IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දූට ශිල්ප දෙන්න ලෙඩ පියා මලු විකුණයි:දුව පියා ගැන පොතක් ලියා විකුණයි

ගලේවෙල දඹේවටන 2,පදිංචි ඩබ්ලිව්.ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ .පො .ස උසස්පෙළ විභාගය සදහා කුරුණෑගල ඉබ්බාගමුව පාසලේ ඉගෙනුම ලබන්නීය.

තම පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් එසේ තිබියදී ඔහු මලු විකුණා තමන්ට සහ නැගණියන් දෙදෙනා මව ජිවත් කරවන බව කියන්නීය . තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ හා නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට ‘අප්පච්චි සහ තවත්’ කතා නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයා ගන්නා බව කියන්නීය .

තමන්ගේ පොත අලෙවි කර ගැනීමට උත්සයක යෙදී සිටියදී ඇය අපට හමුවිය.අප දියණියගේ නිවසට යනවිටත් පියා මලු වෙළදාමේ ගොස් සිටියේය.මව හා පාසල් යන තවත් කුඩා දියණියෝ දෙන්නා ද අක්කාට  තුරුලු වී සිටියහ.

ශෂිකලා නුවන්ගි මධුමාලී නමින් ගලේවෙල මහජන බැංකුවේ ගිණුමක් ද විවෘත කැර තිබේ.ගිණුම් අංකය 115-2-001-6-0001547

Swift code : PSBKLKLX  , Branch  code :115 , දුරකථනය -0665619536

dambulla3

dambulla4

dambulla1



අදහස් (0)

දූට ශිල්ප දෙන්න ලෙඩ පියා මලු විකුණයි:දුව පියා ගැන පොතක් ලියා විකුණයි

ඉසංක අනුරාධ Tuesday, 22 July 2014 01:28 AM

නංගිගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා. හැකි ලෙස ආධාරයක් කරන්නම්. (නි)

:       0       0

දමිත් Sunday, 20 July 2014 08:32 AM

මෙන්න කරනවා නම් පින් අතේ වැඩ. ලෝකෙට පෙනෙන්න බොරු වැඩ නොකර මේ වගේ අයට උදවු කරමු (නි)

:       0       0

නිරෝෂ් Monday, 21 July 2014 04:43 AM

තාත්තාත්ව සනීප කරගන්න හොඳ‍ ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රමයකට යොමුකරන්න. මම අහලා තියෙනවා දැන් වකුගඩු ලෙඩේට ආයුර්වේද බෙහෙත් හොයාගෙන තියෙනවාලු. (නි)

:       0       0

ගාමිණී - සිරි Sunday, 20 July 2014 08:45 AM

දුවගේ අධ්‍යාපනය සඵල වේවා! වීර්ය ඇති දරුවෙක්.හැකි ආධාරයක් එවමි. (නි)

:       0       0

සේනක Sunday, 20 July 2014 08:46 AM

අපි කාගේත් සහයෝගය ලැබිය යුතු දිරිය දියණියක්. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 20 July 2014 08:55 AM

නමුත් එහෙනම් ඔය සමහරු කියන්නේ ජනතාව සුඛිත මුදිත වෙලා කියලා. (නි)

:       0       0

හසන්ත Sunday, 20 July 2014 09:06 AM

නියම දිරිය දියණියක් (නි)

:       0       0

නීලා Monday, 21 July 2014 05:22 AM

මම දස අතේ කල්පනා කරන්නේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවුණාට පස්සෙත් මෙහෙම නම් අදායම වැඩිවෙන්න පළමුව කොහොම තියෙන්න ඇද්ද කියලයි (නි)

:       0       0

දිනේෂා Monday, 21 July 2014 05:24 AM

අම්මාට තාත්තාට කාලගුණ සළකන්න.ඔවුන්ව කිසිදා අතරමං නොකරන්න. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන්ද අවංක දෙමවුපියන්ගේ ආශිර්වාදයෙන්ද ඔබ සැමගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා! (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 20 July 2014 09:15 AM

ඔන්න අපේ විදේශ වල මිතුරන්ට අනගි අවස්ථාවක් දිරිය දියණියකට අතදෙන්න (නි)

