණට ඇවිත් ඕනෑම හඬක් නඟන්න. හැබැයි ජාතිවාදී, ත්‍රස්තවාදී නොවී. (නි)

:       0       0

සුසන්ත Wednesday, 05 October 2016 07:01 AM

එයාලට හොඳ වුණත් අපිට හොඳ නැහැ? (නි)

:       0       0

සරත් Wednesday, 05 October 2016 07:10 AM

මේක දකුණේ උතුරේ ප්‍රශ්නයක් නෙවෙයි ,ලංකාවේ ප්‍රශ්නයක් . විග්නේශ්වරන් ජාතිවාදය අවුස්සනකොට අපි කටවහගෙන ඉන්න ඕනේ ? (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 05 October 2016 07:14 AM

හැම දෙයක්ම කරන්න දීල බලාගෙන ඉන්නද කියන්නේ? (බ)

:       0       0

ජනක Wednesday, 05 October 2016 07:27 AM

ඒක ඇත්ත, සම්බන්ධන්ලා, විග්නෙශ්වරන්ලා, කොළඹ ඉදන් ගිහින් පටන්ගත්තු විරෝධතා පෑම තමයි මේ ඔක්කොටම මුල.(බ)

:       0       0

නිමල් ලලිත Wednesday, 05 October 2016 08:15 AM

සිංහල බෞද්ධ ජනතාව නැති පෙදෙස්වල බුදු පිළිම තැනීම තහනම්. එතකොට බොදු පුදබිම් තිබිය යුත්තේ සිංහලයන් සිටින පෙදෙස්වල පමණි. නමුත් කෝවිල් මුළු රට හැමතැනම. (නි)

:       0       0

පිරිස් Wednesday, 05 October 2016 10:05 AM

මුළු ශ්‍රී ලංකාවම එකම ඒකීය රාජ්‍යක් නිසා රටේ ඕනෑම කෙනෙකුටම ගිහින් උද්ඝෝෂණ කළාට වරදක් නැහැ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 291 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 304 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 378 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 301 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 419 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 447 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site