අකුරණ කුරුගොඩ එම් ජේ ඒ අමානුල්ලා මහතාගේ ගෙවත්තේ කිලෝ 300 ක් පමණ බරැති වැල් අලයක් හට ගෙන තිබේ.
මෙයට වසරකට පමණ පෙර මෙම අලයේ බීජය රෝපණය කළ බවත් වැල මැරී යාමෙන් පසුය දැනට දින තුනක් තිස්සේ අලය සේවකයින් යොදා ගෙන හාරාගෙන ගියත් තවමත් ගොඩ ගැනීමට නොහැකි වී ඇති බවත් අමානුල්ලා මහතා කීය
මෙම අලයේ බර තක්සේරුව අනුව කිලෝ 300 කට වැඩි වන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වැල් අලයක් . වැල් අල බිමත් බහිනවා වැලේත් හැදෙනවා . මගේ තාත්ත ජීවත් වෙලා ඉන්න කොට ගෙදරට එන කෙනෙකුට අලයක් හරි හාරලා දීල තමා යන්න දුන්නේ. හිස් අතින් ඇරියේ නැහැ.(නදී)
මන් හිතන්නෙත් මේ වැල් අල නෙවේ. මම වැරදිද දන්නේ නැහැ. ඒ වුනාට අපි කාපු වැල් අල නම් තිබුනේ වැල් වල.(නදී)
මගේ මවුබිම සදා වාසනාවන්. නිවන් දක්නා තුරු ලක් මවු තුරුල්ලේම ඉපැදේවා! (නදී)
මේකට තමයි කියන්නේ පෙරදිග මුතු ඇටය කියලා. (ස)
අනේ වාසනාවන්, මගේ මව්බිමට සදා සාමය හා සරුසාර පොළවක් හිමිකරදේවා, අපේ හිත්වලට සැනසීමක් උදාවේවා! අපේ වත්තෙත් වැල් අල තිබුණා නමුත් බේරගන්න බැහැ ඌරන් නිසා.(නදී)
නියමයි! (නදී)
වැල් අලයක් කියලා තිබ්බට වැල මොකද්ද කියලා නැහැනේ.(නදී)
මේවට වැල් අල කියන්නේ මේ වැලේ දිගටත් පොඩි පොඩි අල හැදෙන නිසා. නමුත් ඒ පොඩි අල එතරම් රස නැහැ. නියම අලය හැදෙන්නේ පොලව යට. වැල හැදෙන මුල් කාලෙදීම වැල කොස් ගසක් වැනි විශාල ගහකට වගේ යැව්වොත් හොඳට හිරු එලිය ලැබී වැල විශාලට වැඩෙනවා. වැල විශාල කර ගන්න තරමට පොලව යට හැදෙන අලයත් විශාල වෙනවා. වැලට අලය නඩත්තු කරගන්න බැරි වෙනදාට වැල මැරෙනවා. එවිට අලය කුණු වීමට පෙර ගොඩ ගත යුතුයි. විෂමාකාර හැඩයක් තියෙන අලය කෑලි කඩා ගන්නේ නැතිව ගොඩට ගන්න ගොවියෝ කැමතියි. (නදී)
මම දන්නා අල කිහිපයක නම් මෙහි දක්වන්නම්. ලංකාවේ අපි නොදන්නා වර්ග දන්නවා නම් පලකරන්න. මේවා ගැන ඡායාරූප සමග වාර්තාවක් හොයා ගන්න ගොඩක් උත්සහ කලත් බැරිවුණා. දන්නා කෙනෙක් එහෙම දෙයක් කරනවා නම් අනාගත පරපුරට ලොකු සේවයක් සිදුවේවි. රාජාලා ,කුකුලල ,ගෝනල,ඉන්නල , රටල, බුත්සරණ , හුලන්කීරිය, වැල්අල , කටු අල . තව දන්නා ඒවා අඩු තරමින් නම් වත් දැන ගැනීමට පලකරන්න.(නදී)
ගෝවා වගේද අල.(නදී)
අපි පුංචි කාලේ දැක්ක අල වර්ග දැන් කොහෙත්ම නැහැ. ලංකාවේ පරිසරයටම ආවේණික..කිසිම පොහොර වර්ගයක් නොදා.. .හැදුණු අල තිබුණා.ඒ අතර...ආරුක්ක, රටල, තුම් මස් අල, කිරි අල.. .අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ ....ඒ..මතකය විතරයි.. (ස)
වත්තේ සිටවු පොඩි බීජේ ඵල දෙන්නේ.. ඇත්තේ කිලෝ තුන්සීයක් අල ගොන්නේ.. කැත්තේ උදැල්ලේ බර වැඩ පහදන්නේ.. නැත්තේ මෙවැනි ලොකු අලයක් මා දන්නේ.... වැලේ උවත් සරු පොලවෙයි හටගන්නේ.. රැල්ලේ හැඩය මහ මුහුදේ පෙන්වන්නේ.. වල්ලේ තැඹිලි මෙන් සමගිය දක්වන්නේ.. මල්ලේ දමා ගම් වැසියන් හට දෙන්නේ.(නදී)
