IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘දණගැස්සූ ගුරුවරියට වන්දි ගෙවන්න‘

නවගත්තේමදි දණගස්සවා හිංසා කළ ගුරුවරියට වන්දි ගෙවිය යුතු බවත්, පළාත් සභා වල අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධුර අහෝසි කළ යුතු බවත්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදි පැවසීය.වැසි මැද්දේ මේ උද්ඝෝෂණය පැවැත්විණි.

නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය කටයුතු භාර සුසිලා ප්‍රියංගනි හේරත් ගුරුවරිය  වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්වන ලදැයි කියන සිද්ධියට විරුද්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

 



අදහස් (0)

‘දණගැස්සූ ගුරුවරියට වන්දි ගෙවන්න‘

දිනු Wednesday, 19 June 2013 10:56 PM

සමන්, වැඩක් බලාගන්නවා හලෝ ගිහිල්ලා. නොදන්නා හැම දේටම කට දානවා. ඔහෙටත් 1 ශ්‍රේණියට යන්න වෙනවා අවුරුදු පහක්වත් (නි)

:       0       0

.නාමල් . Thursday, 20 June 2013 04:15 PM

පළාත් සභා රටට බරක් වගේම අනවශ්‍ය බව පැහැදිලියි සේරම අහෝසි කරන්න ..මේක මහා කරදරයක් අපිට පත්තර බලන එකත් මේ විකාර දකින කොට ..මිනිස්සු පෙළපාලි යන්න ඕනේ මේ විසදුමත් ඉල්ලලා .. මේ හේතු හොඳටම ඇති එකට .(අ)

:       0       0

පෙරේරාගේ දුව Wednesday, 19 June 2013 11:02 PM

සමන් මාමේ, අපිත් එහෙනම් මීට පස්සේ කොටට ගවුම් ඇඳගෙන ඉස්කෝලෙට යන්නද? අපේ ඉස්කෝල වල කියන දේවල් අපිට වරදක් කරන්න තමයි කියනවා ඇත්තේ! (නි)

:       0       0

නිශ් Wednesday, 19 June 2013 11:05 PM

පෙරේරා, මේ හැමෝම කෑගහන්නේ ඔයාට ආදරේට. අනේ මනුස්සයෝ හැමතැනටම දේශපාලනේ ගාවාගන්න එපා (නි)

:       0       0

ආනන්ද Wednesday, 19 June 2013 11:09 PM

ගුරුවරු ළමයින්ගේ විනය හදල හොඳ පරපුරක් හැදුවොත්, දේශපාලනේ කරන්න ඒ වගේ අය කෝ? (නි)

:       0       0

නිමල් Wednesday, 19 June 2013 04:36 PM

මෙවන් මන්ත්‍රීවරුන්ට දිය යුතු ඉතමත් හොඳ දඩුවමකි. එහෙත් මෙම දඩය ගෙවිය යුත්තේ අදාල මන්ත්‍රීවරයාගේ මුදලින් සහ ඔහුව ඡන්දය සඳහා ඉදිරිපත්කළ පක්ෂයේ අරමුදලිනි. (නි)

:       0       0

දිල්හානි Wednesday, 19 June 2013 04:36 PM

මගේ අදහස නම් ලක්ෂ 50කවත් වන්දියක් ගෙවිය යුතු බවයි. (නි)

:       0       0

සමන් Wednesday, 19 June 2013 04:47 PM

ඔය කියන විදිහට අර ගුරුවරිය කළ දෙය හරි කියලද කවුරුත් පිළිගන්නේ? එතකොට අර ගවුමේ වාටි ගලවලා ගෙදර යවපු දුව ? මොකද මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ අපේ ඉස්කෝලවල් තාම පරණ තාලෙට තියෙන්නේ. දෙන්නෙම ලමයින්ට ගුටි . මම කියන්නේ නැහැ මන්ත්‍රී හරි කියලා. ඔතන ඔයිට වැඩි දෙයක් තියනවා අපිට හිතන්න. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 04:55 PM

