ගලේවෙල දඹේවටන 2,පදිංචි ඩබ්ලිව්.ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ .පො .ස උසස්පෙළ විභාගය සදහා කුරුණෑගල ඉබ්බාගමුව පාසලේ ඉගෙනුම ලබන්නීය.
තම පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් එසේ තිබියදී ඔහු මලු විකුණා තමන්ට සහ නැගණියන් දෙදෙනා මව ජිවත් කරවන බව කියන්නීය . තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ හා නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට ‘අප්පච්චි සහ තවත්’ කතා නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයා ගන්නා බව කියන්නීය .
තමන්ගේ පොත අලෙවි කර ගැනීමට උත්සයක යෙදී සිටියදී ඇය අපට හමුවිය.අප දියණියගේ නිවසට යනවිටත් පියා මලු වෙළදාමේ ගොස් සිටියේය.මව හා පාසල් යන තවත් කුඩා දියණියෝ දෙන්නා ද අක්කාට තුරුලු වී සිටියහ.
ශෂිකලා නුවන්ගි මධුමාලී නමින් ගලේවෙල මහජන බැංකුවේ ගිණුමක් ද විවෘත කැර තිබේ.ගිණුම් අංකය 115-2-001-6-0001547
Swift code : PSBKLKLX , Branch code :115 , දුරකථනය -0665619536




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ, කවදාවත් ඔබගේ පියාට මවට පිටුපාන්න එපා.මෙවන් දෙමාපියන් පුරුවේ පිනට ලැබෙන්නේ. ඔබගේ අනාගතය සාර්ථක වේවා! (නි)
කෙනෙකුගේ දුකේදි හිත උණුවන අප ජනපතිතුමා මේ පිළිබඳ දැනුවත් කරන්න. (නි)
කිඹුලා කනවා ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි කියලා කියනවා වගේ රටේ බහු ජනතාව බොහොම අමාරුවෙන් ජීවිත ගැටගහ ගනිද්දී, දිව්‍ය ලෝක සැප විඳින අය අපට කොකා පෙන්වන එකයි ඉවසන්න බැරි! ඔබට මම ආශිර්වාද කරනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද දුවේ? (නි)
රටේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවෙලා තිබෙනවා කියලා සමහරු පුරාජේරු කියවනවා. මේ වගේ අය ජනතාව කියන කට්ටියට ඇතුළත් නැති නිසා වෙන්න ඇති! (නි)
අගය කරමු ලංකාදීප සත්කාරය! (නි)
හරි නම් ප්‍රාදේශිය මට්ටමේ ඉන්න ලේකම්ලාට හා ග්‍රාම සේවක මහතුන්ට ගම් වල මේ වගේ පවුල් පිළිබඳව තොරතුරු ලබාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ යමක් කරන්න හැකිවෙන්න ඕනෑ. (නි)
බොහොම සංවේදී පුවතක්. මමත් කැමතියි උදවු කරන්න අතේ සල්ලි තියෙනවා නම්. නමුත්... !! දානපතියන්ගේ අවධානය යොමු වේවා!!! (නි)
මෙවැනි අයට සමාජයෙන් අනිවාර්යයෙන් උදව් ලැබිය යුතුය. (නි)
දඹුල්ල කාංචන කුමාර ආරියදාස මෙවන් ප්‍රවෘත්ති වලට ඉතා දක්ෂ මාධ්‍යවේදියෙක්. එතුමාව මම පුද්ගලිකව දන්නවා මාධ්‍ය පුහුණු වැඩසටහන් හරහා. ඔහුට පින් අයිති වෙනවා මේ වගේ වැඩවලට! (නි)
සුභ පැතුම්! (නි)
මොනවත් කියන්න දෙයක් නැහැ. මම නම් දරුවට උදවු කරනවා (නි)
