(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රදේශයේ දාන ගෙදරකට සහභාගි වී ආපසු සිදූව දක්වා ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් මාරවිල දී ලොරි රථයක ගැටි සිදුවු අනතුරකින් 34 හැවිරිදි පුද්ගලකු මරණයට පත්ව කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල සිදුව ඇති බව මාරවිල පොලිසිය කියයි.
මෙම අනතුර අද (2) දින අලුයම මාරවිල හත්තිනිය ප්‍රදේශයෙදී සිදුව ඇති අතර අනතුරින් මරණයට පත්ව ඇත්තේ සිදූව ප්‍රදේශයෙ පදිංචි 34 හැවිරිදි සම්පත් කැළුම් ඒකනායක නැමති අයකු බව කියයි.
අනතුරින් මරණයට පත් අය තම මව,බිරිද, හා දරු දෙදෙනා සමග පුත්තලම ප්‍රදේශයෙ දානමය පිංකමකට සිකුරාදා සවස පැමින ඇති බවත් දානමය පුන්‍ය කර්මය අවසන් වී නැවත සිදූව ප්‍රදේශයෙ නිවසට ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඩිමෝ බට්ටා ලොරියක ගැටි අනතුරට ලක්වි ඇති බව කියයි.
අනතුර සිදුවන මොහොතේ මරණයට පත් වු අය ත්‍රි රෝද රථය පදවා ඇති බවත් අධික නිදිමත හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව මාරවිල මූලස්ථාන පොලිසියෙ රථවාහන අංශය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි 34 හැවිරිදි දෙදරු පියා මරණයට පත්ව අවුරුදු 4 හා 7 ක් වයසැති දරු දෙදෙනා හා මරණයට පත්වු අයගෙ මව හා බිරිද ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබු දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර තිබුනී.
අනතුර සම්බන්ධව මාරවිල මූලස්ථාන පොලිසියෙ රථවාහන පොලිසිය පරික්ෂණ පවත්වයි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දාන ගෙදරක ගිහින් එද්දී ලොරියක හැපී ත්‍රිෙරා්ද රියැදුරු මරුට