මගේ අදහස අනුව වන්දිය වශයෙන් මිලියනයක් සහ අදාල පාසලේ ළමයින් සදහා නිල ඇදුම් වලට වසර 10කට සෑහෙන ප්‍රතිපාදන මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතුයි (නි)

:       0       0

ලලිත් Wednesday, 19 June 2013 05:33 PM

මම නම් කියන්නේ මන්ත්‍රීව ජීවිත කාලයටම හිරේට දාන්න කියලයි (නි)

:       0       0

සංජීව-ගාල්ල Wednesday, 19 June 2013 05:38 PM

මන්ත්‍රී කරපු වැඩේ අන්තිම වැරදියි. නමුත් විනය බාර ගුරුවරුත් ළමුන්ගේ මානසික තත්වය ගැන හිතලා කටයුතු කරන්න ඕනෑ. සමහර ගුරුවරු කරන වැඩ නිසා දෙමව්පියන් හැටියට අපිටත් තරහ එන වෙලාවල් තියෙනවා. ගුරුවරුත් යහපත් විය යුතුයි. ‍ගෞරව ලබන්න අනික් උදවියට ගෞරව කරන්න ඕනෑ. අනික මේ කෑගහන වෘත්තීය සමිති කෝ? (නි)

:       0       0

සේරසිංහ Thursday, 20 June 2013 07:33 AM

මේක බොරු වැඩක්. කළ යුත්තේ උද්ඝෝෂනය කිරීම නොවෙයි. අපහාස නඩුවක් දාලා වන්දි ලබාගන්න එක. සංගමයට පුලුවන් ඒක කරන්න. එහෙම නැතුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවනවා කියන්නේ අපේ සල්ලි ගෙවනවා කියන එක (නි)

:       0       0

හේරත් Wednesday, 19 June 2013 06:10 PM

මම නම් කියන්නේ මෙහෙම මිනිස්සුන්ව ජනතා නියෝජිතයින් කළ ඡන්ද දායකයින් තමන් තමන්ටම ටොක්ක ගානේ ඇන ගත්තොත් හොදයි කියලා (නි)

:       0       0

රමණි Wednesday, 19 June 2013 06:16 PM

මම නම් කියන්නේ මේ මන්ත්‍රී කරපු වැඩේ රගේ තේරෙන්න නම් සියළු රජයේ පාසල් වල ගුරුවරු විනය කටයුතු සියල්ලෙන්ම ඈත් වී ඉගැන්වීමේ කටයුතු පමණක් කළ යුතුයි (නි)

:       0       0

සෙන්සා Thursday, 20 June 2013 08:13 AM

උද්ඝෝෂණයේ පදණම සාධාරනයි. ඒත් නොයෙක් පටු පරමාර්ථ සදහා මතෘතාව විකුණගෙන කන්න එපා. අතකොලු බවටත් පත්වෙන්න එපා.(නදී)

:       0       0

අසන්ක Wednesday, 19 June 2013 06:24 PM

බලයෙන් මත්වුණ ‍අනෙක් පලා බබ්බුන්ටත් නිසි දඩුවම් ලබාදිය යුතුයි. ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි (නි)

:       0       0

පීරිස් Wednesday, 19 June 2013 06:47 PM

දෙමවුපියන්ට සහ දරුවන්ට ගුරුවරුන් ගැන ඇතිවිය යුතු ගෞරවය ඇති නොවී ක්‍රමයෙන් නැතිවී යන ගුරු ගෞරවය මුදලින් මිනිය හැකිද? (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 19 June 2013 07:00 PM

ගුරුවරු ඉන්නේ ඉගැන්වීමට පමණක් නොවේ. තම සිසුන්ව විනය ගරුක යහපක් පුරවැසියන් කිරීමේ වගකීමත් ඔවුන්ට තියෙනවා.(නදී)