තාත්තාත්ව සනීප කරගන්න හොඳ ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රමයකට යොමුකරන්න. මම අහලා තියෙනවා දැන් වකුගඩු ලෙඩේට ආයුර්වේද බෙහෙත් හොයාගෙන තියෙනවාලු. (නි)
මම දස අතේ කල්පනා කරන්නේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවුණාට පස්සෙත් මෙහෙම නම් අදායම වැඩිවෙන්න පළමුව කොහොම තියෙන්න ඇද්ද කියලයි (නි)
අම්මාට තාත්තාට කාලගුණ සළකන්න.ඔවුන්ව කිසිදා අතරමං නොකරන්න. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන්ද අවංක දෙමවුපියන්ගේ ආශිර්වාදයෙන්ද ඔබ සැමගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා! (නි)
ප්‍රසන්න,ඇයි ඇමෙරිකාවේ දුප්පත් මිනිසුන් නැද්ද? (නි)
එක රාත්‍රියට ලක්ෂ දහය පහළොව සාද වලට වියදම් කරන ඇමති පුතාලා සිටින රටක අපි මොනවා ලියන්නද දුවේ? තියෙන විදියට කීයක්හරි ඔයාට දෙනවා මිසක්. දිරිය දියණියට ප්‍රණාම කරමි. (නි)
මමත් හැකි උපරිමයෙන් උපකාර කරනවා (නි)
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ ! (නි)
මමත් උදවුවක් කරනවා (නි)
ඔබට දිරිය ලැබේවා! (නි)
දුක හා සතුට දෙකම දැනෙන කතාවක්.ලංකාදීපයට තුති මෙවැනි දේවල් පළකිරීම ගැන.දයාබර නැගණිය,උත්සාහය ඇති තැන පැරදුම පැරද පළා යයි.ඔබට ජය. (නි)
මෙතන ප‍්‍රතිචාර දක්වන සියලුම අය මේ වගේ ප්‍රවෘත්ති බලා උදවු කරන අයයි. ඒ නිසා ප‍්‍රතිචාර දක්වන අයගේ එකමුතුවක් ගොඩනඟලා උදවු කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)
සුජාත දියණියක්. ඔබට ජය! (නි)
ඔයාගේ තාත්තට ඉක්මන් සුවය සහ ඔබට ජය! (නි)
මිතුරනේ, ඔන්න මම නම් රුපියල් හයදාහක්ම මේ දරුවාගේ ගිණුමට දැම්මා. මට විශ්වාසයි ලංකාදීපේ මතවාදීව ගහබැන ගන්න සියලු දෙනාම මේ දරුවට උදවු කරයි කියලා. ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි! (නි)
දුව, මම ඔයාට උදව් කරන්නම් පාසල් වැඩ හොඳට කරන්න.මුදල් ගිණුමට දමන්නම් .මම ඉතාලියේ. බුදු සරණයි ඔබ සැමට! (නි)
ඔබට තෙරුවන්ගේ පිහිට ලැබේවා! මමත් ඔබට යම් සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙමි (නි)
නංගිගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා. හැකි ලෙස ආධාරයක් කරන්නම්. (නි)
ඒ ළමයාගේ ගිණුමට රු 10ක් දැම්මනං එ්ක වඩා වටිනවා . (අ)
මොන තරම් හොඳ උත්සාහයක්ද අපි පිහිට විය යුත්තේ මේ වගේ අයට (බ)
ඉගෙනගන්න ළමයෙක්... උදව් කරන්න පුලුවන් නම් ඔබත් ඊට දායක වන්න (නි)
දුවගේ අධ්‍යාපනය සඵල වේවා! වීර්ය ඇති දරුවෙක්.හැකි ආධාරයක් එවමි. (නි)
අපි කාගේත් සහයෝගය ලැබිය යුතු දිරිය දියණියක්. (නි)
නමුත් එහෙනම් ඔය සමහරු කියන්නේ ජනතාව සුඛිත මුදිත වෙලා කියලා. (නි)
