දික්වැල්ලේ පන්සලක පොසොන් පෙරහරට සුදානම් වෙමින් සිටි පිරිසකට පහර දුන්නැයි සැක පිට දික්වැල්ල පොලීසියේ දා හතර දෙනකු මාතර පොලීසියට මාරු කරනු ලැබුහ.
පහර කෑමට ලක් වු බව කියන තිදෙනෙක් මාතර හා බතීගම රෝහල් වලට ඇතුළත් කැර ලැබ සිටිති.
දික්වැල්ලේ පන්සලක පොසොන් පෙරහරට සුදානම් වෙමින් සිටි පිරිසකට පහර දුන්නැයි සැක පිට දික්වැල්ල පොලීසියේ දා හතර දෙනකු මාතර පොලීසියට මාරු කරනු ලැබුහ.
පහර කෑමට ලක් වු බව කියන තිදෙනෙක් මාතර හා බතීගම රෝහල් වලට ඇතුළත් කැර ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මාරු ගුරු මාරු මන්ත්‍රී මාරු ග්‍රහ මාරු ගොඩයි (අ)
දික් වැල්ලේ පොලිසියේ අය යවන්න ඕනේ යාපනේට මාතරට නෙමේ. කිසිම පහසු කමක් නැති පැත්තකටයි යවන්න ඕනේ.(නදී)
පොලිසියේ ඉන්නේ අමුතු මිනිස්සුද? එයාලට හිර දඩුවම් කියලා දෙයක් නැද්ද? (නි)
හිසරදෙට කොට්ටේ මාරු කළා වගේ වෙයිද? (නි)
හලෝ ඉම්රාන්, බොරුවට කෑ ගගහා ඉන්නේ නැතුව පොළොවේ පයගහලා ජීවත් වෙන්න බලනවා, හැම දෙයක්ම දෙවියෝ දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව. (නි)
පොලිසිය මාරු කළහම වැඩක් වෙනවද? ඒ යන්නෙත් පොලිසියකටමනේ . (නි)
දික්වැල්ල ඉදන් මාරු කරලා තියෙන්නේ ලොකු දුරකට නෙමෙයිනේ. පහසුකම් තවත් වැඩි මාතරට. ඉබ්බා දියේ දැම්මා වගේ දැන් (නි)
අනිල්, ගහන කෙනා හෝ ගුටිකන කෙනා බෞද්ධද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ. අගතියට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් කරගන්නා ඔබලා වාගේ පටු කල්පනාකාරී අය තමා රටට, ජාතියට විනකරන විනාශකාරී බළවේග වලට උල්පන්ඳම් දෙන්නේ. (නි)
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී " යන පොලිසියේ ආදර්ශ පාටයටත් ලැජ්ජාවක්. (නි)
බොහොම හොදයි මාරු කරපු එක....... (නි)
ලංකාවේ හැද ප්‍රදේශයකම ඉන්නේ සිංහල පොලිසිය මිසක් දෙමළ හෝ මුස්ලිම් පොලිසිය කාරයෝ නොවෙයි. (අ)
පරීක්ෂණයක් පවත්වා නිවැරදිකරුවන් වන තුරු වැඩ තහනම් කරන්න (නි)
කරුණාකරලා සොයා බලන්න ඔය පොලිසියේ ,මේ ප්‍රශ්නයට සම්බන්ධ 14 දෙනා සිංහල බෞද්ධ නොවන අයද කියලා ,කෝ බොදුබල සේනාව? (නි)
කැමගොඩ පෙරහරට ,මිට අවුරුදු විසිපහකට කලිනුත් ගහල ,මිනුස්සුන්ගේ අත් කැඩුව.පොලිසිය මාරු කරපු එක හොදයි (අ)
අනිල්, ඒක නම් ඇත්ත තමයි. හැම එකටම බොදු බල සේනාව ඇදලා ගන්න එක සමහරුන්ට විලාසිතාවක් වෙලා. ඒකත් එක්තරා මානසික රෝගයක්. මෙතන සිද්ධියේදී පොලිසියෙන් ගම්මුන්ට පහර දීලා. පොලිසියෙන් ගහන්නේ එහෙම අයට තමයි. දේශපාලුවෝ ලඟත් දෙකට නැමෙන මේ ගොල්ලෝ ඒ හීනමානය පිරිමහන්නේ අහිංසක මිනිසුන්ට තඩි බාලා. (නි).
බොහොම හොදයි මාරු කරපු එක (නි)
අනීල්,බොදුබල සේනාව ඕනෑමද හැම දෙයකටම? (නි)
පොලිසිය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට න්ම ප්‍රථමයෙන් ඔවුන් සියල්ල පුනරුත්තාපනය කළ යුතුයි (නි)
"ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී " යන පොලිසියේ ආදර්ශ පාටයටත් ලැජ්ජාවක්.මෙහෙම අපි කිව්වයි කියලා වැඩක් වේවිද ? (නි)
මේක නම් ලේසියෙන් අරින්න එපා. වැඩේ වැරදියි (නි)
දන්සල්, පෙරහැර පමණක් නොව ඕනෑම ලබ්ධියක ආගමික කටයුතු සංවිධානය කිරීමේදී තමන්ට රටේ ඕනෑම දෙයක් කලහැකියි යන පුහු මානසික තත්වයට පත්නොවී සමාජයේ අන් අයගේ ගෞරවයත් රැකෙන අයුරින් හික්මීමෙන් යුතුව හැසිරීම අත්‍යවශ්‍යයි. (නි)
මාරු කරලා විතරක් නම් මදි. වැඩත් තහනම් කළා නම් හොදයි (නි)
අසාර්ථක නැහැ ගම්මුන්ගේ වැඩේ. දැන් මෙයාලව කොහාටද මාරු කරන්නේ? අහිංසක කොල්ලන්ට පාට් දාන එකක් නැහැ ආයෙම (නි)