:       0       0

සරත් Thursday, 20 June 2013 08:48 AM

මන්ත්‍රී කරපු දේ සම්පුර්නයෙන්ම වැරදියි. නමුත් ගුරුවරිය කරපු දේ හරි කියන්න පුලුවන් කමක් නැහැ. ගුරුවරු මීට වඩා කල්පනා කරලා වැඩ කළයුතුයි. බලාගෙන ගියාම දෙන්නම බලය අයුතු ලෙස පාවිච්චි කරලා තියෙනවා . කවූද අර ළමයාගේ අනගතේ ගැන වග කියන්නෙ. තාත්තයි ගුරුතුමීයි දෙන්නම වැරදීයි. (නි)

:       0       0

සුමිත් Wednesday, 19 June 2013 07:12 PM

මිලියන 100කවත් වන්දියක් ඇයට ගෙවිය යුතුයි (නි)

:       0       0

සම්පත් Thursday, 20 June 2013 09:14 AM

මන්ත්‍රී කරපු දේ කීයටවත් අනුමතකරන්නේ නැහැ. නමුත් ගුරුවරුත් මීට වඩා ළමුන් ගැන හිතන්න ඕන. මේකේ දෙපැත්තක් තියනවා. මගේ පුතා දෙක වසරේ. දවසක් ගුරුතුමී පන්තියේ ළමයෙක්ගේ පොතක් පිටු ගැලවිලා යන්නම වීසිකරාලු. ඒ ළමයාගේ තාත්තට ඉවසීම තිබුන නිසා හොදයි. මට තේරෙන්නේ නැහැ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් උද්ඝෝෂණ කිරීමෙන් බලාපොරොත්තු වන දේ. සමහර විට බොරදියේ මාළු බෑමක් වෙන්න ඇති. (අ)

:       0       0

තරංග Thursday, 20 June 2013 02:28 PM

රවිනාත්, ඇයි මේ තරම් බොළඳ කතා, අතීතයේ ගුරුවරුන් ගෙන් දඬුවම් වින්දට ඔබ දන්නවද ලලිත් දැන් ඉන්නේ කොතනද කියල. මටත් මගේ පාසල් කාලය මතක් වෙනවා දඩුවම් වින්දේ නැත්නම් දඟවැඩ කලේ නැත්නම් කෝ අතීත මටක සටහන්. (අ)

:       0       0

malinda Tuesday, 25 June 2013 04:13 PM

සත 5ක් දෙන්න වටින්නේ නෑ. අපිනේ දන්නේ සිද්ධිය.(නදී)

:       0       0

අතපත්තු Wednesday, 19 June 2013 08:39 PM

"සමන්" පාසල් යනකාලේ අපි කවුරුත් දඩුවම් විඳලා තියෙනවා. කොටට ඇඳගෙන ආපු දියණියත් පාසල් නීතියට ගරුකළ යුතුයි. පියතුමාට තිබුනේ බොහොම නුවණක්කාර විදියට මේ ප්‍රස්නේ විසදන්න. ගුරුතුමිය සමග සුහදව කතා කරන්න. තමන්ගේ බලය පෙන්නලා වදහිංසා දෙන්න නෙමේ. කොන්ද පන තියෙන පිරිමියෙක්ද මේ.(නදී)

:       0       0

ලලිත් Thursday, 20 June 2013 10:09 AM

මට මතකයි අපේ ඉස්කෝලේ විනය පරීක්ෂක ගුරුතුමා එක දවසක් කොන්ඩේ තෙල්ගලා නැහැ කියල මා ඇතුළු පන්තියේ ළමයි කිහිපදෙනෙකුගේ ඔලුවේ හොස්ටල් එකේ කරවල බැදපු තෙල් ගෑවා. ඒ විතරක් නෙවෙයි පහුවදාට සත පනහක් තෙල්වලට ගෙවන්නත් වුණා. මේක සිද්දවුනේ 1977 මාතර පළාතේ ප්‍රධාන විදුහලක. මේ සිදුවීම් පාසල් ජිවිතයේ මතක සටහන්. මම නම් හිතන්නේ මේ වගේ සිදුවීම් වලට දෙමව්පියෝ අතරමැදි වෙන්න නරකයි.(නදී)