නියම දිරිය දියණියක් (නි)
ඔන්න අපේ විදේශ වල මිතුරන්ට අනගි අවස්ථාවක් දිරිය දියණියකට අතදෙන්න (නි)
දිරිය දියණියක්. තමන්ගේ නැතිබැරිකම් එකක එක්කෙනාට නොකියා ජීවිතය ජයගන්නට දරන උත්සාහය දිනක ජය ගනීවි.ලෝක ඉතිහාසය තුල සාර්ථක වූ හැමදෙනාම මුල් අවදියේ බොහෝ දුක් විඳි අය. ලංකාදීපයටත් ස්තුතියි මේ වගේ පුවත් පළකරනවට (නි)
මෙන්න දිරිය දරුවෝ. අගය කළයුතු දක්ෂ දියණියක්. බොහෝ පිරිසක් බලාගෙන ඉන්නේ හැමදේම කටට වැටෙනකම්. මේ දරුවාගේ අධ්‍යාපනයට සහ පවුලේ දියුණුවට ලන්ඩනයේ අපි මොනවාහරි යමක් කළයුතුයි. (නි)
පහුගිය දවසවල සිහින කුමාරයා කවුද කිය කියා රට වටේම ගියා. මෙවැනි අගනා මෙහෙවරක් කරන දරුවන්ට පියවරුන්ට මොන ප්‍රචාරද? ලංකාදීපයට ස්තුතියි. (නි)
පුතේ, නුඹට ජය වේවා! (නි)
අනේ! අර ලැම්බෝගිනි ගන්න සල්ලි වලින් මේ වගේ මිනිසුන්ට උදවු කළා නම් කොච්චර වටිනවද? දැන් මට බනියිද දන්නේ නැහැ අපේ සමහර අය මම දේශද්‍රෝහියෙක් කියලා? (නි)
පව්! අපි උදව් කරමු මෙයාට (නි)
මෙම දියණියගේ ඉගෙනුමට අත දෙමු. (නි)
මේ දිරිය දියණියට අපි ආධාර කරමු. (නි)
ලංකාවේ සමහර අය කොච්චර සල්ලි නාස්ති කරනවද? ඇයි මේ වගේ අයට පිහිට වෙන්න එයාලට අමාරු? අපිට පුළුවන් විදියට මේ පවුලට උදව් කරමු. (නි)
මෙන්න කරනවා නම් පින් අතේ වැඩ. ලෝකෙට පෙනෙන්න බොරු වැඩ නොකර මේ වගේ අයට උදවු කරමු (නි)
ඔබගේ අධිෂ්ඨාන ශක්තියෙන් අනාගතයේදී ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත. දයාබර දියණිය, නොනැවතීම ඉදිරියට යන්න. අපි හදවතින්ම සුභ පතනවා ඔබට. (නි)
ඡන්දය සදහා වියදම් කරන එක් දිනක මුදලක් මේ අසරණයින්ට ලබා දුනනෛාත් වසරකටම ඇති. කෝ මේ රටේ පිංකම් කරන අය? මෙන්න සැබෑ අසරණයින් (නි)
නයිට් ක්ලබ් වලට නිරපරාදේ සමහරු වියදම් කරන මුදල් වලින් බැරිද මේ අයට උදවු කරන්න? (නි)
මම මේ සතියෙම ඔබ පවුලට මුදල් ආධාරයක් එවනවා. ඔයාලා තනිවෙලා නැහැ දුවේ! (නි)
ඔබ මේ කරන මෙහෙය ඉතාමත් ප්‍රශංශනීයයි !!! (නි)
අනුන්ට අතනොපා අමාරුවෙන් ලබාගන්න ජයග්‍රහණය බොහොම බලවත්. නුඹ නම් දිරිය දියණියක්. දෙමාපියන්ට මොන අමාරුකම් තිබුනත් දරුවන් වෙනුවෙන් අවසන් මොහොත පවා කැපකරන්න සුදානම්! (නි)
කාංචන, ඔබට තවත් අපේ රටේ දරුවන් ගැන කියන්නට ශක්තිය ලැබේවා! (නි)
සැබෑම බුදු පියෙක් (නි)
පියාණනි, ඔබට දීර්ඝායු! තෙරුවන් සරණයි! (නි)
දුවේ, ඔබට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් යහපතක්ම වේවා! මට හැකි පමණ යමක් කරන්න උත්සාහ කරනවා (නි)
දුක හිතෙන කතාවක්. හැකි අය උපකාර කරන්න. (නි)
මෙවන් දිරිය දරුවන් ලෝකයටම ආදර්ශයක් (නි)
දිරිය දියණියක්! (නි)