IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඩිල්ෂාන් , දක්‍ෂතම ක‍්‍රීඩිකාව - ශෂිකලා

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල්ෂාන් ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් සදර්න් පිලේ එස්. එස්. ශෂිකලාද සම්මාන ලැබුහ. මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’හි ඉහළ මහලයේදී අගහරුවාදා (18) පැවැති අවසන් තරගවලදී අන්තර්ජාතික පදක්කම්ලාභී ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළු ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් පරාජයට පත්වුහ. ෆෙදර් බර පංතියේ හිටපු ජාතික ශූරී සිතාරි සඳරේඛා මෙන්ම පොලිස් ක‍්‍රීඩා සමාජයේ ශිරෝමාලා වීරරත්න අවසන් තරගවලදී පරාජය වීම කැපී පෙනිණ. මෙම ක‍්‍රීඩිකාවෝ දෙදෙනාද පසුගියදා ටියුනීසියාවේ පැවැති අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. ශිරෝමාලා සහ මාස් සදර්න් ‘ඒ’ පිලේ එස්. එස්. ශෂිකලා අතර පැවැති මිඞ්ල් බර පංතියේ අවසන් තරගයෙන් ශෂිකලා ලකුණු 13/11 ක තියුණු ජයක් ලබා ගත්තාය. ශෂිකලාගේ මෙම විශිෂ්ට දස්කම නිසාම ඇය දක්‍ෂතම ක‍්‍රීඩිකාව වුවාය. ශිරෝමාලා දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තාය. මාස් සදර්න් ‘ඒ’ පිලේ සිතාරි සඳරේඛා ෆෙදර් බර පංතියේ අවසන් තරගයේදී මාස් සදර්න් ‘බී’ පිලේ ක‍්‍රීඩිකා කේ. ඒ. කේ. හංසිකා හමුවේ ලකුණු 28/19 කින් පරාජය වුවාය. මෙම වසරේ සැප්තැම්බර් මස පැවැති ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩිකාව වු නිරංජලා සේනානායක ද පරාජය වීම කැපී පෙනේ. ලයිට් බර පංතියේ අවසන් තරගයේදී මාස් සදර්න් ‘බී’ පිලේ එල්. උදයංගනී හමුවේ නිරංජලා පරාජය වූවාය. ක්ලිෆඞ් කුසලාන තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා වු ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල්ෂාන් මෙම තරගාවලියේද දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. ඩිල්ෂාන්, ලයිට් වෙල්ටර් බර පංතියේ අවසන් තරගයේදී නාවික හමුදා ‘ඒ’ පිලේ ජී. එස්. කුමාරසිරි ලකුණු 21/8 කින් පරාජය කළේය. වෙල්ටර් බර පංතියේ අනුශූරතාව දිනාගත් යුද හමුදාවේ ඒ. පී. ජී. චන්ද්‍රකුමාර දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා විය. කාන්තා තරගාවලියේ ශුරතාව පිට පිට තෙවැනි වරටත් මාස් සදර්න් කණ්ඩායම දිනා ගත්තේය. මාස් සදර්න් ‘සී’ පිල තෙවැනි ස්ථානය ලැබීය. වසරේ බොක්සිං ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවට හිමි වන සම්මානය ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ අනුෂා කොඩිතුවක්කු දිනාගත් අතර පන්නල ස්ලිම් ලයින් ක‍්‍රීඩා සමාජය වසරේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩා සමාජය ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය ඩබ්ලිව්. එල්. සඳුන් (ගුවන් හමුදා ‘ඒ’) විසින් එම්. එම්. එරංග (යුද හමුදාව) පරාජය කරන ලදී. (21/8) කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය බී. එන්. එස්. සම්පත් (නාවික හමුදා ‘ඒ’) විසින් ආර්. සී. හේරත් (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. (19/5) කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය සුරංග මුදන්නායක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ජේ. එච්. ටී. නයනජිත් (පොලිසිය) පරාජය කරන ලදී. (16/7) කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එම්. ඒ. දිවාරත්න (යුද හමුදා ‘ඒ’) විසින් සේනක නවරත්න (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. (14/8) කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය පී. ආර්. අයි. රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඒ. පී. ජී. චන්ද්‍රකුමාර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය එම්. වයි. එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදාව) විසින් ජී. එස්. කුමාරසිරි (නාවික හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. (21/8) කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඞී. ඞී. සපරමාදු (ස්ලිම්ලයින් ‘බී’) පරාජය කරන ලදී. (19/5) කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය මංජු වන්නිආරච්චි (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ආර්. අයි. වීරක්කොඩි (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී. (21/14) කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ආර්. එස්. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය එම්. ප‍්‍රභාෂ්වර (ලීනියා) විසින් එම්. ආර්. සඳරුවන් (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. (19/17) කාන්තා තරග ප‍්‍රතිඵල කි. ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් ඞී. ජේ. දර්ශා (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (28/19) කි. ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය ජී. ඞී. සිල්වා (ගුවන් හමුදාව) නිතරග ජයක් කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එස්. එස්. ශෂිකලා (මාස් සදර්න් ‘ඒ’) විසින් ශිරෝමාලා වීරරත්න (පොලිසිය) පරාජය කරන ලදී. (13/11) කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය සී. කේ. ජයසේකර (මාස් සදර්න් ‘ඒ’) විසින් ඊ. එස්. සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී, (27/9) කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එල්. උදයංගනී (මාස් සදර්න් ‘බී’) විසින් නිරංජලා සේනානායක (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (26/17) කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය කේ. ඒ. කේ. හංසිකා (මාස් සදර්න් ‘බී’) විසින් සිතාරි සඳරේඛා (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. (28/19) කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය විදුෂිකා ප‍්‍රබාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් ඞී. එම්. අබේවර්ධන (තුරුලිය) පරාජය කරන ලදී. (22/15) කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය ඊ. ජී. සිල්වා (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී. (11/6) කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය කෝසලා නිල්මිණී (මාස් සදර්න් ‘ඒ’) විසින් ඒ. ඞී. ජයසිංහ (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. (16/5)



අදහස් (0)

දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඩිල්ෂාන් , දක්‍ෂතම ක‍්‍රීඩිකාව - ශෂිකලා

රියාස් Saturday, 22 December 2012 10:29 PM

ඩිල්ෂාන්, නියමයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රොශාන් Thursday, 20 December 2012 04:12 PM

නියමයිනේ , නමුත් හොඳම උනත් වැඩක් නෑ පරාජිතයිනේ (ස)

:       0       0

සමන් Friday, 21 December 2012 06:43 AM

බොක්ෂින් ගහන්න. දිනන්න. හැබැයි මත් ද්‍රව්‍ය නම් ගන්න එපා බුදු කොල්‍ලනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 916 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 801 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 438 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site