:       0       0

සුමනා Thursday, 20 June 2013 10:18 AM

ගුරුවරු කියලා නැහැ, දැන් ළමයි අහන්නෙත් නැහැ. දෙමවුපියො දරුවන්ගේ කොට ගවුම් ගැන බලන්නෙත් නැහැ. වැරද්දක් වුනොත් පිරිමි ළමයි පලිද? (නි)

:       0       0

චින්තක Thursday, 20 June 2013 03:29 PM

ආ ස්ටාලින් මහත්තයෝ, ඔතන බොරුවට කෑ කොස්සන් ගහන්නේ නැතුව ගිහින් ළමයින්ට උගන්න.(ස)

:       0       0

අසාන් Wednesday, 19 June 2013 10:06 PM

ජයතිස්ස, ඔයා වැරදියි. මන්ත්‍රී කෙනෙක් වුනාම එවැනි බලයක් නැත්නම් මොකටද?(නදී)

:       0       0

නිමල් Wednesday, 19 June 2013 10:07 PM

මේ මන්ත්‍රීවරයා ඒ ඉස්කෝලෙම 1 ශ්‍රේණියෙ මාසයක්වත් තියන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරි Thursday, 20 June 2013 11:19 AM

ඇයි මේ හැමදේටම මුදලින් වටිනාකම තක්සේරු කරන්න හදන්නේ? (නි)

:       0       0

පෙරේරා Wednesday, 19 June 2013 10:17 PM

මේ අය ඇත්තටම කෑ ගහන්නේ ගුරුතුමීට ආදරේට නෙමෙයි. විදුහල්පතිවරු, ගුරුවරු ළමයි දූෂනය කරනකොට මේ අයගේ කටවල් වැහිලා. ආණුඩුවට විරුද්ධ මාතෘකාවක් ලැබුන ගමන් කටවල් ඉබේටම ඇරෙනවා.(නදී)

:       0       0

රවිනාත් Thursday, 20 June 2013 11:28 AM

ඔයානම් මාරයි ලලිත්. ඔයාගෙ පාසල් සමයෙදි ගුටි කාපු නිසා අනාගත පරම්පරාවම ගුටි කන්න ඕනෑ කියලද ඔයා හිතන්නෙ. අපි පරම්පරාවෙන් පරම්පරාවට ගතානුගතිකත්වය කර ගහගෙන ආවා. නවක වදය වගේ අසම්මත ක්‍රියාකාරකම් උසස් විදුහල්වලින් අදටත් පිටු දකින්න නොහෑක්කේ කරගහගෙන යන ගතානුගතිකත්වය නිසා නොවේද? ඔයාට ශක්තියක් නැහැ ඔයාට ගහපු කෙනාගෙ පහත් මානසිකත්වය හෙලි කරන්න. ඒ වගේම ඔහුට එරෙහි වෙන්න. ඔයා හිතනවා ඔයාට පස්සෙන් එන අයත් ගුටි කන්න ඕනෑ කියලා. මට දුකයි සහෝදරයා ඔයාගෙ නිවටකම ගැන. රටක් දියුණු වෙනකොට කරපු මෝඩකම් එකින් එක ඉවත් කර ගන්න ඕනෑ. ආර්ථිකය විතරක් දියුනු වෙලා වැඩක් නැහැ. මිනිසුන්ගේ මානසික සහ සිතුවිලි වල දියුනුවක් නැත්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 173 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1041 3

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3717 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2880 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3361 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1474 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37896 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site