:       0       0

ඩෑම් Monday, 21 July 2014 05:31 AM

ප්‍රසන්න,ඇයි ඇමෙරිකාවේ දුප්පත් මිනිසුන් නැද්ද? (නි)

:       0       0

ගාමිණී Sunday, 20 July 2014 09:20 AM

දිරිය දියණියක්. තමන්ගේ නැතිබැරිකම් එකක එක්කෙනාට නොකියා ජීවිතය ජයගන්නට දරන උත්සාහය දිනක ජය ගනීවි.ලෝක ඉතිහාසය තුල සාර්ථක වූ හැමදෙනාම මුල් අවදියේ බොහෝ දුක් විඳි අය. ලංකාදීපයටත් ස්තුතියි මේ වගේ පුවත් පළකරනවට (නි)

:       0       0

ජනක Sunday, 20 July 2014 09:25 AM

මෙන්න දිරිය දරුවෝ. අගය කළයුතු දක්ෂ දියණියක්. බොහෝ පිරිසක් බලාගෙන ඉන්නේ හැමදේම කටට වැටෙනකම්. මේ දරුවාගේ අධ්‍යාපනයට සහ පවුලේ දියුණුවට ලන්ඩනයේ අපි මොනවාහරි යමක් කළයුතුයි. (නි)

:       0       0

කමනි Monday, 21 July 2014 05:38 AM

දුවේ, කවදාවත් ඔබගේ පියාට මවට පිටුපාන්න එපා.මෙවන් දෙමාපියන් පුරුවේ පිනට ලැබෙන්නේ. ඔබගේ අනාගතය සාර්ථක වේවා! (නි)

:       0       0

මිලානො ජයන්ත Sunday, 20 July 2014 09:40 AM

පහුගිය දවසවල සිහින කුමාරයා කවුද කිය කියා රට වටේම ගියා. මෙවැනි අගනා මෙහෙවරක් කරන දරුවන්ට පියවරුන්ට මොන ප්‍රචාරද? ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

කණිෂ්ක Monday, 21 July 2014 05:43 AM

මමත් හැකි උපරිමයෙන් උපකාර කරනවා (නි)

:       0       0

ජගත් Sunday, 20 July 2014 09:54 AM

පුතේ, නුඹට ජය වේවා! (නි)

:       0       0

සංජීව Sunday, 20 July 2014 09:55 AM

අනේ! අර ලැම්බෝගිනි ගන්න සල්ලි වලින් මේ වගේ මිනිසුන්ට උදවු කළා නම් කොච්චර වටිනවද? දැන් මට බනියිද දන්නේ නැහැ අපේ සමහර අය මම දේශද්‍රෝහියෙක් කියලා? (නි)

:       0       0

උපුල් Sunday, 20 July 2014 10:04 AM

පව්! අපි උදව් කරමු මෙයාට (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 July 2014 05:54 AM

අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ ! (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 20 July 2014 10:21 AM

මෙම දියණියගේ ඉගෙනුමට අත දෙමු. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 July 2014 05:58 AM

මමත් උදවුවක් කරනවා (නි)

:       0       0

මහීපාල Monday, 21 July 2014 06:07 AM

ඔබට දිරිය ලැබේවා! (නි)

:       0       0

නදීකා Monday, 21 July 2014 06:19 AM

දුක හා සතුට දෙකම දැනෙන කතාවක්.ලංකාදීපයට තුති මෙවැනි දේවල් පළකිරීම ගැන.දයාබර නැගණිය,උත්සාහය ඇති තැන පැරදුම පැරද පළා යයි.ඔබට ජය. (නි)

:       0       0

දයාල් Sunday, 20 July 2014 10:43 AM

මේ දිරිය දියණියට අපි ආධාර කරමු. (නි)

:       0       0

නයනකාන්ත Monday, 21 July 2014 06:27 AM

මෙතන ප‍්‍රතිචාර දක්වන සියලුම අය මේ වගේ ප්‍රවෘත්ති බලා උදවු කරන අයයි. ඒ නිසා ප‍්‍රතිචාර දක්වන අයගේ එකමුතුවක් ගොඩනඟලා උදවු කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

රොචෙල් Sunday, 20 July 2014 11:18 AM

ලංකාවේ සමහර අය කොච්චර සල්ලි නාස්ති කරනවද? ඇයි මේ වගේ අයට පිහිට වෙන්න එයාලට අමාරු? අපිට පුළුවන් විදියට මේ පවුලට උදව් කරමු. (නි)

