ශ්‍රි ලංකාවේ පාසල් අඩු ආදයම් ලාභි පවුල්වල ප්‍රධානත්වයෙන් මිලානෝ නුවර පැවැති රැස්වීමකදී පාසල් සිසුන්ට උපකාර කිරීමට සනත් නිශාන්ත පදනමේ මිලානෝ ශාඛාව පිහිටුවා ගැනිණි.
වයඹ පළාත් සභා හා මාර්ග සංවර්ධන ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ මෙම පදනමේ සභාපති ධුරයට ඇම්.පී චින්තක, උප සභාපති තනතුරට නිශාන්ත රංජිත්, ලේකම් ධුරයට ශෂි ලෝ, උප ලේකම් ලෙස නිලන්ත කොළඹගේ, භාණ්ඩගාරික ලෙස සුමේධ අබේසිංහ හා උප දේශක ලෙස රොෂාන් ජයමාන්න යන මහත්වරු පත්කර ගනු ලැබූහ.
මෙම පදනම මගින් අඩු ආදායම් ලාභි පවුල් වල දක්ෂ සිසු දරුවන් සඳහා ශිෂත්ව ද, දුෂ්කර පාසල්වලට පාසල් උපකරණ, ක්‍රිඩා උපකරණ ද සපයන බව එම පදනම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මෙහෙම දේවල් අටවාගෙන මුලින්ම කරන්නේ බලෙන් මෙන් දන්නා අයගෙන් මුදල් එකතු කරලා සම්බන්ධ ඇමතිව ඉතාලියට චාරිකාවකට ගෙන්නවනවා නම ගහ ගන්න. මේ අයටම මිසක් දුප්පත් ළමුන්ට නම් මේ අයගෙන් හොඳක් සිද්ධ වෙයි කියල හිතන්න අමාරුයි. මේ උපදේශක ගෙන් උපදෙස් ගන්නවා කියන්නේ 'හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්'.(නදී)
කවදද සල්ලි එකතු කරන්න එන්නේ? එන්න දෙන්නම්!
ඇති විශිෂ්ටයි
අගය කල යුතු වැඩක් (දී)
මේ අය කරන කියන වැඩ වල හැටියට නම් පොඩි ළමයි ලඟට යවන එක තවත් ප්‍රශ්නයක්.(නදී)
අසෝක, මහදන මුත්තා සහ ගෝලයෝ නෙවෙයි 'අලිබබා සහ හොරු හතලිහ'.(ස)
පටන් ගන්නකොටම දාපු එක හොදයි. දැන් මේ වැඩේට ආධාර ලැබේවි. (නි)
උදව් කරපු ස්ථාන ගැනත් මේකේ ලිව්වානම් හොදයි නේද ? උදව් කරණවා කියලා කීවට මදි. (නදී)
රට ජාතිය වෙනුවෙන් ජිනීවා යන්න කියල නොමිලේ එව්ව බස් වලට ටිකට් කැඩුවේ මෙන්න මේ අය තමයි. හොඳින් නම් ටික කියවන්න.(නදී)
මේ අය දුප්පත් ළමයින්ට පොත් අරන් දෙන ජාතියේ නම් නෙවෙයි, ඒ ලමයින්ගේත් පොත් හොරා ගන්නා ජාතියේ කට්ටියක්. මුදල් එකතු කරන්න කවද්ද පටන් ගන්නේ?(නදී)