වත්තේ සිටවු පොඩි බීජය ඵල දෙන්නේ.. ඇත්තේ කිලෝ තුන්සීයක් අල ගොන්නේ.. කැත්තේ උදැල්ලේ බර වැඩ පහදන්නේ.. නැත්තේ මෙවැනි ලොකු අලයක් මා දන්නේ.... වැලේ උවත් සරු පොලවෙයි හටගන්නේ.. රැල්ලේ හැඩය මහ මුහුදේ පෙන්වන්නේ.. වල්ලේ තැඹිලි මෙන් සමගිය දක්වන්නේ.. මල්ලේ දමා ගම් වැසියන් හට දෙන්නේ.(නදී)
වාසනාවන් (ත)
වත්තේ සිටවු පොඩි බීජයකින් අවුරුද්දක් ඇතුලතදී මෙවැනි විශාල පලදාවක් ලබා ගැනීම ලොකු වාසනාවකි. මේ අලයේ මුළු බරප්‍රමාණය කිලෝ 400 කටත් වඩා බව තවත් ලංකා පුවත් පතක සඳහන් වී තිබුණි. මෙතරම් ලොකු බර ප්‍රමාණයක එක වැලකින් හටගත් අලයක් මගේ මුළු ජීවිත කාලයේම අසා නැත. ලංකා භූමියට සරිලන ලෙස හැඩ ගැසුනු ස්වාභාවික ජාන පරිවර්තනයක් දක්වන මේ බීජය ගැන ලංකාවේ කෘෂිකර්මාන්ත අංශය සොයා බලා දියුණුකර ගතහොත් ලංකා වාසීන්ට වැල් අල වලින් ඉදිරියට විශාල ප්‍රයෝජනයක් ගත හැකිය. මෙය සිදුවූයේ ලෝකයේ දියුණු රටක නම් මේ වන විටත් ඒ රටවල කෘෂිකර්මාන්ත අංශය මේ ගැන විශේෂ අවධානය යොදා ඇත. (නදී)
දැන් තියෙන විස පොර යෙදුවාද කියලා අහලා බලන්න? (අ)
ලංකාවේ පස ගොවිතැටම ගැලපෙන පසක්. කෘෂිකාර්මික රටක් වන මේ රටේ පවතින වැව් ගානින්ම ඒ ගැන හිතා ගන්න පුළුවන්. මේ දේවල් දැකලවත් බලධාරින්ගේ ඇස් ඇරෙනවානම් කෘෂිකර්මාන්තයට තැන දෙමින් රට ස්වයංපොෂිත කරන්න . එදාට අපි දිනුම්. ලංකාවේ ජනයා දක්ෂයි. හැකියාවෙන් පරිපුර්ණයි. (දිල්)
අපි පොදුවේ වැල් අල කියලා කිව්වට මේ වගේ අල වර්ග කීපයක්ම තියෙනවා අපේ රටේ. වැල්අල, හිඟුරල,ගෝණල, කටුඅල ආදී වශයෙන්. මේ ගැන හොඳට දන්නා කෙනෙක් හරියටම මේ අල වර්ගය මොනවාදැයි කියන්න. මට නම් හිතෙන්නේ මේ ගෝණල කියන වර්ගයයි. (නදී)
වැල මැරිලා අල බැහැලා ගමටම අල කන්න පුළුවන්.(නදී)
වැල් අල නොදැකපු අය මේ රටේ බොහෝ සිටින නිසා ( විශේෂයෙන් පොඩි ළමයි). එය ගොඩගත් පසුව ඡායාරුප පලකිරීමට කාරුණික වෙන්න. තවත් හොඳට අස්වැන්න ලැබේවා!(නදී)
අට පට්ටමට යවමු.(නදී)
පුංචි කාලෙ කියවපු දැවැන්ත රාබු අලයේ ("එනෝර්මස් ටර්නිප්") කතාව කාටද මතක?(නදී)
වැල් අල හොඳ ඔසුවක්. නොදැකපු අයටත් පෙන්වා සාදාරන මුදලකට විකුණා ගන්න. තව තවත් වගා කරන්න. (නදී)
කිරි මදුවැල්..කිරි මදුවැල්..මගේ අම්මේ..ගමට කන්න වැල් අල ඔබ ගෙන දුන්නේ..(නදී)
පරිස්සමින්, ළඟ පාත අය පොලිසියට දන්වාවි නිධානයක් හාරනවා කියලා. දන්නවනේ පොලිසියට අහුවුනොත් නිවනටම යවයි. (නදී)
බලන් නෙත් හැර මිතුරනේ, සිත්තරෙකුගේ නිමැවුමක් සේ, කලාවෙන් හෙබි වැල් අලේ! (නදී)
ගමටම කන්න හරි ගිහින්. අනේ වාසනාවන්.(නදී)
අපේ පන්සලක කොස් ලීයෙන් හදපු උලුවස්සේත් දළු දාල කොස් ගෙඩියක් හටගත්තලු. මේ ලක් පොලවේ වටිනාකම කියන්න බැරිතරම්.(නදී)
මෙම පසේ ඇති රහස හොයා බලමු. සමහර විට එම පසේ සංයුතිය අනෙකුත් අල වර්ග වලටත් හොද වේවි.(නදී) .
මේ මිනිස්සු කම්මැලියෝ ඒකයි දවස් තුනක් ගියේ.(නදී)
මේක මම හරිම ආසම කෑමක්. මගේ අල්ලපු ගම වන නුවර මේවා හොදට වැවෙනවා. (නදී)
ඔහොම වැවෙනවා නම් අල කාල හරි ඉන්න පුලුවන්. (නදී)
අල වගේද ගෝවා.(නදී)
වස විස නැති නියම කෑමක්. වාසානාවට මේවා හැදෙන්නේ. මේ පුන්‍ය භූමියේ ඕන ගහක් කොලක් හැදෙනවා.(නදී)