:       0       0

නිහාල් Monday, 21 July 2014 06:42 AM

සුජාත දියණියක්. ඔබට ජය! (නි)

:       0       0

අවන්ති Sunday, 20 July 2014 12:22 PM

ඉගෙනගන්න ළමයෙක්... උදව් කරන්න පුලුවන් නම් ඔබත් ඊට දායක වන්න (නි)

:       0       0

චතුරංග Monday, 21 July 2014 07:07 AM

ඔයාගේ තාත්තට ඉක්මන් සුවය සහ ඔබට ජය! (නි)

:       0       0

සමරේ (ගාල්ල) Sunday, 20 July 2014 12:50 PM

ඔබ‍ගේ අධිෂ්ඨාන ශක්තියෙන් අනාගතයේදී ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත. දයාබර දියණිය, නොනැවතීම ඉදිරියට යන්න. අපි හදවතින්ම සුභ පතනවා ඔබට. (නි)

:       0       0

දේවප්‍රිය Sunday, 20 July 2014 12:54 PM

ඡන්දය සදහා වියදම් කරන එක් දිනක මුදලක් මේ අසරණයින්ට ලබා දුනනෛාත් වසරකටම ඇති. කෝ මේ රටේ පිංකම් කරන අය? මෙන්න සැබෑ අසරණයින් (නි)

:       0       0

කලීල් Sunday, 20 July 2014 01:06 PM

නයිට් ක්ලබ් වලට නිරපරාදේ සමහරු වියදම් කරන මුදල් වලින් බැරිද මේ අයට උදවු කරන්න? (නි)

:       0       0

පද්මිණි Sunday, 20 July 2014 01:12 PM

මම මේ සතියෙම ඔබ පවුලට මුදල් ආධාරයක් එවනවා. ඔයාලා තනිවෙලා නැහැ දුවේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 21 July 2014 07:36 AM

මිතුරනේ, ඔන්න මම නම් රුපියල් හයදාහක්ම මේ දරුවාගේ ගිණුමට දැම්මා. මට විශ්වාසයි ලංකාදීපේ මතවාදීව ගහබැන ගන්න සියලු දෙනාම මේ දරුවට උදවු කරයි කියලා. ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි! (නි)

:       0       0

හරීන් Tuesday, 22 July 2014 05:25 AM

ඒ ළමයාගේ ගිණුමට රු 10ක් දැම්මනං එ්ක වඩා වටිනවා . (අ)

:       0       0

ඉෂාර Sunday, 20 July 2014 02:17 PM

ඔබ මේ කරන මෙහෙය ඉතාමත් ප්‍රශංශනීයයි !!! (නි)

:       0       0

අසෝකා Sunday, 20 July 2014 04:07 PM

අනුන්ට අතනොපා අමාරුවෙන් ලබාගන්න ජයග්‍රහණය බොහොම බලවත්. නුඹ නම් දිරිය දියණියක්. දෙමාපියන්ට මොන අමාරුකම් තිබුනත් දරුවන් වෙනුවෙන් අවසන් මොහොත පවා කැපකරන්න සුදානම්! (නි)

:       0       0

ඉන්දික අරුණ කුමාර Sunday, 20 July 2014 04:56 PM

කාංචන, ඔබට තවත් අපේ රටේ දරුවන් ගැන කියන්නට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

එරංග Sunday, 20 July 2014 06:58 PM

සැබෑම බුදු පියෙක් (නි)

:       0       0

නීල් Sunday, 20 July 2014 06:58 PM

පියාණනි, ඔබට‍ දීර්ඝායු! තෙරුවන් සරණයි! (නි)

:       0       0

කමල් Sunday, 20 July 2014 07:41 PM

දුවේ, ඔබට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් යහපතක්ම වේවා! මට හැකි පමණ යමක් කරන්න උත්සාහ කරනවා (නි)

:       0       0

රාජ කුවේට්. Sunday, 20 July 2014 08:31 PM

දුක හිතෙන කතාවක්. හැකි අය උපකාර කරන්න. (නි)

:       0       0

රෝහනි අල්විස් Friday, 27 February 2015 07:44 AM

මොන තරම් හොඳ උත්සාහයක්ද අපි පිහිට විය යුත්තේ මේ වගේ අයට (බ)