විනිවිද භාවයක් නැති මෙවැනි සංවිධාන බිහිවීමෙන් වෙන්නේ පිනට කැමති මිනිහගේත් අත් බැඳ දැමීමක්. දෙන්න කැමති කෙනත් හිතන්නේ ඔක්කොම හොරු කියල කිසිම පුන්යාතනයකට ආධාර නොකර සිටින්න පෙළඹෙනවා. ඉතාලි විනිමය නීති අනුව බදු රහිතව පුණ්‍යාධාර එකතු කරන සමිති සමාගම් රජයේ 'පුණ්‍යායතන' ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය අතර වරලත් ගණකාධිකාරී වරයකුගේ නිත්‍ය අධීක්ෂණයට යටත් විය යුතුයි. ඉහත නම් සඳහන් පුද්ගලයන් මේ දේවල් ගැන දැනීමක් හෝ ඉතාලි භාෂාවෙන් ලියුමක් වත් හරියට ලියා රජයෙන් මීට අවසරය ගන්න තරම් දැනුමක් ඇති පුද්ගලයන් යයි මම විශ්වාස කරන්නේ නැත. මට මෙහිදී සිහියට නැගෙන්නේ 'මහදැනමුත්තා සහ ගෝලයෝ ටික'.(නදී)
සිසුන්ට උදව් කරන එක අපිත් අගයනවා එත් ඔය පදනමේ නම තියෙන කෙනාගේ කැරැට්ටුව අපේ ලංකාවේ ඔක්කොම දන්නේ නැහැනේ. දන්නවනම් ඔය කෙනාගේ දිශාව බලලා බත් කන එකකුත් නැහැ.(ස)
මොකද්ද මේ සත්ව කරුණාව (දී)
සන්තෝසයි
මේවා හොද වැඩ
වැඩේ නම් හොදයි , හැබැයි බයයි (දී)
අහෝඕ දුකකි මිලානෝ නගරයට ගිය කළ. මේ කියන උපදේශක ගැන ඔබ මිලානෝ ඉන්න කවුරුත් දන්නවා නේද පොලියට අරන් පොලු තියලා. මිණුසුන්ට දීලා තියෙන දුක ඔබලා දන්නවද ?අහෝඕ මිලානෝ පව්.(නදී)
මොකද්ද දන්නේ නැහැ මේ වදෙන් බලා පොරොත්තු වෙන්නේ (දී)
මෙහි උපදේශක මිලානෝ සිංහල පාතාලයට සම්බන්ධ කඩයක ඇමරිකන් කොඩියෙන් බෙල්ලට ස්කාෆ් එකක් බැඳගෙන හවත් තට්ටයෙක් එක්ක චණ්ඩියා වගේ ඉන්නවා මම දැකල තියෙනවා. මොවුන් මොනාද මේ කරන්න යන්නේ?(නදී)
සංවිධාන වලට විවිධ මුදල් වංචා පිලිබඳ චෝදනා තිබෙන මිනිසුන් සම්බන්ධ කර ගැනීමෙන් විශ්වාසය පලුදුවේ. (නි)
උපදෙස් දෙන්න ඒ වගේ කට්ටිය තමා හරියන්නේ.(නදී)
යම් තැනක 'උපදේශකයෙක්' වීමට නම් ඔහු මනා ලෙස උගත් කාලයක් විවිධ උසස් යයි සම්මත තනතුරු දරා, මහා දැනුම් සම්භාරයකට හිමිකම් තිබෙන සමාජය පිළිගත් පරිනත බුද්ධිමතෙක් විය යුතුය. මිලානෝ වල සිටින මෙම සමිතියට සම්බන්ධ වීමට සිටින දෙනොදාහකට මෙහි උපදේශකගේ අධ්‍යාපන සහ වෘතීය සුදුසුකම් ගැන දන් වන්නේ නම් මැනවි.(නදී)
අගය කරන්න ඕනේ, හැබැයි කල්පනාවෙන් කින්න
මෙයත් අර කෙනෙක් 'ලේක්කෝ' නගරයේ සිට ලංකාවේ ළමා නිවාසයකට මුදල් එකතු කළා වගේ වෙයි ද කියලා සැකයක් මසිත මතු වෙන්නේ ඉහත නම සඳහන් එක පුද්ගලයෙක්ට 'ජිනීවා' ගමනට අයතා ලෙස මුදල් එකතු කලා යයි තවමත් බැහැර නොවූ චෝදනාවක් තිබෙන නිසා. (නදී)