:       0       0

නන්දා Sunday, 20 July 2014 09:22 PM

මෙවන් දිරිය දරුවන් ලෝකයටම ආදර්ශයක් (නි)

:       0       0

මහින්ද Sunday, 20 July 2014 09:37 PM

දිරිය දියණියක්! (නි)

:       0       0

නැනිල් Sunday, 20 July 2014 11:33 PM

එක රාත්‍රියට ලක්ෂ දහය පහළොව සාද වලට වියදම් කරන ඇමති පුතාලා සිටින රටක අපි මොනවා ලියන්නද දුවේ? තියෙන විදියට කීයක්හරි ඔයාට දෙනවා මිසක්. දිරිය දියණියට ප්‍රණාම කරමි. (නි)

:       0       0

හසන්ත Monday, 21 July 2014 01:40 AM

කෙනෙකුගේ දුකේදි හිත උණුවන අප ජනපතිතුමා මේ පිළිබඳ දැනුවත් කරන්න. (නි)

:       0       0

රොකී Monday, 21 July 2014 01:42 AM

කිඹුලා කනවා ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි කියලා කියනවා වගේ රටේ බහු ජනතාව බොහොම අමාරුවෙන් ජීවිත ගැටගහ ගනිද්දී, දිව්‍ය ලෝක සැප විඳින අය අපට කොකා පෙන්වන එකයි ඉවසන්න බැරි! ඔබට මම ආශිර්වාද කරනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද දුවේ? (නි)

:       0       0

රොකී Monday, 21 July 2014 01:43 AM

රටේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවෙලා තිබෙනවා කියලා සමහරු පුරාජේරු කියවනවා. මේ වගේ අය ජනතාව කියන කට්ටියට ඇතුළත් නැති නිසා වෙන්න ඇති! (නි)

:       0       0

සමන්ත Monday, 21 July 2014 02:24 AM

අගය කරමු ලංකාදීප සත්කාරය! (නි)

:       0       0

වසන්ත කුමාර දේමුණි Monday, 21 July 2014 07:48 PM

දුව, මම ඔයාට උදව් කරන්නම් පාසල් වැඩ හොඳට කරන්න.මුදල් ගිණුමට දමන්නම් .මම ඉතාලියේ. බුදු සරණයි ඔබ සැමට! (නි)

:       0       0

සෙන්සාන් Monday, 21 July 2014 02:33 AM

හරි නම් ප්‍රාදේශිය මට්ටමේ ඉන්න ලේකම්ලාට හා ග්‍රාම සේවක මහතුන්ට ගම් වල මේ වගේ පවුල් පිළිබඳව තොරතුරු ලබාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ යමක් කරන්න හැකිවෙන්න ඕනෑ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 21 July 2014 03:34 AM

බොහොම සංවේදී පුවතක්. මමත් කැමතියි උදවු කරන්න අතේ සල්ලි තියෙනවා නම්. නමුත්... !! දානපතියන්ගේ අවධානය යොමු වේවා!!! (නි)

:       0       0

ධනුෂ්ක Monday, 21 July 2014 03:42 AM

මෙවැනි අයට සමාජයෙන් අනිවාර්යයෙන් උදව් ලැබිය යුතුය. (නි)

:       0       0

සරත් Monday, 21 July 2014 10:26 PM

ඔබට තෙරුවන්ගේ පිහිට ලැබේවා! මමත් ඔබට යම් සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙමි (නි)

:       0       0

ලලිත් Monday, 21 July 2014 03:44 AM

දඹුල්ල කාංචන කුමාර ආරියදාස මෙවන් ප්‍රවෘත්ති වලට ඉතා දක්ෂ මාධ්‍යවේදියෙක්. එතුමාව මම පුද්ගලිකව දන්නවා මාධ්‍ය පුහුණු වැඩසටහන් හරහා. ඔහුට පින් අයිති වෙනවා මේ වගේ වැඩවලට! (නි)

:       0       0

ගයාන් Monday, 21 July 2014 03:44 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දසනායක Monday, 21 July 2014 04:11 AM

මොනවත් කියන්න දෙයක් නැහැ. මම නම් දරුවට උදවු කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 84 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 136 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2448 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1532 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site